මොකක්ද මේ සන්නගෙ රෝයල් තැප්‍රොබේන් කියන්නෙ ??

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,801
    9,197
    113
    යාලුවො නැති උන්ට ඕවගෙ තැන් හරියන්නෑ කොල්ලො...ඒ වගේ උන්ට එළිය ඉඳන් බල බල පකේ රැඩිකල්, ගංජා කාරයො, ජෙප්පො බ්ලා බ්ලා කිය කිය බනින එක විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ 🙂.

    තැප්‍රොබේනියන් එකට අම්බ කන්සර්වටිව් උනුත් ‍යනව කියන එක දන්නෙ නෑ වගේ...අවශ්‍ය වෙන්නෙ තැනක ගිහින් නෝන්ඩි නොවී ඉන්න පුලුවන් වෙන තරමෙ ආත්ම විශ්වාසයක් විතරයි. නැත්තෙත් ඒකම නේද 🤷‍♂️.
     
    Last edited:

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,293
    4,092
    113
    ඔතන අලුත් නිපැයුම් කරපු එකෙක් ඉන්නවද? ඔතන ජීවිතේ සුපිරියට ගොඩ දාගත්ත බිස්නස් කාරයෙක් ඉන්නවද?(සන්නා ඇරෙන්න) ඕවට කියන්නේ බන් කාලකන්නි වෙන්න කියාපු පොට් එක. ඇවිල්ලා ගංජා පාරක් ගහලා හෙටක් නෑ, ගෑනියෙක් නෑ, ළමයෙක් නෑ...... මලයි දුමයි බීමයි හිකිල්ලයි තමා ජිවිතේ කියලා හිතාගත්ත ගෝතයෝ සෙට් වෙන තැනක්. උන්ගේ ජිවිත කාබාසිනියා වෙලා තියෙන්නේ උන්ගේ වැරැද්දෙන් නෙවේ රටේ වැරැද්දෙන්. ඉතින් රටේ උන්ට බැන බැන සින්දු ලියනවා, කවි ලියනවා, පොත් ලියනවා එතකොට උන්ට එනවා පොඩි ගැම්මක් අපි කාලකන්නි නෙවේ අපි සිස්ටම් එක වෙනස් කරන්න හදන රැඩිකල් එවුන් කියලා. ඉතින් ඒ ආතල් එක අස්සේ උන්ට උන්ව සාර්ථක මිනිස්සු වගේ පේනවා.

    ඔච්චර නූතන අදහස් තියෙන පොට් එකට ඇයි සන්නගේ ළමයි එන්නේ නැත්තේ කියපන්කො? සන්නා උන් දෙන්නට හොඳට English medium උගන්නලා උන්ගේ ජීවිත ගොඩදාලා මේක අස්සේ අනිත් එවුන් කාලකන්නි කර කර ඉන්නවා.
    ❤️❤️❤️❤️❤️
     
    • Like
    Reactions: weer 11

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    රෝයල් තැප්‍රෝබේන් කියන්නේ සන්නාගේ විශ්‍රාම ප්ලෑන් එක. ඒ මනුස්සයා අවුරුදු 55 දී වගේ ටියුෂන් වලින් විශ්‍රාම ගියා. එකතු කරගත්තු සල්ලි තිබ්බ. සංහිද තිබ්බා. තව ඉඩම්, වෙන වෙන ආයෝජන තිබ්බා. එයාට ඕනි උනේ එයාගේ විශ්‍රාම ජිවිතේ ගෙනියන්න විදියක් හදාගන්න. ඔය බිල්ඩින් එකත් එයාගේ එකක්. ඒක වෙනස් කරලා හැදුවා.

    එතනට යන්න එන්න කාටවත් තහනමක් නැහැ. ඕනි කෙනෙක්ට ගිහිං කතාබහ කරලා, ෆිල්ම් එකක් තියෙනවා නං බලලා, පොතක් පතක් බලලා, බියර් එකක් බොනවා නං බීලා එන්න පුළුවන්.

    පහුගිය කෝවිඩ් කාලේ රට ලොක්ඩවුන් වෙලේ සන්නට අවශ්‍ය කෑම දුන්නේ දෙරණේ දිලිත් ජයවීර. පොහොට්ටුවේ, ජෙවිපේ, එජාපෙ කියලා බේදයක් නැතිව ඇමතිවරු,මන්ත්‍රීවරු පවා ඔතනට යනවා.

    සන්නම කීවා මිනිහට කවදා හරි එපා උනොත් තැප්‍රෝබේන් එක නවත්තලා වෙන මොකක් හරි කරනවා කියලා. දැන් බව් බව් කියලා රෙස්ටුරන්ට් එකකුත් දාලා නේද තියෙන්නේ? මම නං දැන් මාස ගානකින් ගියේ නැහැ. වෙලාවක් නැති නිසා. මිනිස්සුන්ට වෛර කරන්න උගන්වන තැනක් නෙමෙයි රෝයල් තැප්‍රෝබේන් එක කියන්නේ. ශිෂ්ඨ සම්පන්නව මිනිස්සුන්ට එකතුවෙලා කතාබහ කරන්න තියෙන තැනක්, අනෙකාගේ මතයට සවන් දෙන්න, ඒක ඉවසන්න තියෙන තැනක්.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේකෙ ගොඩක් උන් තැප්‍රොබේන් එකේ ගන්ජ ගහනව කියල බනිනව . ඒත් මන් නම් ගංජ තියනවනම් කොහේදි උනත් ගහනව . තැප්‍රොබේන් යන්නම ඕනයෑ ගංජ ගහන්න . මල විකාර :love2: :love2: :love2: