යුද ටැංකි අංගනය-2
ශීතල යුද සමයේ නිපදවූ එතරම් සාර්ථක නැති ප්‍රධාන සංග්‍රාමික යුද ටැංකියක් වූ ටී-80(T-80) යුද ටැංකි 3000ක් පමණ යළි රුසියානු හමුදාවේ සේවය පිණිස කැදවන්නට ක්‍රෙම්ලිනය තීරණය කර තිබෙන බව පසුගිය මාසයේදී මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි.ටී-80 යනු 1976 වර්ෂයේදී සේවයට එක් කල තුන්වන පරම්පරාවේ සෝවියට් යුද ටැංකියකි.
මෙතරම් යුද ටැංකි ප්‍රමාණයක් හමුදාවට යළි එක් කර ගැනීම විශ්මය දනවන දෙයක් යැයි පෙනුනද එහි සැඟවුන සත්‍යය වන්නේ රුසියානු ආර්ථිකයට දැන් එහි යුද ශක්තිය නංවා ගැනීමට ප්‍රමාණවත් මුදලක් වැය කිරීමට නොහැකිවීමයි.ඊට ප්‍රධාන හේතුව තෙල් මිල පහළ යෑමයි.මිලෙන් වැඩි ටී-14 අමාටා(T-14) යුද ටැංකි ප්‍රමාණවත් සංඛ්‍යාවක් වසරකට නිපදවන්නට රුසියාවට නොහැකි නිසා කාලයක් ගතවන තෙක් එම අඩුව පිරවීමට මෙම පියවර ගෙන තිබෙන බව විශේෂඥ මතයයි.සේවයෙන් ඉවත් කර තිබූ පැරණි ටී-80 යුද ටැංකි,එහි නවතම සංස්කරණය වන ටී-80බීවී(T-80BV) මට්ටමට උසස් කර හමුදා සේවයට එක් කරනු ඇත.සයිබීරියානු නගරයක් වන ඔම්ස්ක් හි පිහිටා ඇති රජයේ යුද ටැංකි සැලසුම් සහ ඉංජිනේරු පහසුකම් සහිත සමාගමක් වන Omsktransmashහි එම නවීකරණ කටයුතු සිදුකරනු ඇති බවයි වාර්තා වන්නේ.
1976-1992 සමයේ නිපදවූ ටී-80 යුද ටැංකි සෝවියට් දේශයේ ටී-72 යුද ටැංකිය මෙන් නොව ටී-80 යුද ටැංකිය සතුව තිබෙන්නේ ගෑස් ටර්බයින් එන්ජිමකි.මෙහි තිබෙන වාසිය වන්නේ ඩීසල් එන්ජිමක් සහිත ටී-72 යුද ටැංකියට වඩා බලවත් වීමයි.වේගය අතින්ද එය ඉදිරියෙන් සිටියි.නමුත් එහි ඉන්ධන පරිභෝජනය ඉහළය.
සෝවියට් දේශය බිද වැටීමෙන් පසුව ටී-80 යුද ටැංකිවලින් බහුතරයක් රුසියාවට හිමිවිය.ඉතිරිය යුක්රේනය,බෙලරුසියාව සහ කසක්ස්ථානයට හිමිවිය.1995 වසර වන විට රුසියාව සතුව ටී-80 යුද ටැංකි 3000ක් පමණ තිබිණි.රුසියානු හමුදාව ටී-80 යුද ටැංකියට වඩා ටී-72(T-72) යුද ටැංකියට ආශා කලේය.පසුව එම ස්ථානය ටී-90(T-90) යුද ටැංකියට හිමිවිය.ටී-90 යුද ටැංකි සමග ඊළඟට රුසියානු හමුදාවට එක්වන්නේ ටී-14 අමාටා යුද ටැංකියයි.
ටී-80 යුද ටැංකියේ කීර්තිය යළි ගොඩගත නොහැකි තැනට පහත දමන්නට හේතුවූයේ පළමු චෙච්නියානු යුද්ධයයි.එහිදී ටී-80 යුද ටැංකියේ දුර්වලතා සහ රුසියානු හමුදාවේ යුද ටැංකි සංග්‍රාමික උපක්රමවල අඩුපාඩු ආදිය නිසා යුද්ධය සඳහා යෙදවූ ටී-80 යුද ටැංකි සැලකිය යුතු ප්‍රමාණයක් අහිමිවිය.එහි ප්‍රතිඵලය වූයේ රුසියාවට ටී-80 යුද ටැංකි අලෙවි කරගන්නට පවා අසීරු තත්ත්වයකට පත්වීමයි.සාපේක්ෂව මිල අධික වීමත් ඉන්ධන පරිභෝජනය අධික වීමත් නිසා ආර්ථික වශයෙන් ලාභදායි ටී-72 යුද ටැංකි භාවිතා කරන්නට රුසියානු හමුදාව යොමුවිය.
ටී-80 යුද ටැංකිය ටී-72 යුද ටැංකියට සමාන වුවද එය කලින්ම විශ්‍රාම යැවීමට හේතු වූයේ ඉන්ධන කාදැමීමයි.වාර්තාවලට අනුව නවීකරණය කරන ලද ටී-80 මොඩල ටී-80බීවී මොඩල ලෙස ලබන වසරේදී දියත් කෙරෙනු ඇත.වැඩිදියුණු කල ටී-80බීවී යුද ටැංකිවලට එක් කල නව අංගයක් වන්නේ ටී-72 බී3 සහ ටී-90 යුද ටැංකිවල තිබෙන සොස්නා-යූ නම් වෙඩි පාලන පද්ධතියයි.ඊට අමතරව ස්ඵෝටන ප්‍රතික්‍රියක සන්නාහයක් ,බලශක්ති උත්පාදකය සහ එන්ජින් ක්රියාරම්භකයද අලුත් කර තිබේ.රුසියානු මූලාශ්‍රයට අනුව ටී-80 බීවී යුද ටැංකි රුසියානු හමුදාව තුල වැදගත් චරිතයක් නිරූපණය කර තිබේ.ටී-80 යුද ටැංකි 3000ක් නවීකරණය කිරීමේ වැඩසටහන 2002 වසර තෙක් දිව යන්නකි.නමුත් එය ක්‍රියාවට නැංවීම ප්‍රමාද වී තිබේ.එම කාලයේ පටන් රුසියාව එම වැඩසටහන සඳහා ඒකාබද්ධ සංග්‍රාමික මැදිරියක්,නවතම යුද ටැංකි ප්‍රධාන කාලතුවක්කුවක් සහ ඊට අවශ්‍ය අතිශය කාර්යක්ෂම උණ්ඩද නිපදවා තිබූ බව කියවේ.
රුසියානු ටී-80බීවී යුද ටැංකිය හැකියාව/ආරක්ෂාව අතින් නේටෝ යුද ටැංකි වන ඇමෙරිකානු එම්1 ඒ2 ඒබ්‍රම්ස්,ජර්මනියේ ලිපර්ඩ් 2ඒ7 සහ බ්‍රිතාන්‍යයේ චැලෙන්ජර් 2 ආදියට පහළින් පසුවේ.රුසියානු රජයේ ටී-80 යුද ටැංකි නවීකරණ වැඩසටහනේ ප්‍රධාන අරමුණක් වන්නේ ඒවා ආක් ටික් සහ ඈත නැගෙනහිර සහ සයිබීරියාව යන ප්‍රදේශවල තත්ත්වයන්ට ගැලපෙන සේ උසස් කිරීමයි.මන්ද ශීත දේශගුණයක් සහිත කලාපවලදී ඩීසල් එන්ජින් සහිත යුද ටැංකිවලට වඩා ගෑස් ටර්බයින් එන්ජිමක් ඇති යුද ටැංකි වඩා සාර්ථකව ක්‍රියාත්මක වේ.නමුත් ආක්ටික් කලාපය,සයිබීරියාව ආදී රුසියානු හමුදා දිස්ත්‍රික්ක තර්ජිත ප්‍රදේශ නොවේ.එසේ නම් රුසියාව මෙම යුද ටැංකි නවීකරණ වැඩසටහන දියත් කර තිබෙන්නේ නෝර්වේ දේශසීමා ආශ්‍රිතව නේටෝ හමුදාවට එරෙහිව යොදවන්නට යැයි සැක කල හැකිය.
