මෝහිනී හා කළු කුමාර දෝශය
සැසදිය..
මේම මෝහිනී හා කළු කුමාර දෝශය යෞවන යෞවනියන් නම ඇසු සැනින් යම් චකිතයට පත් වන නාමයන් දෙකකි.මේ ගැන ගැඹුරට සොයන විට මට මතයන් දෙකක් හමුවුණ අතර එම මත දෙක අතර මම නතර විමට සිදු විය.
නුතන සමාජ මතය..
මේ සමාජයේ විවිධ තරාතිරම් වල එක එක විදියේ වෙනස් චරිත ජිවත් වෙනවා.එත් මේඅයගෙන් අතිබහුතරයට පොදු කරුණු 3ක් ඇත. එවානම් ආදරය , ආලය හා ලිංගික ආකර්ශණය වේ. මේ මෝහිනි හා කළු කුමාර දෝශය ගැන එක් මතයක් මෙසේය.එයට කරුණු සාධක ද ඇත.
මෙම මෝහිනි හා කළු කුමාර දෝශය ඇතිවන්නේ විවාහ ජිවිතයක පය නොතැබු , ආදර සම්බන්ධයක් නැති (ඔව් මේක කියනවන හුගක් අය වගේ
😂 විවහා වන වයස හා එම වයස පසුවන ආසන්න අයයි.
කෙල්ලෙක් / ගැටිස්සියක් / යෞවනියක් ආදරයක් හෝ විවාහය නොලැබ තම සමවයසැති යෙහෙළියන් සිය දරුවන් සමග යන විට දැනෙන හැගිම කේසේ විය හැකිද ? (කියන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නං කමෙන්ට් එකක් දාන්න)
සමවයසැති යහළුවන් විවාහා වී සුන්දර යුග දිවියක් ගෙවන විට තරුණයෙකුට දැනෙන හැගිම කෙසේ විය හැකිද ?
(කොල්ලොනං දැනෙන හැගිම කියන්න එපා,,ඩිලිට් කරනවා කමෙන්ට්
😂
මේ හැගිම කල් ගත වන විට , තමන්ගේ හැගිම් පිඩනයට පත් වන විට , හිත හඩාවැලපෙන විට ආතති තත්ත්වයන් ,හීන මානය මානසික අවපාතයන් ඇති වේ. මේ හේතුව කරණ කොටගෙන යටි හිතේ තැන්පත් වෙන මෙම කරුණ නිසාවෙන් පිරිමින් "මෝහිනිය" ද තරුණියන් " කළු කුමරා"ද දකින ලෙසින් තම හැගිම අන්‍යන්ට පෙන්විමට දරණ තැත මෙම දොශ ලෙස ඇතෑම් ලාංකිය කට්ටඩියන්ද දරණ මතයක් වේ. මේ මතය නිවරදි යයි කිමට හරි යැයි කිමට නොහැකි වුවත් මේම දෝශයට ලක්වන්නන්ගේ හා දෝශයේ ගති ස්වාභාවය අනුව ගැලපෙන බවක් වැඩි දුර සිතන විට පෙනි යයි. මම මේ මතය ගෑන කිවේ දැනගැනිමට විතරයි. මේක හොල්මන් ගැන නේ කියවන්න එන්නේ, එ නිසා ගුප්තමය කරුණු ගැන මම කතා කරන්නම් දැන්.
බැදලා හරි , ලව් එකක් තියෙන හරි අය මේ පැත්තට යන්න

තනිකඩ අය මේ පැත්තේ ඉදන් කියවන්න.

මේක වැදගත් ඔයාල
කොල්ලන් බය කරන මෝහීනී ...

මෝහීනි කිවම දැන් ගාණක් නැති වුණාට රෑ ජාමේ තනියම කලුවරේ සොහොනක් ගාවදි එහෙම මතක් වුණොත් , මාරම ෆීලින් එකක් නේද එන්නේ. මොහීනීගේ ප්‍රසිද්ධ කතාව නේ රෑ ජාමේ සුදු සාරියක් ඇදන් ඇවිත් , සාරිය හදාගන්න කං පොඩ්ඩක් ලමයා අල්ල ගන්න කියන එක. ඉතිං බබා ගත්තොත් කොල්ලට බබා හම්බෙනවාලු.. හම්මේ ඉතිං .. මෝහිනිගේ ප්‍රසිද්ධම සිරිත එහෙම නැත්නම් හුගක් අය දන්න සිරිත තමා එක. එත් මෝහීනී බටනලා සංගීතයට හුගක් ආසයි ලු.. පාළු තැන් වල ඉදන් බටනලා පිඹිනකොට (ලස්සනට) මෝහිනී එනවලූ හවස් ජාමේ හැබැයි.
