යැංකි රහස් මෙහෙයුම් -4
කාලයකට පසුව යැංකි රහස් මෙහෙයුම් ලිපියේ හතරවන කොටස පළකරන්නට අවස්ථාවක් උදාවිය.මෙම ලිපිය ඔස්සේ ගෙන ආවේ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් සෝවියට් දේශයේ තාක්ෂණය සහ රහස් අනාවරණය කරගැනීමට දියත් කල රහස් මෙහෙයුම් කිහිපයක් ගැනයි.මෙම කොටසින් කියන්න යන්නේ සාගර පත්ල ඔස්සේ ඇද තිබූ සන්නිවේදන මාර්ග වලට රහසේ සවන්දී සෝවියට් දේශයේ රහස් හෙළිකරගැනීමට එක්සත් ජනපදය විසින් දියත් කල Ivy Bells මෙහෙයුම ගැනයි.
Ivy Bells මෙහෙයුම එක්සත් ජනපද නාවික හමුදාව,මධ්‍යම බුද්ධි තොරතුරු කාර්යාංශය(CIA) සහ ජාතික ආරක්ෂක ඒජන්සිය(NSA) එක්ව සිදුකල එකකි.සීතල යුද සමයේදී එක්සත් ජනපදය,සෝවියට් දේශයේ සබ්මැරීන සහ මිසයිල තාක්ෂණය,විශේෂයෙන් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල අත්හදා බැලීම් සහ න්‍යෂ්ඨික ප්‍රහාර සිදුකිරීමේ හැකියාව ගැන ඉතා උනන්දුවිය.චන්ද්‍රිකා ජාල බිහිවන්නට පෙර බොහොමයක් රහස් තොරතුරු හුවමාරු කෙරුණේ ගොඩබිම සහ සාගරය ඔස්සේ එළා තිබූ සන්නිවේදන මාර්ග ඔස්සේය.විලැඩ්වොස්ටොක් හි පිහිටි සෝවියට් පැසිෆික් නාවික හමුදා මූලස්ථානය සහ කැම්චැට්කා අර්ධද්වීපයේ Petropavlovsk හි තිබූ නාවික හමුදා කඳවුර සම්බන්ධ කරන සන්නිවේදන මාර්ගයක් Okhotsk මුහුද පතුලේ තිබෙන බව 1970 දශකයේ මුල් කාලයේදී එක්සත් ජනපදය විසින් සොයාගන්නා ලදි.Okhotsk මුහුද සෝවියට් මුහුදු සීමාව තුල පිහිටා තිබිණි.එම ප්‍රදේශයට විදේශීය නෞකාවලට ඇතුලුවීම තහනම් විය.එසේම සෝවියට් නාවික හමුදාව අදාල මුහුදු ප්‍රදේශයේ ශබ්ද අනාවරණය කර ගත හැකි උපාංග පද්ධතියක් ස්ථාපනය කර තිබිණි.ඊට අමතරව එහි නාවුක අභ්‍යාස බහුලව සිදුවිය.
සෝවියට් Okhotsk මුහුදු සීමාව උල්ලංඝනය කිරීමේ අවධානම නොතකා එක්සත් ජනපදය Ivy Bells මෙහෙයුම ක්‍රියාත්මක කරන ලදි.ඒ 1971 වසරේය.1971 ඔක්තෝම්බර් මාසයේදී විශේෂයෙන් වැඩිදියුණු කරන ලද USS Halibut (SSGN-587) නම් සබ්මැරීනය Okhotsk මුහුදට යවන ලදි.විශේෂිත කිමිදුම් උපකරණ,ශ්වසන උපකරණ සහිතව පැමිණි කිමිදුම්කරුවන් මීටර් 120 පමණ පතුලේ තිබී සෝවියට් සන්නිවේදන කේබලය සොයාගන්නා ලදි.එම කේබලය කැපීමෙන් තොරව ඒ ඔස්සේ හුවමාරුවන තොරතුරු ග්‍රහණය කර ගත හැකි උපකරණයක් ඊට සවි කරන ලදි.එය අඩි 20ක් දිග උපකරණයක් බව කියවේ.එය සැලසුම් කර තිබුණේ කේබලය අළුත්වැඩියා කිරීම පිණිස ඉහළට ගත හොත් ගැලවී යන අයුරින් බවයි සඳහන් වන්නේ.
