internet එකෙන් සල්ලි හොයන්න හිතනවානම් ඕවා කරන්න එපා බන්. මාසෙට $5ක් හෙව්වා $10ක් හෙව්වා කිය කිය දානවා සමහරු. අපරාදේ කාලේ.
ටිකක් වෙලාව අරගෙන මහන්සි වෙලා මොනවහරි දෙයක් ඉගෙනගනින්. Photoshop, Video Animations, Web Designing, Web Developing වගේ තව ගොඩක් දේවල් free ඉගෙන ගන්න පුළුවන් internet එකෙන්.
ඊට පස්සේ upwork, freelancer, fiverr වගේ site එකක වැඩ කරන්න පටන් ගනින්.
උඹ ඇඩ් click කරලා අවුරුද්දකට හොයන ගාන සතියෙන්, සමහරවිට දවසෙන් හොයන්න පුළුවන්.
ඔය කිව්වේ යන්න පුළුවන් එක පාරක් විතරයි. Adsense, Amazon Affiliates, CPA, Ebay Selling අනං මනං සල්ලි හොයන්න genuine විදිද නැත්තේ internet එකේ. පොඩ්ඩක් වැඩිපුර මහන්සි වෙලා ඒ වගේ දෙයක් කරොත් ලංකාවේ ලොකු රස්සාවක් කරලා මාසයක් කඹුරලා හොයන සල්ලි සති දෙකෙන් හොයන්න පුළුවන්.
එළකිරියේම එහෙම අය සෑහෙන්න ඉන්නවා.