රජය ආයතන විකිණීම (පවුද්ග්ලිකරනය )

රාජ්‍ය ආයතන විකු

  • රජය ආයතන විකිණීම (පවුද්ග්ලිකරනය ) හොදයි

    Votes: 3 6.7%
  • රාජ්‍ය ආයතන විකිණීම හොද නැ

    Votes: 15 33.3%
  • 3 පාඩු ලබන ඒවා විකුනන්න ඕනා

    Votes: 22 48.9%
  • 4 කොචර පාඩු උනත් තියන් ඉමු

    Votes: 5 11.1%

  • Total voters
    45

N♥K_forever

Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    padu labuwai kiyala wikinana eka neme option eka..ewa padu nolabanna karyakshama karana ekai..

    hembirissawata nahaya kapala hariyanne na.eh wage
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරිය‍ට කරන්න බැරි නැහැ. කරන්නෙ නැති එකයි අවුල. විකිණිය හැකි රාජ්‍ය ආයනත් තියෙනවා. කොහෙත්ම නොවිකිණිය යුතු රාජ්‍ය ආයතනත් තියෙනවා.

    හරියට කරන්නේ නැත්තම් මිනිස්සුන්ගේ පිටට බර පටවන්නේ නැතුව හරියට කරන්න පුළුවන් පුද්ගලික අංශයට බාරදෙන එක තමයි හොඳ.......
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    රාජ්‍ය ආයතන විකුනණ එක වැරදියි. පාඩු ලබන කියන definition එක වැරදියි.
    රජය තියෙන්නෙ business කරන්න නෙමෙයි. ජනතාවට සේවය කිරීමට.
    උදාහරණ. ලංගම

    ලංගම අරමුණ රජයට ආදායම් උපයාදීම නෙමෙයි. ජනතාවට ප්‍රවාහනය සැපයීම.
    ඒක නිසා තමයි මිනිස්සු පොඩ්ඩක් ඉන්න ගම්මාන වලටත් ලංගම බස් දාන්නෙ.
    මහ රෑ වෙලත් මිනිස්සු 5ක් විතර යන්න ඉන්නකොටත් බස් යන්නෙ.
    ආයතනයේ නඩත්තුවට යම් ප්‍රමාණයකට ආදායමක් ලැබීම හොඳටම ප්‍රමාණවත්.. මදි පාවුව භාණ්ඩාගාරයෙන් ලැබෙන නිසා දිගටම සේවය දෙන්න පුලුවන්.

    ලංගම පාඩුයි කියල පුද්ගලීකරණය කරොත් රෑට බස් නෑ
    මිනිස්සු අඩුවෙන් ඉන්න ගම් වලට බස් නෑ..

    අහන්න එපා එතකොට රජයට ආදායම කොහෙන්ද කියල. රජය ආදායම ලබන්නෙ business කරල නෙමෙයි. බදු වලින්.

    රටකට රජයක් කියල එකක් තියෙන්නෙ
    1 රට ආරක්ශා කිරීමට
    2 බදු ආදායම නැවත රට ඇතුලෙ යොදවල රටේ මිනිස්සුන්ට අවශ්‍ය මූලික සේවා සපයා දීමට.

    ඔය දෙක තේරුම් ගන්නෙ නැති නිසා තමයි පාඩු ලබන රාජ්‍ය ආයතන විකුනන්න ඕනි කියන්නෙ. ඒක වැරදියි. කරන්න ඕන ලාභ ලබන තත්වයට පත් කරන එක නෙමෙයි. නාස්තිය අඩු කරල පාඩුව පුලුවන් තරම් අඩු කරල ආදායමෙන් නොව ජනතාවගේ බදු මුදල් වලින් දිගටම සේවය පවත්වාගෙන යන එක.

    ලාභ ලබනවනම් මුලින්ම කරන්න වෙන්නෙ ආදායම් අඩු route වල සහ ආදායම් අඩු වෙලාවල් වල බස් නතරකරන එකනේ. ඒක වැරදියි.
     
