මොනවද මේ "Incoterms" කියන්නේ? 🚢⚓🛳️

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,561
    124,781
    113
    දෙහිවල
    ඉතින්, පොඩ්ඩක් කතාකරමු අන්තර්ජාතික වෙලදාමේදී සහ භාණ්ඩ හුවමාරුවේදී කතාකෙරෙන, ඇහෙන "Incoterms" පිලිබදව.

    මෙතන ඉන්න බහුතරය මේ පිලිබදව දැනටමත් දැනුවත් ඇති. ඉතින් මේ කෙටි ලිපිය දැනුවත් නැති අයට.

    QSdpQTd.png


    මොනවද මේ "Incoterms" ?

    "Incoterms" සරල ලෙසම පැහැදිලි කළහොත් එය "අන්තර්ජාතික වෙලාදමේදී සහ භාණ්ඩ හුවමාරුවේදී, විකුණුම්කරුවන්ගේ සහ ගැනුම්කරුවන්ගේ වගකීම් නිර්වචනය කරන ජාත්‍යන්තරව පිළිගත් නීති කට්ටලයකි. නැව්ගත කිරීම, රක්ෂණය, ලියකියවිලි, රේගු නිෂ්කාශනය සහ අනෙකුත් සැපයුම් කටයුතු සඳහා ගෙවීම සහ කළමනාකරණය කිරීම සඳහා වගකිව යුත්තේ කවුරුන්ද, කුමන අවස්ථාවකදීද යන්න "Incoterms" මගින් අදාළ පාර්ශ්වයන් හට නීතිමය රාමුව සහ පසුබිම සකසා දෙනු ලබයි.

    කර්මාන්තශාලාවේ සිට ඇසුරුම් සිදුකරන්නේ කවුද? ප්‍රවාහනය සිදුකරන්නේ කවුද? නැව්ගතකිරීමේ වගකීම දරන්නේ කවුද? ගමනාන්තයේ නිශ්කාෂණ සහ රෙගු ගෙවනු ලබන්නේ කවුද? ගමනාන්තයේ ප්‍රවාහන ගාස්තු වල වගකීම දරන්නේ කවුද? යනාදී කරුණු සහ වගකීම් බෙදීයාම සරලව මෙම නීති මගින් පහලා දෙයි.

    Z5IZPuu.jpg


    මොකටද මේ "Incoterms" ?

    "Incoterms" නීති යනු භාණ්ඩ විකිණීම සඳහා ලෝකයේ අත්‍යවශ්‍ය වෙළඳ කොන්දේසි වේ. මෙහිදී ගැණුම්කරුගේ සහ විකුණුම්කරුගේ අවශ්‍යතාවය පරිදි නීතිමය රාමුව තුල ඇණවුමක් ගොනු කිරීම, භාණ්ඩ ප්‍රවාහනය, නැව්ගත කිරීමක් ඇසුරුම් කිරීම, ලේබල් කිරීම සහ නාමකරණය, වරායක සම්භවය පිළිබඳ සහතික සකස් කිරීම වැනි කරුනු කරනා සම්බන්දව Incoterms රීති අදාළ පාර්ශ්වයන් හට මඟ පෙන්වයි. "Incoterms" නීති මගින් දෛනික පදනමින් ගෝලීය වෙළඳාම, ආනයනය සහ අපනයනය සඳහා සහභාගී වන පුද්ගලයින්ට නිශ්චිත මග පෙන්වීමක් සපයයි. ගෝලීය වශයෙන් පිළිගත්, "Incoterms" ගැනුම්කරුවන්ගේ සහ විකුණුම්කරුවන්ගේ වගකීම් පැහැදිලි කිරීම මගින් විදේශ වෙළඳ ගිවිසුම් වල ව්‍යාකූලත්වය වළක්වයි.

    ලොව පුරා වාණිජ කටයුතු සඳහා පහසුකම් සැලසීම සහ ජාත්‍යන්තර වෙළඳාමේ යෙදෙන පාර්ශ්වයන් හට එකිනෙකා තේරුම් ගැනීමට සහ ඔවුන්ගේ ව්‍යාපාර විධිවිධානවල නියමයන් තේරුම් ගැනීමට මෙය උපකාර වේ. තවද හුවමාරු වන භාණ්ඩ වල වගකීම දෙපාර්ශවයට කුමන අවස්ථාවකදී පැවරේද යන්න පිලිබදව අදහස මෙයින් බෙදා වෙන්කරනු ලැබේ. ගැනුම්කරුවන්ට සහ විකුණුම්කරුවන්ට ව්‍යාපාර පවත්වාගෙන යාමට අවශ්‍ය විවිධ ක්‍රියාකාරකම් සඳහා "Incoterms" භාවිතා කළ හැක.

    Gh6t4i7.jpg


    කොහෙන්ද ආවේ "Incoterms" ?

