මොරිස් මයිනර් වැඩපළ Morris Minor Workshop in Sri Lanka.....!

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මොරිස් මයිනර් වැඩපළ Morris Minor Workshop in Sri Lanka.....!


    screencast



    image search


    මොරිස් මයිනර් හැදූ එංගලන්තයටත් අමතර කොටස් යවන ගාල්ලේ මොරිස් මයිනර් වැඩපළ Morris Minor Workshop in Sri Lanka
    එංගලන්තය ලංකාවට ක්‍රිකට් ඉගැන්නුවේය. ලංකාව එංගලන්තයට වඩා හොඳට ක්‍රිකට් ගසා පෙන්වීය. මේ ගුරුගෝල මාරුව අද ඊටත් එහා ගොස් තිබේ. ඒ ක්‍රිකට් ලෙසින්ම ලංකාව එංගලන්තයට ‘මොරිස් මයිනර්’ හදන හැටිද කියා දී ඇති හෙයිනි. අපි ඒ ශ්‍රී ලාංකිකයන් පිරිස සොයා ගියෙමු.
    දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ බටදූවේ වෙල්යායකට මායිම්ව මේ මොරිස් මයිනර් රෝහල පිහිටා තිබේ. ශ්‍රී ලංකාවට නිදහස ලැබුණ 1948 වසරේ ආරම්භක ඉතිහාසයේ ලියැවීමට පටන්ගත් මොරිස් මයිනර් කාරයේ විපත ලියැවෙන්නේ 1971 දී පමණය. නෆීල්ඩ් සාමිවරයා ලාංඡනයද සාදා දී වෙළෙඳ ‍පොළට එවූ මොරිස් මයිනර් කාර් රථ ආයතන වැසෙන මොහොත වනවිට ලෝකය පුරා එබඳු රථ 1368291 ක් අලෙවි වී තිබුණි. අවාසනාවට මෙන් ආයතනය වැසෙන මොහොතෙන් පසු සාදා අවසන් කළ ලක්ෂ සංඛ්‍යාත කාර්වලට අවැසි අමතර කොටස් සැදීම ද නැවතිණි. ඒ සමගම සිදු වූයේ මොරිස් මයිනර් රථ හිමියන් අසරණ වීමයි. ගාල්ලේ මොරිස් මයිනර් රෝහල ඇරඹීමේ පසුබිම සැකැසෙන්නේ ඒ අනුවය. බටදූව මොරිස් මයිනර් ආයතනයේ ප්‍රධාන කාර්මික නිලධාරී ඩබ්.ඒ. විමලසිරි මහතාගේ වදනින්ම මින් ඉදිරියට කථාව අසමු.



    “මම පනස් ගණන්වල මුලින්ම ලංකාවට මොරිස් මයිනර් කාර් ගෙන්වපු නියෝජිත ආයතනයේ රැකියාවට ගියා. එතකොට මම තරුණයි. මුලින් කාර් හේදුවා. පස්සේ ශිල්පය ඉගෙන ගත්තා. අවුරුදු කීපයක් එතන වැඩකළා. එංගලන්තයේ මොරිස් මයිනර් හදන එක නවත්තන්න වෙනවා වියදම වැඩියි කියලා. ඒකෙන් වුණේ ලංකාවේ අපිටත් රස්සා නැතිව ගිය එක. මට ඒ වෙද්දී පෙට්‍රල් එංජිම ගැන හොඳ තේරුමක් තිබුණා. ටික කාලයකට මම මොරිස් මයිනර් වලින් දුරස් වුණා. වෙන තැන්වල වැඩ කළා. ඒත් මගේ ඇඟේ් මොරිස් මයිනර් තාක්ෂණය තිබුණා."​
    අසූවේ දශකය ආරම්භ වනවිට ගාල්ලේ පදිංචි ධනපාල සමරසේකර නම් අයෙක් එංගලන්තයේ රැකියාව කරමින් සිටියේය. ඔහුට එංගලන්තයේ මොරිස් මයිනර් කාර් අලුත්වැඩියා කරන ආයතනයක හිමිකරුවා වූ චාල්ස් වෙයාර් නමැති මිතුරෙක්ද විය. මේ මිත්‍රයාට 80 දශකයේ මැද වනවිට සිය ආයතනයේ අලුත්වැඩියා කරන රථවලට අවශ්‍ය අමතර කොටස් හිඟයකට මුහුණ දීමට සිදුවිය.​
    එංගලන්තයේ නම ලොව ප්‍රසිද්ධ කළ මොරිස් මයිනර් රථයේ කොටස් එංගලන්තයේත් සොයාගත නොහැකි වී තිබිණ. අවසානයේ ඔහු ධනපාල සමරසේකර සමග මේ පිළිබඳ සාකච්ඡා කළේය. "අපි ලංකාවේදී මොරිස් මයිනර් අලුත්වැඩියා කරන ශාඛාවක් පටන් ගනිමු. මම උදව් කරන්නම්. ඔයාලා මට ඕන කොටස් එහේ හදලා එවන්න.”
    ධනපාල සමරසේකර මේ යෝජනාව හිතේ තබාගෙන මෙරටට පැමිණියේය. “මම ඒකා‍ලේ සමුපකාර ගරාජ් එකේ වැඩකළා. දවසක් මට හදන්න ලැබුණු මොරිස් මයිනරයක් මම හොඳම තත්වයෙන් හැදුවා. මේක ගරාජ් එකට ඇවිත් හිටිය ධනපාල මහත්තයා දැක්කා. එයා මාව හොයාගෙන ආවා. ඇවිත් කිව්වේ මේක අභියෝගයක්. ඔයා මාත් එක්ක එකතුවෙලා මේක කරමු කියලා. මට රැකියාව දාලා එක පාර එන්න බෑ. ඒත් මම උදව් කරන්නම් කිව්වා.”​

