ඉතින්, අපි අද කතාකරමු මොනවද මේ භාණ්ඩ ප්‍රවාහනයට යොදාගන්න බහලුම් කියලා.
දැනටමත් දන්නවනේ අන්තර්ජාතික වෙළදාමේ ප්රාදානම භාණ්ඩ හුවමාරුව සිදුකරන්නේ මුහුදු මාර්ගයෙන් කියලා. ඉතින් එතනිනුත් බහලුම් මත භාණ්ඩ ප්‍රවාහනය තමයි ප්‍රමුකව සහ ප්‍රමාණයෙන් වැඩිම දායකත්වයක් සපයන්නේ. වර්තමානයේ මුහුදු මාර්ගයට සීමානොවී අන්තර ගොඩබිම්, දුම්රිය හරහා භාණ්ඩ ප්රවාහනයටද ප්‍රමුකව දායකවෙන්නේ බහලුම් මත ප්රවාහනයයි.
බහාලුම්කරණයේ ඉතිහාසය 20 වැනි සියවසේ මැද භාගය සිට මේ දක්වා ඇදී යන දෙයක්.
බහලුම්කරණයට ප්‍රථම නැව්ගත කරනුලබන භාණ්ඩ නැව්වලට පැටවීම, ස්ථානගත කිරීම, නැව්වලින් ආපසු ගොඩ ගෑම සහ ගමන අතරතුර සිදුවන දේශගුනක වෙනස්කම් වලින් භාණ්ඩ ආරක්ශාකිරිම ඉතාම වෙහෙසකර සහ කාලය ගතවන ක්‍රියාවක් වුනා.
මුල්කාලීනව ප්‍රමිතියකින් තොර සහ දිගු ක්‍රියාවලින්ට යටත්ව මුහුදු භාණ්ඩ ප්රවාහණය සිදුවූ අතරම එම සිදු කෙරෙන ක්‍රියාවලීන් සරල කිරීම සඳහා එක්සත් ජනපදයේ ප්‍රවාහන ව්‍යාපාරිකයෙකු වන Malcolm Mclean විසින් පුරෝගාමී වූ භාණ්ඩ බහාලුම් ප්‍රථම වරට කරලියට පැමිණෙන්නේ වසර 1956 පමණය.
අන්තරජාතික මුහුදු භාණ්ඩ ප්රවාහණය උඩු යටිකුරු කල මෙම නව නිපැයුමේ සාර්ථකත්වය නිසා තොග වශයෙන් හෝ වෙනත් ආකාරයකින් භාණ්ඩ නැව්ගත කිරීම අවම ගැටළු සහිතව සිදු කළ හැකිවුනා.
බහාලුම්කරණයේ කැපී පෙනෙන ලක්ෂණ
* අනවශ්‍ය ක්‍රියාවලීන් ඉවත් කිරීම හේතුවෙන් නැව්ගත කළ යුතු භාණ්ඩ සඳහා සංක්‍රමණ පිරිවැය විශාල ලෙස අඩු වීම.
* විශාල භාණ්ඩ ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම තුලින් ආර්ථිකය ප්‍රතිලාබ වර්දනය වීම.
* නැව්ගත කරනු ලබන භාණ්ඩ වලට අමතර ආරක්ෂාවක් ලැබීම.
* බහාලුම් නැව්ගත කිරීමේ ව්‍යාප්ත වීමට පටන් ගත් පසු වරාය පහසුකම් සංවර්ධනය ද එකවර සිදු වීම.
සාමාන්‍ය බහාලුමක කොටස් වර්ගීකරණය පහතින් සදහන් කරලා තියෙනවා වැඩිදුර තොරතුරු හොයන කෙනෙක්ට.
ඉතින් අපි පොඩි ඉතිහාස කතාවෙන් පස්සේ ප්‍රදාන මාතෘකාවට එමු.
අපි කතාකරන කන්ටේනර් බහලුම් ප්‍රදාන වශයෙන් අඩි 20ක් දිග සහ අඩි 40ක් දිග කියලා කොටස් දෙකකට බෙදෙනවා.
Containers that measured 20-feet lengthwise. Such containers were soon referred to as TEUs (Twenty-foot Equivalent Units)
Containers that measured 40-feet lengthwise. Such containers soon came to be referred as FEUs (Forty-foot Equivalent Units) or more commonly, as Two-TEUs
ඉතින් සරලවම කියුවොත් අඩි 20 සහ ආදී 40 බහලුම්.