    Last edited:

    ලංගම කරනවානම් හරියට කරන්න ඕනේ.....නැතුව එක බස් එකට සේවකයෝ 10ක් දාල කඩේ යන උන්ට ජොබ් දීල නොමිලේ බස් වලින් රැලි වලට සෙනග ඇදලා මිනිස්සුන්ට බරක් වෙන්න කරනවානම් ඒකෙන් හොඳට වඩා නරකක් වෙන්නේ
     
    ඔය ඔක්කොම වෙලත් හොඳක් තමයි වෙන්නෙ. මිනිස්සුන්ට යන්න ප්‍රවාහන සේවයක් තියෙනව. ලාභය බලන්නෙ නැතුව මිනිස්සු අඩු වෙලාවට, මිනිස්සු අඩු පලාත් වලට බස් දානව..

    ඕක විකුනල දැම්මොත් රස්සාවල් නැති වෙයි.
    අඩුවෙන් මිනිස්සු ඉන්න පැති වලට බස් අඩු වෙයි.
    රෑට බස් නැති වෙයි.
    හැබැයි ඕක සල්ලි දීල ගන්න එකා හොඳට profit හොයයි.

    වඩා හොඳ මොන option එකද??

    (මගෙ කලින් comment එකට තව දේවල් එකතු කරා.. ආයෙත් කියවන්න)
     
    උඹ හිතාගෙන ඉන්නේ ලංගම ලාභ ලබන්නේ නැත්තේ ලාබ අඩු පාරවල් වල යන නිසා සහ රෑට බස් දාන නිසා කියලද?:P සිරාවටම?
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392

    ithin බන් ලන්ගමේ එක බස් එකකට සේවකයෝ 8 ක් ඉන්නවා එකයි අවුල පාඩු යන්නේ

    අඩු ගානේ බන් ලබ ලබන්න නෙමේ පිරිවැය ආවරණය කරන්න ඕනා ,අඩු ගානේ පඩි ටික ගෙවන්න වත්
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    උඹ හිතාගෙන ඉන්නේ ලංගම ලාභ ලබන්නේ නැත්තේ ලාබ අඩු පාරවල් වල යන නිසා සහ රෑට බස් දාන නිසා කියලද?:P සිරාවටම?

    නෑ.
    නමුත් profit එක වැඩි කරන්නනම් ඒවත් නවත්තන්න වෙනව.
    ඕක විකුනුවොත් ගන්න එකා අරගන්න ක්‍රියාමාර්ග අතර රෑ බස් නවත්වන එකත් ප්‍රධානයි.
    (උඹ business එකක් කරන්න ඕක සල්ලි වලට ගත්තොත් මොකද කරන්නෙ. තර්කානුකූලව හිතල බලපන්.. ඕව සල්ලි වලට ගන්නෙ බෝධිසත්වයො නෙමෙයි. මුදලාලිල)
    මගෙ තර්කය ඒක නෙමෙයි.
    මම කියන්නෙ ලංගම ඇතුලු රාජ්‍ය ආයතන ලාභ ලැබියයුතු නෑ කියන එක. (ලාභ ලබන්න පුලුවන්නම් හොඳයි - නමුත් අනිවාර්‍ය අවශ්‍යතාවයක් නෙමෙයි)
    රජය ආදායම් ලබන්නෙ බදු වලින්.
    රාජ්‍ය ආයතන හරහා බදු මුදල් වියදම් කරල ජනතාවගේ අවශ්‍යතා ඉටුකරන එක තමයි වෙන්න ඕනි.
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    කොචර පාඩු උනත් තියන් ඉමු :yes::yes::yes:

    Because I am a government employee

    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    රාජ්‍ය ආයතන විකුනණ එක වැරදියි. පාඩු ලබන කියන definition එක වැරදියි.
    රජය තියෙන්නෙ business කරන්න නෙමෙයි. ජනතාවට සේවය කිරීමට.
    උදාහරණ. ලංගම

    ලංගම අරමුණ රජයට ආදායම් උපයාදීම නෙමෙයි. ජනතාවට ප්‍රවාහනය සැපයීම.
    ඒක නිසා තමයි මිනිස්සු පොඩ්ඩක් ඉන්න ගම්මාන වලටත් ලංගම බස් දාන්නෙ.
    මහ රෑ වෙලත් මිනිස්සු 5ක් විතර යන්න ඉන්නකොටත් බස් යන්නෙ.
    ආයතනයේ නඩත්තුවට යම් ප්‍රමාණයකට ආදායමක් ලැබීම හොඳටම ප්‍රමාණවත්.. මදි පාවුව භාණ්ඩාගාරයෙන් ලැබෙන නිසා දිගටම සේවය දෙන්න පුලුවන්.

