රවුටරේ 12V නං උපරිම වෙලාවක් රවුටරේ යූස් කරන්න නං ඕන බැටරියට කෙලින්ම රවුටරේ ගැහුවත් හරි, හැබැයි +/- හරියට බලලා fuse එකකුත් දාල දාන්න, රවුටර් ගොඩක් වෙලාවට ගන්නෙ 100mA වගේ, රවුටරේ ස්පෙක් බලලා ෆියුස් එකක් දාන්න
බැටරිය චාජ් වෙද්දි සමහර විට චාජරේ අවුට්පුට් එක 14ක් හරි ඊට වඩා පොඩ්ඩක් වැඩි වෙන්න හරි පුලුවන් ඒක නිසා buck converter එකක් යූස් කරන එක සේෆ්, සහ එතකොට දිගටම UPS එක ප්ලග් එකට ගහලා තියලා ඒකෙ බැටරියට කෙලින්ම රවුටරේ ගහලා තියන්න පුලුවන්, ලයිට් ගියාම මාරු කරන්න අනම් මනම් ඕන නැහැ.
buck converter නැතුව buck/boost දෙකම කරන්න converter තියනවා එහෙම එකක් ගත්තොතින් බැටරියට ගහන්නත් පුලුවන්, බැටරිය නැත්නම් USB 5v එකට ගහල උනත් 12v ගන්න පුලුවන්. මම සෑහෙන කාලෙකට කලින් boost converter එකක් දාල USB එකෙන් රවුටරේ දුවන්න හදාගෙන තිබ්බා කිසි අවුලක් නැතිව වැඩ කරනවා, USB එකෙන් දුවනවා නම් අවුට්පුට් එකට ලොකු කෑපෑසිටර් එකක් දාගන්න ඕන (2200uF වගේ), නැත්නම් සමහර වෙලාවට රවුටරේ සිග්නල් අඩු උනාම ලොකු current එකක් පොඩි වෙලාවකට ගන්නවා, USB එකෙන් ඒක දෙන්න බැරි උනොත් රවුටරේ Off වෙනවා, කැප් එකක් දාල තිබ්බම ඒ අවුල වෙන්න නැහැ.