කෝම කෝම හරි මේ දෝශයට ලක් වුණ අයගේ නිදි යහනට මෝහිනි එනවලු වසග කරගන්න.එක දවසක් නෙමෙයි හැමදාම වගේ. මේ හේතුවෙන් තරුණයන් කෙට්ටු විම , සුදුමැලි විම් , ආහාර අරුචිය , සිහිසුන් විම , නින්දෙන් තරල පිටවිම වගේ ලක්ශණ පහල වෙනවාලු.තත්ත්වය දරුණු වෙනකොට තරුණයාට පමණක් ඇසේන්ට කතා කරලා නිවසෙන් පිටට ගෙන්වාගෙන නියම යක්ශ රුවෙන් පෙනි සිට බිය කිරිම් , විවිධ අනතුරු වලට ලක් කිරිම් (ගංගාවලට ඇද දැමිම් වැනි) දේ සිදු කරනවාලු. සමහර විට බෙල්ල අබරනවාලු..මෝහිනිත් සෙල්ලම් නෑ නේද ?
ගුප්ත විද්‍යාවට අනුව මේ මොහිනි අයත් වෙන්නේ යක්ශ කියන කුලයට අයත් ආත්මයක් ලෙසට.මෝහිනි කියන එකේ තේරුම රවට්ටන තැනැත්තිය කියන එක. තව ඉන්දියාවේ තිබ්බනේ වෛදික බ්‍රාහ්මණ වගේ යුග , එ වෛදික යුගයේ පොත් වල කියන විදියට මෝහිනි විශ්ණුගේ එක් අවතාරයක් ලු. එකෙත් පොඩි ලස්සන කතාවක් තියෙනවා. එත් එක වැදගත් නැති නිසා අත අරින්නම්.
ඔන්න අපේ රටේ සැමියෙකුයි බිරිඳකුයි හිටියලු. ඒ බිරිඳ පුදුම ලස්සන කාන්තාවක් ලු. මෙයාට පුංචි දරුවෙක් ලැබෙන්න ඉඳලා තියෙනවා. හැබැයි මේ කාන්තාවගේ ස්වාමිපුරුෂයාට තවත් අනියම් සම්බන්ධ කමක් තිබිලා තියෙනවා. ඉතින් දවසක් මේ සැමියා මේ කාන්තාවව පාලු පැත්තකට අරන් ගිහින් මරලා දාලා තියෙනවා. අන්න එදා ඉඳන් දැඩි කාමාආශාවෙන් පෙලෙන පිරිමි අය ඉස්සරහට ඇවිත් ඒ අයට කරදර හිරිහැර කරන්න මේ කාන්තාවගේ ආත්මය පෙළඹිලා තියෙනවලු. ඔය අතේ ඉන්නේ අර බිහිවෙන්න හිටිය දරුවලු. ඔන්න ඕක තමයි මෑත කාලීනව මොහීනි චරිතයේ ආරම්භය ගැන කියවෙන කතාව විදියට සමාජ ගතවෙලා තියෙන්නේ.ඔන්න ඔකයි සමහරු කියන මෝහිනිගේ පුනරාගමනය.
කොහොම වුණත් මේ දෝශයට ලක් වුවහොත් පිරිත් නුලක් බැදිම , සෙත් ශාන්තියක් කලාම ඇති ලු.කොහොම වුණත් නිදන ඇද උඩින් කන්නාඩියක් තැබිම , යකඩයක් කොට්ටය යට තබා ගැනිම , වෙනත් ස්ත්‍රියක් (අම්මා ,සහෝදරියක්) භාවිතා කල රෙදිකඩක් අසල තබා ගැනිම මේ දෝශයෙන් මිදෙන්න පුලුවන් ලු..
මේ දෝශය ආදර සම්බන්ධයක් එකියන්නේ ලව් එකක් තියෙන හරි බැදපු අයට හරි බලපාන්නේ නෑ. තනිකඩ අයට විතරයි.
