අද එහෙනම් පොඩ්ඩක් කතාකරමු අපි මොනවද මේ "Vessel Chartering" කියන්නේ කියලා බොහොම සරලවම.
"Vessel Chartering" එසේ නොමැතිනම් "යාත්‍රා වරලත් කිරීම" යනු යාත්‍රා හිමිකරු (Vessel Owner) සහ යාත්‍රා කුලියට ගන්නා (Charterer) පාර්ශවය අතර සිදුවන යාත්‍රාව කුලී පදනම මත පැවරීමකි.
යාත්‍රා කුලියට ගන්නා (Charterer) තම අවශ්‍යතාවය මත භාණ්ඩ හෝ මගී ප්‍රවාහන යාත්‍රාවක් කුලී පදනම යටතේ, ගිවිසුමකට ප්‍රකාරව තාවකාලිකව අත්පත්කරගැනීම සරලවම හදුන්වන්නේ "Vessel Chartering" ලෙසයි.
තවත් සරල කරොත්, යම්කිසි කාලයකට හෝ ගමනකට අවශ්‍ය මෝටර් රථයක් කුලියට ගන්නවා සේම ක්‍රමවේදයක් නාවික විව්හාරයට පත්කලවිට එය "Vessel Chartering" ලෙස හඳුන්වන අතර එය ආරම්භ වන්නේ නැව් හිමිකරු (Vessel Owner) සහ දෙවන පාර්ශවයක් (Charterer) ගිවිසුමකට එළඹීමෙනි. නැව කුලියට දෙන පාර්ශවය නැව් හිමියා වන අතර නැව කුලියට ගන්නා දෙවන පාර්ශවය කුලීකරු ලෙස හැඳින්වේ.
මෙහිදී එකගතාවයකට සහ ගිවිසුම ක්‍රියාත්මකවීම සිදුකරනු ලබන්නේ අතරමැදි පාර්ශවයක් ලෙස හදුන්වන "Shipbrokers" ආයතනයක් හරහා වීම විශේෂත්වයකි. සාමාන්‍යයෙන්, නැවක් බදු දීමට කැමති කෙනෙක් සහ නැවක් තම අවශ්‍යතාවයට සරිලන පරිදි කුලියට ගැනීමට බලාපොරොත්තුවන දෙපාර්ශ්වයම තම තමන්ගේ අරමුණට ගැළපෙන පරිදි තැරැව්කරුවකු සම්බන්දකරගත යුතුය.
– the shipowner who owns the vessel being rented,
– the charterer who requires the ship on rent, and
– the shipbroker who has helped to bring them together.
මෙම එක් එක් පාර්ශවයන්ගේ භූමිකාවන් ඉතාමත් කෙටියෙන් හදුනාගමු

Shipowner /Vessel Owner (නැව් හිමිකරු)
නැව් හිමිකරුවෙකු යනු තම නාමය යටතේ නැවක් හෝ යාත්‍රා කිහිපයක් ලියාපදිංචි කර ඇති වෙළඳ නැව් හිමි පුද්ගලයෙකු හෝ සංවිධානයකි. සමහරක් අවස්තාවන් වලිදී නැව් හිමිකරුවෙකු ව්‍යාපාර ලබා ගැනීම සඳහා පූර්ණ කාලීන නැව් තැරැව්කරුවෙකු බාවිතා කරයි.
Charterer (කුලියට ගන්නා)
නැවක් කුලියට ගැනීමට, භාණ්ඩ ප්‍රවාහනය කිරීමට හෝ මගීන් ප්‍රවාහනය කිරීමට කැමති ඕනෑම පාර්ශවයක් කුලීකරුවෙකු (Charterer) ලෙස හැඳින්වේ. එහිදී ප්‍රවාහනය සිදුකරන්නට සුදානම් භාණ්ඩ Charterer පාර්ශවයට අයත් හෝ වෙනත් පාර්ශ්වයක් වෙනුවෙන් ප්‍රවාහනය කරනවා විය හැක. නැව් ගමනාගමනය සහ පැටවීමේදී සහ බෑමේදී භාණ්ඩ හැසිරවීමේ විධිවිධාන කුලියට ගත් තැනැත්තා සැලසුම් කරයි. එනිසා නැවේ, එහි කාර්ය මණ්ඩලයේ සහ භාණ්ඩ ප්‍රවාහනයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔහු වගකිව යුතුය.
