ඔව්..මේක ඇත්ත....ගෙවල් ගැන පොඩ්ඩක් උනනදු වෙද්දි තමයි හරිම සීන් එක තේරුනේ...Local experience නෑ කියලා. ඒක ප්‍රධානම හේතුවක් මම හිතන්නෙ. IT වලට local experience කියලා එකක් නෑනෙ. ඒව කොහෙත් එකයි. ලංකාවෙ construction තාක්ෂණය, වැඩ කෙරෙන විදිය පට්ට අවුල්. ඒව උන්ට දැනෙන්න ඇති කලින් කට්ටිය ගත්තම. ඒකයි ගන්නෙ නැතුව ඇත්තෙ.
ට්‍රයි කරන්නෙ නැති නිසා නෙවෙයි බන්. ඇත්තටම ගන්නෙ නෑ. අපිත් ට්‍රයි කරා එන්න කලින්. දැනුත් කට්ටිය ට්‍රයි කරනවා. ඒත් වැඩක් නෑ.
IT වගේ නෙවෙයිනෙ සයිට් වල clients, stakeholders ල එක්ක වැඩ කරන්න තියෙනවා. Expensive equipment බාරදෙනවා. ඇහැට වත් දැකල නැති එකෙක්ට එහෙම දෙන්න උන් කැමති නෑ.
අනිත් ප්‍රධානම හේතුව වීස නැතුව ගන්නෙ නෑ කොහොමටවත්. උන්ට වීස දීල ලංකාවෙන් ගන්න ඕන නෑ මෙහේ දැනටම ඕන තරං ඉන්දෙද්දි. ඒකට ආණ්ඩුවට පෙන්නන්න ඕන ගන්න කෙනෙක් මෙහේ නෑ කියලා.
එහෙම ගත්තොත් ගනියි අවුරුදු 15 ක 20 ක විතර exp තියෙන කන්සල්ටන්ට් ලෙවල් එකේ කෙනෙක්. වෙන අයව නං ගන්නෙ නෑ 95% ක් ම ෂුවර්. කන්ටැක්ට් එකක් තියෙනව නං අන්න එයාට පුලුවන් ඉන්ටවිව් එකකට චාන්ස් එකක් අරන් දෙන්න. ඒකත් හැමෝටම බෑ.
මුන්ගේ හැම මඟුලම අර ස්ටෑන්ඩර්ඩ් එකට මේ ස්ටෑන්ඩර්ඩ් එකට කියලයි කරන්නේ....
කොටින්ම AC එකක් install කරන්නත් qualified වෙලා ඉන්න ඕනි...