යැංකි හමුදා උභයචර සංග්‍රාමික පුහුණුව
ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් ශාඛා තුනකට බෙදෙන බව බහුතරයක් දෙනා හොඳින් දන්නා කරුණකි.2010 වන විට ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවේ පිරිස් බලය ලක්ෂ දෙකකට වැඩිවිය.මෙම හමුදාව නඩත්තු කිරීමට 2016 වර්ෂය වෙනුවෙන් ඇ.ඩො.බිලියන 2.4ක් වෙන් කර තිබෙන බව සඳහන්ය.
මුහුදු ප්‍රදේශයකට හිමිකම් කියන බොහොමයක් රටවල සන්නද්ධ හමුදාව ඉහත පරිදි ශාඛා තුනකි.ඊට අමතරව සමහර රටවල් වෙරළාරක්ෂක හමුදාවක් පවත්වාගෙන යනු ලැබේ.නමුත් ඇමෙරිකා එක්සත් ජනපදයේ සන්නද්ධ හමුදා ශාඛා 5කින් සමන්විතය.ඔවුන්ගේ ආරක්ෂක දෙපාර්තුමේන්තුව යටතේ මෙම ශාඛා 5 පවතියි.
ඇමෙරිකාව සතු පැරණිතම සන්නද්ධ හමුදාව වන්නේ යුද හමුදාවයි,එය ක්‍රි.ව.1775 වසරේදී පිහිටුවා තිබේ.ගොඩබිම් මෙහෙයුම් සඳහා සහභාගී වීම ඔවුන්ගේ කාර්යයි.ඔවුන් සතුව ගුවන් ඒකකයක් තිබේ.සන්නද්ධ හමුදා අතර විශාලතම ශාඛාව වන්නෙද මෙයයි.යුද හමුදාවට අතිරේක හමුදා සපයා ගන්නේ යුද හමුදා සංචිතයෙන් සහ යුද හමුදා ජාතික ආරක්ෂක බලකායෙනි.2016 වන විට යුද හමුදාවේ සේවයේ නියුතු පිරිස 475,000ක් විය.
හමුදාවේ දෙවන කුඩාම ශාඛාව වන්නේ මෙයයි.මෙය පිහිටුවන්නේ 1775 වසරේදීය.ඒ කාලයේදී මැරීන් හමුදාව ,නාවික හමුදාව යටතේ පැවතුණි.ඒ නාවික හමුදාව සතු ගොඩබිම් හමුදාවක් ලෙසයි.ඊට පැවරී තිබූ කාර්යය වූයේ නාවික හමුදාව ඔවුන්ව මෙහෙයුමකට යෙදවූ විට වෙරළ තීරයන්හි බලය අල්ලා ගැනීමයි.1798 වසරේදී මෙම හමුදාව වෙනම ශාඛාවක් බවට පත් කර මූලික වශයෙන් ගොඩබිම් මෙහෙයුම් සඳහා යොදවන ලදි.කාලයත් සමග ඔවුන්ට තමන්ගේම ගුවන් හමුදා සහායක් ලැබුණු අතර තවමත් ඔවුන්ගේ ගුවන් සහ මුහුදු මෙහෙයුම් සඳහා සහාය ලබාදෙන්නේ නාවික හමුදාවයි.නමුත් ඔවුන්ට තමන්ගේම වෛද්‍ය බලකායක් නැත.එම කාර්යය ඉටු කරන්නේ නාවික හමුදා වෛද්‍ය බලකාය විසිනි.2016 වසරේදී මැරීන් හමුදාව සතුව 182,000 පමණ භට පිරිසක් සිටින බව සඳහන් වේ.ඔවුන් දිය-ගොඩ සහ ගුවන් මෙහෙයුම් සඳහා විශේෂයෙන් යොදා ගැනේ.
1775 වසරේදී පිහිටුවන ලද එක්සත් ජනපද නාවික හමුදාවේ කාර්යය වන්නේ එරට මුහුදු ප්‍රදේශ ආරක්ෂා කිරීමයි.නමුත් ඔවුන් ගොඩබිම් මෙහෙයුම්වලටද දායක වේ.ගුවන් හමුදාවට අවශ්‍ය ගුවන් යානා ප්‍රවාහන නෞකා සැපයීම සහ මුහුදේදී ඔවුන්ට අවශ්‍ය ගුවන් පථයන් සපයා දීම නාවික හමුදාවේ කැපී පෙනෙන කාර්යයකි.නාවික හමුදාවේ පිරිස් බලය ලක්ෂ 3කට වැඩිය.
ඇමෙරිකානු සන්නද්ධ හමුදා අතරින් අවසානයටම පිහිටුවන ලද්දේ ගුවන් හමුදාවයි.එනම් මෙය වෙනම හමුදාවක් වශයෙන් ඇරඹෙන්නේ 1947 වසරේදීය.එහි ප්‍රධාන කාර්යය එක්සත් ජනපදයේ ගුවන් සීමා ආරක්ෂා කිරීම.ඊට අමතරව ගොඩබිම් හමුදාවලට අවශ්‍ය ගුවන් ප්‍රහාරක බලය සපයා දීමයි.දැනට ගුවන් හමුදාවේ ලක්ෂ තුනක පමණ පිරිසක් සේවය කරති.
මෙය එක්සත් ජනපද සන්නද්ධ හමුදා අතරින් බොහෝදෙනාගේ මතකයෙන් ඈත්ව තිබෙන හමුදා ශාඛාවකි.එරට සතු කුඩාම හමුදා ශාඛාව වන වෙරළාරක්ෂක හමුදාව වෙනම ශාඛාවක් ලෙස ක්‍රියාත්මක වන බව දන්නේ සුළු පිරිසකි.මෙය පිහිටුවන ලද්දේ 1790 වසරේදීය.දැනට වෙරළාරක්ෂක හමුදාවේ 40,000කට වැඩි පිරිසක් සේවයේ නියුක්ත වේ.වෙරළ ආරක්ෂා කිරීම,නාවික නීති ක්‍රියාත්මක කිරීම සහ අනතුරට පත් පිරිස් සොයා ඔවුන් ගලවා ගැනීම ආදිය එහි ප්‍රධාන කාර්යයන් වේ.
එක්සත් ජනපද යුද හමුදාව මැරීන් හමුදාව මෙන් දෙගුණයක් විශාලය.යුද හමුදාවට බඳවා ගන්නා උපරිම වයස් සීමාව 35කි.මැරීන් හමුදාවේ නම් මෙය 28කි.යුද හමුදාව ගොඩබිම් මෙහෙයුම් සඳහා ද මැරීන් හමුදාව දිය-ගොඩ සහ කාර්යය සාධන මෙහෙයුම් සඳහාද යොදාගැනේ.යුද හමුදාවට බඳවා ගන්නා අවම වයස 17 හෝ 18 වේ.එක්සත් ජනපද යුද හමුදාවේ මූලික පුහුණු කාලය සති 10කි.නමුත් මැරීන් භටයෙකුට ලැබෙන පුහුණුව ඊට සාපේක්ෂව මානසිකව සහ ශාරීරිකව අභියෝගාත්මක එකකි.මැරීන් හමුදාවේ ගැහැණු පිරිමි දෙපක්ෂයටම සති 13ක පුහුණුවක් ලබාදෙයි.පළමුව ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවය මැන බැලේ.ඉන් අසමත් වන පිරිස සම්බන්ධව පෞද්ගලිකව අවධානය යොමුකර ඔවුන් පරීක්ෂණය සමත් වනතුරු පුහුණුවීම් සිදුකරවනු ලැබේ.
එක්සත් ජනපද යුද හමුදාව එරට තුල සිදූ යුද්ධ මෙන්ම විදේශ යුද්ධ සඳහාද සහභාගී වී තිබේ.ඇමෙරිකානු සිවිල් යුද්ධය,පළමු සහ දෙවන ලෝක සංග්‍රාමයන්ට මෙන්ම පසුගිය ඇෆ්ගන්,ඉරාක යුද්ධ සඳහාද ඔවුන් සහභාගිවී තිබේ.මැරීන් හමුදාවද එක්සත් ජනපදය මැදිහත් වූ බොහෝ යුද ගැටුම්වලට සහභාගී වී තිබේ.ඔවුන් ට්‍රිපොලි,ඉවෝ ජිමා,ඉකෝන් බේ ආදී සටන් වලදී ප්‍රධානත්වය ගෙන ක්‍රියා කර තිබේ.
එක්සත් ජනපද නාවික හමුදා සීල් යනු අතිවිශේෂ හමුදා කණ්ඩයකි.ඔවුන්ට ලබාදෙන පුහුණුව සාමාන්‍ය පුද්ගලයෙකුට දරාගැනීමට පවා අසීරුය.සීල් කණ්ඩායම්,මැරීන් හමුදාවට වඩා දැඩි පුහුණුවක් ලබන,හැකියාව සහ දරාගැනීම අතින් වඩාත් ඉදිරියෙන් සිටින පිරිසකි.නේවි සීල් ,ඇමෙරිකානු නාවික හමුදාවේ ප්‍රධානතම විශේෂ මෙහෙයුම් බලකායයි.ඔවුන් Naval Special Warfare Command (NSWC)හි කොටසකි."SEAL" යන්නේ අරුත මුහුදේ,ගුවනේ සහ ගොඩබිමේ මෙහෙයුම් කිරීමේ හැකියාව( SEa, Air, Land) සහිත යන්නයි.දිය යට මෙහෙයුම් කිරීම සඳහා ඔවුන්ට විශේෂ පුහුණුවක් ලබාදෙයි.Navy SEALs හි පිරිස් බලය 2400 පමණ වෙතැයි කියවේ.ඔවුන් දෙවන ලෝක යුද්ධය,වියට්නාම යුද්ධය,Urgent Fury මෙහෙයුම,Just Cause මෙහෙයුම,Desert Storm මෙහෙයුම,Restore Hope මෙහෙයුම,මොගඩිෂු සටන,United Shield මෙහෙයුම,Enduring Freedom මෙහෙයුම ආදිය සඳහා යොදවා තිබේ.පිරිමින්ට පමණක් සීමාවී තිබූ නේවි සීල් බලකාය දැන් කාන්තාවන්ටද විවෘතය.
දරාගැනීමේ ශක්තිය සහ එකමුතුබව මැන බලන අවස්ථාවක්
ජලයේදි දිවිරැක ගැනීම සම්බන්ධව කෙරෙන පාඨමාලාවේදී බේරාගැනීමක් සිදුකරන අයුරු - උතුරු කැරොලිනා හි මැරීන් හමුදා මූලික කඳවුර
මැරීන් සෙබලුන් F470 සංග්‍රාමික රබර් බෝට්ටු යොදාගෙන ජලජ පිරික්සුම් මෙහෙයුම් පුහුණුවක නිරත වන අයුරු - හවායි හි Waimanalo ප්‍රදේශයේ මැරීන් හමුදා පුහුණු භුමිය
වර්ජීනියාහි මැරීන් හමුදා කඳවුරු බිමක මඩ පැහැති ජලයේ කිමිදෙන මැරීන් සෙබලෙක්
නොගැඹුරු ජලයේ උඩුකුරුව සිටින සෙබලෙක් හදිසි ශ්වසන පද්ධතියකින් සම්පීඩිත වාතය ආශ්වාස කිරීමට උත්සාහ කරන අයුරු - හවායි හි මැරීන් හමුදා කඳවුර
අඩි 15 ගැඹුරු ජලයේදී M240G මැෂින් තුවක්කුවක් එකලස් කරන මැරීන් සෙබලුන් දෙදෙනෙක්
පිහිනීම සම්බන්ධ සුදුසුකම් ලැබීමේ පාඨමාලාවකදී මැරීන් සෙබලුන් ජලය තුලින් ගමන් කරන අයුරු - උතුරු කැරොලිනා මැරීන් හමුදා කඳවුර
මැරීන් හමුදා විශේෂ මෙහෙයුම් පුහුණු කණ්ඩායම සංග්‍රාමික රබර් බෝට්ටුවක් සමග
විශේෂ සංග්‍රාමික සටන්කරුවන් - බෝට්ටු කාර්ය මණ්ඩලය සහ යුද හමුදාවේ 160 වන විශේෂ මෙහෙයුම් ගුවන් රෙජිමේන්තුවේ (SOAR) සාමාජිකයින් වොෂින්ටන් හි මොසෙස් විලේ බාහිර නාවික ගුවන් ප්‍රවාහන පද්ධති පුහුණුවක් සිදුකරන අයුරු
නාවුක කිමිදුම් සහ ගලවාගැනීම් මධ්‍යස්ථානයේ සිසුන් දිය යට පාපන්දු ක්‍රීඩා කරන අයුරු
කැලිෆෝනියා හි නාවික උභයචර කඳවුරු බිමේ පුහුණුවකදී තුවාලකරුවෙක් සිටින බවට සංඥා කරන අයුරු
නාවික හමුදා කිමිදුම්කරුවෙක් දිය යට පෑස්සුම් කටයුත්තක යෙදෙන අයුරු.
ඇමෙරිකානු නාවික හමුදා සෙබලුන් සහ මැරීන් හමුදාවේ සෙබලුන් තමන්ගේ විවේක කාලයේදී මොනවා කරනවා ඇතිද? ෆිල්ම් එකක් බලනවා ,තමන්ගේ පවුලේ අය සමග කතාබහ කරනවා වගේ දෙයක් කරනවා ඇති කියලා සමහරුන්ට හිතෙන්න පුළුවන්.ඔවුන් මුහුද මැද නානවා කිව්වොත් විශ්වාස කරන්න පුලුවන්ද?නානවා කිව්වේ නැව්වල තියෙන නාන කාමරවල නෙමෙයි ඔන්න.පහල තියෙන ඡායාරූප දැක්කාම හිතෙනවා ඇති මොන මෝඩ වැඩක්ද මේ කියලා.ඔවුන් මේ කරන දේ අවදානමක් නැත්තෙමත් නෑ.මන්ද මෙම සෙබලුන් මුහුද මැද ඉන්න මෝරුන් වැනි විශාල ප්‍රමාණයේ විලෝපිකයන්ගේ ආහාරයක් වෙන්නත් ඉඩ තිබෙන නිසා.
Source:businessinsider.com
-HarshaLulzSec-

1.යුද හමුදාව
2.නාවික හමුදාව
3.ගුවන් හමුදාව

2.මැරීන් හමුදාව
3.නාවික හමුදාව
4.ගුවන් හමුදාව
5.වෙරළාරක්ෂක හමුදාව
ඉහත දැක්වෙන්නේ එක්සත් ජනපදය සතු සන්නද්ධ හමුදා ශාඛා පහයි.

ඇමෙරිකානු එක්සත් ජනපද යුද හමුදාව
ඇමෙරිකාව සතු පැරණිතම සන්නද්ධ හමුදාව වන්නේ යුද හමුදාවයි,එය ක්‍රි.ව.1775 වසරේදී පිහිටුවා තිබේ.ගොඩබිම් මෙහෙයුම් සඳහා සහභාගී වීම ඔවුන්ගේ කාර්යයි.ඔවුන් සතුව ගුවන් ඒකකයක් තිබේ.සන්නද්ධ හමුදා අතර විශාලතම ශාඛාව වන්නෙද මෙයයි.යුද හමුදාවට අතිරේක හමුදා සපයා ගන්නේ යුද හමුදා සංචිතයෙන් සහ යුද හමුදා ජාතික ආරක්ෂක බලකායෙනි.2016 වන විට යුද හමුදාවේ සේවයේ නියුතු පිරිස 475,000ක් විය.
මැරීන් හමුදාව
හමුදාවේ දෙවන කුඩාම ශාඛාව වන්නේ මෙයයි.මෙය පිහිටුවන්නේ 1775 වසරේදීය.ඒ කාලයේදී මැරීන් හමුදාව ,නාවික හමුදාව යටතේ පැවතුණි.ඒ නාවික හමුදාව සතු ගොඩබිම් හමුදාවක් ලෙසයි.ඊට පැවරී තිබූ කාර්යය වූයේ නාවික හමුදාව ඔවුන්ව මෙහෙයුමකට යෙදවූ විට වෙරළ තීරයන්හි බලය අල්ලා ගැනීමයි.1798 වසරේදී මෙම හමුදාව වෙනම ශාඛාවක් බවට පත් කර මූලික වශයෙන් ගොඩබිම් මෙහෙයුම් සඳහා යොදවන ලදි.කාලයත් සමග ඔවුන්ට තමන්ගේම ගුවන් හමුදා සහායක් ලැබුණු අතර තවමත් ඔවුන්ගේ ගුවන් සහ මුහුදු මෙහෙයුම් සඳහා සහාය ලබාදෙන්නේ නාවික හමුදාවයි.නමුත් ඔවුන්ට තමන්ගේම වෛද්‍ය බලකායක් නැත.එම කාර්යය ඉටු කරන්නේ නාවික හමුදා වෛද්‍ය බලකාය විසිනි.2016 වසරේදී මැරීන් හමුදාව සතුව 182,000 පමණ භට පිරිසක් සිටින බව සඳහන් වේ.ඔවුන් දිය-ගොඩ සහ ගුවන් මෙහෙයුම් සඳහා විශේෂයෙන් යොදා ගැනේ.
