රෝයල් තැප්‍රෝබේන් කියන්නේ සන්නාගේ විශ්‍රාම ප්ලෑන් එක. ඒ මනුස්සයා අවුරුදු 55 දී වගේ ටියුෂන් වලින් විශ්‍රාම ගියා. එකතු කරගත්තු සල්ලි තිබ්බ. සංහිද තිබ්බා. තව ඉඩම්, වෙන වෙන ආයෝජන තිබ්බා. එයාට ඕනි උනේ එයාගේ විශ්‍රාම ජිවිතේ ගෙනියන්න විදියක් හදාගන්න. ඔය බිල්ඩින් එකත් එයාගේ එකක්. ඒක වෙනස් කරලා හැදුවා.
එතනට යන්න එන්න කාටවත් තහනමක් නැහැ. ඕනි කෙනෙක්ට ගිහිං කතාබහ කරලා, ෆිල්ම් එකක් තියෙනවා නං බලලා, පොතක් පතක් බලලා, බියර් එකක් බොනවා නං බීලා එන්න පුළුවන්.
පහුගිය කෝවිඩ් කාලේ රට ලොක්ඩවුන් වෙලේ සන්නට අවශ්‍ය කෑම දුන්නේ දෙරණේ දිලිත් ජයවීර. පොහොට්ටුවේ, ජෙවිපේ, එජාපෙ කියලා බේදයක් නැතිව ඇමතිවරු,මන්ත්‍රීවරු පවා ඔතනට යනවා.
සන්නම කීවා මිනිහට කවදා හරි එපා උනොත් තැප්‍රෝබේන් එක නවත්තලා වෙන මොකක් හරි කරනවා කියලා. දැන් බව් බව් කියලා රෙස්ටුරන්ට් එකකුත් දාලා නේද තියෙන්නේ? මම නං දැන් මාස ගානකින් ගියේ නැහැ. වෙලාවක් නැති නිසා. මිනිස්සුන්ට වෛර කරන්න උගන්වන තැනක් නෙමෙයි රෝයල් තැප්‍රෝබේන් එක කියන්නේ. ශිෂ්ඨ සම්පන්නව මිනිස්සුන්ට එකතුවෙලා කතාබහ කරන්න තියෙන තැනක්, අනෙකාගේ මතයට සවන් දෙන්න, ඒක ඉවසන්න තියෙන තැනක්.