යාලුවනේ ඔයාලට අද දවස මතකද?

යාලුවනේ ඔයාලට අද දවස මතකද?

වාණිජකරණය වෙලාද?

යාලුවනේ ඔයාලට අද දවස මතකද?
අමතක වුනාද?
ආ ඔයාට මතක් වුනාද?
ඔයාට දැන්ද මතක් වුනේ?
ඔයාට හොදටම මතක තිබ්බද?
මොකක්ද අද දිනය?
ලෝක ගුරු දිනයලු, ???
එතකොට ගුරු වරු අද දවසෙලු තමන් විසින් සිප් සතර යහ මග කියා දුන්
තමන් ගේ ලමයි වගේ සලකපු අපෙන් උපහාර ලබන්නේ,
අවශ‍්‍ය‍ තරමේ ඉගැන්විම් සිදු කරලා,
කට කැඩිච්ච කොල්ලො කෙල්ලන් ගේ උසුලු විසුලු වලට අහු වෙලා
අන්තිමේදි හැම දෙයක්ම අමතක කරලා පංතියට ඇවිත් ඉගැන්නුව
ගුරුවරුන්ට සලකන දවසලු අද...:shocked:

111600.gif

හොදයි හොදයි,
එහෙනම් මල් කලබක් දිලා බුලත් අතක් දිලා දෙපා නැමද ආශිර්වාද ගන්න
සෑම දෙනාම මේ මොහොතේ ලෑස්ති වෙනවා ඇති

දවස් දෙක තුනක් රතුවට දිලිසි දිලිසි හිටපු ඇන්තූරියම් මල් ටික එක පාරටම අතුරු දහන්.
අල්ලපු ගෙදර නංගි එක්කලා කට්ටියම ඉස්කෝලෙ යන්න ඇති

අනේ ෆාම් ගස් වලත් කොළ ටිකකුත් කඩාගෙනනේ මේ කෙල්ලො,
අද ගජරාමේට ස්කෝලවල් ගාව බුලත්, සුබ පැතුම් පත් විකුණන අය ඇවිත් ඇති,
කඩවල තියෙන කේක් පෙට්ටි එහෙමත් ගජ රාමෙට බ‍්‍ර‍වුන් පේපර් බැග් වල එතිලා
කඩෙන් එලියට එනවා ඇති,
ගුරුවරුන් අලුත් ඇදුම් ඇදගෙන පාසල වෙත අද ගොඩාක් ආසාවෙන් යනවා.

සුමාන දෙකක ඉඳලාම ලෝක ගුරු දිනයට මුළු ලෝකයම අඩු වැඩි වශයෙන් සූදානම් වෙනවා!. මව්වරුන්ගෙ දිනය, කාන්තා දිනය, ආදරවන්තයින්ගෙ දිනය වගේම, පහු ගිය ළමා දිනයටත් කාර්ය බහුල ජීවිත වලින් පැයක් දෙකක් වෙන් කරන එක බොහෝ දෙනෙකුට හරිම සාමාන්‍යයි.

අද හැම ඉස්කෝලෙකම උදේ වරුවෙ රැස්වීමක් නම් අනිවාර්යයි.. මල් වලින් සිහිවටන වලින් ගුරු මේස පිරිලා යනවා ඇති.

දරුවෙක්ට ඈනුමක්වත් නොහැර පැය දෙකහමාරක් සවන් දෙන්න පුළුවන් ගුරුවරයෙක්... කොබයාෂි මහත්තයා.. ඒක හුඟ දෙනෙක්ට හීනයක්.. පුදුමෙනුත් පුදුමයක්...

දරුවන් වෙනුවෙන් අත පය කඩාගෙන, ගුටි කාගෙන ,දුක් විඳපු ගුරුවරයෙක් දුයිෂේන්... ඒ මනුස්සයා මුළු ලොවටම පුදුමයක්..හීනයක්..

එහෙත් එහෙම ගුරුවරු ලොව සිටිය යුතුයි කියලා ලොවක්ම යටි හිතින් පිළිගන්නවා නමුත් තම තමන් සාධාරණීකරණය වෙන්නට මේ සියල්ල සාහිත්‍ය කෘතීන් කියලා ඉවත දමනවා..

එක දවසක් විතරක් ගුරුවරු පිදීම වැරදියි වගේම එක දවසක් වත් පුදන්න තරම් කමකට නැති ගුරුවරුත් ලෝකෙ නොඉන්නවා!... නෙවෙයි..කියන එක හැමකෙනෙක්ම මතක තියා ගන්න ඕනේ..

ගුරුවරයෙක් සිසුන් හට බොහෝ දේ ඉගැන් විය යුතුයි.. එබ්‍රහම් ලින්කන් නම් හිටපු ඇමරිකා එක්සත් ජනපද ජනපති වරයා තමන්ගෙ පුතාගෙ මුල් ගුරුතුමාට මෙන්න මෙහෙම ලිපියක් ලියනවා..ඒ ලිපිය අදටත් මුළු ලොවක් අගයන ලිපියක්....

line-6_e0.gif

මුල් ගුරුතුමනි,

සෑම මනුෂ්‍ය‍යෙක්ම සත්‍යවාදී හා සර්ව සාධාරණ නොවන වග,කරුණාකර මගේ පුතාට උගන්වනු මැනවි. සෑම අයහපත්, කපටි දුර්ජනයෙකු පාසාම ගුණ යහපත් වීරවරයකු ජීවත් වන බවද ඔහුට කියා දුන මැනවි.

ආත්මාර්ථකාමි දේශපාලනඥයින් යැයි හංවඩු ගෑසූවන්ගේ හදවත් තුළද රටක සුබ සිද්ධිය උදෙසා කැපවු දේශහිතෛශින් සිටින වග ඔහුට වටහා දුන මැනවි.

සෑම හතුරෙකු තුළම..තමා වෙනුවෙන්ම කැපවූ මිතුරෙක් සිටින බව වටහා දෙනු මැනවි. නොමිලේ ලැබෙන දෙයකට වඩා .. මහන්සියෙන් උපයන දේ අගනා බව ඔහුට ඒත්තු ගන්වනු මැනව. ඒ සඳහා කාලය වැය වුවත් ඒ සත්‍ය ඔහුට පහදා දුන මැනව.පරාජය විඳදරා ගැනීමටත්.. ජයග්‍රහණය නිහතමානීව බුක්ති විඳීමටත් ඔහු පුරුදු කරනු මැනව.

ඇතැමුන් තම ඊර්ෂ්‍යාවෙන් ඔහු යටපත් කරන්නටත්, ඈත් කරන්නටත් ක්‍රියා කරන අවස්ථාවන් හීදී, සන්සුන් වෙමින්, කළකිරීමට පත් නොවී සිත යටින් සිනා සෙන රහස ඔහුට හෙළි කර දුන මැනව.
තම ශක්තිය පෙන්වා මිනිසුන් බිය ගන්වන්නෝ පරාජය කිරීමට ඉතාම පහසු අය බව ඔහුට පසක් කර දුන මැනව.

පොත පතේ ඇති චමත් කාරය පෙන්වා දුන මැනව. ඉන් නොනැවතී, ගගන සරනා සියොත් කැළ ගයන ගීයක මිහිරියාවද, ඉර එළිය යට පියාඹන මීමැසි සේනාවකට, නිල් වන් කඳු බෑවුමක, මිටියාවතට නුදුරේ යාය පුරා පිපුණු මල් කිණිති, කියන්නට වෙර දරන සොඳුරතම රහසද ඔහුට සැනසිල්ලේ සිතන්නට ඉඩ හළ මැනව.

මෘදු මිනිසුන්ට,මුදු ලෙස ද දැඩි මිනිසුන්ට දැඩිවද සලකන්නට ඔහුට උගන්වනු මැනව.තමා වටේ සිටින අය කරන කියන දෙය අන්ධානුකරණයෙන් පිළි නොපැද බුද්ධිය මෙහෙයවන අයුරුද, යුතුකම් හා අයුතු කම් හඳුනාගෙන ක්‍රියා කරන්නට ශක්තිය ද ඔහුට ළඟා කර දුන මැනව.