    ලංගම පාඩුයි කියල පුද්ගලීකරණය කරොත් රෑට බස් නෑ
    මිනිස්සු අඩුවෙන් ඉන්න ගම් වලට බස් නෑ..

    අහන්න එපා එතකොට රජයට ආදායම කොහෙන්ද කියල. රජය ආදායම ලබන්නෙ business කරල නෙමෙයි. බදු වලින්.

    රටකට රජයක් කියල එකක් තියෙන්නෙ
    1 රට ආරක්ශා කිරීමට
    2 බදු ආදායම නැවත රට ඇතුලෙ යොදවල රටේ මිනිස්සුන්ට අවශ්‍ය මූලික සේවා සපයා දීමට.

    ඔය දෙක තේරුම් ගන්නෙ නැති නිසා තමයි පාඩු ලබන රාජ්‍ය ආයතන විකුනන්න ඕනි කියන්නෙ. ඒක වැරදියි. කරන්න ඕන ලාභ ලබන තත්වයට පත් කරන එක නෙමෙයි. නාස්තිය අඩු කරල පාඩුව පුලුවන් තරම් අඩු කරල ආදායමෙන් නොව ජනතාවගේ බදු මුදල් වලින් දිගටම සේවය පවත්වාගෙන යන එක.

    ලාභ ලබනවනම් මුලින්ම කරන්න වෙන්නෙ ආදායම් අඩු route වල සහ ආදායම් අඩු වෙලාවල් වල බස් නතරකරන එකනේ. ඒක වැරදියි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නෑ.
    නමුත් profit එක වැඩි කරන්නනම් ඒවත් නවත්තන්න වෙනව.
    ඕක විකුනුවොත් ගන්න එකා අරගන්න ක්‍රියාමාර්ග අතර රෑ බස් නවත්වන එකත් ප්‍රධානයි.
    (උඹ business එකක් කරන්න ඕක සල්ලි වලට ගත්තොත් මොකද කරන්නෙ. තර්කානුකූලව හිතල බලපන්.. ඕව සල්ලි වලට ගන්නෙ බෝධිසත්වයො නෙමෙයි. මුදලාලිල)
    මගෙ තර්කය ඒක නෙමෙයි.
    මම කියන්නෙ ලංගම ඇතුලු රාජ්‍ය ආයතන ලාභ ලැබියයුතු නෑ කියන එක. (ලාභ ලබන්න පුලුවන්නම් හොඳයි - නමුත් අනිවාර්‍ය අවශ්‍යතාවයක් නෙමෙයි)
    රජය ආදායම් ලබන්නෙ බදු වලින්.
    රාජ්‍ය ආයතන හරහා බදු මුදල් වියදම් කරල ජනතාවගේ අවශ්‍යතා ඉටුකරන එක තමයි වෙන්න ඕනි.

    නෑ ලංගමට ලාභ ලබන්න නම් ඉස්සල්ලම කරන්න ඕනේ අකාර්යක්ෂමතාව නැතිකරන එක.......හරියට නාස්තිය නැතිකරලා ක්‍රියාත්මක වෙනවනම් සුභසාදන සේවා කරලත් ලාභ කෙසේවෙතත් පාඩු නොලබා ඉන්න පුළුවන්

    අනික් කතාවත් සම්පූර්ණයෙන්ම වැරදියි රාජ්‍ය ආදායමේ ප්‍රධාන කොටස් දෙකයි බදු අදායම සහ බදු නොවන අදායම.....හොඳ රජයක්නම් පුළුවන් තරම් බදු නොවන අදායම වැඩි කරලා බදු අදායම මත බර තියන එක අඩුකරන්න ඕනේ

