ඇත්තයි සත්තයි පොත හොයලා දියන්කෝ
ඇත්තයි සත්තයි අද එළි දකී
කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍ය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වසර 42 ක දේශපාලන ජීවිතය අළලා රචිත "ඇත්තයි සත්තයි" ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය අද පෙරවරු 11.30 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණශාලාවේ මිහිලක මැදුරේදී පැවැත්වේ.
ඓතිහාසික පොළොන්නරු පුරවරයේ සාමාන්‍ය මධ්‍යම පාංතික පවුලක් නියෝජනය කරමින් උපත ලබා රජ රට නවෝදය උදෙසා ප්රමුඛ මෙහෙවරක් ඔහු විසින් ඉටු කරන ලද අතර ඉන් නොනැවතී සමස්ත ශ්‍රී ලාංකික සමාජ ආර්ථික සංස්කෘතික පුනර්ජීවනය උදෙසා සිය දේශපාලන ගමන්මග තුළ නොනිමි මෙහෙවරක නියෑළී සිටියි. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එම දේශපාලන ජීවිතය තුළ අත්විඳින ලද සියලු වැදගත් සංසිද්ධීන් පිළිබඳව එකතුවක් ලෙස පුලතිසි දරුවෝ පදනමෙහි ප්රකාශනයක් ලෙස එළි දක්වනු ලබන මෙම "ඇත්තයි - සත්තයි" ග්‍රන්ථය හඳුන්වාදිය හැකිය.