රටේ ජනප්‍රියම ක්‍රීඩාව වලපල්ලට යාම

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    රටේ ජනප්‍රියම ක්‍රීඩාව වලපල්ලට යාම

    කිසිදා නොපිරවිය හැකි හිස්තැනක් සමගින් තිලකරත්න දිල්ශාන් එක්දින ක්‍රීකට් පිටියට සමු දුන්නා. කණ්ඩායමට කැඳවන්නේ සචිත් පතිරණ. ඔහු පිතිකරුවෙකද ? නෑ ? එහෙනම් මෙතන පොඩි අවුලක් වගේ පේන නිසාත්, කණ්ඩායමේ දේශපාලන බලපෑම් ගැනත් කනින් කොනින් ඇහෙන නිසාත්, මේ ගැන පොඩ්ඩක් හොයලා බලන්න අපි හිතුවා.

    * දිල්ශාන් ගියා. සචිත් පතිරණ ආවා. ඇයි ඒ ?

    තිලකරත්න දිල්ශාන් ගේ සමුගැන්මෙන් කණ්ඩායමට හිස් උනු ස්ථානයට සචිත් පතිරණව කැදවා තිබෙනවා. සචිත් පතිරණ යනු ආරම්භක පිතිකරුවෙක් නෙවෙ. ඔහු බොහෝ විට නොම්මර හත අට ක්‍රීඩා කරන දග පන්දු යවන්නෙක්. දිල්ශාන් ගෙ සමුගැන්මේ තරගය දා සැබැන්වින්ම ඔහුගෙ ස්ථානයට ක්‍රීඩකයෙක් දඹුල්ලට ගෙනාවා. ඔහු කණ්ඩායම සමග පුහුණු වීම් වල පවා නිරත උනා. ඔහු නිරෝශන් දික්වැල්ල. නමුත් තෙරීම් කමිටු සභාපති සනත් ගේ අනින් නැවත එදිනම ඔහු කොළඹ හරවා යනවා. ඒ වෙනුවට අද සචිත් පතිරණ කැදවනවා.

    * කවුද සචිත් පතිරණ?

    සචිත් පතිරණ කියන්නෙ ජානක පතිරණගේ පුතා.

    * ජානක පතිරණ ?

    ජානක පතිරණ තමයි මහනුවරදිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති. ශ්‍රී ලංකා ක්‍රිකට් නිළවරණයට ඡන්දය ලබා දිය හැකි ක්‍රිකට් සංගම් විස්සක් පමණ ජානකගෙන් පාලනය වෙනවා. ක්‍රිකට් නිළවරණයේදී අර්ජුණ පාර්ශවය පරදා තිලංග සුමතිපාල ක්‍රිකට් සහාපති කිරීමට ජානක පතිරණගේ ක්‍රිකට් සමාජ විස්සේම ඡන්ද විස්ස ඔහුට ලබා දෙනවා.

    ජානකට කළගුණ සැලකීමට තිලංග ආරම්භ කරන්නේ පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙ භාරකරු තනතුර ජානකට ප්‍රදානය කිරීමෙන්, ඊට පස්සේ ජානකගේ පුතා සචිත් මෑතක පළමු පෙළ කිසිම දක්ෂතාවයක් නොමැතිව සංචිතයට කැදවනවා.

    * ඇන්ජලෝ පේරේරා කණ්ඩායමට ආවේ ඇයි ?

    ඇන්ජලෝ පෙරේරාත් හිටිහැටියේම කණ්ඩායමට කඩා පාත් වෙනවා. ඒ මිලින්ද සිරිවර්ධන , දසුන් ශානක වැනි දක්ෂතා දැක්වූ පිරිස කණ්ඩායමෙන් එළියේ බලාගෙන ඉන්දිද්දියි.

    ඇන්ජලෝ පේරෙ‍රාටත් සචිත් පතිරණට මෙන්ම දේශපාලනයට සම්බන්ධ අක්මුල් තිබෙනවා. ඇන්ජලෝ පෙරේරා ට අමාත්‍ය හරීන් ප්‍රනාන්දූට නෑකමක් තියනවා. සරලව කියනවා නම් හරීන් ප්‍රනාන්දූ ඇන්ජලෝ පෙරේරා ගෙ මාමා. පසුගිය මැතිවරණ සමයේ පලමු පෙළ ක්‍රිකට් තරග හා පුහුණුවීම් මගහැර ඇන්ජලෝ පෙරේරා සිටියෙ බදුල්ලේ හරීන් ප්‍රනාන්දූගේ මැතිවරණයට සම්බන්ධ වෙමින්.

    පසුගිය දිනවල ඇන්ජලෝ මැතිව්ස්ලා , ඇන්ජලෝ පෙරේරාලා හරීන් ප්‍රනාන්දූලා, විනෝද චාරිකාවක යනවා.

    අන්තර්ජාතික තරග වල ශ්‍රී ලංකාවට තරග දිනවූ මිලින්ද සිරිවර්ධනලා , දසුන් ශානකලා එලියෙ ඉද්දි දේශපාලනය නිසා සචිත් පතිරණලා ඇන්ජලෝ පෙරේරාලා ශ්‍රී ලංකාව නියෝජණය කිරීමට වරම් ලබන්නේ එහෙමයි..

    සනත් තමන් බලයට ගෙනා දේශපාලුවන්ගේ ඕනෑ එපා කම් පිරිමසන අතර සනත් ට සහය වෙමින් නායක ඇන්ජලෝ තමන්ට අවශ්‍ය ක්‍රීඩකයන්ද කණ්ඩායමට ගනි. දෙදෙනා ජාඩියට මුඩියට මෙන් සුහදත්වයෙන් මේ ක්‍රීයාදාමය සිදු කරමින් සිටී.

    සනත් ක්‍රීඩා කරන සමයෙ ඔහු රට වෙනවෙන් ගැසු හයේ පාරවල් අපිට තාමත් මතකය.

    ඇන්ජි තවමත් ලබා ගන්නා ලකුණු සහ කඩුලු වලට අපි තවමත් අත්පුඩි ගසයි.

    නමුත් ඒ සියල්ල ඔවුන්ට ක්‍රීඩාව විනාශ කිරීමට දුන් ලයිශන් එකක් නම් නෙමෙයි. එදා ගැසු ශතකය නිසා ඇන්ජිට දක්ෂයන් කපා පොලිටික්කන් ඇතුලට ගන්නා තුරු බලාගෙන ඉඳීම රටේ ක්‍රීඩා ලෝලීන්ට කරන අසාධාරණයක්..

    සිය පළමු තරගයේම දක්ෂතා දක්වමින් තරගයේ වීරයා වූ කසුන් රාජිත අද නිකන්ම නිකන් නෙට් බෝලර් කෙනෙකි. ඒ වෙනුවට කෙලින්ම දහ නවයෙන් පහල කණ්ඩායමේ සිටි වේග පන්දු යවන්නෙක් කණ්ඩායමට පැමිණ ඇත.

    එංගලන්ත සංචාරයේ වැඩිම ලකුණු ලාභින් අතර සිටි උපුල් තරංග එලියේය. ජ්‍යේෂ්ටත්වය අතින් ඇන්ජලෝටත් වඩා සුදුසුකම් තිබෙන එක්දින ශතක 13ක් හා ද්විත්ව ශතක සබඳතා 7ක් තිබෙන, පෙර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා තරංග කණ්ඩායමේ නොසිටිමට කිසිදු හේතුවක් නැත.:confused::confused: වමත් කුසල් ජනිත් එක්වරම මැදපෙලින් පැමිනි හේතුව ඔබ නොදන්නවා විය හැක. ඒ තරංග ක්‍රීඩා කළ ස්ථානයේ ඔහුට සුදුසු හොද ආදේශකයක් සිටින බව පෙන්වීම බව දන්නො දනිති.

    මිලින්ද සිරිවර්ධනටත් එසේමය.