මෙහෙයුමට සහභාගී වූ බොහෝ නැවියන් එහිදී සිදුවන දෙය ගැන දැන සිටියේ නැත.සත්‍ය සිද්ධිය වසන් කිරීමට ඇමෙරිකානු බලධාරීන් කතාවක් ගොතා තිබිණි.ඉන් කියවුනේ මෙම මෙහෙයුම ඔස්සේ සෝවියට් මුහුදු සීමාවේ තිබෙන අතිධ්වනි නෞකා නාශක මිසයිල සොයාගැනීම අපේක්ෂාව වූ බවයි.
සෑම මාසයකදී කිමිදුම්කරුවන් උපකරණයේ පටිගත වූ දත්ත සහිත ටේප් ගෙන ඒමට ගිය අතර අලුතින් ටේප් ස්ථාපනයද සිදුකලේය.මෙම ටේප් පට NSA ආයතනයට පැවරුණි.මෙම සන්නිවේදන මාර්ගය ඔස්සේ හුවමාරු වූ සෝවියට් සංවාදයන් unencrypted තත්ත්වයේ තිබූ අතර ඒවා මගින් වැදගත් තොරතුරු රැසක් හෙළිවිය. Petropavlovsk සබ්මැරීන කඳවුරේ සිට ක්‍රියාත්මක කල මෙහෙයුම් ගැන තොරතුරු පවා ඒවාහි අඩංගු වූ බව සඳහන් වේ.
සෝවියට් සන්නිවේදන මාර්ගයට රහසේ සවන්දීමට යොදාගත් උපකරණය සවි කල අයුරු දැක්වෙන කටුසටහනක්
1972 වසරේදී AT&T හි Bell Laboratories විසින් නිපදවූ නවතම උපකරණයක් සෝවියට් සන්නිවේදන මාර්ගයට සම්බන්ධ කරන ලදි.එහි තිබූ විශේෂත්වය දිගු කාලයක් තොරතුරු ගබඩා කරගෙන සිටීමේ හැකියාවයි.මෙම අලුත් උපකරණය අඩි 20ක් දිග,ටොන් 6ක් බර න්‍යෂ්ඨික බලයෙන් විදුලිය ජනනය කල හැකි එකකි. Ivy Bells මෙහෙයුමේ සාර්ථකත්වය නිසා ලොව අනෙක් ප්‍රදේශ ඔස්සේ දිවෙන සෝවියට් සන්නිවේදන මාර්ග ඔස්සේද ඔත්තු බැලීමට එක්සත් ජනපදය මෙම ක්රමයම යොදාගන්නා ලදි.මෙම රහස් මෙහෙයුම එතැන් පටන් දශකයක් පමණ කාලයක් සිදුවිය.එම කාලය තුල එක්සත් ජනපදය විසින් සෝවියට් දේශයේ කොතරම් රහස් ප්‍රමාණයක් අත්පත් කරගන්නට ඇද්දැයි සිතාගැනීමට පවා නොහැකිය.1980 දශකයේ මුල් කාලයේදී Okhotsk මුහුදු ප්‍රදේශයේ එක්සත් ජනපදය මෙහෙයුම සිදුකල ස්ථානය ආශ්‍රිතව සෝවියට් නෞකා සහ සාගර පත්ලෙන් යම් දෙයක් ගොඩගැනීමට හැකි නෞකාවක් සැරිසරන බව ඇමෙරිකානු ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් විසින් නිරීක්ෂණය කරන ලදි.පසුව USS Parche සබ්මැරීනය යොදාගෙන සිදුකල සෝදිසියකදී හෙළිවූයේ එක්සත් ජනපදය විසින් සෝවියට් සන්නිවේදන කේබලය ඉලක්ක කරගෙන සවිකර තිබූ උපකරණය අතුරුදහන් වී තිබෙන බවයි.
මෙතරම් කාලයක් තිස්සේ සෝවියට් දේශයට මෙම උපකරණය අනාවරණය කර ගත නොහැකිවූයේ ඔවුන්ගේ නොහැකියාව නිසාද එසේත් නැත්නම් සිතා මතා වැරදි තොරතුරු එක්සත් ජනපද බුද්ධි තොරතුරු ආයතනවලට සැපයීමේ වුවමනාවෙන්ද යන්න තවමත් රහසකි.කෙසේ නමුත් එක්සත් ජනපදයේ Ivy Bells මෙහෙයුම සම්බන්ධව සෝවියට් දේශයට ඔත්තුව ලබාදුන්නේ රොනල්ඩ් පෙල්ටන් නම් NSA ආයතනයේ හිටපු සේවකයෙක් බව පසුව හෙළිව තිබේ.ඔහු සිදුකල පාවාදීම නිසා ජීවිතාන්තය තෙක් එක්සත් ජනපදයේ සිරදඬුවම් විදීමට සිදුව තිබේ.Ivy Bells මෙහෙයුම සම්බන්ධ තොරතුරු ඔහු විසින් සෝවියට් දේශයට අලෙවි කර තිබෙන්නේ ඇ.ඩො.35,000ට බවයි කියවෙන්නේ.
