HOF එකට වෙන ප්‍රශ්නේ ඔය එකාට ගහපු එක නෙමෙයි.....
කස්ටමර්ස් ලට යන ඉමේජ් එක...
මිනිස්සු කැමති නෑ ප්‍රශ්ණ තියෙන/ඇතිවෙන තැන් වලට යන්න.
ඉමේජ් එක දෙන්න ඕනේ වැඳලා පිළිගන්න, ඕන වෙලාවක ආයෙත් එන්න හොඳේ කියල පිටත් කරන වගේ.
ඔය කස්ටමර්ට වගේ තව කෙනෙක්ට ප්‍රශ්නයක් /බහින් බස් වීමක් ඇති වෙන්න පුළුවන්. එතකොට HOF ප්‍රශ්න විසදන්නේ මේ විදියට කියල ඉමේජ් එක යනවා.
බල්ලෙක් උනත් යන්නේ නෑ ගහල එලවනවානම්.
ඔන්න බලපන් මේ සීන් එකෙන් අනෙක් කඩ ටික මාර්කටින් පාරක් දාගන්නවා වැඳලා පිළිගන්න, ටාටා කියල පිටත් කරන ඉමේජ් එකක් හැදෙන්න. HOF එහෙම උනත් අපි එහෙම නෑ කියන්න.
*** HOF ස්ටෆ්ෆ්
HOF බම්බලපිටියේ එකේ ඉන්නේ ගෝත ස්ටාෆ් එකක්, කිසි සපෝර්ට් එකක් නෑ. ගේමටම එන්නේ කෙල්ලොත්.
මගෙනුත් එක සැරයක් ගේම ඉල්ලුවා කැශියර් කෙල්ලෙක්, ටැග් නැති ඇඳුමක් බිල් කරන්න ගෙනාව කියලා. හරියට මම ටැග් එක ගැලෙව්වා වගේ... ඔතනට යන එක කාලෙකට කලින් නැවැත්තුව. බොරැල්ලේ එකේ උන් නම් අවුලක් නෑ.