නාවික හමුදාව
1775 වසරේදී පිහිටුවන ලද එක්සත් ජනපද නාවික හමුදාවේ කාර්යය වන්නේ එරට මුහුදු ප්‍රදේශ ආරක්ෂා කිරීමයි.නමුත් ඔවුන් ගොඩබිම් මෙහෙයුම්වලටද දායක වේ.ගුවන් හමුදාවට අවශ්‍ය ගුවන් යානා ප්‍රවාහන නෞකා සැපයීම සහ මුහුදේදී ඔවුන්ට අවශ්‍ය ගුවන් පථයන් සපයා දීම නාවික හමුදාවේ කැපී පෙනෙන කාර්යයකි.නාවික හමුදාවේ පිරිස් බලය ලක්ෂ 3කට වැඩිය.
ගුවන් හමුදාව
ඇමෙරිකානු සන්නද්ධ හමුදා අතරින් අවසානයටම පිහිටුවන ලද්දේ ගුවන් හමුදාවයි.එනම් මෙය වෙනම හමුදාවක් වශයෙන් ඇරඹෙන්නේ 1947 වසරේදීය.එහි ප්‍රධාන කාර්යය එක්සත් ජනපදයේ ගුවන් සීමා ආරක්ෂා කිරීම.ඊට අමතරව ගොඩබිම් හමුදාවලට අවශ්‍ය ගුවන් ප්‍රහාරක බලය සපයා දීමයි.දැනට ගුවන් හමුදාවේ ලක්ෂ තුනක පමණ පිරිසක් සේවය කරති.
වෙරළාරක්ෂක හමුදාව
මෙය එක්සත් ජනපද සන්නද්ධ හමුදා අතරින් බොහෝදෙනාගේ මතකයෙන් ඈත්ව තිබෙන හමුදා ශාඛාවකි.එරට සතු කුඩාම හමුදා ශාඛාව වන වෙරළාරක්ෂක හමුදාව වෙනම ශාඛාවක් ලෙස ක්‍රියාත්මක වන බව දන්නේ සුළු පිරිසකි.මෙය පිහිටුවන ලද්දේ 1790 වසරේදීය.දැනට වෙරළාරක්ෂක හමුදාවේ 40,000කට වැඩි පිරිසක් සේවයේ නියුක්ත වේ.වෙරළ ආරක්ෂා කිරීම,නාවික නීති ක්‍රියාත්මක කිරීම සහ අනතුරට පත් පිරිස් සොයා ඔවුන් ගලවා ගැනීම ආදිය එහි ප්‍රධාන කාර්යයන් වේ.
එක්සත් ජනපද සන්නද්ධ හමුදා පහෙහි සංග්‍රාමික නිල ඇඳුම්
එක්සත් ජනපද සන්නද්ධ හමුදා පහෙහි සේවා නිල ඇඳුම්
එක්සත් ජනපද සන්නද්ධ හමුදා පහෙහි සේවා නිල ඇඳුම්
එක්සත් ජනපද යුද හමුදාව මැරීන් හමුදාව මෙන් දෙගුණයක් විශාලය.යුද හමුදාවට බඳවා ගන්නා උපරිම වයස් සීමාව 35කි.මැරීන් හමුදාවේ නම් මෙය 28කි.යුද හමුදාව ගොඩබිම් මෙහෙයුම් සඳහා ද මැරීන් හමුදාව දිය-ගොඩ සහ කාර්යය සාධන මෙහෙයුම් සඳහාද යොදාගැනේ.යුද හමුදාවට බඳවා ගන්නා අවම වයස 17 හෝ 18 වේ.එක්සත් ජනපද යුද හමුදාවේ මූලික පුහුණු කාලය සති 10කි.නමුත් මැරීන් භටයෙකුට ලැබෙන පුහුණුව ඊට සාපේක්ෂව මානසිකව සහ ශාරීරිකව අභියෝගාත්මක එකකි.මැරීන් හමුදාවේ ගැහැණු පිරිමි දෙපක්ෂයටම සති 13ක පුහුණුවක් ලබාදෙයි.පළමුව ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවය මැන බැලේ.ඉන් අසමත් වන පිරිස සම්බන්ධව පෞද්ගලිකව අවධානය යොමුකර ඔවුන් පරීක්ෂණය සමත් වනතුරු පුහුණුවීම් සිදුකරවනු ලැබේ.
