මොනවද මේ භාණ්ඩ ප්‍රවාහනයට යොදාගන්න බහලුම් ?

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,619
    125,116
    113
    දෙහිවල
    ඉතින්, අපි අද කතාකරමු මොනවද මේ භාණ්ඩ ප්‍රවාහනයට යොදාගන්න බහලුම් කියලා.

    දැනටමත් දන්නවනේ අන්තර්ජාතික වෙළදාමේ ප්‍රාදානම භාණ්ඩ හුවමාරුව සිදුකරන්නේ මුහුදු මාර්ගයෙන් කියලා. ඉතින් එතනිනුත් බහලුම් මත භාණ්ඩ ප්‍රවාහනය තමයි ප්‍රමුකව සහ ප්‍රමාණයෙන් වැඩිම දායකත්වයක් සපයන්නේ. වර්තමානයේ මුහුදු මාර්ගයට සීමානොවී අන්තර ගොඩබිම්, දුම්රිය හරහා භාණ්ඩ ප්‍රවාහනයටද ප්‍රමුකව දායකවෙන්නේ බහලුම් මත ප්‍රවාහනයයි.

    SjjvCHi.jpg



    R4ObiQz.jpg



    Bn6o8OF.jpg


    බහාලුම්කරණයේ ඉතිහාසය 20 වැනි සියවසේ මැද භාගය සිට මේ දක්වා ඇදී යන දෙයක්.
    බහලුම්කරණයට ප්‍රථම නැව්ගත කරනුලබන භාණ්ඩ නැව්වලට පැටවීම, ස්ථානගත කිරීම, නැව්වලින් ආපසු ගොඩ ගෑම සහ ගමන අතරතුර සිදුවන දේශගුනක වෙනස්කම් වලින් භාණ්ඩ ආරක්ශාකිරිම ඉතාම වෙහෙසකර සහ කාලය ගතවන ක්‍රියාවක් වුනා.
    මුල්කාලීනව ප්‍රමිතියකින් තොර සහ දිගු ක්‍රියාවලින්ට යටත්ව මුහුදු භාණ්ඩ ප්‍රවාහණය සිදුවූ අතරම එම සිදු කෙරෙන ක්‍රියාවලීන් සරල කිරීම සඳහා එක්සත් ජනපදයේ ප්‍රවාහන ව්‍යාපාරිකයෙකු වන Malcolm Mclean විසින් පුරෝගාමී වූ භාණ්ඩ බහාලුම් ප්‍රථම වරට කරලියට පැමිණෙන්නේ වසර 1956 පමණය.

    wDBfs0D.png


    අන්තරජාතික මුහුදු භාණ්ඩ ප්‍රවාහණය උඩු යටිකුරු කල මෙම නව නිපැයුමේ සාර්ථකත්වය නිසා තොග වශයෙන් හෝ වෙනත් ආකාරයකින් භාණ්ඩ නැව්ගත කිරීම අවම ගැටළු සහිතව සිදු කළ හැකිවුනා.

    බහාලුම්කරණයේ කැපී පෙනෙන ලක්ෂණ

    * අනවශ්‍ය ක්‍රියාවලීන් ඉවත් කිරීම හේතුවෙන් නැව්ගත කළ යුතු භාණ්ඩ සඳහා සංක්‍රමණ පිරිවැය විශාල ලෙස අඩු වීම.
    * විශාල භාණ්ඩ ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම තුලින් ආර්ථිකය ප්‍රතිලාබ වර්දනය වීම.
    * නැව්ගත කරනු ලබන භාණ්ඩ වලට අමතර ආරක්ෂාවක් ලැබීම.
    * බහාලුම් නැව්ගත කිරීමේ ව්‍යාප්ත වීමට පටන් ගත් පසු වරාය පහසුකම් සංවර්ධනය ද එකවර සිදු වීම.

    සාමාන්‍ය බහාලුමක කොටස් වර්ගීකරණය පහතින් සදහන් කරලා තියෙනවා වැඩිදුර තොරතුරු හොයන කෙනෙක්ට.

    t3XhAQV.png


    ඉතින් අපි පොඩි ඉතිහාස කතාවෙන් පස්සේ ප්‍රදාන මාතෘකාවට එමු.

    අපි කතාකරන කන්ටේනර් බහලුම් ප්‍රදාන වශයෙන් අඩි 20ක් දිග සහ අඩි 40ක් දිග කියලා කොටස් දෙකකට බෙදෙනවා.

