යශෝධරාවන්ගේ ඌණ පූර්ණය

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම

    කෙනෙක් කියනව බුධුහමුදුරුවො නිමිති දකිනකම් බුධුවෙන බව හෝ නිවන් දකින බව දැනගෙන හිටියෙ නැ කියල...එතකොට ඉපදුන ගමන් පියවර හතක් තියල අගිල්ලක් උස්සල මෙ මගෙ අවසන් උපතයි කියල කිවුවෙ නිකන් ජොලියට වෙන්න අති...එදා ඉදලම මහමායා දේවිට වැඩේ click වෙලා තියෙන්න ඇති, පුත්තරය නිවන් දකින බව...එකනෙ පන්ඩිතයො හතක් ම ගෙනත් අනගතේ බැලුවෙ!

    මෙහෙමයි සහෝ... සහෝට මතකද සහෝ පොඩි කාලේ අම්මගෙ කිරි ඉල්ලලා අඩපු හැටි.. මම හිතන්නෙ නැහැ. අනෙක් කාරණය තමයි මහාමායා දේවිය වගේම පිය රජතුමාත් දැනගත්තා ඔය කාරණය. ඒ හින්දා තමයි එතුමා සිදුහත් කුමාරයාව ගිහිගෙයි රදවාගන්න හැම උපක්‍රමයක්ම යෙදුවේ. එය විස්තර කරන තමයි මම මගෙ අදහසකදි මාළු ටැංකියක කතාව කිව්වේ...

    තවත් කෙනෙක් කියනව යශොදරාව අවාසනාවන්තිය,භාග්‍යවන්තිය කියල...එ කියල තියෙන්නෙ මගෙ හිතෙ.. නුතන කන්තවගෙ කන්නඩියෙන් යශොදරාව දිහා බලල වෙන්න ඇති...

    ඇත්තටම සිතුම් පැතුම වල වෙනසක් උවත් ආශාවන් වල ලොකු වෙනසක් මම දකින්නෙ නැහැ. ගැහැණු පිරිමි දෙගොල්ලන්ගෙම. ඒ කාලයේ ආශාවන් දැනටත් වඩා සරළයි. මම හිතනවා සහෝ තේරුම් ගනීවි කියලා මගෙ අදහස...

    මෙච්ච්රයි මට කියන්න තියෙන්න....බුධුදහම කියන්නෙ ගොඩක් ගැබුරු විශයයක්..එක අපි දන්නව කියන බුධුදහමට ව්ඩා ගොඩක් වෙනස්,අපි දන්න ටිකෙන් බුධුදහම විග්‍රහ කරනව කියන්නෙ නිකන් අදුරෙ අත පත ගානව වගේ වැඩක්.....

    මෙ කවියයි comment ටිකයි බැරිවෙලාවත් බුධුහාමුදුරුවො දැක්කනම් අනිවා කියයි...

    මගෙ උපන් රටවත්,ජතියවත්,ජම්මෙවත් මගෙ අම්ම තාත්ත ගැනවත් මට තිබුන මාලිගා ගැනවත් මගෙ බිරිද ගැනවත් දරුව ගැනවත් හොය හොය ඉන්නෙ නැතුව..... මම කල්ප ලක්ෂ ගානක් පෙරුම් පුරල උබලට හොයල දිපු ධර්මය දැනගෙන නිවන් දැකපල්ල කියල!

    "ධර්මය දකින්නා මා දකි!"

    ගඩක් ලොකු කතිකාවකට අරන්ගිය ගොඩකාලෙකින් හොද කවියක් අමිල!

    අන්තිමට කියන්න තියෙන්නෙ අපි හැමෝම මෙහෙම හිතුවනම් මෙවන් කතිකාවතක් ඇති නොවන්න තිබුනා. කාලකණ්නි දේශපාලුවන් ගැන බයිලා කියවනවට වඩා මෙවන් කතිකාවත් කාලයේ අවශ්‍යතාවයක්....

    සහෝට ජය... !
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ගොඩක් අය එක එක විදියට මෙ කවිය අස්සෙ තමන්ගෙ view points ඉදිරිපත් කරල...


    ඉතිං ඒක හොඳ නැද්ද ?

    මෙතන වෙලා තියෙන්නෙ මම දකිය හැටියට....ගොඩක් අය තමන් දන්න බුධ්දධර්මය ටිකයි තමන්ගෙ view point එකඉ එකතු කරල එක එක කතා,තර්ක ගොඩනගල...

    :yes:

    කෙනෙක් කියනව බුධුහමුදුරුවො නිමිති දකිනකම් බුධුවෙන බව හෝ නිවන් දකින බව දැනගෙන හිටියෙ නැ කියල...එතකොට ඉපදුන ගමන් පියවර හතක් තියල අගිල්ලක් උස්සල මෙ මගෙ අවසන් උපතයි කියල කිවුවෙ නිකන් ජොලියට වෙන්න අති...එදා ඉදලම මහමායා දේවිට වැඩේ click වෙලා තියෙන්න ඇති, පුත්තරය නිවන් දකින බව...එකනෙ පන්ඩිතයො හතක් ම ගෙනත් අනගතේ බැලුවෙ!

    මේකට මං පිටු ගනනක reply එකක් දාන්න හිතල නිකම් හිටිය මොකද මේක post මගින් නෙවෙයි සජීව සාකච්ඡාවකින් නිම කරන්නත් මාස ගණනක් යවි කියල හිතුනු නිසා :)

    මගෙ උපන් රටවත්,ජතියවත්,ජම්මෙවත් මගෙ අම්ම තාත්ත ගැනවත් මට තිබුන මාලිගා ගැනවත් මගෙ බිරිද ගැනවත් දරුව ගැනවත් හොය හොය ඉන්නෙ නැතුව..... මම කල්ප ලක්ෂ ගානක් පෙරුම් පුරල උබලට හොයල දිපු ධර්මය දැනගෙන නිවන් දැකපල්ල කියල!

    "ධර්මය දකින්නා මා දකි!"

    ඔයා කියන විදියට නං කසුන් අයියෙ මිනිස්සු පන්සල් යන එකත් වැරදියි
    මල් තියල බුදුහමුදුරුවො නිවන් මග දේශනා කළාට මල් තියල අපි කෘතගුණ දක්වන එකත් වැරදියි :)

    කසුන් අයියෙ බුදුරජාණන් වහන්සේ කියන්නෙ අපිට මේ ලෝකෙ ජීවත් උන වටිනාම අසමසම චරිතයක්
    උන් වහන්සේට කෘතගුණ දක්වනව වගේම උන්වහන්සේගෙ බෝධිසත්ව අවධියේදි පසුබිම විග්‍රහ කිරීම කුතුහලයක් ඇතිවීම ස්වාභාවිකයි
    ඒ වගේම මමනං දැනට ඒකෙ වැරද්දක් දකින්නෙ නෑ:dull:

     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    යසෝධරාව කියන්නේ සාමාන්‍ය ගැහැණිය හා සම කරන්න පුළුවන් චරිතයක් නොවෙයි. ඇය අපේ පරමාදර්ශී පතිනියක්. ඇයත් අපේ මහ බෝ සතාණන් වගේම සංසාරෙ පුරා පෙරුමන් පුරපු කෙනෙක්. ඇය ගැන අපි කතා කළ යුතුමයි. නැත්නම් අපේ කාන්තාවත් යුරෝපයේ කාන්තාවත් අතර වෙනසක් නැතිම වෙලා යයි. මෙහෙම කතිකාවතක් ඇතිවීම ගැන අපි සතුටු විය යුතුයි. අපි කොහොමත් ලෝකය දිහා බලන්න ඕනි අපේ View Point එකෙන්. ඒ View Point එක Focus කරගන්න මේ වගේ කතිකාවන් ඉතා වැදගත්.
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    යසෝධරාව කියන්නේ සාමාන්‍ය ගැහැණිය හා සම කරන්න පුළුවන් චරිතයක් නොවෙයි. ඇය අපේ පරමාදර්ශී පතිනියක්. ඇයත් අපේ මහ බෝ සතාණන් වගේම සංසාරෙ පුරා පෙරුමන් පුරපු කෙනෙක්. ඇය ගැන අපි කතා කළ යුතුමයි. නැත්නම් අපේ කාන්තාවත් යුරෝපයේ කාන්තාවත් අතර වෙනසක් නැතිම වෙලා යයි. මෙහෙම කතිකාවතක් ඇතිවීම ගැන අපි සතුටු විය යුතුයි. අපි කොහොමත් ලෝකය දිහා බලන්න ඕනි අපේ View Point එකෙන්. ඒ View Point එක Focus කරගන්න මේ වගේ කතිකාවන් ඉතා වැදගත්.
    එකඟයි ඔබට :)
    සමහරුන්ට ඇය නිකම්ම නිකම් ගැහැණියක් පමනයි :oo:
    මං දැක්ක එළකිරි එකේම එක අන්තවාදී මුස්ලිම් සමාජිකයෙක් ( Gazaly) කියනවා ගෑනිවයි ළමයවයි දාලා ගිය මිනිහට නේද උඹලා පස්ස උඩ තියන් වදින්නේ කියලා :eek::eek:
    යශෝධරා සාමන්‍ය ගැහැනියෙකැයි පවසන අයට එසේනම් ඔහු හා එකgha වී ආගම මාරු කිරීමේ වරදක් නැත
    :baffled:
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    එකඟයි ඔබට :)
    සමහරුන්ට ඇය නිකම්ම නිකම් ගැහැණියක් පමනයි :oo:
    මං දැක්ක එළකිරි එකේම එක අන්තවාදී මුස්ලිම් සමාජිකයෙක් ( Gazaly) කියනවා ගෑනිවයි ළමයවයි දාලා ගිය මිනිහට නේද උඹලා පස්ස උඩ තියන් වදින්නේ කියලා :eek::eek:
    යශෝධරා සාමන්‍ය ගැහැනියෙකැයි පවසන අයට එසේනම් ඔහු හා එකgha වී ආගම මාරු කිරීමේ වරදක් නැත
    :baffled:


    අන්තවාදී අදහස් ඇත්තවුන්(කිනම් ආගමක හෝ ජාතියක) අපි පිටු දැකිය යුතුයි.. තරයේ හෙලා දැකිය යුතුයි..

    අන්තවාදීන් කියා ගන්නා කුමන හෝ පිරිසක් සිටී නම් මෙ වෙනකොට ඔවුන් ලොව දිනාගත් කිසිම දෙයක් නෑ..තමන් අදහන අන්තවාදයම ඔවුන්ව ඔවුන්ගේ මල ගම කරා රැගෙන ගොස් තිබෙනවා හැරෙන්නට......

    අමිල මල්ලියා, අපි මේ මොහොතේ සිට කල යුත්තේ එවන් අන්තවාදීන් එක එකා පසුපස ලුහු බැඳ ගොස් උන් සුණු විසුණු කිරීමට හැකි උපරිමයෙන් සෑම දෙයක්ම කිරීමට පෙල ගැසීම හා ඒකරාශී වීමයි...

    අන්තවාදීන් භංඟ වේවා!!
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Godak lassana nermanayak. Tawa gaburu nermana edereyade balaporoththu wenawa.
    3.gif
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    දැන්නෙ දැක්කෙ..එදා ඇවිල්ලා කවිය අගය කරලා කමෙන්ට් කලා විනා අනිත් අය පෝස්ට් කරපු දේවල් කියෙව්වෙ නෑ
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ඉතිහාසය පුරා කවියන් මේක විවිධ කෝණවලින් දැකලා තිබෙනවා .. එළකිරි එකේම ඇතැම් අන්තවාදීන් බෝසතාණන්ව හැදින්නුවෙ "ගෑණී දාලා කැලේට පැන්න" කෙනෙක් හැටියට ... හොද උත්තරයක් අයියෙ :)
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    හ්ම්ම්ම්ම්ම් .........
    හුඟ දෙනෙක් මේ ගැන තමන්ගෙ අදහස් පැහැදිලි කරලා තියෙනවා.... මටත් හිතුණා මේ පිළිබඳ මම දරන අදහසේම එල්බ ගෙන ඉන්නෙ නැතුව ටිකක් කරුණු විමසලා බලන්න.


    හොදයි:):)

    යශෝදරාව ගැන විතරක් කතා කරන්න කලින්, බුද්ධ චරිතය දිහා ටිකක් බලන්න හිතුණෙ අපේ බෞද්ධ ඉතිහාසය කෙතරම් දුරට විකුර්ති වෙලාද, යමෙක් විසින් (බමුණන්) විකුර්ති කරලද කියලා පැහැදිලි කරගෙන ඉන්න.
    බමුණන් කියලා එහෙමම කියන්න බෑ..බමුණු මත පවා අද බෞද්ධයන් අතර නැතිවා නෙමෙ. නමුත් දඹදෙනි යුගයේ ලියවුණු සද්ධාර්මාලංකාරය වැනි ග්‍රන්ථ වලත් හුගක් අතිශයෝක්ති අඩංගු වෙනවා.:dull:

    සිදුහත් කුමාරයා බුදුවෙන බව කොණ්ඩඥ්ඥ බමුණා ඒකාන්තයෙන්ම කිව්වනම් (කුමරු ඉපදිලා දින 5න්). ඒ කියන්නෙ රජ පවුල මේ ගැන දැනගෙන හිටියා කියන එක නේද?
    කොඩඤ්ඤ බමුණා සිදුහත් කුමාරයා බුදුවන බවට අනාවැකි කීවෙ සිදුහත් කුමාරයගේ ශරීරයේ තිබුණ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දැකලා. අනිත් බමුණන් 'බුදුවෙනවා හෝ සක්විති රජ වෙනවා' කියලා කීවෙත් මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දැකලා. (දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන්නෙ බුදුකෙනෙක්ට හා සක්විති රජකෙනෙක්ට විතරයි)

    නමුත් මේ සිද්ධියෙන් කියන් නෑ සිදුහත් කුමාරයා බුදුවන බව රජ පවුල දැනන් හිටියා කියලා. එහෙම දැනන් හිටියානං මාලිගා හදන්න අවශ්‍යතාවයක් නෑනෙ. එය හුදෙක් අනුමාන කිරීමක් පමණයි.

    ඒ වගේම ලලිත විස්තරය කියන පොතෙ සඳහන් වෙන විදිහට සිදුහත් කුමාරයා ඉගෙනගන්න ශිල්ප වලට විවිධ දේශයන්හි භාශාවන් පවා ඇතුලත් වුණා.

    අනික තමා සතර පෙර නිමිති
    මහල්ලෙක් - කුමරු බුදුවෙනකම් ජීවත් නොවන තරමට මහළු අසිත තව්සා (කාලදේවල) එහෙ හිටියා. (ඔන්න අසිත තව්සත් දැනගෙන හිටියා සිදුහත් කුමාරයාගෙ සත්‍ය සොයා යන ගමන ගැන) ඒ වගේම සුදොවුන් රජතුමත් කුමාරයා වැඩිවිය පත්වෙනකොට ක්‍රමයෙන් මහලු වෙනවනෙ. ඉතිං මහල්ලෙක් කියන්නෙ කුමාරය නොදැකපු දෙයක් නෙමේ.