    දුර්වල රජයන් තමයි බදු මතම යැපෙමින් මිනිස්සු මත බරපටවන්නේ
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    නෑ ලංගමට ලාභ ලබන්න නම් ඉස්සල්ලම කරන්න ඕනේ අකාර්යක්ෂමතාව නැතිකරන එක.......හරියට නාස්තිය නැතිකරලා ක්‍රියාත්මක වෙනවනම් සුභසාදන සේවා කරලත් ලාභ කෙසේවෙතත් පාඩු නොලබා ඉන්න පුළුවන්

    අනික් කතාවත් සම්පූර්ණයෙන්ම වැරදියි රාජ්‍ය ආදායමේ ප්‍රධාන කොටස් දෙකයි බදු අදායම සහ බදු නොවන අදායම.....හොඳ රජයක්නම් පුළුවන් තරම් බදු නොවන අදායම වැඩි කරලා බදු අදායම මත බර තියන එක අඩුකරන්න ඕනේ

    දුර්වල රජයන් තමයි බදු මතම යැපෙමින් මිනිස්සු මත බරපටවන්නේ

    ආයතන කාර්‍යක්ශම කරන්න ඕනි කියන එකට මම එකඟයි. නමුත් ජනතා සේවය compromise කරල ලාභ ලැබියයුතු නෑ.
    ඒ නිසා පාඩු ලබන ආයතන විකුනන්න ඕනි කියන මතයට මම විරුද්ධයි.
    පාඩු ලබමින් හරි ජනතා සේවයට අදාල ආයතන පවත්වාගෙන යායුතුමයි කියන මතයේ තමයි මම ඉන්නෙ. පාඩු ලැබුවට කමක් නෑ මොකද ලාභය අරමුන නොවන නිසා.. හැබැයි ලාභ ලබන්න පුලුවන්නම් ඉතින් හොඳයි..

    බදු නොවන ආදායම කියන්නෙ ඉතින් දඩ

    උඹ කියපන් බලන්න සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනව කියන ඇමරිකාවෙ රජයෙන් කරණ ව්යාපාර 4ක් විතර.. රජ‍යේ ආදායම බදු තමයි.
     
    ජනතා සේවය කරන්න රජයේ ආයතනම අවශ්‍ය නෑ බන් උදාහරණයක් විදිහට රෑ බස් සිද්දිය ගනින්......රජයට බලය තියනවා ඒ බලය පාවිච්චි කරලා කාලසටහනක් හදන්න පුළුවන් හැම බස් එකක්ම සතියකට එක්තරා ප්‍රමාණයක් රාත්‍රී ධාවනය කරන්න ඕනේ කියල ඒක පිළිනොපදින අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා

    සම්පූර්ණයෙන්ම වැරදියි ආයෙත්......බදු නොවන එකම අදායම දඩ නෙවෙයි රාජ්‍ය ව්‍යවසාය වල ලාභ එහෙමත් බදු නොවන අදායම් තමයි (උදා - වරායෙන් උපයන මුදල්) රජයක් උනාම පුළුවන් තරම් තමන්ට අවශ්‍ය මුදල් උපයගන්න බලන්න ඕනේ මිනිස්සුන්ගෙන් හූරන් කන්නේ නැතුව

    ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ශක්තිමත් රජය අතර තියන සම්බන්දෙ මොකක්ද? ඇමරිකාවේ රජය මූල්‍ය අතින් බොහොම දුර්වලයි ඒක කවුද නොදන්නේ?

    උඹ ඉතින් කොහොම කිව්වත් රාජ්‍ය මූල්‍යනය අලුතෙන් ලියන්න බෑ බං.....යහපත් රජයක් හැම වෙලාවේම බදු බර අඩුකරන්න බලනවා
     