    ඒ අනුව 90 දශකයේ මුල බටදූවේ වැඩ‍පොළ ආරම්භ විය. එහි මොරිස් මයිනර් කොටස් ස්වල්ප වශයෙන් සෑදු නමුත් ඒවා නිසි ප්‍රමිතියෙන් තොරවිය. 91 වසරේ චාල්ස් වෙයාර් අවශ්‍ය උපකරණද සහිතව ‘ඩියුරබල් කාර්ස් ලංකා’ නමින් මෙය ආරම්භ කරන්නට යෙදිණි. ඒ ධනපාල සමරසේකර මහතාගේ නිවස ඉදිරිපිටය.​

    “එදා ඉඳන් අද වෙනක්ම අපි කාර්වලට ඕන කොටස් හදනවා. අපි එන්ජින් කොටස් හදන්නේ නැහැ. ඇත්තටම මොරිස් මයිනර් එන්ජිම හදන්න ඕන නෑ. එදා තත්ත්වයෙන්ම අදත් තියෙනවා. මටත් මයිනර් එකක් තියෙනවා. මම ඒකෙන් රට වටේම රවුමක් ගිහින් ආවා. පෙට්‍රල් ගහපු එක විතරයි කළේ.”
    අද වන විට මසකට බ්‍රිතාන්‍ය පවුම් 5000 ක මොරිස් මයිනර් බඩු ඔවුහු එංගලන්තයට අපනයනය කරති. ඔස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය ආදි රටවලට වෙනම අපනයනය කෙරෙයි. ඩෙන්මාර්ක් රටින් අඩි 40 කන්ටේනරයක බහා කාර් තුනක් මෙරටට එවා තිබුණේ ඒවා සාදා නැවත එවන ලෙස ඉල්ලමිනි. “මම ඒ කාර් හදලා යැව්වා. අපි මෙහේ ටෙස්ට් කළෙත් නෑ. අයිති කෙනා නැවෙන් බාලා කිලෝමීටර් 400 ක් එක කාර්එකක් එක දිගට පැදගෙන ගිහින්. එයා මට කථා කරලා කිව්වා ‘හරි පුදුමයි’ කියලා. මොරිස් මයිනර් අමතර කොටස් හදනවාට අමතරව ඔවුන් මෙරට පාරිභෝගිකයන්ගේ මයිනර් රථ අලුත් වැඩියාවද සිදුකරයි.
    “අපි අන්තිම ඇනේට යනකම් ගලවනවා. ගලවලා කොම්පැනියේ තත්ත්වෙටම අලුතින් හදනවා. ඊට අඩු කොලිටියෙන් හදන්නේ නෑ. ඒකනේ අපි ඩියුරබල් කාර්ස් ලංකා කියලා නම දැම්මේ” ඔහු තම ආයතනයේ නාම පුවරුව දෙස බලමින් සිනාවේ.
    මෙරට භාවිතා වන බොහෝ දෑ Made in යන්නට පසු වෙන රටක නමකින් සැරසී ඇතිදෑය. එවන් තත්ත්වයක් තුළ රැජිනගේ රටේත්, වෙනත් යුරෝපා රටවලත් Made in Sri Lanka යන්නෙන් සැරසුණු මෝටර් රථ අමතර කොටස් හෝ තිබිම සතුටකි. එයත් ඔවුන් ගෞරවයෙන් සලකන මොරිස් මයිනර් නාමය යටතේ වීම ආඩම්බරයකි. (උපුටා ගැනීමක්)

    පසුවදන :
    අපේරටෙත් ඉන්නවා හොද වැඩකරුවෝ ඔහුන්ට නිසි ආකාරයෙන් පුහුණුවක් සහ ක්‍රමවත්ව තම ගරාජ් එක පවත්වාගෙන යාමට රජයෙන් හෝ වෙනත් ආයතන වලින් නිසි සහයෝගයක් ලැබෙනවානම් අපේරටේම ඔය විරැකියාවට පස්න විසදන්න පුළුවන්. අනිත්එක වෘර්තිය පුහුණුවක්හෝ මොනයම් කාර්මික පටමාලාවක් හදාරන පිරිස් හටද තමාගේ උගත්කමෙන් ප්‍රයෝජනයක් ලබාගැනීමට ඉස්තනයක් නොතිබීම..

    Source : https://www.facebook.com/groups/Carindustrial/permalink/540569759438239/
     
    Last edited:

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    Lankawe thamaa mora mami waddo inne, australia wala automatic gear box repair karana hodama waddath lankawe porak......
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :yes::yes::yes:

    අපේ උන්ට අත දීමක් නෑ නේ පාලකයන්ගෙන්...මේ වගේ පිට රටකින් උදව්වක් ලැබුනොත් මිසක....
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    Machoo mama oya car parts hadene tanete awrudu gaanakete kalin giyaa. Thx for the post
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඕවා හදන නිසා තමයි දැන් මයිනර් කාර් අලුත් ඒවා වගේ තියන්නේ
    දකින්නත් ආසයි. ඊයේ මම ගැප් එකක උඩට කරිනා එකකින් 50 ට වගේ යනකොට
    මයිනර් කාර් එකක් මාව පහු කරගෙන ගියා
    මට පුදුම හිතුනා ඒක ගිය යෑමනාවට