එක්සත් ජනපද යුද හමුදාව එරට තුල සිදූ යුද්ධ මෙන්ම විදේශ යුද්ධ සඳහාද සහභාගී වී තිබේ.ඇමෙරිකානු සිවිල් යුද්ධය,පළමු සහ දෙවන ලෝක සංග්‍රාමයන්ට මෙන්ම පසුගිය ඇෆ්ගන්,ඉරාක යුද්ධ සඳහාද ඔවුන් සහභාගිවී තිබේ.මැරීන් හමුදාවද එක්සත් ජනපදය මැදිහත් වූ බොහෝ යුද ගැටුම්වලට සහභාගී වී තිබේ.ඔවුන් ට්‍රිපොලි,ඉවෝ ජිමා,ඉකෝන් බේ ආදී සටන් වලදී ප්‍රධානත්වය ගෙන ක්‍රියා කර තිබේ.
Navy SEAL
එක්සත් ජනපද නාවික හමුදා සීල් යනු අතිවිශේෂ හමුදා කණ්ඩයකි.ඔවුන්ට ලබාදෙන පුහුණුව සාමාන්‍ය පුද්ගලයෙකුට දරාගැනීමට පවා අසීරුය.සීල් කණ්ඩායම්,මැරීන් හමුදාවට වඩා දැඩි පුහුණුවක් ලබන,හැකියාව සහ දරාගැනීම අතින් වඩාත් ඉදිරියෙන් සිටින පිරිසකි.නේවි සීල් ,ඇමෙරිකානු නාවික හමුදාවේ ප්‍රධානතම විශේෂ මෙහෙයුම් බලකායයි.ඔවුන් Naval Special Warfare Command (NSWC)හි කොටසකි."SEAL" යන්නේ අරුත මුහුදේ,ගුවනේ සහ ගොඩබිමේ මෙහෙයුම් කිරීමේ හැකියාව( SEa, Air, Land) සහිත යන්නයි.දිය යට මෙහෙයුම් කිරීම සඳහා ඔවුන්ට විශේෂ පුහුණුවක් ලබාදෙයි.Navy SEALs හි පිරිස් බලය 2400 පමණ වෙතැයි කියවේ.ඔවුන් දෙවන ලෝක යුද්ධය,වියට්නාම යුද්ධය,Urgent Fury මෙහෙයුම,Just Cause මෙහෙයුම,Desert Storm මෙහෙයුම,Restore Hope මෙහෙයුම,මොගඩිෂු සටන,United Shield මෙහෙයුම,Enduring Freedom මෙහෙයුම ආදිය සඳහා යොදවා තිබේ.පිරිමින්ට පමණක් සීමාවී තිබූ නේවි සීල් බලකාය දැන් කාන්තාවන්ටද විවෘතය.
පහත දැක්වෙන්නේ මැරීන් භටයන් දිය ගොඩ මෙහෙයුම් සඳහා පුහුණු කරන අයුරුය.