    Containers that measured 20-feet lengthwise. Such containers were soon referred to as TEUs (Twenty-foot Equivalent Units)
    Containers that measured 40-feet lengthwise. Such containers soon came to be referred as FEUs (Forty-foot Equivalent Units) or more commonly, as Two-TEUs

    ඉතින් සරලවම කියුවොත් අඩි 20 සහ ආදී 40 බහලුම්.

    ඉතින් භාණ්ඩ වල ප්‍රමාණය, වර්ගය වගේ කාරණා එක්ක පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා බහාලුම් විවිධ වින්‍යාසයන්ගෙන් ලබා ගත හැකිය. පහත සදහන් වන්නේ සරලවම වර්ගීකරණය කල බහලුම් වර්ග කිහිපයක්.

    1. GP or HQ Containers
    මෙම බහලුම් වලට පෙට්ටි, කේස්, ගෝනි, බේල්, පැලට්, ඩ්‍රම් යනාදිය වගේ භාණ්ඩ ප්‍රවාහනය කරන්න පුළුවන්.
    ඇගලුම්, තේ, ටයර් යනාදී සාමාන්‍ය භාණ්ඩ සදහා මේ බහලුම් යොදාගනු ලබයි.

    yOBPAxk.png


    2. GOH Containers
    ඇඟලුම්කරුවන් සදහාම වෙන්වුන එල්ලෙන කොකු සහ නෝට්ස් සමගින් ඇඳුම් නැව්ගත කිරීම සඳහා යොදාගනු ලබන බහලුම් (GOH) Garments on Hanger බහලුම් නමින් හදුන්වයි.

    r1TJcTs.jpg


    3.Temperature controlled containers
    උෂ්ණත්ව පාලනය කල හැකි බහලුම් මෙම ගහනය ඇතුලත් වෙනවා.
    පරිබෝගිකයට අවශ්‍ය පරිදි නියත උෂ්ණත්වයක් යටතේ (පරිවරණය කළ, ශීත කළ, සහ/හෝ රත් කළ බහාලුම්) මෙම බහලුම් වලින් භාණ්ඩ රැගෙන යාම සිදුකල හැකි.

    N9WHOvj.jpg


    4. Rolling-floor / Open-top and open-side containers & Flat-rack / Bolster containers
    ටිකක් උස වැඩි නමුත් පළල බහාලුමක දැමිය හැකි භාණ්ඩ ප්‍රවාහනය කරන්න මෙම ක්‍රමය යොදාගනු ලබනවා.
    මෙම බහලුම් නිෂ්පාදනය කිරීමේදී විවෘත-ඉහළ සහ විවෘත-පැති බහාලුම් ලෙස වෙනස් ක්‍රමයක් අනුගමනය කරනු ලබයි. එමෙන්ම බහාලුමක පැටවිය හැකි සම්මත ප්‍රමාණය ඉක්මවා යන භාණ්ඩ ප්‍රවාහනය කරන්නත් විශේෂිත බහලුම් නිෂ්පාදනය කරනවා.
    බර යන්ත්‍රෝපකරණ හෝ විශාල ප්‍රමාණයේ පැලට් පහසුවෙන් පැටවීම සඳහා බහලුමේ දොර වෙනුවට විවෘත-ඉහළ සහ විවෘත-පැති බවිතාකරනු ලබනවා. එහිදී භාණ්ඩ පැටවීමට සහ ආපසු එලියට ගැනීමට පහසුවෙන් දොඹකර පද්ධති භාවිතා කළ හැකිවීම මෙම බහලුම් යොදාගැනීමේ වාසියක් ලෙස හදුන්වන්න පුළුවන්.

    PbptBUB.jpg


    FIaO9wI.jpg


    7lZm1DW.jpg


    5.Ventilated containers
    සාමානයෙන් ඕනෑම බැලුමක වාතාශ්‍රය සදහා කුඩා කවුළු පිහිට තියෙනවා. නමුත් ප්‍රතිශතයක් විදයට වාතාශ්‍රය අඩු වැඩි කල හැකි කල බහලුම් මේ ගණයට වැටෙනවා. මෙම බහලුම් වල විශේෂයක් වන්නේ වාතාශ්‍රය නිෂ්ක්‍රීයව තැබීමටද හැකියාව තිබීමයි. කාබනික නිෂ්පාදන ප්‍රවාහනය සදහා බහුලවම මෙම ක්‍රමය යොදාගනු ලබනවා.