    අන්තර්ජාතික වෙලදාම මෙන්ම භාණ්ඩ හුවමාරුවේ දියුණුව සහ ප්‍රසාරණය හේතුවෙන් නැව්ගත කිරීම, රක්ෂණය, ලියකියවිලි, රේගු නිෂ්කාශනය සහ අනෙකුත් සැපයුම් කටයුතු සඳහා විකුණුම්කරුවන් සහ ගැනුම්කරුවන් අතර නීතිමය අර්ථකථනයන් සහ මාර්ගෝපදේශ මාලාවක අවශ්‍යතාවය පැනනැගුණි.

    එම අවශ්‍යතාවයට ප්‍රතිචාරයක් ලෙස 1919 වසරේදී ආරම්බ කළ "International Chamber of Commerce" ආයතනය මගින් පලමු වරට "Incoterms" නීති 1936 වසරේදී ප්‍රකාශයට පත් කරන ලදී. එතැන් සිට අද දක්වා "International Chamber of Commerce" ආයතනය එම නීති යාවත්කාලින කරමින් නිල ප්‍රකාශ සිදුකරනු ලබයි.
    2019 වසරේදී ICC සිය ශතවර්ෂ සංවත්සරය සැමරූම සදහා "Incoterms 2020" ප්‍රකාශනය කරන ලදී. දැනට ලෝකයේ බාවිතාවන යාවත්කාලිනම "Incoterms" පද්දති ප්‍රකාශය මෙයයි.

    AvADpW1.jpg


    වර්ගීකරණය කල "Incoterms"

    "Incoterms" ප්‍රධානව E, F, C සහ D ලෙස කාණ්ඩ හතරකට බෙදා ඇත.

    Category E - EXW (Ex Works)
    Category F - FCA (Free Carrier) / FAS (Free Alongside Ship) / FOB (Free on Board)
    Category C - CPT (Carriage paid to) / CIP (Carriage and Insurance paid to) / CFR (Cost and Freight) / CIF (Cost, Insurance and Freight)
    Category D - DAP (Delivered at Place) / DPU (Delivered at Place Unloaded) / DDP (Delivered Duty Paid)

    ඉහත සඳහන් කළ වර්ග හතර ප්‍රවාහන මාධ්‍යයන් අනුවද වර්ග කළ හැක.

    ඕනෑම ප්‍රවාහන ක්‍රමයක් සඳහා Incoterms - EXW, FCA, CPT, CIP, DPU, DAP සහ DDP
    මුහුදු සහ අභ්‍යන්තර ජල මාර්ග ප්‍රවාහනය සඳහා පමණක් Incoterms - FAS, FOB, CFR සහ CIF

    Incoterms වල වාසි සහ අවාසි මොනවාද ?

    වාසි
    * පහසුවෙන් තේරුම් ගත හැකි නියමයන් මාලාවක් වීම.
    * ජාත්‍යන්තර ප්‍රමිතිකරණය සහිත නීති රාමුවකින් නිර්මාණය කර තිබීම.
    * ජාත්‍යන්තර ආයතනයක් (ICC) විසින් යාවත්කාලීන කරමින් නිරතුරු අදීක්ෂණය කිරීම.

    අවාසි
    * නියමයන් තෝරාගැනීමේදී ගැනුම්කරු සහ විකුණුම්කරුගේ කැමැත්ත අතර සිදුවන මත ගැටුම්.
    * එක් එක් නියතයට අනුව එක් පාර්ශ්වයකට දැරීමට සිදුවන අඩික පිරිවැය.

    mxPQJLi.png


    ඉතින්, ඉහත සදහන් වගුව මගින් සරලවම අපි මේ කතාකරපු කාලරාමු සහ වගකීම හුවමාරු වන ස්ථානය / අවස්ථාව පිළිබවද පැහැදිලි අදහසක් හැමෝටම ගන්න පුළුවන්. අපැහැදිලි දෙයක් තියෙනවම් අහන්න. දන්නා විදියට පහදලා දෙන්නම්. තුති.

    කෙටි සටහන : Walter White
    ජායාරූප සහ තොරතුරු : අන්තරජාලය තුලින් උපුටාගන්නා ලදී
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    මේ වගේ මහන්සිවෙලා ලියන වටින ත්‍රෙඩ් අනිවා උඩට එන්න ඕන.:yes: Solo Rider, PHBhagya, Kalegana සහෝලා, ත්‍රෙඩ් එක කියවලා, රිප්ලයි එකක් දාලා Walter White සහෝගෙ මහන්සියට‍යි, වැය කරපු කාලෙටයි වටිනාකමක් දෙමු. :):):)
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,561
    124,781
    113
    දෙහිවල
    මේ වගේ මහන්සිවෙලා ලියන වටින ත්‍රෙඩ් අනිවා උඩට එන්න ඕන.:yes: Solo Rider, PHBhagya, Kalegana සහෝලා, ත්‍රෙඩ් එක කියවලා, රිප්ලයි එකක් දාලා Walter White සහෝගෙ මහන්සියට‍යි, වැය කරපු කාලෙටයි වටිනාකමක් දෙමු. :):):)
    තුති බොසා :love:
    TFS. Very Informative Thread. :-) (y)
    තුති (y)