යාපනේ රජ පෙළපත... මේ මොකක්ද බන්? ආතල් එකක්ද?

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,600
    8,854
    113
    යාපනේ රජ පෙළපත... මේ මොකක්ද බන්? ආතල් එකක්ද?

    මුන්ගේ වෙනම වෙබ් සයිට් එකකුත් තියෙනවා, නුවර රාජධානිය ගැන ගැහුවම මේකේ නුවර ගැන තියෙන එකක් අවේ.
    රාජකීය ප්රෝටෝකොල් ඉදල තියෙනවා...

    https://www.jaffnaroyalfamily.org/
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    දන්න එකෙක් ඕක රිපෝට් කරානම් හරි ,නැත්තම් ඕවා අනාගතේ වෙනම විදියකට යන්නේ.
     
    • Like
    Reactions: snm1990

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    යාපනේ ඔටුන්න හිමි කුමරුට අභියෝග විජයරාජා පරපුරේ සිංහල කුමාරයා!

    රෙමිජියස් කනගරාජා නම් යාපනේ රජ පෙළපතකින් පැවත එන බව කියන ඔටුන්න හිමි කුමරෙකු පසුගියදා ජිනීවා වෙත ගොස් තිබිණි. නමුත් ඔහු රාජ පෙළපතකට අයත් නොවන බවත් සැබෑ ඔටුන්නට හිමිකම් කියන කුමරු තමා බවත් ලංකාවේ ආර්ය චක්‍රවර්ති රජුට නෑකම් කියන සූර්ය වංශික ටික්කම මහින්ද කුමරු (ටික්කම උග‍්‍රසිංහ මහ රජුගේ 44 වන මුණුබුරු) ප්‍රකාශ කර සිටියි. පහතින් දැක්වෙන්නේ ඔහු පුවත්පතකට දැක්වූ අදහස් වේ.

    ඔබේ නම
    ටික්කම මහින්ද කුමාර

    සම්පුර්ණ නම
    සුර්යවංශික ලක් පොලවතලා හිමි විජයරාජ කුල සුමිත්‍ර රාජ පුත්‍ර ගෝත්‍ර පවිත්‍ර මෙහෙසුරුන් ටික්කම දාපුළුසෙන් මේනවරවංශ පරපුරේ ටික්කම මහින්ද

    උපත ලැබුවේ
    නුවර පළාතේ

    ඔබේ මව හා පියා ගැන සඳහන් කලොත්?

    මගේ පියත් ටික්කම පරම්පරාවෙන් පැවත එන්නෙක්. ඔහු ටික්කම ආරියදාස සෝමපාල අප්පෝ. ඔහු සේවය කලේ කොළඹ තියෙන මහා භාණ්ඩාගාරයේ. මගේ මව සිංහල ඉංගිරිසි පුහුණු ගුරුවරියක්. එතුමිය විදිය බණ්ඩාරගේ තුඩුගල රජ පෙළපතින් පැවත එනවා. ඇගේ නම සේනාරත්න කුමාරහාමි. මවගේ පෙළපත් නාමය චන්ද්‍රවන්ෂික විදිය බණ්ඩාර පිලස්සේ තුඩුගල වලව්වේ සේනාරත්න කුමාරිහාමි.

    පනාපිටිය වලව්ව කිරින්දිවල හා රිදීවිට වලව්වේ රජුන් ලෙසින් හැදින්වෙන්නේ ඇගේ අත්තල. මව්පිය දෙපාර්ශ්වයම රාජවංශික පෙළපත් දරනවා. මගේ මව ගැන වැඩි දුර කියනවනම් ය විදිය බණ්ඩාර පරපුරෙන් පැවත එනවා.එම පරපුරේ දාහත්වන පුරුක ලෙසයි ඇය සටහන් වන්නේ. විදිය බණ්ඩාර කුමරුට සම්බන්ධ වන තම්මිට කියා තවත් සහෝදරයෙකුගේ පරපුරක් පැවත එනවා.

    මගේ මවගේ මව සම්බන්ධ වන්නේ ඒ තම්මිගේ පරපුරට. තම්මිට සුරියබණ්ඩාර අධිකාරම් අබේකෝන් සිරිවර්ධන තම්මිට රාලගේ දොන් විදියටයි මගේ අත්තමගේ පෙළපත් නාමය සඳහන් වන්නේ. ඒ අනුව පරමරා අංශ දෙකකින්ම විදිය බණ්ඩාර වන්නේ.ඒ අනුව රජපෙලපත සමග සම්බන්ධ වනවා.

    මා ඉහත කි විදිය බණ්ඩාර කුමාරයගේත් තම්මිට කුමාරයගේත් පියා තමයි ඩෙල්ෆ් දුපතේ රජු ලෙස සැලකෙන්නේ. ඔහුගේ නම විදිය අරසෙන්. ඔහුගේ පියා චන්ද්‍ර වංශික පරම්පරාවේ විජයබාහු කුමාරයා. විජයබාහු කුමාරයාගේ පියා කොමරින් ඈ බණ්ඩාර. දකුණු ඉන්දියාවේත් ඔහුගේ පාලනය පැවතුනු බව මහා වංශයේ සඳහන් වනවා.

    ඉන්දියාවේ තුඩුව පාලනය කල කොමරින් ඈ බණ්ඩාර විවාහ වී තිබෙන්නේ සපුමල් කුමාරයාගේ නැගණිය වන කපුරු ලමාතනි සමග බව රාජාවලියේ සහ මහා වංශයේ සඳහන් වනවා.

