යුද ටැංකි අංගනය-4

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    යුද ටැංකි අංගනය-4

    ZufokVj.jpg

    තුර්කි රජයේ හමුදාව 2016 අගෝස්තු මස 24 වෙනිදා ආරම්භ කල ඔපරේෂන් යුප්‍රටීස් ෂීල්ඩ් මෙහෙයුම හෙවත් සිරියානු ආක්‍රමණයේ අරමුණු ලෙස එරට රජය ප්‍රකාශයට පත් කලේ සිරියා-තුර්කි දේශසීමාව අසල පාලන බලය ලබාගෙන සිටින ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සහ කුර්දි ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් පක්ෂයේ සන්නද්ධ අංශය/කුර්දි හමුදාවට පරාජයට පත් කිරීමයි.කුර්දි ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් පක්ෂය(PYD),තුර්කිය තුල තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තිබේ.නමුත් සිරියාවේ සහ ඉරාකයේ ක්‍රියාත්මක ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහිව දෙරටේ උතුරු සීමාවේ සටන් වදින්නේ කුර්දි හමුදාවයි.තවද ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රසිද්ධියේ සහාය ලබාදෙන සුළු ජනවර්ගයක් වන්නේ කුර්දි ජනතාවයි.කුර්දි හමුදාවල ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත විරෝධී සටනට ඇමෙරිකාවෙන් විශාල සහාය ලැබෙන බව බටහිර මාධ්‍ය වාර්තා කරයි.2015 ඔක්තෝම්බර් මාසයේදී තුර්කි ගුවන් සීමාව උල්ලංඝණය කල බව කියමින් රුසියානු යුද ගුවන් යානයක් වෙඩි තබා බිම හෙළන්නට තුර්කි ගුවන් හමුදාව ක්‍රියා කල අතර ඉන්පසු තුර්කිය ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සමග ඉරාකයේ තෙල් ජාවාරම් කරන අයුරු රුසියාව විසින් සාක්ෂි සහිතව හෙළිකරන ලදි.ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සමග තුර්කිය සම්බන්ධකම් පවත්වන බව ප්‍රසිද්ධ රහසකි.එසේ නම් සිය සිරියා ආක්‍රමණයේ අරමුණක් ලෙස ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කිරීම ඇතුල් කලේ ඇයි?

    4y3TCvQ.jpg
    සිරියාවේ සටන් වදින තුර්කි හමුදාවේ M60T Sabra යුද ටැංකියක්​

    තුර්කියේ සැබෑ අරමුණ පසුගිය නොවැම්බර් මස 29 වෙනිදා තුර්කි ජනපති ටයික් එර්ඩොගන් ගේ කටින් එළියට පැන්නේය.තුර්කි හමුදා සිරියාවට ඇතුලුවූයේ බෂාර් අල් අෂාඩ්ගේ පාලනය අවසන් කර දමන්නට යැ‍යි ඔහු පවසන ලදි.මෙම කතාවේදී ඔහු තවදුරටත් කියා සිටියේ එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ එහි වර්තමාන ව්‍යුහය ඔස්සේ සාධාරණීත්වය ලබාගත නොහැකිය.ආරක්ෂක කවුන්සිලය නියෝජනය කරන රටවල් පහට වඩා ලෝකය විශාල බවත් එය සියලුම මහද්වීප සහ සියලුම කණ්ඩායම් නියෝජනය වන තැනක් විය යුතුබවත් කියා තිබේ.


    ඔහුගේ කතාවෙන් උපුටා ගත් කොටසක්.......

