මෙතනම දාන්නම් මල්ලි තව කාට හරි වැදගත් වුනොත් කියල. ගොඩක් දුරට Z එකෙන් හරි 1st සෙම් එකේ රිසාල්ට්ස් වලින් පාත් වලට යන්න පුළුවන්. (හරියට දන්නේ නැහැ මේ පාර ගැන නම්)
පිසිකල් වලත් ඇවිත් කරන්න සයිඩ් ගොඩක් තියෙනවා, statistics, mathematics, mathematical physics, computer science, physics, electronics, computer studies වගේ තව තියෙනවා. මුල් අවුරුදු 2කේ තමුන් කැමති සබ්ජෙකට් කම්බිනේෂන් එකක් (UGC පොතේ ඇති) කරන්න පුළුවන්. (mathematics + computer science, mathematics + statics , mathematics + physics, මේ වගේ කම්බිනේෂන් 20ක් විතර තියෙනවා) 2nd year වලින් පස්සේ හොදම ලකුණු අරගත්ත අයට ස්පෙෂල් ගිහින් ඔය උඩින් දාල තියෙන පාත් එකකින් ඉස්සරහට යන්න පුළුවන්. නැත්නම් තමුන් තෝරගත්ත සබ්ජෙකට් පාත් එකෙන් ඉස්සරහට ගිහින් ඩිග්රිය ඉවර කරන්න පුළුවන්.
අතේ සල්ලි ටිකක් තියෙන NDT යන්න ඉන්න අයට මේ වගේ පාත් එකකින් ඩිග්රි එක කරලා City & Guilds වලින් හරි IIT වගේ හරි SLIIT වගේ හරි කොස් එකක් කරලා ඉන්ජිනිරින් ඩිග්රි එකකුත් ගොඩ දාගත්තොත් පට්ට දැනුමක් ලැබෙන්නේ.
ඒ වගේම තමයි සමහරු ඉන්නවා mathematics ස්පෙෂල් ඩිග්රි කරන ගමන් BIT කරන. එහෙම අයට හොද දැනුමක් තියෙන්නේ. තව අය ඉන්නවා computer science ස්පෙෂල් කරන ගමන් පිටින් නෙට්වකින් ඉගෙනගන්න එවුන්, සොෆ්ට්වෙයා ඉන්ජිනිරින් ආස එවුන් ඒ පැත්ත ගැන වැඩිපුර ඉගෙනගන්නවා.
මේ හැමදේටම පට්ට කැපකිරීමක් ඕනේ මල්ලි. මොකද මේවා ලේසි නැහැ, තරගේ වැඩියි.
ඕන දෙයක් තියෙනවා නම් අහන්න මල්ලි.
ජය වේවා!!!!