    ඔබේ උපන් දිනය

    උපන් දිනය හා වෙලාව සටහන් කිරීමට අවශ්‍යය නැහැ. ඒ වගේම ආරක්ෂක කරුණු හේතුවෙන් මා පදිංචිව සිටින ස්ථානයක් රැකියාව සිදු කරන ස්ථානයත් සඳහන් කරන්නේ නැහැ.

    ඔබ රැකියාවක් කරනවා?

    ඔව් රජයේ රැකියාවක් කරනවා. කාර්යාලයේ බොහෝ ඇය මා හදුන්වන්නේ රජ්ජුරුවෝ කියලා. මගේ සුදුසුකම් ගැන කීමෙන් ආරක්ෂාවට තර්ජනයක් වන්නේ නැහැ. 1992 දී ලංකාවේ ලාබාලතම තරුණ ඉංජිනේරුවා ලෙස ජනාධිපති සම්මාන දිනාගත්තේ මමයි.

    ලැබුනේ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයෙන්.ඒ සමානය මගෙන් පසු කිසි කෙනෙකු දිනාගත්තේ නැහැ. ශ්‍රී ලංකාවේ හොඳම ඉංජිනේරු භූ විද්‍යාඥයා විදියටත් මට ජනාධිපති සම්මාන ලැබුනා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු භූ විද්‍යා හා ජල භූ විද්‍යා පිලිබඳ විද්‍යාවේදී උපාධියක් හැදෑරීමට අවස්තාව මට එමගින් ලැබුනා. එසේම මා නව නිර්මාණ කිහිපයක් එලි දක්වා තිබෙනවා.

    වකුගඩු රෝගි සදහා ජලයේ තිබෙන ෆ්ලෝරයිඩ් ඉවත්කිරීමේ උපකරණයක් මා නිපදුවා.උණුසුම අඩුවෙන තීන්ත වර්ගයක් නිපදුවා. මට නව සොයාගැනීම් වෙනුවෙන් පේටන්ට් බලපත්‍ර 10 ක් පමණ තිබෙනවා. ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ සංගමයේ හොඳම විද්‍යාඥයා ලෙසත් සම්මාන ලබල තියෙනවා.

    ඔබතුමා අධ්‍යාපනය හැදෑරු පාසල

    මා උසස්පෙළ දක්වාම ගියේ කොළඹ නාලන්දා විද්‍යාලයට. ඊටපසු විශ්ව විද්‍යාල අධ්‍යාපනය. මුලින්ම ඉංජිනේරු උපාධියක් පසුව පේරාදෙණිය හා මොරටුව විශ්ව විද්‍යාල වලින්ද කැලණිය විශ්ව විද්‍යාලයෙන් පුරා විද්‍යාව පිලිබඳ උපාධියක් ද ලබා ගත්තා.

    ඔබ අයත් රජපෙලපතට යාපනය හා තිබෙන සම්බන්ධතාවය මොකද්ද ?
    යාපනේ මුලින්ම ආණ්ඩු කරමින් සිටි සිංහ නගර් කියන නගරය ඇතිකළේ ටික්කම උග්‍ර සිංහ කියන රජතුමා. ඒ මානවම්ම රජතුමාගේ තුන්වන පරම්පරාවේ අනෙක් දරුවන් තමයි අනුරාධපුරේ රජ පෙළපත ගෙනියන්නේ.

    යාපනේ ඔටුන්න හිමිකුමරු තමා බව නෙදර්ලන්තයේ සිටින රෙමිජස් කනගරාජා කියා සිටිනවා ?
    රෙමිජස් කනගරාජා ගැන අන්තර්ජාලයේ ගොඩක් විස්තර තියෙනවා. ඒ වගේම ඔහුගේ විස්තර හා පෙළපත ගැන ඔහුගේ වෙබ් අඩවියක තිබෙනවා. ඒ සියලු දේ මම කියෙව්වා. ඒවායේ බොරු බේගල් කොටසක් තියෙනවා.

    නමුත් අපේ සිංහල රජ පෙළපත ගැන කොහෙවත් සටහන් වන්නේ නැහැ. අපේ සිංහල රජ පෙළපත ගැන මේ රටේ කිසිම සංවිධානයක් උනන්දුවක් දක්වන්නේ නැහැ.

    ඔබේ රාජකීය පෙලපතැගන් රටේ දේශපාලන නායකයන් දන්නවද?

    ඔව්. වරක් යාපහුව රජමහා විහාරාධිපති ස්වාමින් වහන්සේ මාව ජනාධිපතිතුමාට මුණගැස්සුවා. ඒ යුද්ධය පැවති කාලයේදී. යාපනයේ සිංහල රාජත්වය ගැන තහවුරු කිරීමට ජනාධිපතිතුමාට අදහසක් තිබුනත් ඊර්ෂ්‍යාසහගත නිලධාරීන් නිසා පසුව එය යටපත් වුනා.

    දේශපාලනික බලයක් බලාපොරොත්තු වෙනවද?

    නැහැ. අපේ කිසි කෙනෙක් පවතින දේශපාලන ක්‍රමය තුල දේශපාලනයේ යෙදෙන්නේ නැහැ. ඒ වගේම ආර්ථික වශයෙන් විශාල පොහොසත්තු නෙවෙයි.


     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,600
    8,854
    113
    දන්න එකෙක් ඕක රිපෝට් කරානම් හරි ,නැත්තම් ඕවා අනාගතේ වෙනම විදියකට යන්නේ.




    මේක පිට එකෙක් බලපුවම හිතන්නේ මුන් පිටුවහල් කරලා ඉන්න රජ පරම්පරාවක් වගේ...

    හැබැයි මු ලොකු ට්‍රයි එකක් දෙනවා මේක හැමතැනටම සම්බන්දයි කියල කියන්න. එකනේ නුවර රජ පෙළපත දාල විස්තර කරලා තියෙන්නේ.