දැනට සේවයේ යොදවා තිබෙන රුසියාව සතු ටී-80 යුද ටැංකිවල, ටී-80යූ මොඩල ප්‍රමාණය සම්බන්ධව නිල සංඛ්‍යාලේඛන නොමැත.නමුත් විශ්වාස කරන පරිදි එම ගණන 550 පමණ වේවි.ඒවාද 2020 පමණ වන විට විශ්‍රාම යැවීමට නියමිතව තිබේ.එසේ නම් රුසියාව මෙතරම් පැරණි යුද ටැංකියක් යළි සේවයට ගෙන එන්නේ ඇයි?හේතුව මුදල්ය.2017 වර්ෂයේදී රුසියාවේ ආරක්ෂක වියදම 12% ප්‍රතිශතයකින් පහළ හෙළීමට තීරණයක් ගෙන තිබේ.2018 වර්ෂයේ පටන් වසරක් පාසා ටී-14 අමාටා යුද ටැංකි 120ක් බැගින් නිපදවන්නට සැලසුම් කර තිබෙන බව ක්‍රෙම්ලිනය සඳහන් කර තිබුණද එම ඉලක්කය සපුරා ගැනීමට තරම් ආර්ථික ශක්තියක් තිබේද යන්න පිළිබඳව සැක සංකා තිබේ.කෙසේවෙතත් රුසියානු ආර්ථිකය යළි දියුණු වන තෙක් අමාටා යුද ටැංකි අඩු ගණනක් බැගින් මිලදී ගන්නට රජය සැලසුම් කර තිබේ.
Source
opularmechanics.com
-HarshaLulzSec-

T-80U-E1 මොඩලය

T-80BV යුද ටැංකියක්
1976-1992 සමයේ නිපදවූ ටී-80 යුද ටැංකි සෝවියට් දේශයේ ටී-72 යුද ටැංකිය මෙන් නොව ටී-80 යුද ටැංකිය සතුව තිබෙන්නේ ගෑස් ටර්බයින් එන්ජිමකි.මෙහි තිබෙන වාසිය වන්නේ ඩීසල් එන්ජිමක් සහිත ටී-72 යුද ටැංකියට වඩා බලවත් වීමයි.වේගය අතින්ද එය ඉදිරියෙන් සිටියි.නමුත් එහි ඉන්ධන පරිභෝජනය ඉහළය.
T-80U
සෝවියට් දේශය බිද වැටීමෙන් පසුව ටී-80 යුද ටැංකිවලින් බහුතරයක් රුසියාවට හිමිවිය.ඉතිරිය යුක්රේනය,බෙලරුසියාව සහ කසක්ස්ථානයට හිමිවිය.1995 වසර වන විට රුසියාව සතුව ටී-80 යුද ටැංකි 3000ක් පමණ තිබිණි.රුසියානු හමුදාව ටී-80 යුද ටැංකියට වඩා ටී-72(T-72) යුද ටැංකියට ආශා කලේය.පසුව එම ස්ථානය ටී-90(T-90) යුද ටැංකියට හිමිවිය.ටී-90 යුද ටැංකි සමග ඊළඟට රුසියානු හමුදාවට එක්වන්නේ ටී-14 අමාටා යුද ටැංකියයි.
T-80BV යුද ටැංකි
ටී-80 යුද ටැංකියේ කීර්තිය යළි ගොඩගත නොහැකි තැනට පහත දමන්නට හේතුවූයේ පළමු චෙච්නියානු යුද්ධයයි.එහිදී ටී-80 යුද ටැංකියේ දුර්වලතා සහ රුසියානු හමුදාවේ යුද ටැංකි සංග්‍රාමික උපක්රමවල අඩුපාඩු ආදිය නිසා යුද්ධය සඳහා යෙදවූ ටී-80 යුද ටැංකි සැලකිය යුතු ප්‍රමාණයක් අහිමිවිය.එහි ප්‍රතිඵලය වූයේ රුසියාවට ටී-80 යුද ටැංකි අලෙවි කරගන්නට පවා අසීරු තත්ත්වයකට පත්වීමයි.සාපේක්ෂව මිල අධික වීමත් ඉන්ධන පරිභෝජනය අධික වීමත් නිසා ආර්ථික වශයෙන් ලාභදායි ටී-72 යුද ටැංකි භාවිතා කරන්නට රුසියානු හමුදාව යොමුවිය.
