Whooh.... Those are the things which needs to be taught to current / next generation of Sri Lanka. Most young people (born after 90's & 2,000) do not know about those time.
Only very few of you interested about this so called 'recent history'. At the same time people like me (I was born in 1962) rather forget those bad old days, than recall and relive those memories. Below is an article I have posted as a reply to someone's blog. It's not really related to this conversation, but I just post it for you.
ඔබේ ලිපියට ස්තුතියි. ලංකාවේ මිනිසුන් තවමත් පෝලිමක් දැක්කාම ඒකට එකතු නොවී ඉන්න බැරි ජන කොට්ටාශයක්.
1970-77 කාලේ නම් කවුරු හරි පාරේ යන කෙනෙක් අපේ අම්මට කියනවා, "අන්න සමුපකාරේ දිග පෝලිමක් තියනවා" කියලා. ඉතින් අම්මා මට කියනවා ගිහින් පෝලිමේ ඉන්න කියලා. ඊට පස්සේ අම්මා කරමින් හිටපු වැඩේ ඉවර වෙලා ඇඳුම් මාරුකරගෙන කඩේට ඇවිත් පෝලිම තියෙන්නේ මොනවා ගන්නද කියලා හොයා බලා එක්කෝ පෝලිමේ ඉන්න මාත් එක්ක එකතු වෙනවා. වැදගැම්මක් නැති දෙයක්නම් මාත් එක්ක ආපසු එනවා. ඒ තමයි අපේ අනන්‍යතාවය.
ඕස්ට්‍රේලියාවේ ඉන්ධන සංචිත තියෙන්නේ දින විස්සකට පමණයි කියලා පුවතක් දින කිහිපයකට ඉහතදී සියලුම මාධ්‍ය වල ප්‍රධාන පුවත උනා. ලංකාවේ එහෙම ඒ වගේ පුවතක් පල උනොත් වාහන දුවන නොදුවන, වාහන ඇති නැති සියලු දෙනා සියලු වැඩකටයුතු නවතා අර දින විස්සකට සෑහෙන බව කියන ඉන්ධන තොගය පැය කිහිපයකින් අවසන් කරනවා. ඊට පස්සේ රජයට දොස් කියනවා. වාසනාවට ඕස්ට්‍රේලියාවේ මිනිසුන් තමන්ට අවශ්‍ය දේ, අවශ්‍ය වෙලාවට පමණක් මිලදී ගැනීමට තරම් ඥානවන්ත නිසා කිසිවෙකු පෙට්‍රල් ෂෙඩ් වල පෝලිම් ගැසුනේ නැහැ. එසේ උනේ ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය පවුලක තියන වියහියදම් වලින් ඉහලම තනි වියදම, ඉන්ධන වලට හිමි වෙලා තියෙද්දීයි.