මේ_වෙනකම්_ආපු_ගමන

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
මේ_වෙනකම්_ආපු_ගමන

ඔන්න ඉතින් හැමෝම කියනවා වගේ මමත් 11 පන්තියට ආවම මොනවා හරි කියන්න එපයි. එළකිරි ආවේ පෙබරවාරි වල උනාට මට මේක ගැන ඒ හැටි තේරුමක් තිබුනේ නැහැ. එළකිරි එන්න ආස උනත් කට්ටිය කුණුහරුප කියා ගන්න හැටි දැකල එපා වෙලත් ටික කාලයක් නෑවිත් හිටිය. කොහොම උනත් එලකිරියේම ඉන්න නම කියන්න බැරි මගේ හොදම යාලුවෙක් කියපු නිසා මට හිතුන මේකෙන් අපිට ගන්න දෙයක් තියෙනවා කියල .ඊට පස්සේ තමයි ටික ටික එන්න පටන් ගත්තේ.
දැනට ත්‍රෙඩ් 54ක් දල තිබුනට එයින් කීපයක්ම මට විතරක් වැදගත් ඒවා , ඒ කියන්නේ මට උදවු ගන්න ඕන වෙලා මම දාපුව, මම දාපු ත්‍රෙඩ් වලින් කොපි පේස්ට් කරපුව හුගක් තියෙනවා. මම ඒවා දාද්දි අනිවාර්යෙන්ම ගතිපු තැන කියල ලින්ක් එක දානවා වගේම හුගක් ඒවා ගන්නකොට අයිතිකාරයටත් කියනවා මම මේක කොපියක් ගන්නවා කියලා.එතකොට කීප දෙනෙක්ම මගෙන් ලින්ක් එක ඉල්ලුව දැම්මේ කොහෙද වෙනස් කරලා දාලද බලන්න. කොහොමත් මම පුළුවන් කමක් තියෙනවා නම් අලුතින් පොටෝ ටිකක් එකතු කරලා තමයි දාන්නේ.ඉතින් කාගෙන් වත් බැනුම් නම් ඇහුවේ නැහැ හොදක් මිසක්. මම කොතනදිවත් රේප් ඉල්ලලා නැහැ වගේම මට දීපු හැමෝටම රේප් දෙන්නත් හුගක් වෙලාවට උත්සහ කලා.
මම සිංහල
බෞද්ධයෙක්, ඉතින් සමහර අයගේ මෝඩ අදහස් දකිද්දී නම් කේන්ති යනවා. වැඩියම කේන්ති යන්නේ අපේම අය කියන කතා වලට.ඒ ගැන නම් කතා නොකරන තරමට හොදයි.
එළකිරියේ හුගක් හොද බොක්කේ පොරවල් ඉන්නවා වගේම කැනහිල්ලුත් ඉන්නවා. එහෙම වෙන්නත් ඕන.මොකද කියනවා නම් නිල මැස්සාගෙන් වෙන රාජකාරිය මි මැස්සාගෙන්, සමනලයගෙන් වෙන්නේ නැහැ නේ.මට නම් මේ හැමෝම වැදගත්, මොකද කියනවා නම් හැම කෙනෙක්ගෙන්ම, කියන කරන හැමදේකින්ම අපිට ඉගෙන ගන්න දෙයක් තියෙන නිසා. එලකිරියට ආවයින් මේ හුගක් දේවල් දැන ගන්න ලැබුනේ. මොන ප්‍රස්නේ කිව්වත් මෙතන උත්තර තියෙනවනේ. ත්‍රෙඩ් එකේ බැරිනම් pm එකකින් හරි විසදුම් හොයාගන්න පුළුවන් නේ. මමත් එහෙම කීප දෙනෙකුට උදවු කලා.ඒ ගැන නම් මට හුගක් සතුටුයි.

ඉතින් මට කියන්න තියෙන්නේ එදා ඉදන් මේ වෙනකම් මාව බම්ප් කරපු, මට රේප් දීපු ,pm වලින් මාව දිරිමත් කරපු, හැමෝටම හුගක්ම ස්තුතියි කියලා..
ඒ වගේම එලකිරිය පවත්වා ගෙන යන අපේ ඇඩ්මින් අයියා ඇතුළු සැමටත් හොඳක්මවේවා........... එලකිරියට ජයම වේවා !!!.........
 
  • Like
Reactions: nishshankapieris

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    එළකිරි සහෝ. දිගටම හොඳ දේවල් දාන්න. සුබ පැතුම්!
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එළකිරි සහෝ. දිගටම හොඳ දේවල් දාන්න. සුබ පැතුම්!:)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    congrats.jpg