T-80BV යුද ටැංකි
ටී-80 යුද ටැංකිය ටී-72 යුද ටැංකියට සමාන වුවද එය කලින්ම විශ්‍රාම යැවීමට හේතු වූයේ ඉන්ධන කාදැමීමයි.වාර්තාවලට අනුව නවීකරණය කරන ලද ටී-80 මොඩල ටී-80බීවී මොඩල ලෙස ලබන වසරේදී දියත් කෙරෙනු ඇත.වැඩිදියුණු කල ටී-80බීවී යුද ටැංකිවලට එක් කල නව අංගයක් වන්නේ ටී-72 බී3 සහ ටී-90 යුද ටැංකිවල තිබෙන සොස්නා-යූ නම් වෙඩි පාලන පද්ධතියයි.ඊට අමතරව ස්ඵෝටන ප්‍රතික්‍රියක සන්නාහයක් ,බලශක්ති උත්පාදකය සහ එන්ජින් ක්රියාරම්භකයද අලුත් කර තිබේ.රුසියානු මූලාශ්‍රයට අනුව ටී-80 බීවී යුද ටැංකි රුසියානු හමුදාව තුල වැදගත් චරිතයක් නිරූපණය කර තිබේ.ටී-80 යුද ටැංකි 3000ක් නවීකරණය කිරීමේ වැඩසටහන 2002 වසර තෙක් දිව යන්නකි.නමුත් එය ක්‍රියාවට නැංවීම ප්‍රමාද වී තිබේ.එම කාලයේ පටන් රුසියාව එම වැඩසටහන සඳහා ඒකාබද්ධ සංග්‍රාමික මැදිරියක්,නවතම යුද ටැංකි ප්‍රධාන කාලතුවක්කුවක් සහ ඊට අවශ්‍ය අතිශය කාර්යක්ෂම උණ්ඩද නිපදවා තිබූ බව කියවේ.
T-80U යුද ටැංකියක දළ හඳුන්වාදීමක්
රුසියානු ටී-80බීවී යුද ටැංකිය හැකියාව/ආරක්ෂාව අතින් නේටෝ යුද ටැංකි වන ඇමෙරිකානු එම්1 ඒ2 ඒබ්‍රම්ස්,ජර්මනියේ ලිපර්ඩ් 2ඒ7 සහ බ්‍රිතාන්‍යයේ චැලෙන්ජර් 2 ආදියට පහළින් පසුවේ.රුසියානු රජයේ ටී-80 යුද ටැංකි නවීකරණ වැඩසටහනේ ප්‍රධාන අරමුණක් වන්නේ ඒවා ආක් ටික් සහ ඈත නැගෙනහිර සහ සයිබීරියාව යන ප්‍රදේශවල තත්ත්වයන්ට ගැලපෙන සේ උසස් කිරීමයි.මන්ද ශීත දේශගුණයක් සහිත කලාපවලදී ඩීසල් එන්ජින් සහිත යුද ටැංකිවලට වඩා ගෑස් ටර්බයින් එන්ජිමක් ඇති යුද ටැංකි වඩා සාර්ථකව ක්‍රියාත්මක වේ.නමුත් ආක්ටික් කලාපය,සයිබීරියාව ආදී රුසියානු හමුදා දිස්ත්‍රික්ක තර්ජිත ප්‍රදේශ නොවේ.එසේ නම් රුසියාව මෙම යුද ටැංකි නවීකරණ වැඩසටහන දියත් කර තිබෙන්නේ නෝර්වේ දේශසීමා ආශ්‍රිතව නේටෝ හමුදාවට එරෙහිව යොදවන්නට යැයි සැක කල හැකිය.
පසුගිය සමයේ රුසියාවේ ආරක්ෂක වියදම වෙනස් වූ අයුරු
දැනට සේවයේ යොදවා තිබෙන රුසියාව සතු ටී-80 යුද ටැංකිවල, ටී-80යූ මොඩල ප්‍රමාණය සම්බන්ධව නිල සංඛ්‍යාලේඛන නොමැත.නමුත් විශ්වාස කරන පරිදි එම ගණන 550 පමණ වේවි.ඒවාද 2020 පමණ වන විට විශ්‍රාම යැවීමට නියමිතව තිබේ.එසේ නම් රුසියාව මෙතරම් පැරණි යුද ටැංකියක් යළි සේවයට ගෙන එන්නේ ඇයි?හේතුව මුදල්ය.2017 වර්ෂයේදී රුසියාවේ ආරක්ෂක වියදම 12% ප්‍රතිශතයකින් පහළ හෙළීමට තීරණයක් ගෙන තිබේ.2018 වර්ෂයේ පටන් වසරක් පාසා ටී-14 අමාටා යුද ටැංකි 120ක් බැගින් නිපදවන්නට සැලසුම් කර තිබෙන බව ක්‍රෙම්ලිනය සඳහන් කර තිබුණද එම ඉලක්කය සපුරා ගැනීමට තරම් ආර්ථික ශක්තියක් තිබේද යන්න පිළිබඳව සැක සංකා තිබේ.කෙසේවෙතත් රුසියානු ආර්ථිකය යළි දියුණු වන තෙක් අමාටා යුද ටැංකි අඩු ගණනක් බැගින් මිලදී ගන්නට රජය සැලසුම් කර තිබේ.
T-80 යුද ටැංකිය - වාර්තා වැඩසටහනක්
Source
-HarshaLulzSec-