    ලෙඩෙක් - මුළු රජ ගෙදරම කිසි කෙනෙක් කවදාවත් ලෙඩ වෙන්නෙ නැද්ද? අඩු ගානෙ කපිල වස්තු පුරයෙ කෙනෙක් වත්? (ඒ කාලෙත් ඩෙටෝල් තිබ්බද දන්නෑ නේ?)

    මලකඳක් - තමන්ගෙ අම්මා ජීවතුන් අතර නැති බව සිදුහත් කුමාරයා දන්නව නම්.... මරණය කියන්නෙ කලින් නොදැක්ක මැජික් එකක් වෙන්න බැහැනෙ. අනික නොදන්න දෙයක් ගැන රියදුරාගෙන් පවා අහන කුමාරයා තමන්ගෙ අම්ම කෝ කියල ඇහුවෙම නෑ කියන්න පුළුවන්ද?

    පැවිදි රුව - ඒ කාලෙ විවිධ ආගම් වල පැවිද්දො හිටියා. මේ ගැන නම් මට හරියටම කියන්න තේරෙන්නෙ නෑ
    මහල්ලෙක්, ලෙඩෙක්.....දැක්කා කියලා එකපාරටම සසර කලකිරෙන් නෑ නෙ..(එහෙමනං ඉතිං මහල්ලන්, ලෙඩුන්, මලකදන් ආදිය අනන්තවත් දැක තිබෙන අපිත් සසර කලකිරිලා තියෙන්න එපැයි)

    සිදුහත් කුමාරයා උයන්කෙලියට යන අතරවාරයේ සතර පෙර නිමිති දකින්න පෙර විවිධ අවස්ථා වල මහල්ලන්, ලෙඩුන්, මලකදන් දැක්කයි කියලා හිතන්න බැරිමත් නෑ-ඒත්, ඒ කාලයේ තිබුණු තත්ත්වයන් සැලකූ කල එසේ සිතීම ඉතාමත් අසීරුයි.

    මහාමායා දේවිය කලුරිය කලේ සිදුහත් කුමරු ඉපදිලා දවස් 7කින්. සිදුහත් කුමාරයාට ඉපදිලා දවස් 7කින් වෙච්ච දෙයක් මතක තිබුණයි කියලා එහෙම කියන්න බෑ.:no: same thing with අසිත තවුසා.


    කොහොම උනත් සිදුහත් චරිතය ගැන කියලා මම පටන් ගත්තෙ..... මෙතරම් කාලයක්.... සාරාසංඛ්‍ය කල්ප ලක්ශයක් පෙරුම් පුරපු බෝසතුන්ට දිව්‍ය ලෝකෙන් ඇවිත් පෙරනිමිති මවල පෙන්වනකම් ඉන්න උවමනාවක් තියේද සසර කලකිරෙන්න? (බුද්ධියෙන් අහන්න මේ ප්‍රශ්න ටික, තර්ක කරල බලන්න තමන්ගෙ බුද්ධියත් එක්ක මෙතන පෝස්ට් කරන කලින්)
    සතර පෙර නිමිති කියන්නේ සාමාන්‍ය සිදුවීමක්. යම් තාක් දුරකට අහඹු, එහෙත් විය හැකි සිදුවීමක්. එයට "දෙවියො"වත් "මැවීමක්"වත් සම්බන්ධ නෑ.

    මේ කරුණු අනුව මගෙ නම් අදහස සිදුහත්, යශෝදරා පමණක් නෙමෙයි මුළු රජ පවුලම දැනගෙන ඉන්න ඇති බෝසතුන්ගෙ බුදුවීම ගැන. අනික ඒ කාලෙ අදටත් වඩා නක්ශත්‍රයට තැන දුන්න කාලයක්...... හඳහන් වල ඔය හැමදේම සඳහන් නොවුන කියල හිතන්න බෑනෙ.