ඉතින් භාණ්ඩ වල ප්‍රමාණය, වර්ගය වගේ කාරණා එක්ක පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා බහාලුම් විවිධ වින්යාසයන්ගෙන් ලබා ගත හැකිය. පහත සදහන් වන්නේ සරලවම වර්ගීකරණය කල බහලුම් වර්ග කිහිපයක්.
1. GP or HQ Containers
මෙම බහලුම් වලට පෙට්ටි, කේස්, ගෝනි, බේල්, පැලට්, ඩ්‍රම් යනාදිය වගේ භාණ්ඩ ප්‍රවාහනය කරන්න පුළුවන්.
ඇගලුම්, තේ, ටයර් යනාදී සාමාන්‍ය භාණ්ඩ සදහා මේ බහලුම් යොදාගනු ලබයි.
2. GOH Containers
ඇඟලුම්කරුවන් සදහාම වෙන්වුන එල්ලෙන කොකු සහ නෝට්ස් සමගින් ඇඳුම් නැව්ගත කිරීම සඳහා යොදාගනු ලබන බහලුම් (GOH) Garments on Hanger බහලුම් නමින් හදුන්වයි.
3.Temperature controlled containers
උෂ්ණත්ව පාලනය කල හැකි බහලුම් මෙම ගහනය ඇතුලත් වෙනවා.
පරිබෝගිකයට අවශ්‍ය පරිදි නියත උෂ්ණත්වයක් යටතේ (පරිවරණය කළ, ශීත කළ, සහ/හෝ රත් කළ බහාලුම්) මෙම බහලුම් වලින් භාණ්ඩ රැගෙන යාම සිදුකල හැකි.
4. Rolling-floor / Open-top and open-side containers & Flat-rack / Bolster containers
ටිකක් උස වැඩි නමුත් පළල බහාලුමක දැමිය හැකි භාණ්ඩ ප්‍රවාහනය කරන්න මෙම ක්‍රමය යොදාගනු ලබනවා.
මෙම බහලුම් නිෂ්පාදනය කිරීමේදී විවෘත-ඉහළ සහ විවෘත-පැති බහාලුම් ලෙස වෙනස් ක්‍රමයක් අනුගමනය කරනු ලබයි. එමෙන්ම බහාලුමක පැටවිය හැකි සම්මත ප්‍රමාණය ඉක්මවා යන භාණ්ඩ ප්‍රවාහනය කරන්නත් විශේෂිත බහලුම් නිෂ්පාදනය කරනවා.
බර යන්ත්‍රෝපකරණ හෝ විශාල ප්‍රමාණයේ පැලට් පහසුවෙන් පැටවීම සඳහා බහලුමේ දොර වෙනුවට විවෘත-ඉහළ සහ විවෘත-පැති බවිතාකරනු ලබනවා. එහිදී භාණ්ඩ පැටවීමට සහ ආපසු එලියට ගැනීමට පහසුවෙන් දොඹකර පද්ධති භාවිතා කළ හැකිවීම මෙම බහලුම් යොදාගැනීමේ වාසියක් ලෙස හදුන්වන්න පුළුවන්.
5.Ventilated containers
සාමානයෙන් ඕනෑම බැලුමක වාතාශ්‍රය සදහා කුඩා කවුළු පිහිට තියෙනවා. නමුත් ප්‍රතිශතයක් විදයට වාතාශ්‍රය අඩු වැඩි කල හැකි කල බහලුම් මේ ගණයට වැටෙනවා. මෙම බහලුම් වල විශේෂයක් වන්නේ වාතාශ්‍රය නිෂ්ක්රීයව තැබීමටද හැකියාව තිබීමයි. කාබනික නිෂ්පාදන ප්‍රවාහනය සදහා බහුලවම මෙම ක්‍රමය යොදාගනු ලබනවා.
6.Tank containers / Bulk containers
මෙම බහලුම් මගින් වායු, ගෑස්, දියර, තොග ඛනිජ, ගල් අඟුරු සහ කුඩු ප්‍රවාහනය සිදුකරන අතරම බොහෝ විට මේවා අනතුරුදායක භාණ්ඩ ගණයට අයත් භාණ්ඩ ප්‍රවාහනය සිදුකෙරෙනවා.
යුරෝපයේ නගරවල සිට ප්‍රතිචක්‍රීකරණය සහ කුණු කසළ බැහැර කරන ස්ථාන දක්වා අපද්‍රව්‍ය ප්රවාහනයටද මම බහලුම් යොදාගනු ලබනවා.
ප.ලි : චායරුප අන්තරජාලයෙන් උපුටා ගන්න ලදී

Last edited: