කෙනෙක් කියනව බුධුහමුදුරුවො නිමිති දකිනකම් බුධුවෙන බව හෝ නිවන් දකින බව දැනගෙන හිටියෙ නැ කියල...එතකොට ඉපදුන ගමන් පියවර හතක් තියල අගිල්ලක් උස්සල මෙ මගෙ අවසන් උපතයි කියල කිවුවෙ නිකන් ජොලියට වෙන්න අති...එදා ඉදලම මහමායා දේවිට වැඩේ click වෙලා තියෙන්න ඇති, පුත්තරය නිවන් දකින බව...එකනෙ පන්ඩිතයො හතක් ම ගෙනත් අනගතේ බැලුවෙ!
මෙහෙමයි සහෝ... සහෝට මතකද සහෝ පොඩි කාලේ අම්මගෙ කිරි ඉල්ලලා අඩපු හැටි.. මම හිතන්නෙ නැහැ. අනෙක් කාරණය තමයි මහාමායා දේවිය වගේම පිය රජතුමාත් දැනගත්තා ඔය කාරණය. ඒ හින්දා තමයි එතුමා සිදුහත් කුමාරයාව ගිහිගෙයි රදවාගන්න හැම උපක්රමයක්ම යෙදුවේ. එය විස්තර කරන තමයි මම මගෙ අදහසකදි මාළු ටැංකියක කතාව කිව්වේ...
තවත් කෙනෙක් කියනව යශොදරාව අවාසනාවන්තිය,භාග්‍යවන්තිය කියල...එ කියල තියෙන්නෙ මගෙ හිතෙ.. නුතන කන්තවගෙ කන්නඩියෙන් යශොදරාව දිහා බලල වෙන්න ඇති...
ඇත්තටම සිතුම් පැතුම වල වෙනසක් උවත් ආශාවන් වල ලොකු වෙනසක් මම දකින්නෙ නැහැ. ගැහැණු පිරිමි දෙගොල්ලන්ගෙම. ඒ කාලයේ ආශාවන් දැනටත් වඩා සරළයි. මම හිතනවා සහෝ තේරුම් ගනීවි කියලා මගෙ අදහස...
මෙච්ච්රයි මට කියන්න තියෙන්න....බුධුදහම කියන්නෙ ගොඩක් ගැබුරු විශයයක්..එක අපි දන්නව කියන බුධුදහමට ව්ඩා ගොඩක් වෙනස්,අපි දන්න ටිකෙන් බුධුදහම විග්රහ කරනව කියන්නෙ නිකන් අදුරෙ අත පත ගානව වගේ වැඩක්.....
මෙ කවියයි comment ටිකයි බැරිවෙලාවත් බුධුහාමුදුරුවො දැක්කනම් අනිවා කියයි...
මගෙ උපන් රටවත්,ජතියවත්,ජම්මෙවත් මගෙ අම්ම තාත්ත ගැනවත් මට තිබුන මාලිගා ගැනවත් මගෙ බිරිද ගැනවත් දරුව ගැනවත් හොය හොය ඉන්නෙ නැතුව..... මම කල්ප ලක්ෂ ගානක් පෙරුම් පුරල උබලට හොයල දිපු ධර්මය දැනගෙන නිවන් දැකපල්ල කියල!
"ධර්මය දකින්නා මා දකි!"
ගඩක් ලොකු කතිකාවකට අරන්ගිය ගොඩකාලෙකින් හොද කවියක් අමිල!
අන්තිමට කියන්න තියෙන්නෙ අපි හැමෝම මෙහෙම හිතුවනම් මෙවන් කතිකාවතක් ඇති නොවන්න තිබුනා. කාලකණ්නි දේශපාලුවන් ගැන බයිලා කියවනවට වඩා මෙවන් කතිකාවත් කාලයේ අවශ්‍යතාවයක්....
සහෝට ජය... !





same thing with අසිත තවුසා.