කළු කුමාර යක්ෂ සංකල්පය අපේ රටේ වැඩි දුර ප්‍රචලිතව ඇත්තේ දකුණු පළාත තුළය. එහෙත් උඩරට පහත රට සබරගමු යන තුන් සම්ප්රදාය තුළම අඩු වැඩි වශයෙන් කළු කුමාරයාට සම්බන්ධ පුරාවෘත්ත ජනප්රවාදයේ පවතින බවට ලිඛිත සාක්ෂි ගණනාවකි.
කළු කුමාරයා යනු "දේව පුරාණයට" අනුව දෙවියකු බව පැහැදිලිය. එනමින් එක් දෙවියකු නොව දෙවිවරු සත් කට්ටුවක්ම අතීතයේ විසූ බවට සාක්ෂි දනවන දේව පුරාණය ඒ සත්කට්ටුව මෙසේ හඳුන්වා දෙනු ලබයි.
1. වෙල්ලස්සේ බණ්ඩාර කළුකුමාර
2. උඩුගම්පොල මැණික්සාමි කළුකුමාර
3. සෙන්කඩගල කළුකුමාර
4. අනුරාධපුර කළුකුමාර
5. හෙට්ටිනයිදේ කළුකුමාර
6. බින්තැන්නේ කළු කුමාර
7. කම්බිලි කළු කුමාර
මේ දෙවිවරු සත්දෙනා ගැන දේව පුරාණය කියතත් අපේ රටේ තොවිල් පවිල් කරන යකැදුරු පරම්පරාවන් මුඛ පරම්පරාගතව රැගෙන එන සාහිත්‍යයට අනුව කළු කුමාරයා යනු යක්ෂයෙකි. එක් යක්ෂයෙක් නොව යක්ෂයෝ 5 දෙනෙක් ගැන පුරාවෘත්ත ඔවුන්ගේ මුඛ පරම්පරාගතව පැවත එන බව අපට කියන්නේ මහාචාර්ය ජයසේන කෝට්ටගොඩ ලියන ලද "කළු කුමාරයා පුද ලබන දාරක වත් පිළිවෙත්" යන ග්රන්ථයෙනි. එයට අනුව කළු කුමාරවරු පස්දෙනකු ගැන කතාන්දර 5 ක් තුළින් විස්තර කර ඇත.
1. සෙංකඩගල පුවත
2. උඩුගම්පොල පුවත
3. මහ කළු රජ (මාතාවුළු) පුවත
4. නීල දමන කළු කුමාර පුවත
5. සිද්ධත්ත කළු කුමාර (බොකසැල්) පුවත.
කෙසේ වෙතත් සමාජයේ පවතින සාමාන්‍ය මතයට අනුව කළු කුමාරයා දේවත්වයට වඩා ළං වන්නේ යක්ෂාත්මයට බව පැහැදිලිය. මේ අතර අපේ රටේ වැදි ජනතාවගේ විශ්වාසයට අනුව කළු කුමාරයා යනු ඔවුන්ගේ බිළිඳු යකාගේ විකාශනයකි. තවත් පැහැදිලි කළහොත් කුවේණියගේ ආත්මය ලෙස සැලකෙන කකුළාපොළ කිරිඅම්මාගේ පුත්‍රයා වූ බිළිඳු යකා හෙවත් කළු දැකඩ කුමාරයා හෙවත් ඉලන්දාරි යකාය.
එහෙත් එක් එක් යකැදුරු පරම්පරාවලට අනුව පැවත එන අනෙකුත් කතා 5 විමසා බලන විට ලැබෙන්නේ එක එක විදියේ කතාය.
සෙංකඩගල පුවතට අනුව කළු කුමාරයා දෙවියෙකි. සෙංකඩගල රජ කළ පළමුවන විමලධර්මසූරිය රජුගේ වැඩිමහල් පුත් රාජසූරිය අස්ථාන කුමාරයා මරුමුවට පත් වූයේ දඬුවමක් වශයෙනි. රජුට අයත් සුරතල් කොණ්ඩ කුරුල්ලෙකු දියේ ගිල්ලවා මරා දැමීමේ වරදට රජු තම පුත්‍රයා දියේ ගිල්ලවා මරවන ලදී. මෙසේ මියගිය අස්ථාන කුමාරයා පසුකලෙක දේවත්වයට පැමිණ ඊටත් පසු කලෙක කළු කුමාරයා ලෙස නාන තොටවල අරක්ගෙන සිටින බව කියයි.