    සිදුහත් කුමාරයාගේ බුදුවීම හදහනේ සදහන් වෙලා තිබ්බා කියලද ඔයා කියන්නෙ..
    එසේ නම් බුදුවීමට පෙර සිදුහත් කුමාරයාට අවුරුදු 6ක අපල කාලයකට මුහුණ දෙන්න වන බව ඒ හදහනේ සදහන් නොවුනේ මන්ද..??

    සිදුහත් කුමරු බුදුවන බවක් හදහනක තිබ්බෙ නෑ..බමුණන් එහෙම අනුමාන කලේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දැකීමෙන්..(ඒකත් හරියටම නෙමේ.)



     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඉතිහාසය පුරා කවියන් මේක විවිධ කෝණවලින් දැකලා තිබෙනවා .. එළකිරි එකේම ඇතැම් අන්තවාදීන් බෝසතාණන්ව හැදින්නුවෙ "ගෑණී දාලා කැලේට පැන්න" කෙනෙක් හැටියට ... හොද උත්තරයක් අයියෙ :)

    එයා ඒක කිව්වෙ මේ කවිය කියෙව්වයින් පස්සෙ..:dull:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land



    කෙනෙක් කියනව බුධුහමුදුරුවො නිමිති දකිනකම් බුධුවෙන බව හෝ නිවන් දකින බව දැනගෙන හිටියෙ නැ කියල...එතකොට ඉපදුන ගමන් පියවර හතක් තියල අගිල්ලක් උස්සල මෙ මගෙ අවසන් උපතයි කියල කිවුවෙ නිකන් ජොලියට වෙන්න අති...එදා ඉදලම මහමායා දේවිට වැඩේ click වෙලා තියෙන්න ඇති, පුත්තරය නිවන් දකින බව...එකනෙ පන්ඩිතයො හතක් ම ගෙනත් අනගතේ බැලුවෙ!


    සිද්ධාර්ථ නමින් මනුලොව ඉපිද බුදුබව ලැබීමට පෙර භවයේ තුසිතයේ සෙතකේතු ලෙස ඉපිද ඉන්නකොට තමා මතු භවයේ බුදුවන බව සෙතෙකේතු තවුසා දැනන් හිටියා. ඒ මතකයෙන් බිදක් සිද්ධාර්ථ ලෙස ඉපදුනු අවස්ථාවේ තිබුණු බව සිතන්න පුලුවන්.

    පඩිවරු ගෙන්වා නක්ෂත්‍රය බැලීම හුදෙක් ඒ කාලයේ තිබ්බ සිරිත්ක් පමණයි.
     

    Akila DJ

    Junior member
  • May 15, 2008
    213
    13
    18
    කොළොංතොට
    අනික ඒ වෙද්දි බුදු වරයෙක් ගැන අදහසක් සමාජයේ තිබුන කියල හිතන්න අමාරුයි.බුදු දහමක් ඒ වන විට භාරතයෙ තිබුනෙ නෑ.මම හිතන විදියට කොණ්ඩඥ්ඥ බමුණත්, කාලදේවල තව්සත් කිව්වෙ සිදුහත් කුමාරය ඒකාන්තයෙන්ම බුදුවන බව නොව ඒකාන්තයෙන්ම සත්‍ය සොයා ගන්නා බව කියලයි.සත්‍ය සොයා යාම කියන්නෙ ඒ කලෙ තිබුන එක රැල්ලක් විතරයි...
    එහෙම නෑ.... බුද්ධ කියන වචනය, ඒ කාලෙ සමාජයෙ තිබ්බ එකක්... යමෙක් බුදු වීම කියන උසස් තත්ත්වයකට යන එකක් ගැන සමාජයෙ තිබ්බ!.. නිර්වානය කියන එකත් සමාජෙ තිබ්බ දෙයක්!