    9sB1mxP.jpg


    6.Tank containers / Bulk containers
    මෙම බහලුම් මගින් වායු, ගෑස්, දියර, තොග ඛනිජ, ගල් අඟුරු සහ කුඩු ප්‍රවාහනය සිදුකරන අතරම බොහෝ විට මේවා අනතුරුදායක භාණ්ඩ ගණයට අයත් භාණ්ඩ ප්‍රවාහනය සිදුකෙරෙනවා.
    යුරෝපයේ නගරවල සිට ප්‍රතිචක්‍රීකරණය සහ කුණු කසළ බැහැර කරන ස්ථාන දක්වා අපද්‍රව්‍ය ප්‍රවාහනයටද මම බහලුම් යොදාගනු ලබනවා.

    9V8wW2H.jpg


    ප.ලි : චායරුප අන්තරජාලයෙන් උපුටා ගන්න ලදී (y)
     
    Last edited:

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    අඩි40 ටැංකිය බානවා 5ක් එකතු වෙලා වරුවෙන්.. 3000ක් වෙන්න ගත්තා පඩිය හවසට.. පංචිකාවත්ත, ගල්වල මම වැඩ කලේ ඒ කාලේ..අඩි20 තුන් දෙනා එක්ක බෑවා පැය 4,5න්.. ෆෝක්1න් ඇදල දුන්නොත් වැඩේ ඉක්මණ්... සීල්1ක් එනවා හැම ටැංකියටම..ඒක කැඩුවොත් කැඩුවාම තමා..
    containerplombe-lockup.jpg


    සාමාන්යෙන් ලොකු ටැංකියේ දොර පොඩ්ඩක් ඇරලා ටිකක් තියෙන්නෙ දෙනවා එකපාර ඇතුළට රිංගන්න යන්නේ නෑ.. ටිකකින් මෙහේ වාතෙ ටැංකියට මුහු උනාම තාම එල්ලෙන්නේ..ඉන් පස්සෙ දොර ශෙප්1ඒ අරිනවා පනින්න බලාගෙන පැත්තකට.. ටැංකිය එන ගමනෙ හෙල්ලිලා තිබ්බොත් පොඩි බොක්ස් දොර අරිද්දි ඔලුව උඩට වැටෙනවා.. කොහොම හරි හෙමින් හෙමින් බාන්න ගන්නව මුලින් තියෙන්නේ බර අඩුවා.. එකෙක් උඩ අනිත් සෙට්1 පහල ස්ටෝරුවට අදිනවා..
    ඔහොම යද්දි ඉස්සරහට වෙන්න ලොකු අයිටම්ස්.. ඒවා ගන්න ෆෝක්1ක් එනවා කඹේ දාල බොක්ස්1 වටේට ෆෝක්1 රිවස් ගහනවා.. අයින් වෙලා ඉන්න ඕන කඹේ පැනල ඇගේ වෙදුනොත් දෙකට කඩල යනවා.. ටිකකට නවත්තනවා..ෆැන්ටා, නෙක්ටො, සිගා, බීඩි, සුස්ති,මාවො කොල්ලො ටික එලි‍යට ගන්නවා කාටත් ටයර්ඩ් දැන් දැන්.. ..
    ආයෙම පටන් ගන්නවා අඩි40 නෙවෙයි අඩි100ක් විතර තියෙනවා කියල හිතෙනව අන්තිම ටික යද්දී..ඒවත් ඇදල බානවා. ටැංකියේ එකාට ඕන පට ගාල බඩු එම්ටි කරගන්න තව හරය් තියනවනේ යන්න.ඉක්මණ් උන තරමට වැඩේ ලාඹයි ඌට. උගෙනුත් මල්බොරෝවක් දෙකක් සෙට් වෙනවා.. අන්තිමේ වැඩේ ඉවර වෙද්දි පැලට්, පොලිතින්, කාර්ඩ්බෝඩ් ටික දීල රු500ක්, 1000ක් හොයාගෙන එනවා පඩියත් අරගෙන... එතන ඉදන් ඉතින් සතියක් යනකන් අර ගෙනාව බඩු ඉස්ටොරුවට ලෝඩ් කරනවා හෙමින් හෙමින් ලිස්ට්1 බල බල... එතන පොලිතින් පැලට් ටිකත් විකුණනව ලොක්කට හොරාට.. මම අන්තිමට වැඩ කල තැන ප්ලම්බින් අයිටම් ගෙන්නන තැනක්.. ලංකාවෙ ලොකුවටම බිසන්ස්1 කරන්නෙ උන්. වතුර බට, වතුර මෝටර්, ෆ්ලාන්චස්, චයින් කොරිය තුර්කි වලින් ගෙන්නනවා.. තුර්කි තමා ටොප් ම බඩු එන්නෙ...රජයේ ආයතන ලොකු කම්පණි ඔක්කොටම බදු දෙන්නෙ සහ මාලදිවයිනටත් දෙන්නෙ මේ ශොප්1න්. ස්ටොරුම 5ක් තියනවා.. අවුරුදු 4,5ක් වැඩ කලා.. නාස්තිම උනා ලයිෆ්1.. ලස්සන කාලයක් හැබැයි... පොතෙ පතේ ඉදලා සමාජෙට මුහු උනේ එකේන් මම...
    කම්පණියේ දවසේ ලාබේ ලක්ශ10-30 අතරේ ඩේලි..2015-2019 අතර කාලේ මේ හොදේ..