Shipbroker (තැරැව්කරු)
අනෙකුත් සියලුම තැරැව්කරුවන් මෙන්, නැව් තැරැව්කරුවන්ද යාත්‍රාව බදු දීමට කැමති සහ නැවක් තම අවශ්‍යතාවයට සරිලන පරිදි කුලියට ගැනීමට බලාපොරොත්තුවන දෙපාර්ශ්වයම සම්බන්දිකරණය කරනු ලබයි. ඔවුන්ගේ සේවාවන් සඳහා, ඔවුන් නැව් හිමියාගෙන් ගාස්තුවක් හෝ කොමිස් මුදලක් අය කරයි.
The 3 Main Types of Ship Charters
ඉතින් මෙම "Vessel Chartering" කොටස් තුනකට බෙදා වෙන්කරන්න පුළුවන්

Voyage Charter -
ගමන්වාරයකට, ගමනාතයකින් තවත් ගමන්තයකට පමණක්, එහෙම නැත්නම් වරායන් දෙකක් හෝ ඊට වැඩි ගමනකට පමණක් යාත්‍රාවක් කුලිය ගැනීම Voyage Charter නම්වේ. මෙහිදී යාත්‍රාව මෙන්ම එහි කාර්ය මණ්ඩලයද ගිවිසගත් ගමන අනුව කුලියට ලබාගත හැක. මෙහිදී ගිවිසුම්ගත කුලිය මුහුදු ගමනේදී රැගෙන යන භාණ්ඩවල ප්‍රමාණය හෝ බර මත පදනම් වනු ඇත, නැතහොත් එය පාර්ශවයන් අතර එකඟ වූ ස්ථාවර මුදලක් විය හැකිය.
Time Charter -
යම්කිසි ගිවිසගත් කාලයක් සඳහා නැවක් කුලියට ගත් විට එය "Time Charter" ලෙස හැඳින්වේ. ඉහත සදහන් කල පරිදි යාත්‍රාව මෙන්ම කාර්යමණ්ඩලයද මෙම පදනම යටතේ කුලියට ගත හැක. මුහුදු ගමනේ නියමයන් සහ කොන්දේසි, බඳවා ගැනීමේ එකඟ වූ කාලය, රැගෙන යා යුතු භාණ්ඩ වර්ගය අනුව කාල ප්‍රඥප්තියකට යටත්ව දෛනික හෝ මාසික ගාස්තුවක් යටතේ ගිවිසුමට එලබීම දැකිය හැක.
Bareboat Charter / Demise Charter -
මෙහිදී ගිවිසුමෙන් පසුව සහ ගිවිසුමට අනුව යාත්‍රාව මෙහෙයවනු ලබන්නේ සහ කළමනාකරණය කරනු ලබන්නේ කුලීකරුගේ කාර්ය මණ්ඩලය වන අතර නැව් හිමියා නෞකාවේ තාක්ෂණික කළමනාකාරිත්වය සහ වරාය මෙහෙයුම් සම්බන්ධ කටයුතු පිලිබදව පමණක් බලා ගනු ඇත.
නෞකාවේ ආරක්ෂාව පිළිබඳ වගකීම සහ බාහිර පාර්ශ්වයන් සමඟ ඇති සියලුම මූල්‍ය පියවීම් කාලසීමාව ඇතුළතදී Charter පාර්ශවය වෙත පැවරේ.
කෙටි සටහන : Walter White
චායාරුප සහ තොරතුරු : අන්තරජාලය තුලින් උපුටාගන්නා ලදී