Okhotsk මුහුදේ සිදුකල මෙහෙයුම සාර්ථක වීම හේතුවෙන් බැරන්ට්ස් මුහුදේ පිහිටි සෝවියට් සන්නිවේදන මාර්ගවලටද රහසේ ඇහුම්කන් දීමට කටයුතු සූදානම් කරන ලදි.ඒ සඳහා ඔවුන් යොදාගත්තේ USS Parche නම් නවීන සබ්මැරීනයයි.1970 දශකයේ අවසන් කාලයේදී බැරන්ට්ස් මුහුදේ සෝවියට් කේබලයක්ද ටැප් කිරීමට එක්සත් ජනපදය සමත් විය.
සාගර පතුල පුරා එලා තිබෙන සන්නිවේදන කේබල් ජාලය
අවසන් කොටසින් හමුවෙමු
Source:cracked.com
-HarshaLulzSec-

මෙහෙයුම සිදු කල Okhotsk මුහුද

USS Halibut (SSGN-587) සබ්මැරීනය
සෝවියට් Okhotsk මුහුදු සීමාව උල්ලංඝනය කිරීමේ අවධානම නොතකා එක්සත් ජනපදය Ivy Bells මෙහෙයුම ක්‍රියාත්මක කරන ලදි.ඒ 1971 වසරේය.1971 ඔක්තෝම්බර් මාසයේදී විශේෂයෙන් වැඩිදියුණු කරන ලද USS Halibut (SSGN-587) නම් සබ්මැරීනය Okhotsk මුහුදට යවන ලදි.විශේෂිත කිමිදුම් උපකරණ,ශ්වසන උපකරණ සහිතව පැමිණි කිමිදුම්කරුවන් මීටර් 120 පමණ පතුලේ තිබී සෝවියට් සන්නිවේදන කේබලය සොයාගන්නා ලදි.එම කේබලය කැපීමෙන් තොරව ඒ ඔස්සේ හුවමාරුවන තොරතුරු ග්‍රහණය කර ගත හැකි උපකරණයක් ඊට සවි කරන ලදි.එය අඩි 20ක් දිග උපකරණයක් බව කියවේ.එය සැලසුම් කර තිබුණේ කේබලය අළුත්වැඩියා කිරීම පිණිස ඉහළට ගත හොත් ගැලවී යන අයුරින් බවයි සඳහන් වන්නේ.
Bell Laboratories විසින් නිර්මාණය කල මාස ගණනක් පුරා තොරතුරු රැස් කර තබාගත හැකි උපකරණය.මෙය අඩි 20 දිග සහ අඩි 3ක් පළල ,බරින් ටොන් 6 වන න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියාත්මක වූ එකකි.
මෙහෙයුමට සහභාගී වූ බොහෝ නැවියන් එහිදී සිදුවන දෙය ගැන දැන සිටියේ නැත.සත්‍ය සිද්ධිය වසන් කිරීමට ඇමෙරිකානු බලධාරීන් කතාවක් ගොතා තිබිණි.ඉන් කියවුනේ මෙම මෙහෙයුම ඔස්සේ සෝවියට් මුහුදු සීමාවේ තිබෙන අතිධ්වනි නෞකා නාශක මිසයිල සොයාගැනීම අපේක්ෂාව වූ බවයි.
සෑම මාසයකදී කිමිදුම්කරුවන් උපකරණයේ පටිගත වූ දත්ත සහිත ටේප් ගෙන ඒමට ගිය අතර අලුතින් ටේප් ස්ථාපනයද සිදුකලේය.මෙම ටේප් පට NSA ආයතනයට පැවරුණි.මෙම සන්නිවේදන මාර්ගය ඔස්සේ හුවමාරු වූ සෝවියට් සංවාදයන් unencrypted තත්ත්වයේ තිබූ අතර ඒවා මගින් වැදගත් තොරතුරු රැසක් හෙළිවිය. Petropavlovsk සබ්මැරීන කඳවුරේ සිට ක්‍රියාත්මක කල මෙහෙයුම් ගැන තොරතුරු පවා ඒවාහි අඩංගු වූ බව සඳහන් වේ.
සෝවියට් සන්නිවේදන මාර්ගයට රහසේ සවන්දීමට යොදාගත් උපකරණය සවි කල අයුරු දැක්වෙන කටුසටහනක්
1972 වසරේදී AT&T හි Bell Laboratories විසින් නිපදවූ නවතම උපකරණයක් සෝවියට් සන්නිවේදන මාර්ගයට සම්බන්ධ කරන ලදි.එහි තිබූ විශේෂත්වය දිගු කාලයක් තොරතුරු ගබඩා කරගෙන සිටීමේ හැකියාවයි.මෙම අලුත් උපකරණය අඩි 20ක් දිග,ටොන් 6ක් බර න්‍යෂ්ඨික බලයෙන් විදුලිය ජනනය කල හැකි එකකි. Ivy Bells මෙහෙයුමේ සාර්ථකත්වය නිසා ලොව අනෙක් ප්‍රදේශ ඔස්සේ දිවෙන සෝවියට් සන්නිවේදන මාර්ග ඔස්සේද ඔත්තු බැලීමට එක්සත් ජනපදය මෙම ක්රමයම යොදාගන්නා ලදි.මෙම රහස් මෙහෙයුම එතැන් පටන් දශකයක් පමණ කාලයක් සිදුවිය.එම කාලය තුල එක්සත් ජනපදය විසින් සෝවියට් දේශයේ කොතරම් රහස් ප්‍රමාණයක් අත්පත් කරගන්නට ඇද්දැයි සිතාගැනීමට පවා නොහැකිය.1980 දශකයේ මුල් කාලයේදී Okhotsk මුහුදු ප්‍රදේශයේ එක්සත් ජනපදය මෙහෙයුම සිදුකල ස්ථානය ආශ්‍රිතව සෝවියට් නෞකා සහ සාගර පත්ලෙන් යම් දෙයක් ගොඩගැනීමට හැකි නෞකාවක් සැරිසරන බව ඇමෙරිකානු ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් විසින් නිරීක්ෂණය කරන ලදි.පසුව USS Parche සබ්මැරීනය යොදාගෙන සිදුකල සෝදිසියකදී හෙළිවූයේ එක්සත් ජනපදය විසින් සෝවියට් සන්නිවේදන කේබලය ඉලක්ක කරගෙන සවිකර තිබූ උපකරණය අතුරුදහන් වී තිබෙන බවයි.
1980 දශකය ආරම්භ වීමත් සමගම Ivy Bells මෙහෙයුම වෙනුවෙන් යොදාගත් USS Halibut සබ්මැරීනය වෙනුවට USS Seawolf නම් සබ්මැරීනය ආදේශ කරන ලදි.
Ivy Bells මෙහෙයුම පාවාදුන්නේ යැයි දඬුවම් ලබන රොනල්ඩ් පෙල්ටන්
මෙතරම් කාලයක් තිස්සේ සෝවියට් දේශයට මෙම උපකරණය අනාවරණය කර ගත නොහැකිවූයේ ඔවුන්ගේ නොහැකියාව නිසාද එසේත් නැත්නම් සිතා මතා වැරදි තොරතුරු එක්සත් ජනපද බුද්ධි තොරතුරු ආයතනවලට සැපයීමේ වුවමනාවෙන්ද යන්න තවමත් රහසකි.කෙසේ නමුත් එක්සත් ජනපදයේ Ivy Bells මෙහෙයුම සම්බන්ධව සෝවියට් දේශයට ඔත්තුව ලබාදුන්නේ රොනල්ඩ් පෙල්ටන් නම් NSA ආයතනයේ හිටපු සේවකයෙක් බව පසුව හෙළිව තිබේ.ඔහු සිදුකල පාවාදීම නිසා ජීවිතාන්තය තෙක් එක්සත් ජනපදයේ සිරදඬුවම් විදීමට සිදුව තිබේ.Ivy Bells මෙහෙයුම සම්බන්ධ තොරතුරු ඔහු විසින් සෝවියට් දේශයට අලෙවි කර තිබෙන්නේ ඇ.ඩො.35,000ට බවයි කියවෙන්නේ.
USS Parche නවීන සබ්මැරීනය

rep denna balu 