යලිත් ඇවිදින් යන්න...

siripala

Member
Oct 10, 2006
2,869
442
0

Yes machan I love Manjula's Poems.

මහන්සිය දුරුවෙන්න කොතැන හෝ රඟහලක මා ඉමේ
ප්ලෙන්ටිය විඳගන්න ෆිල්ටර් එකක් පෙඟෙන හීනයේ
රාත්රිය හොළවන්න සිකැරට් දුමක් නැඟෙන යාමයේ
සාක්කිය හදවත ම පමණක් ය සහෝදර ප්‍රේමයේ

පින්සලක් අතට ගෙන නෙක මුහුණු පින්තාරු කෙරුවාට
නිස්කලංක ව තිබුණු එක ම එක මුහුණකුදු දුටුවාද
මංසලුත් තිබේ පොකුණුත් තිබෙන, නෙළුම් මල් නැතුවාට
පින් බිමක් කොහිද බං පින්වතුන් සමු අරන් ගිය දාට

අතීතයෙ 'මල' රඟයි සොඳුරු අවසන් පෙත්ත ගිළිහෙන්ට
පිපාසය සනහන්න කාඩිදිය දෙන මත්ත විඳගන්ට
හිනාවක් තියේවිද තරු අතර උඹ ගත්ත තැන ගන්ට
රිදී රැය නළුවන්ට, මරණෙ විතරයි ඇත්ත මිනිසුන්ට

මේනුවෙන් බලා මේ ජීවිතය තෝර ගත්තා නොවෙයි
සානුවක හමුවෙන්න දුෂ්කර ම මඟ ගෙවූවා හැඟෙයි
සාධුජන හඬ මැකී වේදනාව ම නිනද නැඟෙයි
භානුවෙනි අවසාන කඳුළු බිඳුවට පවා රිදෙයි

You have superb skills. No more words. But try to do something new. You can fallow Manjula Wediwardana's Poems.
 
Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA

    Thank you very much for the comment. Writing and creativity is the inborn talent you've got within you. My believe is that it cannot be improved by following somebody's poems, but you have to be rich with ideas, thoughts, words, which are nourished form literature, experience, etc.. I enjoy and appreciate the way that the other people write, but never try to follow them. This is just my hobby, so don't put much effort in improving it (which is bad), since I have very limited time with my work. Again, thanks for the comment. :)
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA

    Yes machan I love Manjula's Poems.

    මහන්සිය දුරුවෙන්න කොතැන හෝ රඟහලක මා ඉමේ
    ප්ලෙන්ටිය විඳගන්න ෆිල්ටර් එකක් පෙඟෙන හීනයේ
    රාත්රිය හොළවන්න සිකැරට් දුමක් නැඟෙන යාමයේ
    සාක්කිය හදවත ම පමණක් ය සහෝදර ප්‍රේමයේ

    පින්සලක් අතට ගෙන නෙක මුහුණු පින්තාරු කෙරුවාට
    නිස්කලංක ව තිබුණු එක ම එක මුහුණකුදු දුටුවාද
    මංසලුත් තිබේ පොකුණුත් තිබෙන, නෙළුම් මල් නැතුවාට
    පින් බිමක් කොහිද බං පින්වතුන් සමු අරන් ගිය දාට

    අතීතයෙ 'මල' රඟයි සොඳුරු අවසන් පෙත්ත ගිළිහෙන්ට
    පිපාසය සනහන්න කාඩිදිය දෙන මත්ත විඳගන්ට
    හිනාවක් තියේවිද තරු අතර උඹ ගත්ත තැන ගන්ට
    රිදී රැය නළුවන්ට, මරණෙ විතරයි ඇත්ත මිනිසුන්ට

    මේනුවෙන් බලා මේ ජීවිතය තෝර ගත්තා නොවෙයි
    සානුවක හමුවෙන්න දුෂ්කර ම මඟ ගෙවූවා හැඟෙයි
    සාධුජන හඬ මැකී වේදනාව ම නිනද නැඟෙයි
    භානුවෙනි අවසාන කඳුළු බිඳුවට පවා රිදෙයි

    ඇත්තටම ගොඩක් සුන්දර රසවත් නිර්මාණයක්. ගොඩක් ස්තුතියි බෙදාගත්තට.
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මේ මගේ අදහසක් විතරයි. නමුත් reality එකේ කවි ලියනවනම් හොදයි. ඔයාගේ කවි වචන දෙකක් නැහැ හොදටම හොදයි. එත් තවත් අර සුජීව ප්‍රසන්න ආරච්චි කෙනෙක් නම් වෙන්න එපා. මම අයෙමත් කියන්න ඔයාගේ නිර්මාණය බාල්දු කලේ නම් නැහැ. එත් හැමදාම දකින කවි දකිනකොට මට අර විදිහට කියා උන "කවි ලියල මොන කරන්නද කියල .

