යුද ටැංකි අංගනය-2

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    යුද ටැංකි අංගනය-2

    NmKSAvH.jpg

    ශීතල යුද සමයේ නිපදවූ එතරම් සාර්ථක නැති ප්‍රධාන සංග්‍රාමික යුද ටැංකියක් වූ ටී-80(T-80) යුද ටැංකි 3000ක් පමණ යළි රුසියානු හමුදාවේ සේවය පිණිස කැදවන්නට ක්‍රෙම්ලිනය තීරණය කර තිබෙන බව පසුගිය මාසයේදී මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි.ටී-80 යනු 1976 වර්ෂයේදී සේවයට එක් කල තුන්වන පරම්පරාවේ සෝවියට් යුද ටැංකියකි.

    rvNe9Tf.jpg
    T-80U-E1 මොඩලය​

    මෙතරම් යුද ටැංකි ප්‍රමාණයක් හමුදාවට යළි එක් කර ගැනීම විශ්මය දනවන දෙයක් යැයි පෙනුනද එහි සැඟවුන සත්‍යය වන්නේ රුසියානු ආර්ථිකයට දැන් එහි යුද ශක්තිය නංවා ගැනීමට ප්‍රමාණවත් මුදලක් වැය කිරීමට නොහැකිවීමයි.ඊට ප්‍රධාන හේතුව තෙල් මිල පහළ යෑමයි.මිලෙන් වැඩි ටී-14 අමාටා(T-14) යුද ටැංකි ප්‍රමාණවත් සංඛ්‍යාවක් වසරකට නිපදවන්නට රුසියාවට නොහැකි නිසා කාලයක් ගතවන තෙක් එම අඩුව පිරවීමට මෙම පියවර ගෙන තිබෙන බව විශේෂඥ මතයයි.සේවයෙන් ඉවත් කර තිබූ පැරණි ටී-80 යුද ටැංකි,එහි නවතම සංස්කරණය වන ටී-80බීවී(T-80BV) මට්ටමට උසස් කර හමුදා සේවයට එක් කරනු ඇත.සයිබීරියානු නගරයක් වන ඔම්ස්ක් හි පිහිටා ඇති රජයේ යුද ටැංකි සැලසුම් සහ ඉංජිනේරු පහසුකම් සහිත සමාගමක් වන Omsktransmashහි එම නවීකරණ කටයුතු සිදුකරනු ඇති බවයි වාර්තා වන්නේ.

    WrHBhde.jpg
    T-80BV යුද ටැංකියක්​

    1976-1992 සමයේ නිපදවූ ටී-80 යුද ටැංකි සෝවියට් දේශයේ ටී-72 යුද ටැංකිය මෙන් නොව ටී-80 යුද ටැංකිය සතුව තිබෙන්නේ ගෑස් ටර්බයින් එන්ජිමකි.මෙහි තිබෙන වාසිය වන්නේ ඩීසල් එන්ජිමක් සහිත ටී-72 යුද ටැංකියට වඩා බලවත් වීමයි.වේගය අතින්ද එය ඉදිරියෙන් සිටියි.නමුත් එහි ඉන්ධන පරිභෝජනය ඉහළය.

    5WFbMSM.jpg
    T-80U​

    සෝවියට් දේශය බිද වැටීමෙන් පසුව ටී-80 යුද ටැංකිවලින් බහුතරයක් රුසියාවට හිමිවිය.ඉතිරිය යුක්‍රේනය,බෙලරුසියාව සහ කසක්ස්ථානයට හිමිවිය.1995 වසර වන විට රුසියාව සතුව ටී-80 යුද ටැංකි 3000ක් පමණ තිබිණි.රුසියානු හමුදාව ටී-80 යුද ටැංකියට වඩා ටී-72(T-72) යුද ටැංකියට ආශා කලේය.පසුව එම ස්ථානය ටී-90(T-90) යුද ටැංකියට හිමිවිය.ටී-90 යුද ටැංකි සමග ඊළඟට රුසියානු හමුදාවට එක්වන්නේ ටී-14 අමාටා යුද ටැංකියයි.

    glrJhJm.jpg
    T-80BV යුද ටැංකි​

    ටී-80 යුද ටැංකියේ කීර්තිය යළි ගොඩගත නොහැකි තැනට පහත දමන්නට හේතුවූයේ පළමු චෙච්නියානු යුද්ධයයි.එහිදී ටී-80 යුද ටැංකියේ දුර්වලතා සහ රුසියානු හමුදාවේ යුද ටැංකි සංග්‍රාමික උපක්‍රමවල අඩුපාඩු ආදිය නිසා යුද්ධය සඳහා යෙදවූ ටී-80 යුද ටැංකි සැලකිය යුතු ප්‍රමාණයක් අහිමිවිය.එහි ප්‍රතිඵලය වූයේ රුසියාවට ටී-80 යුද ටැංකි අලෙවි කරගන්නට පවා අසීරු තත්ත්වයකට පත්වීමයි.සාපේක්ෂව මිල අධික වීමත් ඉන්ධන පරිභෝජනය අධික වීමත් නිසා ආර්ථික වශයෙන් ලාභදායි ටී-72 යුද ටැංකි භාවිතා කරන්නට රුසියානු හමුදාව යොමුවිය.

    W1HEGWI.jpg
    T-80BV යුද ටැංකි​

    ටී-80 යුද ටැංකිය ටී-72 යුද ටැංකියට සමාන වුවද එය කලින්ම විශ්‍රාම යැවීමට හේතු වූයේ ඉන්ධන කාදැමීමයි.වාර්තාවලට අනුව නවීකරණය කරන ලද ටී-80 මොඩල ටී-80බීවී මොඩල ලෙස ලබන වසරේදී දියත් කෙරෙනු ඇත.වැඩිදියුණු කල ටී-80බීවී යුද ටැංකිවලට එක් කල නව අංගයක් වන්නේ ටී-72 බී3 සහ ටී-90 යුද ටැංකිවල තිබෙන සොස්නා-යූ නම් වෙඩි පාලන පද්ධතියයි.ඊට අමතරව ස්ඵෝටන ප්‍රතික්‍රියක සන්නාහයක් ,බලශක්ති උත්පාදකය සහ එන්ජින් ක්‍රියාරම්භකයද අලුත් කර තිබේ.රුසියානු මූලාශ්‍රයට අනුව ටී-80 බීවී යුද ටැංකි රුසියානු හමුදාව තුල වැදගත් චරිතයක් නිරූපණය කර තිබේ.ටී-80 යුද ටැංකි 3000ක් නවීකරණය කිරීමේ වැඩසටහන 2002 වසර තෙක් දිව යන්නකි.නමුත් එය ක්‍රියාවට නැංවීම ප්‍රමාද වී තිබේ.එම කාලයේ පටන් රුසියාව එම වැඩසටහන සඳහා ඒකාබද්ධ සංග්‍රාමික මැදිරියක්,නවතම යුද ටැංකි ප්‍රධාන කාලතුවක්කුවක් සහ ඊට අවශ්‍ය අතිශය කාර්යක්ෂම උණ්ඩද නිපදවා තිබූ බව කියවේ.

    2BKeM89.jpg
    T-80U යුද ටැංකියක දළ හඳුන්වාදීමක්​

    රුසියානු ටී-80බීවී යුද ටැංකිය හැකියාව/ආරක්ෂාව අතින් නේටෝ යුද ටැංකි වන ඇමෙරිකානු එම්1 ඒ2 ඒබ්‍රම්ස්,ජර්මනියේ ලිපර්ඩ් 2ඒ7 සහ බ්‍රිතාන්‍යයේ චැලෙන්ජර් 2 ආදියට පහළින් පසුවේ.රුසියානු රජයේ ටී-80 යුද ටැංකි නවීකරණ වැඩසටහනේ ප්‍රධාන අරමුණක් වන්නේ ඒවා ආක් ටික් සහ ඈත නැගෙනහිර සහ සයිබීරියාව යන ප්‍රදේශවල තත්ත්වයන්ට ගැලපෙන සේ උසස් කිරීමයි.මන්ද ශීත දේශගුණයක් සහිත කලාපවලදී ඩීසල් එන්ජින් සහිත යුද ටැංකිවලට වඩා ගෑස් ටර්බයින් එන්ජිමක් ඇති යුද ටැංකි වඩා සාර්ථකව ක්‍රියාත්මක වේ.නමුත් ආක්ටික් කලාපය,සයිබීරියාව ආදී රුසියානු හමුදා දිස්ත්‍රික්ක තර්ජිත ප්‍රදේශ නොවේ.එසේ නම් රුසියාව මෙම යුද ටැංකි නවීකරණ වැඩසටහන දියත් කර තිබෙන්නේ නෝර්වේ දේශසීමා ආශ්‍රිතව නේටෝ හමුදාවට එරෙහිව යොදවන්නට යැ‍යි සැක කල හැකිය.

