යමුද ටිකකට සිංහ ලෝකෙට?

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    යමුද ටිකකට සිංහ ලෝකෙට?


    සිංහ ලෝකය

    BtrC2N5.jpg


    ඉතාමත් ප්‍රතාපවත් ශරීරයකට උරුමකම් කියන සිංහයා ගැනයි අද එළකිරි කට්ටියට විස්තර ටිකක් කියන්න හදන්නෙ.
    දැන් ෆේස්බුක් පැත්තෙ ගියොත් නම් සිංහයො ගොඩයි. හැබැයි මේ කියන්න හදන්නෙ එයාලා ගැන නෙමෙයි
    වනාන්ත‍රයේ රජු ගැනයි. සාමාන්‍යයෙන් සිංහයෙන් ඉතාමත් ආකර්ශණීය හැඩරුවකින් යුක්තයි වගේම ශක්තියෙනුත්කිසිවෙකුට
    නොදෙවනි වනවා. සිංහයන් විවිධ වර්ණයෙන් යුක්ත උනත් ප්‍රකෘත්ති වර්ණය වෙන්නෙ කහ-දුඹුරු වගේ ඒ ආසන්න වර්ණයක්.
    සිංහයන් බළල් වර්ගයේ සතුන්ගෙන් විශේෂ වෙන්නේ ගෙල වටා පිහිටා ඇති ලෝම නිසයි.
    එමඟින් සටන් වලදී සිංහයාගේ ගෙල පෙදෙස ආරක්ෂා වෙනවා.


    මෙයාගේ විද්‍යාත්මක නාමය තමයි Panthera leo.

    එංගලන්තය සිංහයව තමන්ගෙ රටේ සලකුණ හැටියට පාවිච්චි කරනවා

    සිංහයන් ආහාර වර්ග විශාල පරාසයක විහිදෙනවා. ඒ අතර
    විශාල සතුන් වන ගව වර්ග,සීබ්‍රා, ජිරාෆ්, රයිනෝ, හිපෝ ආදීන් ද
    කුඩා ස‍තුන් ලෙස හාවුන්, පක්ෂීන්, උරගයින් ආදිය ද
    ආහාර හිඟ කාලවලදී අලින්ව ද දඩයම් කරනවා.

    LuewqTVl.jpg


    වසර 60ක් පමණ ඇතුලත සිංහයන් හරි අඩක් පමණ වඳ වෙලා ගිහින් තියෙනවා
    ඒ අනුව මේ වන විට මුලු අප්‍රිකාවේම ඉන්නෙත් සිංහයන් 21,000කට අඩුවෙන්

    ලෝකයේ සිංහයන් වැඩි ප්‍රමාණයක් ජීවත් වෙන්නෙ අප්‍රිකාව හා ආසියාවේ

    බලල් පවුලේ එකම සමාජශීලී සත්වයා වෙන්නෙ සිංහයා
    සිංහයන් සාමාන්‍යයෙන් 15ක පමණ කණ්ඩායම් වශයෙන් ජීවත් වෙනවා
    සිංහ දේනුවන් සහ තරුණ සිංහයන් කණ්ඩායමට ලොකු ජවයක් එකතු කරනවා

    සමහරවිට තනි පිරිමි සිංහයෙක් හෝ දෙතුන් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්
    පිරිමි කණ්ඩායමක් හමුවෙන තුරු තාවකාලිකව වෙනත් කණ්ඩායමකට එකතු වෙනවා.

    සිංහයන් කණ්ඩාය‍ම ඇතුලේ ඉතාමත් මිත්‍රශීලීව හා සුහදශීලීව හැසිරෙනවා

    Bok3gPj.jpg


    පිරිමි සිංහයන් ගෙරවීමෙන් සහ ආග්‍රහණයෙන් තම කණ්ඩායමේ වාසස්ථානය වෙන් කරගන්නවා

    සම්පූර්ණයෙන්ම වාගේ දඩයම් කරන්නේ සිංහ දේනුවයි

    මොවුන් ප්‍රදානවශයෙන් සතුන් දඩයමට කණ්ඩායමක් ලෙස නිශාචරව හැසිරෙනවා

    බොහෝ විට ගණලෙස තණ සහිත ප්‍රදේශ වාසය කරන්න තෝරගන්නවා
    මොකද එවැනි ප්‍රදේශ වල පහසුවෙන් ගොදුරු කරගන්නා සතාට නොපෙනෙන්නට ලං වෙන්න පුලුවන්

    පැටවුන් බිහිකිරීමට වසර පුරා හැකියාවක් තිබෙනවා

    සිංහ දේනුව දින 110ක පමණ ගැබිණි කාලයක් ගත කරනවා

    සිංහ දේනුව වරකට පැටවුන් 3ක් 4ක් ‍පමණ බිහි කරනවා

    F201111051359131287326968.jpg


    සිංහ පැටවුන් කුඩා කල හයිනාවන්ගේ, දිවියන්ගේ, සිවලුන්ගේ තර්ජනයට ලක් වෙනවා

    සිංහ පැටියෙක් මාස 11කට පසු දඩයම් කරන්න පටන් ගන්නවා
    නමුත් වසර දෙකක් පමණ යනතුරු මවගේ අධීක්ෂණය යටතේ තමයි දඩයම් කරන්නෙ

    ඔබ දන්නවා ද?

    බළල් පවුලෙන් විශාලත්වයෙන් දෙවනි තැන වන්නේ සිංහයා.
    ඔහු දෙවනි වන්නේ කොටියාට පමණයි

    සිංහයා මෙන්ම සිංහ දේනුව ද ගොරවනවා
    සිංහයෙකුගේ ගෙරවුම සැතපුම් 5ක් පමණ ඈතට ඇහෙනවා



    ;)
     
    Last edited: