යාලුවනේ..මේක වංචාවක්ද...

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    යාලුවනේ..මේක වංචාවක්ද...



    යාලුවනේ..මේක වංචාවක්ද...

    මේකයි කතාව..අද වුන පොඩි සිද්දියක්..මේක වංචාවක් කියල මම කියන්නේ නැ.නමුත් මේකේ ටිකක් අස්වාභාවික ගතියක් තියනවා.සමහරවිට මේකේ මුකුත්ම වංචාවක් නැති වෙන්නත් පුලුවන්.කෝකටත් මම සිද්දිය කියන්නම්..ඔයාලගේ අදහස් කියන්න.

    මම දැනට පාවිච්චි කරන්නේ නිසාන් fb15ක්.වෙලාවකට හිතිලා තියනවා මේක විකුනල wagonr එකක් ගන්න.නමුත් ජීවිතේට wagonr එකක් පැදලා නැ.ඉතින් ඉල්ලගෙන පැදලා බලන්න පාවිච්චි කරන කෙනෙකුත් නැ.අනික ඉතින් තිබ්බත් දවසක් විතර පදින්න දෙන එකක් නැනේ..පොඩි රවුමක් ගියා කියලා වාහනේ අඩුපාඩු හොයන්නත් බැනේ..ඉතින් කල්පනා කරා රෙන්ට් එකට දෙන තැනකින් දවසකට රෙන්ට් එකට අරන් පැදලා බලන්නම් කියලා.ඊට පස්සේ ඉක්මන් එකේ බැලුවා වැගන් ආර් රෙන්ට් කරන්නේ කවුද කියලා. wagonr එකක් තිබ්බ.photo දාලා.එයාර්ටෙල් නම්බර් එකක් දාලා තිබ්බේ.මම කෝල් කරා.පොරක් කතා කරා.

    මම කිවුවා දවසකට wagonr එක රෙන්ට් එකට ගන්න ඕනි කොහොමද ගනන් කියලා.පොර කිවුවා.දවසට 4000යි.refundable diposit එක 5000යි.id එකයි.license එකයි.billing proof එකකුයි අරන් හවස එන්න කියලා.පාලමක් කියලා එතෙන්ට ඇවිත් කෝල් කරන්න කිවුවා.. හවස මම එතෙන්ට ගිහින් කෝල් කරාම පොර කිවුවා.අපරාදෙ ඔයා පිටත් වෙද්දි කෝල් කරන්න තිබ්බේ මම පොඩි වැඩකට ගියා එන්න ටිකක් වෙලා යයි කියලා .පස්සෙ මම කිඋවා හරි කමක් නැ.මම ඔයා එනකම් ඉන්නම්.කොතනද ඔයා වාහන රෙන්ට් එකට දෙන තැන කියලා.දැන් මූ තැන කියන්නේ නැ .පාලම ලගට වාහනේ ගෙනත් දෙන්නම් කිව්වා.පොඩ්ඩක් ඉන්නකෝ යාලුවෙක් අතේ වාහනේ ඔතෙන්ට එවන්න බලන්නම්.පොඩ්ඩක් ඉන්න බලලා කියන්නම් කියලා phone එක තිබ්බා.මම එතන පැයක් විතර හිටියා.කෝල් එකක් නැ ..පස්සේ මම ගත්තා.ආන්සර් නැ ..ඉතින් මම කල්පනා කරා මෙහෙම..

    මම වාහන කලිනුත් රෙන්ට් එකට අරන් තියනවා.ඒ රෙන්ට් එකට දෙන ඔක්කොමලට නිශ්චිත තැනක් තියනවා.මේ කෙනා කියන්නේ පාලම ලගට ගෙනත් දෙන්නම් කියලා.මේ කාරනාව මට ටිකක් නුහුරුයි.රෙන්ට් වලදි එහෙම කරනවද කියල මම දන්නේ නැ .එහෙම කරනව නම් උබලා කියපල්ලා..

    අනික මේ කාරනාවේ.refundable deposit එක 5000යි.මේක බොහොම අඩු ගානක්.බොහෝ අය අදුරන්නේ නැති අයට වාහන දෙද්දී 15000ක්.20000ක් refundable ගන්නවා.මේකත් මට පොඩ්ඩක් අවුල්..

    අනික දක්වපු ප්‍රතිචාරය ..කස්ටමර් කෙනෙක් වාහනයක් රෙන්ට් එකට ගන්න කතා කරනවනම්.හරියට කෝල් ආන්සර් කරලා කතා කරලා.ක්‍රමවත් විදියක් තියෙන්න ඕනිනේ.මේකේ ඒවත් දුර්වලයි.

    ඉතින්..මම ආපහු හැරිලා ආවා.මේ වෙනකනුත් පොරගෙන් කෝල් එකක් නැ ..ඉතින් මේකේ ටිකක් නුහුරු ගතියක් උබලටත් තේරෙනවද..නැත්තම් මේක සාමාන්‍යයෙන් වෙන සිද්දියක්ද..මොකද අද වන්චාකාරයෝ ගොඩයි රටේ.ඒක නිසා පරිස්සම් වෙන්න ඕනි.මිනිහා පාලම ලගට වාහනේ අරන් ආවනම් මම මිනිහගේ id එකේ photo එකකුත් අරන්.ජාතකේම හොයලා තමයි.ඕක රෙන්ට් එකට ගත්තත් ගන්න හිටියේ.නමුත් අතහැරලා ආවා.රස්තියාදු වුනත් කමක් නැ කියලා..මෙහෙම ඉතින් කරන්න පුලුවන් වන්චාවක් මට මතක් වෙන්නෙත් නැ ..උබලට බලන්න දැම්මේ.උබලගේ අදහස දැනගන්න..

     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Boruwak wenda thiyena ida wadii... Rent car ekak aduranne nathi kenekta denawanm 20000k wtra gannawa deposit anika apakarekuth illanwa aluth wahanayk nam....wagonr aluth eka nam AMW eken test drive denawa athi??
     
    Last edited:

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    ගරාජ් එකක තියෙන ඒව හොරට රෙන්ට් කරනවද දන්නෙ නැහැ. Waganr එකක් තියෙන්න නැතුව ඇති. නැත්නම් service කරල ඉවරකර ගන්න බැරිවෙන්න ඇති.
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    Boruwak wenda thiyena ida wadii... Rent car ekak aduranne nathi kenekta denawanm 20000k wtra gannawa deposit anika apakarekuth illanwa aluth wahanayk nam....wagonr aluth eka nam AMW eken test drive denawa athi??

    thanks machan..mama balannam..aniwa..උස්සපු එකක් රෙන්ට් කරනවද දන්නෙත් නැ බන්.තමන්ගේ අනන්‍යතාවය හෙලි නොවෙන්න
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ගරාජ් එකක තියෙන ඒව හොරට රෙන්ට් කරනවද දන්නෙ නැහැ. Waganr එකක් තියෙන්න නැතුව ඇති. නැත්නම් service කරල ඉවරකර ගන්න බැරිවෙන්න ඇති.


    උස්සපු එකක් රෙන්ට් කරනවද දන්නෙත් නැ බන්.තමන්ගේ අනන්‍යතාවය හෙලි නොවෙන්න

     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    උබට පාලම උඩට එන්න කියලා පාලම් කොක්කු එහෙම පෙන්නලා රොබරියක් දෙන්න හිටියද දන්නේ නෑ. :lol:

    එහෙම කියන්නත් අමාරුයි බන්.උන් ගෙවලනේ ad දාන්නේ ඉක්මන් එකේ..අනික වාහන රෙන්ට් එකට ගන්න එන එවුන් මහ සල්ලි ගොඩක් අරන් එනවද බන්..අනික ප්‍රසිද්ධ ටවුන් එකක් මැද්දේ තියන පාලමක් බන්.
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මටත් ඒකේ අස්වභාවික ගතියක් දැනෙනවා.

    මම හිතන්නේ මචන් උස්සපු එකක් රෙන්ට් කරනවා වෙන්න ඕනි..ඒකනේ පොර හැන්ගිලා කරන්න හදන්නේ.අනික එයාර්ටෙල් නම්බර්.රෙන්ට් එකට අරන් යන එකා මාට්ටු උනත් උන් අහුවෙන්නේ නැති වෙන්න මෙහෙම කරනවා ඇත්තේ.