    “In my estimation, nearly 1 million people have died in Syria. These deaths are still continuing without exception for children, women and men. Where is the United Nations? What is it doing? Is it in Iraq? No. We preached patience but could not endure in the end and had to enter Syria together with the Free Syrian Army [FSA],”

    "Why did we enter? We do not have an eye on Syrian soil. The issue is to provide lands to their real owners. That is to say we are there for the establishment of justice. We entered there to end the rule of the tyrant al-Assad who terrorizes with state terror. [We didn’t enter] for any other reason,”



    BfzVwN6.jpg
    තුර්කි හමුදාවේ ප්‍රහාරවලින් විනාශ වී ගිය ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ යැ‍යි සැලකෙන යුද ටැංකියක්​


    සිරියානු භූමියේ මෙහෙයුම්වල යෙදෙන තුර්කියේ Leopard 2A4 යුද ටැංකියක්



    සිරියාවට අනවසරයෙන් ඇතුලුවී සිටින තුර්කි හමුදාවට අයත් ලෙපර්ඩ් 2ඒ4(Leopard 2A4) යුද ටැංකියක් ප්‍රථම වරට සතුරු ප්‍රහාරයකින් විනාශ වී තිබේ.ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ යුද ටැංකි නාශක නියාමක අවි පද්ධතියක් යොදාගෙනය.මිසයිල ප්‍රහාරය නිසා යුද ටැංකියේ කාර්යය මණ්ඩලයේ හතරදෙනා තුවාල ලබා ඇතිබව වාර්තා වේ.මෙම සිද්ධියට ඔවුන් මුහුණ දුන්නේ සිරියාවේ අල්-බාබ් නගරාසන්නයේදී සටන්කාමීන් සමග යුද වැදී සිටියදීය.තම යුද ටැංකියක් විනාශ වූ බවත් එහි සිටිය සෙබලුන් 4ක් තුවාල ලැබූබවත් තුර්කිය නිල වශයෙන් පිළිගෙන තිබේ.විශේෂඥයින්ට අනුව මේ සඳහා TOW-2 යුද ටැංකිනාශක නියාමක මිසයිල පද්ධතිය භාවිතා කර තිබේ.

    Mk2napS.jpg
    තුර්කියට අයත් ජර්මනියේ නිෂ්පාදිත Leopard 2A4 යුද ටැංකි​

    මැදපෙරදිග තුර්කි සන්නාහ සන්නද්ධ රථ විනාශ කල පළමු අවස්ථාව මෙය නොවේ.අප්‍රේල් මාසයේදී කුර්දි හමුදා විසින් උතුරු ඉරාකයේදී එම්60ටී සබ්‍රා(M60T Sabra) යුද ටැංකියක් විනාශ කරන ලදි.හානියට පත් තුර්කි යුද ටැංකිය,ඊශ්‍රායල සබ්‍රා එම්කේ 2(Sabra Mk II) ව්‍යාපෘතිය යටතේ වැඩිදියුණු කල ඇමෙරිකානු එම්-60 පැටන්(M-60 Patton) යුද ටැංකියකි.ප්‍රහාර සඳහා කොර්නට්-ඊ(Kornet-E) මිසයිලයක් යොදාගෙන ඇත.

    qw28CER.jpg
    තුර්කියට අයත් M60T Sabra යුද ටැංකි​

    අගෝස්තු මාසයේදී තවත් තුර්කි එම්60ටී සබ්‍රා යුද ටැංකියක් සිරියාවේ ජරාබියුලස් නගරයේදී මිසයිල ප්‍රහාරයකට ගොදුරු විය.එහි ප්‍රතිඵලයක් ලෙස එක් අයෙක් මිය ගොස් අනෙක් තිදෙනා බරපතල ලෙස තුවාල ලැබීය.යුද ටැංකිය විනාශ විය.තුර්කි යුද හමුදාව සතුව ඇමෙරිකානු සහ ජර්මන් යුද ටැංකි 2,500ක් පමණ තිබෙන බවත් ඊට අමතරව සංචිතවල තවත් සන්නාහ සන්නද්ධ රථ 2000ක් පමණ ඇති බවත් වාර්තාවල සඳහන්ය.


    තුර්කියේ M60T Sabra යුද ටැංකි ප්‍රහාරවලට ලක්වන අයුරු​


    ලෙපර්ඩ්-2 යුද ටැංකිය නිෂ්පාදනය කරන්නේ වෝර්සෝ ගිවිසුම් සංවිධානයේ රටවල වෙඩි බලයට ප්‍රතිචාරයක් ලෙස බටහිර ජර්මනිය විසින්ය.1979 වර්ෂයේ පටන් එය සේවයේ යොදවා තිබෙන අතර දැනට නේටෝ රටවල් මෙම යුද ටැංකිය භාවිතා කරයි.එය සතුව මි.මී120 ප්‍රධාන අවියක් සහ මි.මී.7.62 මැෂින් තුවක්කුවක් තිබේ.කාර්යමණ්ඩලය 4කි.ටොන් 55ක් බර මෙම යුද ටැංකියකට පැයට කි.මී.72ක උපරිම වේගයකින් ධාවනය කල හැකිය.


    තුර්කියට අයත් Leopard 2A4 යුද ටැංකියක් මිසයිල ප්‍රහාරයකට ගොදුරුවන අයුරු


    පසුගිය දින කිහිපය තුල ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් තුර්කි හමුදාවේ ලෙපර්ඩ් 2ඒ4 යුද ටැංකි තුනකට මිසයිල ප්‍රහාර එල්ල කර විනාශ කල බව ඔවුන් විසින් පළරන ලද වීඩියෝ පටවලින් අනාවරණය විය.මෙම ප්‍රහාර එල්ල කර තිබෙන්නේ සිරියාවේ අල්-බාබ් නගරාසන්නයේදීය.මීට පෙර සඳහන් කල පරිදි පළමු යුද ටැංකිය දෙසැම්බර් මස 12දා ප්‍රහාරයට ලක්විය(මිසයිලයක්).අනෙක් ලෙපර්ඩ් 2ඒ4 යුද ටැංකි දෙක එකම ස්ථානයේ තිබෙන විට ප්‍රහාරය එල්ල වන බව පෙනේ.එය සිදුව තිබෙන්නේ සිරියාවේ අල්-බාබ් නගරයේදීමයි(දෙසැම්බර් මස 13).ඒ සඳහා රුසියාවේ නිෂ්පාදිත ෆොගට් යුද ටැංකිනාශක මිසයිල පද්ධතිය භාවිතා කර තිබේ.පළමු යුද ටැංකිය පිපිරීමෙන් ඊට දැඩි හානි සිදුවී තිබේ.නමුත් එය ගිනි ගැනීමට ලක් නොවූ බව සඳහන්ය.දෙවැන්න විනාශයට පත්වේ.මෙම අලාභ හානි සම්බන්ධව තුර්කිය පාර්ශ්වයෙන් නිල නිවේදනයක් නිකුත් කර නැත.

    k751P0L.jpg
    තුර්කියට අයත් Leopard 2A4 යුද ටැංකි දෙකක් සහ ඒවා ඉලක්ක කරගෙන ගමන් කරන මිසයිලයක්​

    LYRAiQT.jpg
    යුද ටැංකි දෙක එකිනෙකට ආසන්න වේ​

    mz6Jpgu.jpg
    පළමු පිපිරීම​

    3boYpl4.jpg
    මිසයිලය ගැටී පිපිරයෑමෙන් පසුව ඇතිවූ ගින්න​

    AEHwcPU.jpg
    දෙවන මිසයිලය ගැටීම​

    විශේෂඥයින්ට අනුව සටන්කාමීන්/ත්‍රස්තවාදීන් සෝවියට් දේශයේ නිපදවූ ෆොගට් සහ කෝර්නෙට් යන යුද ටැංකි නාශක මිසයිල පද්ධතීන් භාවිතා කරයි.මේවා ඉරාක සහ සිරියා රජයේ හමුදාවලින් අත්පත් කරගත් ඒවාය.


    තුර්කි යුද ටැංකියක් ඉලක්ක කරගෙන එල්ල වූ තවත් මිසයිල ප්‍රහාරයක්​

    dRSNRJG.jpg


    Li4qTM0.jpg


    n50Esm8.jpg


    uxODcny.jpg


    සිරියානු යුද මෙහෙයුම් සඳහා තුර්කිය ජර්මනියේ නිෂ්පාදිත ලෙපර්ඩ් 2ඒ4 යුද ටැංකි 50ක් පමණ යොදවා ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.

    2539i7f.jpg
    Kornet යුද ටැංකිනාශක මිසයිල පද්ධතියක්​




    Source:defence-blog.com,southfront.org

    -HarshaLulzSec-
     
    • Like
    Reactions: Ashan052