    fwYc41X.png
    පසුගිය සමයේ රුසියාවේ ආරක්ෂක වියදම වෙනස් වූ අයුරු​

    දැනට සේවයේ යොදවා තිබෙන රුසියාව සතු ටී-80 යුද ටැංකිවල, ටී-80යූ මොඩල ප්‍රමාණය සම්බන්ධව නිල සංඛ්‍යාලේඛන නොමැත.නමුත් විශ්වාස කරන පරිදි එම ගණන 550 පමණ වේවි.ඒවාද 2020 පමණ වන විට විශ්‍රාම යැවීමට නියමිතව තිබේ.එසේ නම් රුසියාව මෙතරම් පැරණි යුද ටැංකියක් යළි සේවයට ගෙන එන්නේ ඇයි?හේතුව මුදල්ය.2017 වර්ෂයේදී රුසියාවේ ආරක්ෂක වියදම 12% ප්‍රතිශතයකින් පහළ හෙළීමට තීරණයක් ගෙන තිබේ.2018 වර්ෂයේ පටන් වසරක් පාසා ටී-14 අමාටා යුද ටැංකි 120ක් බැගින් නිපදවන්නට සැලසුම් කර තිබෙන බව ක්‍රෙම්ලිනය සඳහන් කර තිබුණද එම ඉලක්කය සපුරා ගැනීමට තරම් ආර්ථික ශක්තියක් තිබේද යන්න පිළිබඳව සැක සංකා තිබේ.කෙසේවෙතත් රුසියානු ආර්ථිකය යළි දියුණු වන තෙක් අමාටා යුද ටැංකි අඩු ගණනක් බැගින් මිලදී ගන්නට රජය සැලසුම් කර තිබේ.

    T-80 යුද ටැංකිය - වාර්තා වැඩසටහනක්

    Source:popularmechanics.com

    -HarshaLulzSec-
     
    • Like
    Reactions: Dhanushka.N

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් 1975 ටෑන්ක් එකක් අදටත් වැලීඩ් වෙන්නේ කොහොමද? මම අහන්නේ දැන් 75 කාර් එකකුයි 2016 එකකුයි ගත්තහම අහසයි පොලවයි වගේ නිසා:eek:
     
    • Like
    Reactions: HarshaLulzSec

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    රත්තරං;20992877 said:
    මචන් 1975 ටෑන්ක් එකක් අදටත් වැලීඩ් වෙන්නේ කොහොමද? මම අහන්නේ දැන් 75 කාර් එකකුයි 2016 එකකුයි ගත්තහම අහසයි පොලවයි වගේ නිසා:eek:

    ඒක තීරණය වෙන්නේ සතුරාගේ තත්ත්වය අනුව තමයි.අපේ හමුදාවත් පාවිච්චි කලේ ඔයිටත් වඩා පරණ යුද ටැංකිනේ බන්(ගෙන්නපු රට වෙනස් වුනාට අපේ රටේ තිබුණේ දෙවන ලෝක යුද්ධය ඉවර වෙලා ඔන්න මෙන්න තියෙද්දී හදාපු සෝවියට් ටී-55 යුද ටැංකියි,ඒවා කොපි කරලා චීන්නු හදපු යුද ටැංකියි )හැබැයි ඉතින් ඕවා අරන් ගිහින් නේටෝ රටක් එක්ක ඇරගත්තොත් වෙන දේ කියන්න ඕනේ නෑ.කොහොමත් රුසියන් සන්නාහයට වඩා ඇමෙරිකන්,බ්‍රිතාන්‍ය යුද ටැංකිවල සන්නාහය සෑහෙන්න ශක්තිමත්.

    සිරියානු යුද්ධයේ වැඩිපුරම පාවිච්චි කරන්නේ සෝවියට් දේශයේ පරණ ටී-55,ටී-72 යුද ටැංකි මොඩල.ඒවා පාවිච්චි කරන එක ඔය වගේ සිවිල් යුද්ධයකදී මූල්‍යමය වශයෙන් ලාභයක් තියෙනවා.ඒත් ඇමෙරිකන් කාරයෝ උන්ට තියෙන හොඳම යුද ටැංකි නාශක අවි/මිසයිල එවන නිසා ඒවා එක්ක පරණ සෝවියට් යුද ටැංකිවලට ඔට්ටු වෙන්න බෑ.මොකද ඒවායේ තියෙන්නේ Explosive reactive armour විතරයි(T-72s ටැංකිවලට විතරයි).අනික සන්නහායත් ශක්තිමත් මදි යුද ටැංකි නාශක අවියකට මුහුණ දෙන්න තරම්.ඒ වගේ යුද ටැංකි එක්ක මිලෙන් අධික Active protection system පාවිච්චි කරන එක තේරුමක් නෑ.(රුසියාවේ "Arena" Active protection system එක එහෙම මාර ගණන්,අඩු ගානේ ඒ සිස්ටම් එක සිරියාවට එවපු රුසියාවේ දැනට තියෙන හොඳම යුද ටැංකිය T-90 වත් හයි කරලා නෑ.)

