ජවිපෙ එක ගැන බොහොම අල්පමාත්‍රික දැනුමකින් ලියපු කොමෙන්ට් එකක්. ඒ ඇයි කියන එක ටික ටික පැහැදිලි කරල දෙන්නම්. පලවෙනි කාරනේ ජවිපෙ දේශපාලන ව්‍යාපාරයක් මිසක් දේශපාලන පක්ෂයක් නෙමෙයි. ජවිපෙ එකේ අපිට එලියට පේන්න තියෙන්නෙ දේශපාලන අ0ශෙ විතරයි. ඒ ඇරුනම ල0කාවෙ හැම ක්ෂේත්‍රයකම විශාල බලයක් ජවිපෙ එකට තියෙනව. ඒක පාර්ලිමේන්තුවෙ ඉන්න මත්‍රීවරු ගානෙන් මනින්න බැහැ. උවමනානම් මුලු රටම නවත්තන්න තරම් බලයක් ජවිපෙට හැමදාම තිබුන. දැනුත් තියෙනව. මෙතනදි දේශපාලන අ0ශෙ තාවකාලික පසුබෑමක් තියෙනව. ඒ යුද්ධ ජයග්‍රහනය දේශපාලන සුනාමියට විපක්ෂයේ සියලු පක්ෂ අහුවුන නිසා මිසක් පක්ෂවල දුර්වලතාවයක් නිසා නෙමෙයි.මේ පාර චන්දෙදි ප්‍රතිපලේ බලන්න.
ඒ වගෙම ජවිපෙ කාර්යභාර්යක් කරල නෑ කියනවනම් ඒක ලොකුම විහිලුව. ල0කාවෙ ව්‍යවස්ථා ස0ශෝධනවලින් ප්‍රජාතන්‍රවාදයට හිතකර එකම ස0ශෝධනය වුන 17 වැනි ස0ශෝධනය ගේන්න පුලුවන්වුනා. 2005 රට බෙදෙන්න ගිය වෙලාවෙ රනිල් පරද්දල මහින්දව ගෙනාව. මහින්ද ගෙනාපු එකෙන් රටට හොඳක් වුනේම නැද්ද? මහින්ද ගැන මොන ප්‍රශ්න තිබුනත් මහින්ද යුද්ධෙදි සෑහෙන්න දෙයක් කලා. ඒවගෙම මහින්ද ඒකාධිපතියෙක් යන්න ලෑස්තිවෙනකොට ඒ ගමන නවත්තන්නත් ජවිපෙ උපරිමෙන් කැපකිරීමෙන් වැඩකලා.
71. අරගලයෙන් පස්සෙ 88-89 භීෂනයෙන් පස්සෙ පක්ෂ සාමාජිකයො හැටදාහක් මරණයට පත්වෙලා මුලු මධ්‍යම කාරක සභාවෙන් එක්කෙනෙක් ඇරෙන්න අනිත් සේරම ඝාතනය වුනාටත් පස්සෙ තාමත් ජවිපෙ ක්‍රියාත්මක වීමම එක්තරා විදියක ජයග්‍රහනයක් විදිය සලකන්න පුලුවන්. ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට හරි ඔය තරම් විනාශයක් වුනානම් ආයෙ නැගිටින්න පුලුවන් වෙයිද?
ඊලඟ වැදගත්ම කාරනේ ල0කාවෙ දේශපාලන සිතියම ඇතුලෙ ජවිපෙටත් වඩා උඩින් ඔය කියපු විදියට හයේ හතරෙ පාරවල් ගහගෙන ආපු දේශපාලන පක්ෂ ගනනාවක් තිබුන. සමහර පක්ෂ පලාත් සභා හිට දිනුවා. ඒත් කෝ? අද ඒවගෙ රොඩ්ඩවත් හොයන්න බැහැ. ෆොන්සේකගෙ පක්ෂෙ වුනත් ඉතාම තාවකාලික රැල්ලක් විතරයි. කොයිවෙලේ හරි හුලන් බහිනව. ඒත් ජවිපෙ එහෙම වෙන්නෙ නැහැ. ඊට වඩා ශක්තිමත් දේශපාලන භාවිතාවක් ජවිපෙ එකට තියෙනව.
හැබැයි බුලත් පයියට හෙනගැහුවම කිල්ලෝටෙ ගැන කවර කතාද කියලා කියමනක් අහල ඇති.. ඒක දේශපාලනේට සීයට සීයක්ම අදාලයි. ප්‍රධාන පක්ෂ දෙකම දේශපාලනේ සූදුවක් කරගෙන මහජනතාව අන්දවනව. ජවිපෙ එතනට යන්නෙ හෝ වෙනත් දේශපාලන ගේම් වලට යන්නෙ නැහැ. ඒ දෙකම ප්‍රතිපත්තිවලට විරුද්ධයි. කාට හදිස්සියක් ඇතිවුනත් ජවිපෙ සාමාජිකත්වයට හෝ නායකත්වයට ඒ පක්ෂෙ ගමන් මාර්ගයෙ වෙනසක් අවශ්‍ය නැහැ.
ගේම් ගහන්න ව0චාවෙන් බලය ලබාගැනීම් ගැන හිතන්නවත් එපා. ඊට වඩා ප්‍රතිපත්තියට ලැබෙන චන්ද දෙක තුනහරි වටිනව