    මට අදහස පැහැදිලියි ඔයාල කියන හොඳටම. මම කාලයක් ලියන එක නවත්තල තිබුනෙ මගෙ ස්ටඩීස් හන්ද.දැන් රැකියාව හන්ද ගොඩක් අවිවේකයි. එ හන්ද කාලය අරන් හොඳ නිර්මානයක් කරන්න තියන ඉඩකඩ ගොඩක් අඩුයි. හොඳ නිර්මානයක් කරන්න මිනිහෙක් සමාජෙත් එක්ක ගොඩක් සන්වේදී වෙන්න ඕනෙ. ඔය දෙක තුනම මම තෝරගත්ත රැකියාවත් එක්ක මට අඩු වෙලා. උත්සාහ කරන්නම්. සුජීව වගේ වෙන්න නම් මට කොහෙත්ම මට කොහෙත්ම ඕනෙ නැහැ. මම ලියන්න ගත්තෙ සුජීවල වගේ අය ගැන අහලවත් නැති පුන්චි කාලෙ ඉඳලා. ඒත් ඒ වුනුවෙන් කැප වෙලා ඒක වැඩි දියුනු කරගන්න තරම් වෙලාවක් ජීවිතෙන් ලැබුනෙ නැහැ. ගොඩක් ස්තුතියි ඔයාලගෙ අදස් වලට. උත්සාහ කරල බලන්නම් වෙනස් නිර්මාණ කරන්න. බොලඳ උනත් ආදරේ ගැන ලියවෙන එකම නිර්මානයක්වත් මනෝ විකාරයක් නෙවේ. ඒ හැම වචනෙකම කාගෙ හරි දුකකුත් තියනවා.:)
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    Oki. :) මට කවි ලියන්න බහ. නමුත් රසවිදින්න පුළුවන්. :yes::D

    මට අදහස පැහැදිලියි ඔයාල කියන හොඳටම. මම කාලයක් ලියන එක නවත්තල තිබුනෙ මගෙ ස්ටඩීස් හන්ද.දැන් රැකියාව හන්ද ගොඩක් අවිවේකයි. එ හන්ද කාලය අරන් හොඳ නිර්මානයක් කරන්න තියන ඉඩකඩ ගොඩක් අඩුයි. හොඳ නිර්මානයක් කරන්න මිනිහෙක් සමාජෙත් එක්ක ගොඩක් සන්වේදී වෙන්න ඕනෙ. ඔය දෙක තුනම මම තෝරගත්ත රැකියාවත් එක්ක මට අඩු වෙලා. උත්සාහ කරන්නම්. සුජීව වගේ වෙන්න නම් මට කොහෙත්ම මට කොහෙත්ම ඕනෙ නැහැ. මම ලියන්න ගත්තෙ සුජීවල වගේ අය ගැන අහලවත් නැති පුන්චි කාලෙ ඉඳලා. ඒත් ඒ වුනුවෙන් කැප වෙලා ඒක වැඩි දියුනු කරගන්න තරම් වෙලාවක් ජීවිතෙන් ලැබුනෙ නැහැ. ගොඩක් ස්තුතියි ඔයාලගෙ අදස් වලට. උත්සාහ කරල බලන්නම් වෙනස් නිර්මාණ කරන්න. බොලඳ උනත් ආදරේ ගැන ලියවෙන එකම නිර්මානයක්වත් මනෝ විකාරයක් නෙවේ. ඒ හැම වචනෙකම කාගෙ හරි දුකකුත් තියනවා.:)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ත්‍රෙඩ් එකට අදාල නැති වුනත් සුජීව ප්‍රසන්නාආරච්චි ගැන සඳහන් වෙලා තියෙන නිසා ඒ ගැන මගේ අදහසත් කියන්න හිතුනා.ගොඩාක් අය සුජීවට ගරහනවා.සුජීව කවුද කියලා මම පුද්ගලිකව අඳුනන්නේ නෑ කියන එක මුලින්ම කියන්න ඕනේ.ඒ වගේම ඒ පුද්ගලයට කිසිම සම්බන්ධතාවයකුත් මගේ නෑ.හැබැයි එකක් මිනිස්සු වශයෙන් ජීවිතවල බොලඳත්වය යම් ප්‍රමාණයක් තියෙන්න ඔනේ කියන මතේ මම ඉන්නවා.දවසේ පැය 24 වැඩි කාලයක් යථාර්තයත් එක්ක ජීවත් වෙන අපි ඒ කටුක,දුශ්කර යථාර්තයෙන් මිදිලා කෙටි වෙලාවකට හරි හීන ලෝකෙක සැරිසරන්න ආසවෙන් ඉන්නවා.ඉතින් ඒ වගේ වෙලාවට සුජීවගේ නිර්මාණ පොඩි හරි නිස්කාන්සුවක් ලබා දෙනවා කිව්වොත් බොරු නෙමෙයි.තව එකක් සුජීව නිර්මාණ කරන්නේ ප්‍රබුද්ධ ,උගත් සමාජය ටාගට් කරගෙන නෙමෙයි මම දකින විදිහට.පිටරට වල දුක් විඳින ,පාලුවෙන් තනිකමෙන් වෙහෙස වෙලා තමන්ගේ කියලා කියන්න,හොයන්න නැති සමාජය ටාගට් කරගෙන ,ඒක තමන්ගේ ජීවිකාව කරගත්තු පුද්ගලයෙක්.ඉතින් නිර්මාණ කරුවෙක් විදිහට එයා තමන්ගේ ඒ හැකියාව (මල් චින්තනය )දායක කරනවා සමාජයට.
    මම දකින විදිහට නිර්මාණ කරුවෙක්/කාරියක් මේ හැම පැත්තෙන්ම සාර්ථක වෙන්න ඕනේ.සමාජයේ ප්‍රබුද්ධ සහ ප්‍රබුද්ධ නොවන දෙපිරිසටම ගෝචර වෙන නිර්මාණ ඉදිරිපත් කරන්න ඕනේ.මගේ අදහසට අනුව මන්ජුලලගේ නිර්මාණ වලින් ලබා ගත හැකි දේට වඩා අපේ නිර්මාණ වලට දායක්ත්වයක් ගන්න පුලුවන් රත්න ශ්‍රී විජේසිංහ,මොනිකා රුවන්පතිරන වගේ විශිශ්ඨයන්ගේ නිර්මාණ වලින්.කොහොම වුනත් දෙවුරංගිගේ මේ නිර්මාණය මම අගය කරනවා.බැලු බැල්මට බොලඳයි වගේ කෙනෙක්ට පෙනුනත් මේකත් යථාර්තය තමා එක එක්කෙනාගේ ජීවිත වලට ඒ ඒ කාල වලදි ලංවෙන..
     
    ඔයාගේ අදහසට මම 100%ක් එකඟයි. නිර්මාණකරුවෙක් තමන්ගේ නිර්මාණ ඉදිරිපත් කළ යුත්තේ එක්තරා සමාජ පන්තියක් විතරක් ඉලක්ක කරගෙන නෙවෙයි. එයාට හැකියාව තිබිය යුතුයි සමාජයේ හැම ස්ථරයටම අමතන්න. මංජුල ගෙ නිර්මාණ වල කතා කරන්නේ වෙනම පැත්තක්, කවිය බොහොමත්ම දේශපාලනීකරණය වෙලා. එදිනෙදා ජීවිතයේ හෙම්බත් වෙලා ජීවිතේ ගැට ගහගන්න දුක් විඳින මිනිස්සුන්ට ඒ නිර්මාණ වල අග මුල තෝරල රස විඳින්න තරම් අස් වැසිල්ලක් නැහැ. ඒක මම මේ එළකිරි එක ඇතුලෙදිත් අත් විඳපු දෙයක්. හතර කොන පටලල නිර්මාණයක් දැම්මම ඒක ගොඩ දෙනෙක්ට තෙරෙන්නෙ නැහැ. අනිත් එක ඒ නිර්මාණයට අර්ථකතන දෙන එක, ඒක රස විඳින්නාගෙ බුද්ධියට, අත්දැකීම් වලට සහ මානසිකත්වයට ගෝචරයි. ඒක තමයි සුජීවගෙ නිර්මාණ මාර්කට් වෙන්නෙ. බහුතරයක් මිනිස්සු නිර්මානයක් විඳින්නෙ ජීවිතේ බර හෑල්ලු කරගන්න. ඒක කියවල විචාරයක් ලියන්න නෙවේ. සුජීව වටේ රසික පිරිසත් එහෙම මිනිස්සු තමයි.

    සමාජයට කතා කරන නිර්මාණකරුවෙක්ගෙ මම විශ්වාස කරන දක්ශ කම තමයි සරල භශාවෙන් මිනිස්සුන්ගෙ හදවත ස්පර්ෂ කිරීමේ හකියාව. ඒක මහ ඉහලින්ම තිබුන කලා කරුවෙක් තමයි ප්‍රේමකීර්ති මහත්තය. ඔයා සදහන් කරපු අයත් ඒ ගොන්නෙ ඉන්නව. අනිත් කෙනා තමයි මහා කවි සේකරයන්. මගෙ අවාසනාවට මම කලාව පැත්තකින් තියල විද්යාව කලා. එ හන්ද එයාලගෙ නිර්මාණ සාහිත්ය පරිශීලනය කරන්න තරම් මට ඉඩක් ලැබුනෙ නැහැ.

    මම අදහන දේ තමයි නිර්මාණකරනය සහ රසිකත්වය එකිනෙකාට සාපේක්ශයි. නිර්මාණයකින් මිනිස්සුන්ගේ එකිනෙකට වෙනස් ආවේගයන් මතු කරන්න පුලුවන්. සමහර නිර්මාණ රසයි, සමහර ඒව දුකයි, තවත් සමහර ඒව දේශපාලනිකයි, රට, ජාතිය, ආගම ගැන ඇස් පාදන්න පුලුවන්. ඒව "පට්ට" වෙන්නේ රසිකයාගේ සංවේදනයේ වපසරිය මත. :yes::love:
     
    100% Agreed :yes:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ත්‍රෙඩ් එකට අදාල නැති වුනත් සුජීව ප්‍රසන්නාආරච්චි ගැන සඳහන් වෙලා තියෙන නිසා ඒ ගැන මගේ අදහසත් කියන්න හිතුනා.ගොඩාක් අය සුජීවට ගරහනවා.සුජීව කවුද කියලා මම පුද්ගලිකව අඳුනන්නේ නෑ කියන එක මුලින්ම කියන්න ඕනේ.ඒ වගේම ඒ පුද්ගලයට කිසිම සම්බන්ධතාවයකුත් මගේ නෑ.හැබැයි එකක් මිනිස්සු වශයෙන් ජීවිතවල බොලඳත්වය යම් ප්‍රමාණයක් තියෙන්න ඔනේ කියන මතේ මම ඉන්නවා.දවසේ පැය 24 වැඩි කාලයක් යථාර්තයත් එක්ක ජීවත් වෙන අපි ඒ කටුක,දුශ්කර යථාර්තයෙන් මිදිලා කෙටි වෙලාවකට හරි හීන ලෝකෙක සැරිසරන්න ආසවෙන් ඉන්නවා.ඉතින් ඒ වගේ වෙලාවට සුජීවගේ නිර්මාණ පොඩි හරි නිස්කාන්සුවක් ලබා දෙනවා කිව්වොත් බොරු නෙමෙයි.තව එකක් සුජීව නිර්මාණ කරන්නේ ප්‍රබුද්ධ ,උගත් සමාජය ටාගට් කරගෙන නෙමෙයි මම දකින විදිහට.පිටරට වල දුක් විඳින ,පාලුවෙන් තනිකමෙන් වෙහෙස වෙලා තමන්ගේ කියලා කියන්න,හොයන්න නැති සමාජය ටාගට් කරගෙන ,ඒක තමන්ගේ ජීවිකාව කරගත්තු පුද්ගලයෙක්.ඉතින් නිර්මාණ කරුවෙක් විදිහට එයා තමන්ගේ ඒ හැකියාව (මල් චින්තනය )දායක කරනවා සමාජයට.
    මම දකින විදිහට නිර්මාණ කරුවෙක්/කාරියක් මේ හැම පැත්තෙන්ම සාර්ථක වෙන්න ඕනේ.සමාජයේ ප්‍රබුද්ධ සහ ප්‍රබුද්ධ නොවන දෙපිරිසටම ගෝචර වෙන නිර්මාණ ඉදිරිපත් කරන්න ඕනේ.මගේ අදහසට අනුව මන්ජුලලගේ නිර්මාණ වලින් ලබා ගත හැකි දේට වඩා අපේ නිර්මාණ වලට දායක්ත්වයක් ගන්න පුලුවන් රත්න ශ්‍රී විජේසිංහ,මොනිකා රුවන්පතිරන වගේ විශිශ්ඨයන්ගේ නිර්මාණ වලින්.කොහොම වුනත් දෙවුරංගිගේ මේ නිර්මාණය මම අගය කරනවා.බැලු බැල්මට බොලඳයි වගේ කෙනෙක්ට පෙනුනත් මේකත් යථාර්තය තමා එක එක්කෙනාගේ ජීවිත වලට ඒ ඒ කාල වලදි ලංවෙන..

    Bolada deya thawa thawath uluppagena idiriyata yana eka mama dakinne wereddak hetiyata. a nisa thamaiada lankawe minissunta rasikathwayak ananyathawayak vicharayak neththe. sujeewa thamange nirmana walin karanna ona a boladathwaya ikmawagiya yamak ohu target karana samajayata dena eka. nethua a boladakama thula thawath minissu gilwala sihina loka athare atharaman karana eka nemei.
     
    බොලඳ දේ උලුප්පගෙන ඉදිරියට යන්න තරන් අද සමාජය මෝඩ නෑ මම හිතන්නේ.විද්‍යාව,තාක්ෂණය හැම දේකින්ම සමාජයේ බහුතරය දැනුම්වත්.මීට අවුරුදු 10-15 කලින් තිබ්බ සමාජය නෙමෙයි අද තියෙන්නේ.නවකතාවක් කියෙව්ව පමණින් ඒක ජීවිතේට ආදේශ කරගන්න තරන් අද මිනිස්සු මෝඩ නෑ.නිර්මාණයක් රස විඳීමක් විතරයි වෙන්නේ.මිනිස්සුන්ට රසිකත්වයක්,අනන්‍යතාවයක්,විචාරයක් නෙමෙයි නැත්තේ ඒ දේවල් ගොඩනගන්න කාලයක් නැති එකයි වෙලා තියෙන්නේ.අද මේ සමාජ රටාව අනුව මිනිස්සු හෙම්බත් වෙලා,හති වැටිලා ඉන්නේ.ඒ මහන්සිය අමතක වෙන්න බොලඳ නිර්මාණයක් ගොඩක් දුරට ඉව්හල් වෙන්න පුලුවන් කියලයි මම කිව්වේ.අනික සමාජයේ බොලඳ දේවල්,නරක දේවල් නිසා තමා යථාර්තය,යහපත කියන කාරණා ඉස්මතු වෙන්නේ.හමදේම ප්‍රබුද්ධ වෙලා යහපත් වුනොත් එතනත් කිසිම ප්‍රාණයක්,රසවත්බවක් නෑ නේද?
     
    Last edited:

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    lxwm.jpg

    If you love someone, set them free. If they come back they’re yours, if they don’t they never were.
     
    • Like
    Reactions: Dewrangi

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    lassanai dewrangi aththatama...oyata puluwandsa mama wenuwenuth nisadasak liyala denna..math girl kenekta godak adare kala..eya wenuwen nokala deyak ne..eth eya mata kemathi une ne..mata wada educated hoda job1 ekak karana hoda salary ekak ganna kenekta eya kemathi una..eyama dawasak kiuwa, mama eyata godak adare bawa eyata therenawa kiyala anith boy ta wada..ehema welath eya mata adare kale ne..eyata adare karala mata uruma une duka witharai..oyata mama me pahalin dala thiyenne mama eya wenuwen liyapu ekak..but eka echara lassananam ne..oyata puluwannam mama wenuwen thawa ekak liyala denna..godak thanksssssss...pin..

    ]පාලු කතරට දිය බිදක් විය නුබෙ සිනහව....
    දෙවි අලු වි ගිය මා හදට සිසිලසක් විය නුබෙ දයාව.....
    අදුරෙ ගිලි ගිය දිවිය එලිය කල නව සදක් විය නුබෙ සෙනෙහස...
    පිදුවෙ එ නිසයි, මිතුදමක් හා ආදරයක් එකම සිතින් නුබ හට.....
    නෙලා ගත්ත්ද මිතුදම නුබ සෙනහසින්, ගිලිහි නොයන්නට තබාගනෙමි නුබට පිදු එ ආදරය උනු කදුලක සිරකොට සගවා....

    akalaye seda sulagata asuwi aduru wi giya nibe diviyata,

    hiruda sanduda paya awa ekawara...
    ma sadak viya nube laya sisil kala, ohu irak wiya nube diwiya eliya kala...
    sade sisilata wada huruge unuhumata pembendata nuba....
    sanda netha tharaha une kisidinaka nuba samagin...
    waram nomethi nisa redennata nuba samagian...
    sanda yawi dinaka atha hasae segawa walakulu athare....

    ME THAMA MAGE KAWIYA..OYATA PULUWANNAM MAGE WENUWEN EKAK LIYALA DENNA..PLZZZZZZZZ...THANKSSSSSSSSSSS