USS Green Bay නම් නෞකාවට පැමිණි රාත්‍රී බෝට්ටු මෙහෙයුම් අභ්‍යාසයක නිරත වූ එක්සත් ජනපද මැරීන් භටයන් පිරිසක්
Winter Mountain Leaders පාඨමාලාවේ කොටසක් ලෙස අධි ශීත ජලයට පැමිණීමට සිදුවූ මැරීන් සෙබලෙක්
දෙපාවල වළලුකර ගැට ගසා ජලයට පනින මැරීන් සෙබලුන්- ජපානයේ Schwab කඳවුර

මැරීන් සෙබලුන් උභයචර මෙහෙයුම් වලදී අවි භාවිතා කරන ආකාරය සම්බන්ධව පුහුණුව ලබන අයුරු
දරාගැනීමේ ශක්තිය සහ එකමුතුබව මැන බලන අවස්ථාවක්
දකුණු කොරියානු මැරීන් භටයන් සමග එක්ව එක්සත් ජනපද 7වන මැරීන් රෙජිමේන්තුවේ සෙබලුන් උභයචර ගොඩබැසීමක් සිදුකරන අයුරු
ජලයේදි දිවිරැක ගැනීම සම්බන්ධව කෙරෙන පාඨමාලාවේදී බේරාගැනීමක් සිදුකරන අයුරු - උතුරු කැරොලිනා හි මැරීන් හමුදා මූලික කඳවුර
මැරීන් සෙබලුන් F470 සංග්‍රාමික රබර් බෝට්ටු යොදාගෙන ජලජ පිරික්සුම් මෙහෙයුම් පුහුණුවක නිරත වන අයුරු - හවායි හි Waimanalo ප්‍රදේශයේ මැරීන් හමුදා පුහුණු භුමිය
වර්ජීනියාහි මැරීන් හමුදා කඳවුරු බිමක මඩ පැහැති ජලයේ කිමිදෙන මැරීන් සෙබලෙක්
නොගැඹුරු ජලයේ උඩුකුරුව සිටින සෙබලෙක් හදිසි ශ්වසන පද්ධතියකින් සම්පීඩිත වාතය ආශ්වාස කිරීමට උත්සාහ කරන අයුරු - හවායි හි මැරීන් හමුදා කඳවුර
අඩි 15 ගැඹුරු ජලයේදී M240G මැෂින් තුවක්කුවක් එකලස් කරන මැරීන් සෙබලුන් දෙදෙනෙක්
පිහිනීම සම්බන්ධ සුදුසුකම් ලැබීමේ පාඨමාලාවකදී මැරීන් සෙබලුන් ජලය තුලින් ගමන් කරන අයුරු - උතුරු කැරොලිනා මැරීන් හමුදා කඳවුර
මැරීන් හමුදා විශේෂ මෙහෙයුම් පුහුණු කණ්ඩායම සංග්‍රාමික රබර් බෝට්ටුවක් සමග
විශේෂ සංග්‍රාමික සටන්කරුවන් - බෝට්ටු කාර්ය මණ්ඩලය සහ යුද හමුදාවේ 160 වන විශේෂ මෙහෙයුම් ගුවන් රෙජිමේන්තුවේ (SOAR) සාමාජිකයින් වොෂින්ටන් හි මොසෙස් විලේ බාහිර නාවික ගුවන් ප්‍රවාහන පද්ධති පුහුණුවක් සිදුකරන අයුරු
නාවුක කිමිදුම් සහ ගලවාගැනීම් මධ්‍යස්ථානයේ සිසුන් දිය යට පාපන්දු ක්‍රීඩා කරන අයුරු
කැලිෆෝනියා හි නාවික උභයචර කඳවුරු බිමේ පුහුණුවකදී තුවාලකරුවෙක් සිටින බවට සංඥා කරන අයුරු
නාවික හමුදා කිමිදුම්කරුවෙක් දිය යට පෑස්සුම් කටයුත්තක යෙදෙන අයුරු.
ඇමෙරිකානු නාවික හමුදා සෙබලුන් සහ මැරීන් හමුදාවේ සෙබලුන් තමන්ගේ විවේක කාලයේදී මොනවා කරනවා ඇතිද? ෆිල්ම් එකක් බලනවා ,තමන්ගේ පවුලේ අය සමග කතාබහ කරනවා වගේ දෙයක් කරනවා ඇති කියලා සමහරුන්ට හිතෙන්න පුළුවන්.ඔවුන් මුහුද මැද නානවා කිව්වොත් විශ්වාස කරන්න පුලුවන්ද?නානවා කිව්වේ නැව්වල තියෙන නාන කාමරවල නෙමෙයි ඔන්න.පහල තියෙන ඡායාරූප දැක්කාම හිතෙනවා ඇති මොන මෝඩ වැඩක්ද මේ කියලා.ඔවුන් මේ කරන දේ අවදානමක් නැත්තෙමත් නෑ.මන්ද මෙම සෙබලුන් මුහුද මැද ඉන්න මෝරුන් වැනි විශාල ප්‍රමාණයේ විලෝපිකයන්ගේ ආහාරයක් වෙන්නත් ඉඩ තිබෙන නිසා.