උඩුගම්පොල පුවතෙහි දැක්වෙන අයුරින් බලනවිට කළු කුමාරයා යනු කෝට්ටේ යුගයේදී උඩුගම්පොල ප්‍රදේශයේ රජ කළ යුවරාජ සකල කලා වල්ලභගේ රජක කුලයේ බිරිඳකගේ පුත්‍රයාය. ඔහු වරෙක තම පියා හමුවී රාජ්‍යත්වය ඉල්ලා සිටියේය. එය නොලැබුණ තැන රජු හා උරණ වී ඔහු මරා දමන්නට උගුලක් ඇටවීය. රජු නාන පොකුණේ වතුරට යටින් උල් රැසක් සවිකළ මේ කුමරු බලා සිටියේ රජු පැමිණ පොකුණට පනින විට උල් ඇනී මැරේය කියාය.
රජු පැමිණ නාන්නට සැරසෙනවිට දිය මත මැස්සෙකු වසා සිටිනු දුටුවේය. දිය මත මැස්සෙකු සිටින්නේ කෙසේදැයි හේ විමසා බැලීය. මැස්සා සිටියේ සිටවන ලද උලක තුඩ මතය. රහස හෙළිවිය. කුමරා බියට පත්ව සිරිපා අඩවියට පලාගොස් පර්වතයකින් පහළට පැන මියගියේය. මියගිය කුමරු ජලස්නානය කරන තැන්හි කළු කුමාරයා වී ඉපිද සිටීලූ.
මානාවළු පුවතට අනුව කළු කුමාරයා වී ඇත්තේ විල්ලෝඩි දේශයේ සිට මෙරටට ආ කළු මහ රජුය. ඔහු බිසවුන් සත්දෙනකු හා විවාහ වී මානාවළු නුවර රජකරමින් සිටියේය. ඔහුට මහා යුද්ධයකට යැමට අවශ්‍ය විය. රජු යුද්ධයට ගියේ බිසෝවරුන්ට උපදෙසක් දීය. මම යුද්ධයෙන් දිනුවොත් සුදු කොඩියක් ඔසවා පෙනෙන්නට සලස්වනවා. පැරදුණොත් කළු කොඩියක් ඔසවා පෙන්වනවා. කළු කොඩියක් දුටුවෝතින් පණ බේරාගෙන හැංගෙන්න.
මෙසේ කී රජු යුද්ධයට ගියේය. යුද්ධයෙන් ජයගත් ඔහු ආපසු එන ගමනේදී බිසෝවරුන්ට විහිළුවක් කරන්නට සිතුවේය. ඔහු බොරුවට කළු කොඩියක් එසවූ අතර ඉන් විස්සෝපයට පත් බිසෝවරු යාබද ඇල්ලකින් පහළට පැන දිවි තොර කර ගත්හ. මෙම සිද්ධිය දැනගත් රජු බිසෝවරුන්ට තිබූ අධික පෙම නිසා එම ඇල්ලෙන්ම පහළට පැන මිය ගියේය. මියගිය රජු කළු කුමාරයාව ඉපිද ජලස්නානය කරන තැන්හි සිට කාන්තාවන්ට පෙම් බඳින බව මානාවළු පුරාවත පවසයි.
කළු කුමාරයා කාන්තාවන්ට (යුවතියන්ට) මේ තරම් වෛර කරන්නේ ඇයිදැයි කියන කතාන්දරය අපට ගෙන එන්නේ නීල මදන කළු කුමාර පුවතයි. ඒ පුවතට අනුව කළු කුමාරයා යනු ගජබා රජුට රෙදි පිරුවට සපයන රෙදි නැන්දාගේ පුත්‍රයා වූ නීල මහා යෝධයාය. මේ රෙදි නැන්දා රජුගේ අනියම් බිරිඳ ලෙසද නීල යෝධයා රජුගේ පුතකු ලෙසද සමහර තැනෙක කියවේ. ගජබා රජු පසුකලෙක නීල යෝධයා තම සේනාධිපති බවට පත් කළේය. ඔහු සොලී රට යටත් කරන යුද්ධය සඳහා භාරතයට ගියේ නීල යෝධයා සමගය.
