1990 මම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙනතුරු මෙවැනි අවස්ථා (හදිසියේ ඇඳිරි නීතිය දමාපු) පහ හයකට මුහුණ දීලා තියනවා. "යාලුවෝ" කියලා කොට්ඨාශයක් ඉන්නේ මේ වගේ වෙලාවට නයිට් එකක් ගහන්න, යන්න තැනක් හොයා ගන්න, උදව්වක් ගන්න තමයි. මොබයිල් ෆෝන් තියා ලෑන්ඩ් ලයින් වත් නොතිබුණු ඒ කාලේ අපි ගෙදර එනකම් අපේ අම්මා තාත්තා සහ පවුලේ සාමාජිකයින් කොහොම ඉන්න ඇතිද කියලා හිතාගන්න පුළුවන් නේද ?