මෙවැනි ඉසව්වක් swim calls යන නමින් හඳුන්වයි.සෙබලුන් සිය නෞකාවේ සිට මුහුදට පනින අතරේ තවත් පිරිසක් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විලෝපිකයන් ගැන ඇසගසාගෙන සිටියි.පහත දැක්වෙන්නේ මහා සාගරය පිහිනුම් තටාකයක් බවට පත් කරගත් ඇමෙරිකානු නාවිකයන්ය.
USS Mobile Bay නෞකාවේ සිට පැසිෆික් සාගරයට පනින නාවිකයෙක්
Arleigh Burke පන්තියේ නියාමක මිසයිල විනාශකාරක USS Halsey නෞකාවේ නාවිකයන් පිලිපීන මුහුදේ පීනන අයුරු
USS Essex නෞකාවේ නාවියන් සහ මැරීන් සෙබලුන් සෙලීබීස් මුහුදේ පීනන අයුරු
USS Carl Vinson නෞකාවේ සිට මධ්‍යධරණී මුහුදට පනින නාවිකයන්
USS Antietam නෞකාවේ නාවිකයෙන් ඉන්දියන් සාගරයේ පිහිනන සිය සහෝදර නාවිකයන් සමග එක්වන අයුරු
USS Kearsarge නෞකාවෙන් පැමිණි මැරීන් සෙබලෙක් මුහුදට පනින අයුරු
මධ්‍යධරණී මුහුදට පනින USS Jason Dunham නෞකාවේ නාවිකයෙක්
USS Cleveland නෞකාවේ නාවිකයන් එහි පහළම තට්ටුවේ ජල ක්‍රීඩා කරමින්
ඒඩන් බොක්ක ආශ්‍රිත මුහුදේ බැසගෙන සිටින USS Iwo Jima නෞකාවේ නාවිකයන් සහ මැරීන් සෙබලුන්
නැගෙනහිර අරාබි මුහුදට පනින USS Dwight D. Eisenhower නෞකාවේ නාවිකයන්
USS Blue Ridge නෞකාවේ නාවිකයන් මුහුදේ ප්‍රීතිවන අයුරු
USS Mesa Verde නෞකාවේ නාවිකයන් සහ මැරීන් සෙබලුන් මධ්‍යධරණී මුහුදේ
මධ්‍යධරණී මුහුදට බසින USS Fort McHenry නෞකාවේ නාවිකයන් සහ මැරීන් සෙබලුන්
ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන USS Dwight D. Eisenhower හි සිට නැගෙනහිර අරාබි මුහුදට පනින නාවිකයන්
ඒඩන් බොක්කේ පැවැත්වූ ඉසව්වකට එක්වූ USS New Orleans නෞකාවේ නාවිකයන්
Nimitz පන්තියේ ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන USS Carl Vinson හි ගුවන් යානා ඉහළ තට්ටුවට ගෙන යන සෝපානයේ සිට අරාබි මුහුදට පනින නාවිකයන්
USS Dwight D. Eisenhower නම් ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ සිට නැ.අරාබි මුහුදට පනින නාවිකයන්
බහුකාර්ය උභයචර නෞකාවක් වන USS Bataan සිට මධ්‍යධරණී මුහුදට පනින නාවිකයන් සහ මැරීන් සෙබලුන්
පැසිෆික් සාගරයේ විනෝදවන USS Thach නෞකාවේ සෙබලු
අරාබි මුහුදේ සතුටුවන USS Carl Vinson නෞකාවේ නාවිකයන්

පැපුවා නිව් ගිනියා ආසන්න මුහුදේ සිටින USS Cleveland නෞකාවේ නාවිකයන් ගැන විමසිල්ලෙන් පසුව සෙබලෙක්
Source:businessinsider.com
-HarshaLulzSec-
seal