![]()
ජනවාරි 26 වෙනිදාට ජනාධිපතිවරණය අවසන් වී හරියටම වසරක් සපිරෙන මොහොත වන විට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් බොහෝ කරුණු තීරණය වී තිබෙන තත්වයක් නිර්මාණය වෙමින් තිබෙ. එනම් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් අතිශය තීරනාත්මක නඩු තීන්දුවක් ජනවාරි 25 වෙනිදා ප්‍රකාශයට පත්වීමට නියමිතව ඇති හෙයිනි. ජනාධිපතිවරණය අවසන් වී හරියටම වසරක් සපිරෙන මොහොතේ නඩු තීන්දුව ප්‍රකාශයට පත්වීම එක අතකට රාජපක්ශ ආණ්ඩුවට දෛවයේ සරදමක් වීමෙ ලකුණු පහල කරමින් තිබෙ.
දැනට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් නඩු ගණනාවක් ඇසෙමින් පවතී. මෙ සියලු නඩු උඩු යටිකුරු විය හැකි නඩුවක තීන්දුව අපි අපේක්ෂාවෙන් පසුවෙමු. ඒ අන් කිසිවක් නොව යුධ අධිකරණය ස්වභාවික යුක්තිය පසිඳලන අධිකරණයක්ද නැද්ද යන්න තීරණය කෙරෙන නඩුවෙ තීන්දුවයි.
යම් ලෙසකින් වත් යුධ අධිකරණය ව්‍යවස්ථාවෙ දැක්වෙන අධිකරණ ගණයට නොවැටෙන බවට තීන්දු වුවහොත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ පාර්ලිමෙන්තු මන්ත්‍රිධුරය අහෝසි නොවන්නේය. එවිට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ හඞ යලි පාර්ලිමෙන්තුවට ගෙන යා හැකි වනු ඇත. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ෆොන්සේකා මහතාගේ හඞට භය බවට සුදු කොඩි නඩුව කදිම නිදසුනකි. එමනිසා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ පාර්ලිමෙන්තු ගමන වලකාලන්නට ඔවුහු උත්සාහ ගනු ඇත.
යම් ලෙසකින් යුධ අධිකරණය ව්‍යවස්ථාවෙ දැක්වෙන අධිකරණ ගණයට වැටෙන බවට තීන්දු වුවහොත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ පාර්ලිමෙන්තු මන්ත්‍රිධුරය අහෝසි වන්නේය. එහෙත් එවිට Hicorp සිදුවීමට අදාල නඩුව ඉවත් කරගැනීමට ආණ්ඩුවට සිදුවන්නේ එකම සිද්ධියට අදාල නඩු 2ක් ව්‍යවස්ථාවෙ දැක්වෙන අධිකරණ 2ක පවත්වාගෙන යා නොහැකි නිසාය. එමනිසා කුමන තීන්දුව ලැබුනත් ජනරාල් සරත් ෆොන්සේකා න්‍යයාත්මකව ජයග්‍රාහකයා වනු ඇත. එහෙත් මින් පලමුවැන්න සිදුවෙතැයි අපි අපේක්ෂාවෙන් පසුවෙමු.
ඒ සුවිශේෂි සිදුවීම් පෙලක ඓතිහාසික ආරම්භය එය විය හැකි නිසාවෙනි.
http://lahirusenanayake.wordpress.com/2011/01/23/sarath-fonseka/
එදා යුද්ධය ජයගත් මොහොතේ ස්වභාව ධර්මය පවා උද්දාමයට පත්ව ආසිරි මල් වැසි වැස්සවීය.ඉන් පසු ගත වූ මේ වසර තුළ සිදු වී අති දේ ගැන සිත බලමු. දූෂිත පාලකයින් යුද්ධයේ සැබැ විරුවා තිරිසන් ලෙස සිර ගත කරන ලදී.කම්පාවට පත් වූ මහජනයා. ආගමික නායකයින් ,සන්විධාන විරෝධය පෑහ. සාප කළෝය.පාලකයින් නිහඩය.අනතුරුව ඉඩිරිපත් වූයේ ස්වභා දහමයි.වැස්ස අහස ගුගුළේය වැස්ස වලාහක දෙවියෝ කම්පා විය. මහ පොළොව දෙදරා ගියේය.කදු කඩා වැටුනේය .තවමත් දෙදරා යමින් පවතී.පාලකයිනි !, තොප තවමත් පමා නැත.වැරදි නිවැරදි කරනු,එසේ නොවුවහොත්, දෘශ්‍ය,අදෘශ්‍ය සෑම බල වේගයක්ම සත්‍යය වෙනුවෙන් නැගී සිටිනු ඇත.




ඌට වගේම මුන්ටත් පාගල්...බං....................ඕස්ට්‍රේලියාවට, බ්‍රසීලයට ගංවතුර ගලන කං වැස්සේත් ඒකද????![]()

මම ඒ මනුස්සයා දරණ දේශපාන මතයට විතරයි විරුද්ධ..
ජනපති තුමන් නම් කරන ලද, විනිසුරුවන් සිටින යුධ අධිකරණය, අධිකරණයක් නොවෙන බවටත්, මෙය පාර්ලීමේන්තුවේ උත්තරීභවට බලපෑම් කල නොහැකි බවටත් සරත් ෆොන්සේකා මැති තුමා දිගටම මංත්‍රීවරයෙක් බවටත් ශේෂ්ඨාධිකරනය තීරනය කර ඇති බව වාර්ථා වේ.මේ තීන්දුව හෙට දින ප්‍රකාශයට පත් වීමට නියමිතයි.නිර්භීත අපක්ශපාතී අපේ විනිසුරුවන්ට අපේ ගෞරවය නිතැතින්ම හිමිවේවා.


