    කොයිතරම් දියුණු/නවීන යුද ටැංකි තිබුණත් වැඩක් නෑ ඒක ඇතුලෙ ඉන්නේ මෝඩයෝ නම්,අද යේමනය ආක්‍රමණය කරල තියෙන සෞදි හමුදාවට වෙලා තියෙන්නෙත් ඒක තමයි.උන්ගේ හමුදාවේ තියෙන්නේ ඇමෙරිකන් ඒබ්‍රම්ස් යුද ටැංකි.දැනටමත් යුද ටැංකි සෑහෙන ගාණක් වලින් විනාශ වෙලාලු.හේතුව සෞදි හමුදාවේ දුර්වල විතරක් නෙමෙයි,විරුද්ධ පක්ෂයේ anti tank warfare tactics වල හොඳකමත් එක හේතුවක්.

    90 ඉරාකයට ගහපු කාලේ වගේ නෙමෙයි අද,එදා නම් ගේමක් නැතුව ඇමෙරිකන් කාරයෝ සදාම්ගේ පරණ සෝවියට් ටැංකි ටිකට කෙලෝලා දැම්මා,ඒබ්‍රම්ස් ටැංකියට පින් සිද්ධ වෙන්න.එදා නම් පම්පෝරි ගැහුවා ඇමෙරිකන් ටැංකි එකක් වත් විනාශ නොවී යුද්ධේ ඉවර කලා කියලා.ඒත් ඒ කතා 2003 ඉරාක යුද්ධෙන් පස්සේ කියන්න හම්බ වුනේ නෑ.යුද ටැංකි තාක්ෂණය දියුණු වෙනවා වගේම තමයි ඒ එක්කම anti tank warfare එකත් වෙනස් වෙනවා.
     
    • Like
    Reactions: රත්තරං

    thanks for the info machan

    හුටා,,, මචෝ මම රෙප් 25ක් දුන්නා උබට. දඩ බඩ ගාලා දුන්නට කැපුනද දුන්නද කියන මීටර් උනේ නෑ කියපන්කෝ.. පොඩ්ඩක් බලල කියපන්.. GTට මැසේජ් එකක් දාලා හදන්නම්:confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං;20993844 said:
    thanks for the info machan

    හුටා,,, මචෝ මම රෙප් 25ක් දුන්නා උබට. දඩ බඩ ගාලා දුන්නට කැපුනද දුන්නද කියන මීටර් උනේ නෑ කියපන්කෝ.. පොඩ්ඩක් බලල කියපන්.. GTට මැසේජ් එකක් දාලා හදන්නම්:confused:

    :confused::confused::confused::confused::confused::confused::confused:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ඒක තීරණය වෙන්නේ සතුරාගේ තත්ත්වය අනුව තමයි.අපේ හමුදාවත් පාවිච්චි කලේ ඔයිටත් වඩා පරණ යුද ටැංකිනේ බන්(ගෙන්නපු රට වෙනස් වුනාට අපේ රටේ තිබුණේ දෙවන ලෝක යුද්ධය ඉවර වෙලා ඔන්න මෙන්න තියෙද්දී හදාපු සෝවියට් ටී-55 යුද ටැංකියි,ඒවා කොපි කරලා චීන්නු හදපු යුද ටැංකියි )හැබැයි ඉතින් ඕවා අරන් ගිහින් නේටෝ රටක් එක්ක ඇරගත්තොත් වෙන දේ කියන්න ඕනේ නෑ.කොහොමත් රුසියන් සන්නාහයට වඩා ඇමෙරිකන්,බ්‍රිතාන්‍ය යුද ටැංකිවල සන්නාහය සෑහෙන්න ශක්තිමත්.