    thanujaka

    Well-known member
  • රාජ්‍ය ආයතන පාඩු ලබන්නේ එවල තියෙන පරිපාලන අක්‍රමිකතා හේතුවෙන් මිසක් අදාළ ව්‍යාපාරය අයත්වන ක්ෂේත්‍රයේ වරදක් නිසා නෙමෙයි..
    උදාහරණයක් ලෙස පිටි සංස්ථාව ඒ කාලේ ප්‍රීමා එකට වික්ක..
    හරි පරිපාලනයක් එක්ක අද තිබ්බ නං කොහොමද?
    හුඟක් අය හිතන දෙයක් තමයි පාඩු ඒවා විකුණලා දාන්න ඕනේ කියල..
    ඇත්තටම ඒවා පාඩුවෙලා නෙමෙයි පාඩු කරවල...
    ලොක්කන්ට බැන්නට මොකද රජයේ සේවයේ පහල ඉදං ඉහලට යනකම්ම තියෙන්නේ අයිස් ගැහිල්ලයි පාගා ගැහිල්ලයි..
    ලංකාවේ මිනිස්සුන්ගේ මානසිකත්වයත් එක්ක ඒවා කවදාවත් නිවැරදි කරන්න බෑ කොහොමත්..
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ජනතා සේවය කරන්න රජයේ ආයතනම අවශ්‍ය නෑ බන් උදාහරණයක් විදිහට රෑ බස් සිද්දිය ගනින්......රජයට බලය තියනවා ඒ බලය පාවිච්චි කරලා කාලසටහනක් හදන්න පුළුවන් හැම බස් එකක්ම සතියකට එක්තරා ප්‍රමාණයක් රාත්‍රී ධාවනය කරන්න ඕනේ කියල ඒක පිළිනොපදින අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා

    සම්පූර්ණයෙන්ම වැරදියි ආයෙත්......බදු නොවන එකම අදායම දඩ නෙවෙයි රාජ්‍ය ව්‍යවසාය වල ලාභ එහෙමත් බදු නොවන අදායම් තමයි (උදා - වරායෙන් උපයන මුදල්) රජයක් උනාම පුළුවන් තරම් තමන්ට අවශ්‍ය මුදල් උපයගන්න බලන්න ඕනේ මිනිස්සුන්ගෙන් හූරන් කන්නේ නැතුව

    ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ශක්තිමත් රජය අතර තියන සම්බන්දෙ මොකක්ද? ඇමරිකාවේ රජය මූල්‍ය අතින් බොහොම දුර්වලයි ඒක කවුද නොදන්නේ?

    උඹ ඉතින් කොහොම කිව්වත් රාජ්‍ය මූල්‍යනය අලුතෙන් ලියන්න බෑ බං.....යහපත් රජයක් හැම වෙලාවේම බදු බර අඩුකරන්න බලනවා
    බදු අඩු කරනව කියල ආයතන විකුනන එක වැරදියි. ආයතන විකුනල බදු අඩු කරත් අවසානයේ ඔය ආයතන වලින් ලැබෙන සේවය ජනතාවට පවුද්ගලික අංශයෙන් ලබාගන්න යනකොට නැවට ඒ බර ජනතාවටම වැටෙනව කලින්ට වඩා දරුණුවට. ඔය ආයතන පිහිටුවල තියෙන්නෙම ජනතා සේවයට. ගොඩක් ආයතන Soviet Union එකෙන් නිකන් දීපුව. (උදා: සීනි කර්මාන්ත ශාල, පූගොඩ garment factory complex වගේ ඒව)
    ඔය ආයතන ගිලගන්න බලාගෙන මුදලාලිල ඉන්නව.. උන්ට විකුනලදාන එක වැරදියි.. පාඩු ලබමින් හරි පාඩුව බදු වලින් compensate කරල දිගටම පවත්වාගෙන යන්න ඕන.. මොකද බදු ගෙවන ජනතාවටම තමයි එම ආයතන වලින් නැවට සේවය ලැබෙන්නෙ.