සියල්ලන්ට සවන් දෙන්නටද, ඉන් සත්‍ය තිබෙන්නේ කොතැන කොයි අයුරින්දැයි සොයාගනීමට ඔහු ඉගෙන ගතයුතු බව, ඔහුට පහදා දුන මැනව.

සෑම දුකක් අභියස ම සිනාසෙන්නටද, කඳුළු හැලීම ලැජ්ජාවට කරුණක් නොවන බවද ඔහුට වටහා දුන මැනව. හැම දෙයකම වැරදි පමණක් සොයන්නන් ගණන් නොගැනීමටද, මිහිරි බස් පමණක් දොඩන්නන්ගෙන් ප්‍ර‍වේසම් වීමද ඉතා යෝග්‍ය බව ඔහුට උගන්වනු මැනව.

තම ගත සහ මොළයේ ශක්තිය... ලොව ඇති ඉහළම මිලට ඉහළම ඉල්ලුම් කරුට විකුණුවද, හදවතට මිලක් නියම කළ නොහැකි වග ඔහුට උගන්වනු මැනව. බොරු ඝෝෂා කරන ජනකාය මධ්‍යයේ නිශ්ශබ්ද වීමටද, තමන් සත්‍යය යැයි පිළිගන්නා දේ වෙනුවෙන් සටන් කිරීමටද ධෛර්ය අවශ්‍ය බව ඔහුට පහදා දුන මැනව.

ඔහු සුරතල් නොකළ මැනව. නමුත් ඔහුට මහත් වූ සෙනෙහස දැක්වුව මැනව.වානේ හොඳින් පන්නරය ලබන්නේ රත් කර තැලූ විට බව ඔහුට වටහා දුන මැනව. ජීවන ගමනේ.. සියලු හැඩි දැඩි රස්නයෙන් සුරක්ෂා වීමට නැවත වෙනස් කළ නොහැකි මිනිසෙක් ලෙස දියුණු වීමටද,ඉගෙනුමෙන් ලබන අත්දැකීම් වැදගත් බව ඔහුට හඟවනු මැනව.

නොඉවසිල්ලට අවැසි ධෛර්යද, නිර්භීත කමට අවැසි ඉවසීමද ඔහුට ප්‍රගුණ කරවනු මැනව.
තමා ගැන උදාර අයුරින් , උසස් අන්දමින් සිතන්නත්... ඒ ඇසුරින් තමන් උපමා කොට මිනිස් වර්ගයාටම ගරු කරන්නත්,ආදරය කරන්නත්..ඔහුට උගන්වනු මැනව. ඔබට හැකි හැම දෙයක්ම ඔහු වෙනුවෙන් කරනු මැනවි..එය අතිශය බාරදූර කාර්යයක් වග ඉඳුරාම දනිමි. නමුත් මෙය ඔබතුමා විසින් ඉටු කළහොත් මගේ දරුවා අනිවාර්යයෙන්ම පන්නරය ලබන බව පමණක් විශ්වාස කරමි.

ජය!!

ඒබ්‍රහම් ලින්කන්

line-6_e0.gif

ගලයා
 
Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ගුරු වෘත්තීයට සැබෑ ගෞරවයක් එක්කල සියලුම ගුරුවරුන්ටත් මට ම අද සිටින තත්වයට පත්වීමට උපකාරකළ
    සියලුම ගුරුවරුන්ටත් ඔබේ සට හන උපහාරයක්ම වේවා.
    එතකොට අනෙක් පිරිස ..........................

    ||||
    ||||
    ||||
    ||||
    ||||

    ||||
    ||||
    ||||
    ||||
    ||||

    ||||
    ||||
    ||||
    ||||
    ||||

    ||||
    ||||
    ||||
    ||||
    ||||

    ||||
    ||||
    ||||
    ||||
    ||||

    ||||
    ||||
    ||||
    ||||
    ||||

    ||||
    ||||
    ||||
    ||||
    ||||

    ||||
    ||||
    ||||
    ||||
    ||||

    ජීවිතයේ අවසන් භාගදීවත් වැරදි තේරුම්ගෙන ගෞරවනීය විදිහට විශ්‍රාම යන්න ලැබේවා ..........
     
    ගුරු වෘත්තීයට සැබෑ ගෞරවයක් එක්කල සියලුම ගුරුවරුන්ටත් මට ම අද සිටින තත්වයට පත්වීමට උපකාරකළ

    සියලුම ගුරුවරුන්ටත් ඔබේ සට හන උපහාරයක්ම වේවා.
    එතකොට අනෙක් පිරිස ..........................

    ජීවිතයේ අවසන් භාගදීවත් වැරදි තේරුම්ගෙන ගෞරවනීය විදිහට විශ්‍රාම යන්න ලැබේවා ..........

    අනිවාර්යෙන්ම යාලුවා, ඔයා හරි
     
    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Man hithanne ne Guru dinaya, Mauwarunge dinaya, Piyawarunge dinaya, Wadihiti dinaya.... Lankaawata awashyay kiyala, Mokada Sri Lankaawa kiyanne me hemotama hemadaama gaurawa karana minissu sitina ratak (Sulu nuugath pirisak ese nowunata)
    Mewa batahira jaathin hadagaththu dewal ape kattiyath ohe badaagena innawa.
    Mokada batahira jaathinge ape wage me piris walata selakiimak ne, E nisa oun auruddema ewa eka paara salakanna eka dawasak daagena, Namuth e ratawala ape saamanya dinayakadi karana selakiimwath oya dineta karanne na.

    Mona unath thread eka Elakiri. Rep+++
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත් කිඹුළත් අද මෙතන නෑ....!! පළවෙනි වසරේ පංති බාර ව හිටි තිලකා සමරසිංහ ගුරු මෑණියන් ගේ ඉදන්, අපේ අලස් සර් දක්වා ගුරුමෑණිවරු පියවරු නැත්නම්.........!!!
    විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මල්කාන්ති චන්ද්‍රසේකර ගේ ඉදන් අන්තිම ලෙක්චර් එක කරපු මහාචාර්ය අනුරාධ වෙත්තසිංහ වෙනකං ගුරුවරු නැත්තං........!!!!!!!
     
    ව‍්‍ය‍ංගව මාත් කියන්නේ උබ කියන දේම තමා යාලුවා, කියවල බැලුවොත් තේරෙයි ඔයාටත්
     
    දත් කිඹුළත් අද මෙතන නෑ....!! පළවෙනි වසරේ පංති බාර ව හිටි තිලකා සමරසිංහ ගුරු මෑණියන් ගේ ඉදන්, අපේ අලස් සර් දක්වා ගුරුමෑණිවරු පියවරු නැත්නම්.........!!!
    විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මල්කාන්ති චන්ද්‍රසේකර ගේ ඉදන් අන්තිම ලෙක්චර් එක කරපු මහාචාර්ය අනුරාධ වෙත්තසිංහ වෙනකං ගුරුවරු නැත්තං........!!!!!!!
    11.gif
    11.gif

    :):)
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අම්මා ,තාත්තාගෙන් ගෙන් පස්සෙ දරුවො ඉලගට ගොඩාක් ලන් වෙන්නෙ ගුරුවරුන්ටයි....ගුරුතුමා ලොකෙ ඉන්න ලස්සනම, හොදම කෙනා "යකා" කිවොත් දරුවො එක පිලිගන්නවා,,,ගුරුතුමා කිවොත් ලොකෙ ඉන්න බයානකම කෙනා දෙවියො කිවොත් දරුවො එකත් පිලිගන්නවා..මොකද පුන්චි මනසට දෙන ඔනි දෙයක් හරි ඉක්මනට ලන්වෙනවා...නමුත් ගුරුතුමන් ලා කවදවත් එහෙම කරන්නෙ නෑහෑ...එයලාට අපි හෑම දාම ගරෑ කල යුතුයි,අද අපිව මෙ තත්වයට රෑගෙන ආවාට....:)
     
    නියම කතාව, අපි අපේ ගුරුවරුන්ට ආදරේ කලා ගොඩක්, දැනට දැක්කත් අපි කොච්චර හොද රස්සවක් කලත් අපි තාමත් ගුරුවරුන්ට බයයි, බයට වඩා ගරු කිරිමට