    සිරියානු යුද්ධයේ වැඩිපුරම පාවිච්චි කරන්නේ සෝවියට් දේශයේ පරණ ටී-55,ටී-72 යුද ටැංකි මොඩල.ඒවා පාවිච්චි කරන එක ඔය වගේ සිවිල් යුද්ධයකදී මූල්‍යමය වශයෙන් ලාභයක් තියෙනවා.ඒත් ඇමෙරිකන් කාරයෝ උන්ට තියෙන හොඳම යුද ටැංකි නාශක අවි/මිසයිල එවන නිසා ඒවා එක්ක පරණ සෝවියට් යුද ටැංකිවලට ඔට්ටු වෙන්න බෑ.මොකද ඒවායේ තියෙන්නේ Explosive reactive armour විතරයි(T-72s ටැංකිවලට විතරයි).අනික සන්නහායත් ශක්තිමත් මදි යුද ටැංකි නාශක අවියකට මුහුණ දෙන්න තරම්.ඒ වගේ යුද ටැංකි එක්ක මිලෙන් අධික Active protection system පාවිච්චි කරන එක තේරුමක් නෑ.(රුසියාවේ "Arena" Active protection system එක එහෙම මාර ගණන්,අඩු ගානේ ඒ සිස්ටම් එක සිරියාවට එවපු රුසියාවේ දැනට තියෙන හොඳම යුද ටැංකිය T-90 වත් හයි කරලා නෑ.)

    කොයිතරම් දියුණු/නවීන යුද ටැංකි තිබුණත් වැඩක් නෑ ඒක ඇතුලෙ ඉන්නේ මෝඩයෝ නම්,අද යේමනය ආක්‍රමණය කරල තියෙන සෞදි හමුදාවට වෙලා තියෙන්නෙත් ඒක තමයි.උන්ගේ හමුදාවේ තියෙන්නේ ඇමෙරිකන් ඒබ්‍රම්ස් යුද ටැංකි.දැනටමත් යුද ටැංකි සෑහෙන ගාණක් වලින් විනාශ වෙලාලු.හේතුව සෞදි හමුදාවේ දුර්වල විතරක් නෙමෙයි,විරුද්ධ පක්ෂයේ anti tank warfare tactics වල හොඳකමත් එක හේතුවක්.

    90 ඉරාකයට ගහපු කාලේ වගේ නෙමෙයි අද,එදා නම් ගේමක් නැතුව ඇමෙරිකන් කාරයෝ සදාම්ගේ පරණ සෝවියට් ටැංකි ටිකට කෙලෝලා දැම්මා,ඒබ්‍රම්ස් ටැංකියට පින් සිද්ධ වෙන්න.එදා නම් පම්පෝරි ගැහුවා ඇමෙරිකන් ටැංකි එකක් වත් විනාශ නොවී යුද්ධේ ඉවර කලා කියලා.ඒත් ඒ කතා 2003 ඉරාක යුද්ධෙන් පස්සේ කියන්න හම්බ වුනේ නෑ.යුද ටැංකි තාක්ෂණය දියුණු වෙනවා වගේම තමයි ඒ එක්කම anti tank warfare එකත් වෙනස් වෙනවා.

    යේමන් කේස් එක ගැනත් පුළුවන්නම් ත්‍රෙඩ් එකක් දාපන්, මම ගල්ෆ් යුද්ධෙ ගැන ත්‍රෙඩ් එකක් දාන්න හිතන් ඉන්නවා මේ දවස් වල කරුණු හොයාගෙන යන ගමන්.
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඇයි බන් උබ යුද්දෙට බර :p
    ඒක ප්‍රශ්නයක් කරගන්න එපා බන්.එළකිරියේ විවිධත්වයක් තියෙන්නත් ඕනේ නේද?

    ela watinawa.:yes::yes::yes::yes:machan ane aya nulak daaddi font ek tikak lokuwata danna.rep+:nerd::nerd::nerd::nerd::sorry::sorry:
    මම මේ ෆෝරමයට ආපු දවසේ ඉදලා පාවිච්චි කරන්නේ ඔය ෆොන්ට් සයිස් එක තමයි.අනික් සයිස් ලොකු වැඩියි මට නම්....:sorry:

    මම ගල්ෆ් යුද්ධෙ ගැන ත්‍රෙඩ් එකක් දාන්න හිතන් ඉන්නවා මේ දවස් වල කරුණු හොයාගෙන යන ගමන්.
    ඒක නම් හොඳයි බන්.ගල්ෆ් යුද්ධය ගැන සම්පුර්ණ විස්තරයක් තියෙන සිංහලෙන් දාපු ලිපියක් නම් මම තාම දැකලා නෑ.