    ශොප්1 ඔක්කොම මුස්ලිම්.. මමයි තව කීප දෙනයි සිංහල.. දෙමලත් ඉදියා.. මට්ටකුලිය,අතුරුගිරිය, ග්‍රැන්ඩ්පාස්,ආමර් ඉස්ට්‍රීට්,ගල්වල,මැසේන්ජර් ස්ට්‍රීට්,බණ්ඩරනායක මාවත.. ඔය හැම තැනම ඉස්ටොරු.. ඉන්කම් ටැක්ස් වලට අහු වෙනවට ලොක්ක සල්ලි ගෙදර වලදාල තිබිලා පස්සෙ ගද්දි ඒවා කාවො කාල. කොළේ මැදින් තඩි හිල්..සිකුරාද ඔක්කොම පල්ලි යනවා.. වරුවක් වහලා.. ඒ කාලේ කල වැඩ ඉතින් අම්මෝහ්... ලොක්ක හජ්ජියාර්, උගේ පුතා තාත්තට හොරාට සල්ලි උස්සලා තායි යනවා බඩු ගහන්න.ලොක්ක කැරිම කුණා.. පුතා මරු.. මගේ පඩිය වැඩි කලා ඉල්ලපු ගානට වඩා වැඩියෙන්...මතක් වෙද්දි හිතට ලොකු දුකකුත් එනවා මගේ යාලුවෝ අද ලෝකෙ සුපිරිම රටවල සොෆ්ට්වෙයා ඉන්ජෝ... ඔක්කොම වෙන්නේ හේතුවකට තමා කියලා ඔහෙ ඉන්නවා ගොඩ එන්න ඕන ඉතින්.. බලමුකො..
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,619
    125,116
    113
    දෙහිවල
    කුණාටු වලට අහුවෙලා නැති වෙන බහලුම්වල තියෙන බඩුවලට මොකද වෙන්නේ? ඉන්ෂුවරන්ස් වලින්ද ගෙවන්නේ?
    කුණාටු අවස්ථාවකදී බහලුම් ඉබේම මුහුදට වැටෙන්න පුළුවන්.
    එහෙම නැත්නම් නැවේ සමතුලිතතාවය තියාගන්න මුහුදට වට්ටන්න පුළුවන්.
    මේ අවස්ථාවේදී සහ නැවක් මුහුදුබත් හෝ ගින්නකට අහුවුනොත් "general average" කියන ක්‍රමයට තමයි ඉන්ෂුවරන්ස් කටයුතු සැකසෙන්නේ. මුදල් ලැබීමක් හෝ, අලාබය විදදරා ගැනීමක් තීරණය වෙන්න අවුරුදු කිහිපයක් ගතවෙනවා මෙම ක්‍රමයේදී.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කුණාටු අවස්ථාවකදී බහලුම් ඉබේම මුහුදට වැටෙන්න පුළුවන්.
    එහෙම නැත්නම් නැවේ සමතුලිතතාවය තියාගන්න මුහුදට වට්ටන්න පුළුවන්.
    මේ අවස්ථාවේදී සහ නැවක් මුහුදුබත් හෝ ගින්නකට අහුවුනොත් "general average" කියන ක්‍රමයට තමයි ඉන්ෂුවරන්ස් කටයුතු සැකසෙන්නේ. මුදල් ලැබීමක් හෝ, අලාබය විදදරා ගැනීමක් තීරණය වෙන්න අවුරුදු කිහිපයක් ගතවෙනවා මෙම ක්‍රමයේදී.
    අවුරුදු කිහිපයක් ගතවෙනවා? :baffled:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,619
    125,116
    113
    දෙහිවල
    අවුරුදු කිහිපයක් ගතවෙනවා? :baffled:
    ඔව්, බොහෝවිට සිදුවන්නේ භාණ්ඩ හිමිකරුට අලාබයක්.
    එය තීරණය වන්නටත් වසරකට වැඩි කාලයක් හෝ වසර කිහිපයක් ගතවෙන්න පුළුවන්.