    පහුගිය UNP ආණ්ඩුව කාලෙ රජයේ සීනි factory දයා ගමගේට විකුණුව. මිනිහ ටික කාලෙකින් සීනි හදන එක නවත්තල වඩා ලාභදායී එතනෝල් හදන්න ගත්ත.. වැඩේ ලාභයි. දයා ගමගේට පට්ට profit. ඒ උනට ලංකාවට Brazil වලින් වැඩිපුර සීනි ගේන්න උනා. අන්තිමට ජනතාවටම තමයි පාඩු.. මහින්ද වෙනම නීතියක් ගෙනත් ඔය factory එක ආයෙත් රජයට අරන් සීනි හදන්නව. හැබැයි ඉස්සර තරම් ලාභ නෑ.. ඒ උනාට සීනි හදනව.
    ඕක තමයි අන්තිමට වෙන්නෙ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බදු අඩු කරනව කියල ආයතන විකුනන එක වැරදියි. ආයතන විකුනල බදු අඩු කරත් අවසානයේ ඔය ආයතන වලින් ලැබෙන සේවය ජනතාවට පවුද්ගලික අංශයෙන් ලබාගන්න යනකොට නැවට ඒ බර ජනතාවටම වැටෙනව කලින්ට වඩා දරුණුවට. ඔය ආයතන පිහිටුවල තියෙන්නෙම ජනතා සේවයට. ගොඩක් ආයතන Soviet Union එකෙන් නිකන් දීපුව. (උදා: සීනි කර්මාන්ත ශාල, පූගොඩ garment factory complex වගේ ඒව)
    ඔය ආයතන ගිලගන්න බලාගෙන මුදලාලිල ඉන්නව.. උන්ට විකුනලදාන එක වැරදියි.. පාඩු ලබමින් හරි පාඩුව බදු වලින් compensate කරල දිගටම පවත්වාගෙන යන්න ඕන.. මොකද බදු ගෙවන ජනතාවටම තමයි එම ආයතන වලින් නැවට සේවය ලැබෙන්නෙ

    නෑ පාඩුව ලැබෙන්නේ අකර්යක්ෂමතවත් එක්ක එකතුවෙලා එතකොට ඒ සමස්ත පාඩුව පුද්ගලික අංශය ලාභයක් තියාගන්නවට බවා ආර්ථිකයට කරන හානිය වැඩියි (අකාර්යක්ෂමතාව ආර්ථිකයට හානිකරයි ලාභය එහෙම නෑ) එතකොට සමස්තයක් ලෙස ජනතාව දරන බර වැඩියි

    රජයේ ආයතන බහුතරයක් Soviet Union එකෙන් නිකන් දීපුව නම් නෙවෙයි

    අදාළ පාඩුව ලබන්නේ ජනතාවට සේවය කිරීම නිසා නම් කමක් නෑ නමුත් කොමිස් කාක්කන් පෝසත් කරමින් දේශපාලුවන්ට අයුතු වාසි ගන්න ඉඩ දෙමින් අකාර්යක්ෂමතාවට බිලිවෙමින් පාඩු ලබන ආයතන වලට වඩා ලාබයක් තියාගන්න පුද්ගලික අංශය හිතකරයි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    පහුගිය UNP ආණ්ඩුව කාලෙ රජයේ සීනි factory දයා ගමගේට විකුණුව. මිනිහ ටික කාලෙකින් සීනි හදන එක නවත්තල වඩා ලාභදායී එතනෝල් හදන්න ගත්ත.. වැඩේ ලාභයි. දයා ගමගේට පට්ට profit. ඒ උනට ලංකාවට Brazil වලින් වැඩිපුර සීනි ගේන්න උනා. අන්තිමට ජනතාවටම තමයි පාඩු.. මහින්ද වෙනම නීතියක් ගෙනත් ඔය factory එක ආයෙත් රජයට අරන් සීනි හදන්නව. හැබැයි ඉස්සර තරම් ලාභ නෑ.. ඒ උනාට සීනි හදනව.
    ඕක තමයි අන්තිමට වෙන්නෙ.

    ඉතින් ඌ එතනෝල් හදන නිසා එතනෝල් ගේන එක අඩුවෙන්න ඇතිනේ :P

    ආර්ථිකයට බලපෑම සලකද්දී සීනි හොඳයි එතනෝල් නරකයි කියල බලන්නේ නෑ......සීනි වලට වඩා වැඩි කාර්යක්ෂමතාවකින් එතනෝල් හදන්න පුළුවන් නම් ඒක හදල සීනි පිටින් ගේන එක ලාබයි

    දයාගමගේ සීනි හදලා ආර්ථිකයට එකතු කරපු වටිනාකමට වඩා එතනෝල් වලින් වටිනාකමක් එකතු කරානම් වැඩේ ලාබයි තමයි

    (දැන් මට බනින්න එපා එතනෝල් ප්‍රමෝට් කරා කියල)