මොනවද මේ AUCTION SHEET සහ මොකක්ද මේ Inspection Certificates

MM Cars

Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    මොනවද මේ AUCTION SHEET සහ මොකක්ද මේ Inspection Certificates

    ජපාන වාහන වෙන්දේසියෙන් නම් වාහනයක් මිලදි ගන්නේ ඒ වාහනයේ ගුණාත්මක තත්වය පිළිබදව වාහනය මිලදි ගන්න පුද්ගලයාට බලාගන්න පුළුවන් වෙන්නේ Auction Sheet එකෙන් තමයි. ඔය Sheet එකයි Photo 2ක් 3ක් බලලා නේ වාහනේ ගන්න වෙන්නේ. වාහනයේ පවතින තත්වයන් මේ Sheet එකේ ලකුණු කරලා තියෙනවා. නමුත් ඒක 100% ක් නිවැරදි කියලා නම් කියන්න ටිකක් අමාරුයි. 99% ක් විතර හරියට විස්තර නම් තියෙනවා. පොඩි පොඩි දෝෂයන් තියෙනවා. නමුත් එහෙම කියලා වාහනයක් ජපානයෙන් ගෙන්වා ගන්න නම් බය විය යුතු නෑ.
    මේකේ වාහනයේ සිදුවෙලා තියෙන පුංචිම පුංචි සීරීමක ඉදලා කොටස් මාරු කිරීම දක්වා සියළුම දේවල් සටහන් කරලා දක්වලා තියෙනවා. සමහර සීරිම් පියවි ඇසට නොපෙනෙන තරමි දේවල්. හොයන්නත් බෑ. නමුත් මේ Auction Sheet එකේ ඒක හොදට ලකුණු කරලා තියෙනවා.

    සාමාන්‍යෙයන් හොද තත්වයේ වාහනයක් ගන්නවා නම් Auction Grade 4.5 තමයි අන්තිම වශයෙන් ගන්න Auction තත්වය.
    නමුත් දැන්නම් මේ තියෙන බදු මුදල එක්ක සහ පවතින විනිමය අනුපාත මත ඊට පහල තත්වයන්ගේ වාහන තමයි ගොඩාක් වෙලාවට ලංකාවට එන්නේ. වාහන තීරෑ බදු ඉහල අගයන් යටතේ පවතින නිසා ගොඩාක් වෙලාවට ලංකාවට නම් දැන් එන්නේම R ඒ කියන්නේ Repair කරන ලද වාහන.​​
    තවත් දෙයක් කියන්න තියෙනවා, ලංකාවට ඇවිත් තියෙන වාහනයක් ගන්න ගියාම අපි කවුරුත් Auction Sheet වගේ දේවල් නම් වැඩිය බලනවාද කියන එක නම් දන්නේ නැ. නමුත් ඔය කියන Sheet එක Edit කරලා නමි පෙන්වන පිරිසකුත් ඉන්නවා.



    ජපානයේ තියෙන JAAI නැත්නම් JAPAN AUTO APPRAISAL INSTITUTE කියන ආයතනයෙන් ආයතනයෙන් නිකුත් කරන් වාහනයේ තත්ව පරීක්ශණ සහතිකයක් තමයි JAAI සහතිකය කියන්නේ. මේකෙන් වාහනයේ
    - ධාවන තත්වය
    - වාහනයේ ධාවනය කර ඇති දුර ප්‍රමාණය ඇතුලු වාහනයේ ගුණ දොස වාර්තාවක් සපයනවා.
    මෙන්න මේ සහතිකය රෝස පැහැති සහතිකයක්. ඇමුණුම් කටුව ඉවත් කලොත් සහතිකයට හානි වන ලෙස සහතිකයේ ස්ටිකරයක් අලවා තියෙනවා. ඒ වගේම වාහනයේ ඉදිරිපස වින්ඩ්ස්ක්‍රීන් එකේ JAAI ස්‍ටිකරය සහතික අංකයත් වාහනයේ ධාවකය පෙන්වපු නියම දුරත් සඳහන් වෙනවා.
    JAVIC හා BUREAU VERITAS කියන්නෙ මේ වගේ ආයතන දෙකක්. BUREAU VERITAS සහතිකය කියන ආයතනය තමයි UK වාහන වලටත් තත්ව සහතිකය නිකුත් කරන්නේ.
    වර්තමානය වන විට මේ JAAI / JAVIC හෝ BUREAU VERITAS කියන සහතික වලින් එකක් ලංකාවට ආනයනය කරන වාහන වලට අත්‍යවශ්‍යයි. ඒක නීතියක් ඒ වගෙම ඒක තියෙනම් වාහන ලියාපදිංචි කරන්න වාහනය අරන් යන්න ඕන නෑ.
    AUCTION CERTIFICATE කියන්නේ වාහනය මිලදී ගන්න වෙන්දේසියෙන් වාහනය පිලිබඳ ඔවුන් දෙන වාර්තාව. මේක ඉතාමත් නිවැරදී. ජපානයේ වෙන්දේසිකරුවන් මේ වාර්තා ඉතාම නිරවද්‍ය ආකාරයට සකස් කරනවා ඔවුන්ගේ තාක්ශණික උපක්‍රම යොදා ගෙන.වාහනයක් අනතුරකට භාජනය වෙලා කිසියම් කොටසක් නැවත ස්ථාපනය කර ඇත්නම් එය පවා පෙන්නනවා. ස්ථාපනය කල යුතු නම් එයද පෙන්වනවා.
    ජපානයට මේ වගේ ඉතා විශාල වාහන වෙළඳපොලක් තියෙන්න හේතුව මෙන්න මේ ප්‍රමිතීන් අනුගමනය කරන් එක. ඒ වුනාට ලංකාවට වාහන ගෙන්වා විකුණන ඇතැම් ව්‍යාපාරිකයන් මේ සහතික ව්‍යාජ ලෙස සකස් කරනවා. ඒ වගෙ දැන ගත්තොත් වහාම නීතිමය පියවර ගන්න. ඒක කූඨ ලේඛණ සකස් කිරීම යටතේ අපරාධමය වරදක්.
    පෞද්ගලිකව තම පරිභෝජනයට වාහන ගෙන්වාගන්නා අයට නම් ඉතින් ඔය හැම සහතිකේම තමන්ගේ අතට ඉස්සෙල්ලම එන නිසා ලොකු ගැටලුවක් නෑ.