ගජබාගේ යුද සේනාව සොලී රට යටත් කර ගත්තේය. එරට ස්ත්‍රී පුරුය නම් පුරයක් තිබිණි. එහි සිටි රූමත් ජවසම්පන්න ස්ත්‍රීන් කිසිදිනක පුරුෂයකුගේ පහසක් ලබා නැත. සොලී රට යටත් කරගත් නීල යෝධයා ස්ත්‍රී පුරයෙහි නතර වූයේය. අධික කාමාශාවෙන් පෙලි පෙලී එහි දුක් විඳි රූමත් ස්ත්‍රීන් නීලගේ හැඩි දැඩි රූපකාය අතගාන්නටත් ඔහු ලවා සිය ආශාවන් ඉටුකොට ගන්නටත් පටන් ගත්හ. අධික මෛථුනය නිසා වෙහෙසට පත් නීල එහිදී මියගොස් ඇත්තේ රූමත් ස්ත්‍රීන් පිළිබඳ පහළ වූ බලවත් වෛරයකින් යුතුවය. මේ නිසා මරණින් පසු ඔහු නීල මදන කළු කුමාර ලෙස උපත ලබා රූමත් කතුන්ට වින කරන්නට පටන් ගත්තේලු.
සිද්ධත්ත කළු කුමාර පුවතට අනුව කළු කුමාරයා තෙරුන් වහන්සේ නමකි. සත් මහල් ප්රාසාදයකින් බිමට වැටී මියගිය ඔහු පසු කලෙක කළු කුමාරයා වුණේලු.
මේ කතාන්දර එක එක පළාත්වල එක් එක් ආකාරයට කියවුණත් සමස්තයක් ලෙස ගත් කල කළු කුමාරයා මේ සියල්ලෙහි සම්පිණ්ඩනයෙන් සැදුම් ලත් යක්ෂයෙකි. වෛර කිරීම, ආදරය කිරීම කාන්තාවන්ට ලොබ බැඳීම නාන තොටවලට අරක් ගෙන සිටීම ස්ත්රීන්ට දැඩි ලෙස ආදරය කිරීම මේ සෑම කතාවකටම පොදු ලක්ෂණය ලෙස සැලකිය හැකිය. මේ සියල්ල කැටිකර එක ඡේදයකින් කියන මහාචාර්ය කෝට්ටගොඩ සිය ග්‍රන්ථයේ තැනක මෙසේ සඳහන් කරයි.
කළු කුමාර දිෂ්ටිය බොහෝ දුරට ඇති වන්නේ නිසි කලට විවාපත් නොවන ස්ත්රීන්ටය. කළු කුමාර දිෂ්ටිය තුළින් කාන්තාවන්ගේ කාම ආශාව මූර්තිමත් කරන බැව් කියන්නට හොඳම නිදසුන එයයි. එවන් රෝගාතුරයින් කළු කුමාරයා සිහිනෙන් දැක ඔහු හා නිදි යහනෙහි රමණයෙහි යෙදෙනු දැකීමත්, ඒ හේතුව නිසාම ඔවුන් කෘෂ බවට පත්වීමක් සිදුවන බව යකැදුරෝ පවසති. මේ අයටත් පෙර මෝහිනි ගේ දොශ ලක්ශන දැකිය හැක.විවාහයෙන් පසුව කළු කුමාර දිෂ්ටිය නැති වන බව පවසන යකැදුරු පක්ෂය එවැනි ආතුරයන්ගේ දෙමව්පියන්ට දෙනු ලබන එකම උපදේශය වන්නේ ඔවුන් හැකි ඉක්මනට විවාහ කරදෙන ලෙසය.
ඉතිං මේ මොන දෝශය වුණත් වෙන්නේ තනිකඩ කෙල්ලන්නට කොල්ලන්ට කියලා පැහැදීලිනේ.ඉතිං කලවයස හරි නං වේලි වෙලි ඉන්න එපා. ඉක්මණ් කරන්න නැත්නම් මෝහිනි / කළු කුමාරයා ඉස්සර වුණොත් මම නං නෑ ඔං..

ඉතිං මම අමනුශ්ය කොටස් විශ්වාස කලත් මේ මෝහිනී හා කළු කුමාරයා ගැන නං තියෙන්නේ වැට උඩ මතයක්. කවදා හරි මම දකිනකං මටනං සැක සහිතයි මේ යක්කු දෙන්නා නම්.
සටහන හා උපුටා ගැනිම
ෂේන් ස්මිත් ගමගේ
Real Ghost Stories (සත්‍ය හොල්මන් කථා)
Time table- හොල්මන් අවතාර පෙනෙන කාල සටහන
හදි හුනියම්