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ගල්පාත මහත්තයා;11080146 said:
    නියම කතාව, අපි අපේ ගුරුවරුන්ට ආදරේ කලා ගොඩක්, දැනට දැක්කත් අපි කොච්චර හොද රස්සවක් කලත් අපි තාමත් ගුරුවරුන්ට බයයි, බයට වඩා ගරු කිරිමට

    ඈත්ත මචන් ,,මම අදටත් මගෙ ගුරුවරයෙක් පාරෙ දෑක්කත් හරි බයයි,,මොකද අපිව යම් කිසි "විනයකට" හෑඩ ගෑසුවෙ එයාලා තමයි,,අම්මලා,තාත්තාල අපිට ගෑහුවෙ නෑති උනාට ගුරුවරු අපිට ගෑහුවා,,එ අපිව යහ මගට ගන්නයි,,එත් යම්කිසි සීමාවකට යටත්වයි අපිට දඩුවම් කලෙ ...බටහිර ලොකෙ දරුවො සහ අපෙ දරුවො අතර බලද්දි අපෙ රටෙ දරුවො "විනය" අතින් ගොඩාක් දුරට ඉහල තෑනක ඉන්නෙ එකයි...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගල්පාත මහත්තයා;11080146 said:
    නියම කතාව, අපි අපේ ගුරුවරුන්ට ආදරේ කලා ගොඩක්, දැනට දැක්කත් අපි කොච්චර හොද රස්සවක් කලත් අපි තාමත් ගුරුවරුන්ට බයයි, බයට වඩා ගරු කිරිමට

    තාමත් පාරක තොටක් හමුවුණත් දණ ගහල වදිනව අපේ ගුරු උතුමන්ට......
    ඒ වගේ උත්තම, දේවත්වයට ආසන්න මිනිසුන් නිසා තමා අපි අද මෙතන ඉන්නේ.....!!!!!!:love:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඈත්ත මචන් ,,මම අදටත් මගෙ ගුරුවරයෙක් පාරෙ දෑක්කත් හරි බයයි,,මොකද අපිව යම් කිසි "විනයකට" හෑඩ ගෑසුවෙ එයාලා තමයි,,අම්මලා,තාත්තාල අපිට ගෑහුවෙ නෑති උනාට ගුරුවරු අපිට ගෑහුවා,,එ අපිව යහ මගට ගන්නයි,,එත් යම්කිසි සීමාවකට යටත්වයි අපිට දඩුවම් කලෙ ...බටහිර ලොකෙ දරුවො සහ අපෙ දරුවො අතර බලද්දි අපෙ රටෙ දරුවො "විනය" අතින් ගොඩාක් දුරට ඉහල තෑනක ඉන්නෙ එකයි...

    සම්පූර්ණ ඇත්ත, කළු දල .......

    මම මුහුණ දුන්න සිදුවීමක් මේ......
    අපේ නැතිවුණ නියෝජ්‍ය විදුහල්පතිතුමා, ගුණපාල සර්, දවසක් මම පන්ති ඉස්සරහ කොරිඩෝවෙ ඇවිදගෙන යද්දී කතා කලා....
    ළගට ගියාම උඩ පැනලා(සර් ටිකක් මිටියි) ඇන්න මට තරු විසිවෙන ටොක්කක්...!!!මම අඤ්ඤකොරොස්...!!!
    "දන්නවද මොකද ටොක්ක ඇන්නේ කියලා?" සර් මගෙන් ඇහුවා.......ඒ වෙලාවෙනම් මාරයා නැග්ගා, බොරු මොකටද?
    සර් මගේ කලිසම පෙන්නුවා. ඒකෙ පැත්ත සාක්කුවට පහලින් මැහුම් ලෙහිලා, අගල් 2ක් විතර.......
    "මෙන්න මේක නිසා...මතක තියා ගන්නවා, තැනකට යනකොට හරියට ඇද-පැළද ගෙන යන්න. කවුරු මොන දේ කිව්වත් තමන් ව මුලින් ම මනින්නේ තමන් අදින පළදින විදියෙන්....." සර් කිව්වා.....
    එදා ඉදන් මම ඇදුමක් ඇදලා හොදට බලනවා අප්සට් ද කියලා......ඒ දුන්න අවවාදෙ මම අදටත් පිළිපදිනවා.....
    සර් නැතිවුණ වෙලාවෙ මගේ කන්ඩායමේ ලංකාවේ හිටපු සියළු සොයුරන් ඇවිත් හිටියා අවමගුලට. ඒ සියළු දෙනා ම සර් ගෙන් එකපාරක් හරි ගුටිකාලා තිබ්බා. අවුරුදු 31 වන යෝධ මිනිසුන් වුණ අප සියළු දෙනා එදා පොඩි උන් වගේ හඩා වැටුණා.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Mama hithan hitiye eye kiyala... aththatama apita eka amathaka una thawat dawasak thamai....Anthurium mal tikak dunnahama cake ekak dunnahama guruwarunta athida ada wage dawasaka... wenna one a guruwarayata adambarayen me mage golayek kiyala one thenaka kiyanna puluwan wena vidihata hoda adyapanayak labala samajayata weda dayaka kenek wena eka neda.... Anit eka guruwarun inne uganwana thenwala vitharamada, thamange deuma onema kenekuta nirwyajawa beda dena siyalu denata ada dawase upaharayakma wewa....

    Street-image1.jpg
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    සම්පූර්ණ ඇත්ත, කළු දල .......

    මම මුහුණ දුන්න සිදුවීමක් මේ......
    අපේ නැතිවුණ නියෝජ්‍ය විදුහල්පතිතුමා, ගුණපාල සර්, දවසක් මම පන්ති ඉස්සරහ කොරිඩෝවෙ ඇවිදගෙන යද්දී කතා කලා....
    ළගට ගියාම උඩ පැනලා(සර් ටිකක් මිටියි) ඇන්න මට තරු විසිවෙන ටොක්කක්...!!!මම අඤ්ඤකොරොස්...!!!
    "දන්නවද මොකද ටොක්ක ඇන්නේ කියලා?" සර් මගෙන් ඇහුවා.......ඒ වෙලාවෙනම් මාරයා නැග්ගා, බොරු මොකටද?
    සර් මගේ කලිසම පෙන්නුවා. ඒකෙ පැත්ත සාක්කුවට පහලින් මැහුම් ලෙහිලා, අගල් 2ක් විතර.......
    "මෙන්න මේක නිසා...මතක තියා ගන්නවා, තැනකට යනකොට හරියට ඇද-පැළද ගෙන යන්න. කවුරු මොන දේ කිව්වත් තමන් ව මුලින් ම මනින්නේ තමන් අදින පළදින විදියෙන්....." සර් කිව්වා.....
    එදා ඉදන් මම ඇදුමක් ඇදලා හොදට බලනවා අප්සට් ද කියලා......ඒ දුන්න අවවාදෙ මම අදටත් පිළිපදිනවා.....
    සර් නැතිවුණ වෙලාවෙ මගේ කන්ඩායමේ ලංකාවේ හිටපු සියළු සොයුරන් ඇවිත් හිටියා අවමගුලට. ඒ සියළු දෙනා ම සර් ගෙන් එකපාරක් හරි ගුටිකාලා තිබ්බා. අවුරුදු 31 වන යෝධ මිනිසුන් වුණ අප සියළු දෙනා එදා පොඩි උන් වගේ හඩා වැටුණා.
    මටත් ඔහොම ගෑහුවා මචන් දවසක්,,,මම අල්ලපු පුටුවෙ උන්න එකාට ඉද ගද්දි "හුනු" කෑල්ලෙන් පුටුවෙ ඈන්දා කියලා...එත් මචන් මට ගහද්දි පන්තියෙ අනිත් උන් කිව "සර් අද මෙයාගෙ උපන්දිනය" කියලා..ඈත්තටම එදා මගෙ උපන්දිනය,,පස්සෙ සර් මට කිවා නිහතමානිවම "පුතෙ දන්නවා නම් කවදාවත් මම මෙහෙම ඔයාට අද වගෙ දවසක ගහන්නෙ නෑහෑ කියලා"..ඔලුව අත ගාලා මට සුබ පෑතුවා...මම එදා ඉදලා කවදාවත් එ සර් දෑක්කම ලොකු ගරුත්වයක් මුලු ඈගපුරාවටම දෑනෙනවා...