    සටහන අවසන් කරන්නේ දේශපාලූවන්ගේ සුරතලෙකු වි සිටින සනත් හා සිය හිතමිතුරන්ට සැලකීමට නායකත්වය ආශිර්වාදයක් කොට ගත් ඇන්ජලෝ ශ්‍රී ලංකා ක්‍රිකට් වලපල්ලට ගෙන යන බව කියමිනි.

    දක්ෂතා ඇති ක්‍රීඩකයන් කණ්ඩායමට ගෙන ඒමට ඔවුන්ගේ ජාතකය සොයා බැලිය යුතු නොවේ. දේශපාලකයෙකුගේ පුතෙක් වුවත් වැඩිම දක්ෂතා ඇත්තේ ඔහුට නම් අනිවාර්යයෙන්ම ඔහු කණ්ඩායමේ සිටිය යුතුය. නමුත් දක්ෂයන් එළියේ තබා ගජ මිතුරු කල්ලි කණ්ඩායම තුළට ගෙන ඒමෙන් සිදුවන්නේ රටේ ජනප්‍රියම ක්‍රීඩාව වලපල්ලට යාම පමණකි.

    Note:D
    රීපොස්ට් නම් සමා වෙන්න .

    උපුටාගත්තේ මෙතනින් http://srilankasports.lk/
     
    • Like
    Reactions: DjAtrocity

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    උපුල් තරංග එලියේය. ජ්‍යේෂ්ටත්වය අතින් ඇන්ජලෝටත් වඩා සුදුසුකම් තිබෙන එක්දින ශතක 13ක් හා ද්විත්ව ශතක සබඳතා 7ක් තිබෙන, පෙර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා තරංග කණ්ඩායමේ නොසිටිමට කිසිදු හේතුවක් නැත.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    උපුල් තරංග එලියේය. ජ්‍යේෂ්ටත්වය අතින් ඇන්ජලෝටත් වඩා සුදුසුකම් තිබෙන එක්දින ශතක 13ක් හා ද්විත්ව ශතක සබඳතා 7ක් තිබෙන, පෙර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා තරංග කණ්ඩායමේ නොසිටිමට කිසිදු හේතුවක් නැත.

    ජ්‍යේෂ්ටත්වයයි එක්ස්පීරියන්ස් එකයි සුපිරිම ටෙක්නික් එකකුයි තිබ්බට, උපුල් තරංග පිස්සු යකෙක් බන්. ඕකව ටීම් එකට ගත්තට කමක් හැබැයි එවන්න ඕනේ ෆයිව් ඩවුන් වගේ. ඕපන් කරන්න දෙනව නම් දෙන්න ඕනේ ඕකව මකවලා, මොකද මූ බෝලර්ලව ෆෝර්ම් කරවලා, බෝල් ටිකත් කාලා, ටීම් එකටම පට්ටම ප්‍රෙශර් එකක් දීලා ස්ලිප් එකට කැච් එක දීලා අවුට් වෙලා යනවා. වැරදි හදාගන්න එකෙක් නම් නෙවෙයි. මොකද මූ අවුරුදු ගානක් තිස්සේ අවුට් වෙන්නේ එකම විදිහට.

    සචිත් පතිරණ ගැන කියනව නම් ඒක දේශපාලන බලපෑමක් වෙන්න ඇති. අපේ රටේ එදා ඉඳන් ඔහොම තමයි කරන්න දෙයක් නෑ. ඉස්සර රමිත් රඹුක්වැල්ලටත් චාන්ස් පිට චාන්ස් දුන්නා. තිලංගත් ඒකම තමයි කරන්නේ. තිලංග පැරදිලා අර්ජුන දින්නා නම් අර්ජුනත් ඕකම තමයි කරන්නේ. අර්ජුනලා කැප්ටන් කාලෙත් රොෂාන් මහනාමව කපලා මාවන් ගත්තු එකානේ. ඩිල්ෂාන් වෙනුවට රීප්ලේස් කරපු එක සදාචාර සම්පන්න නැති උනාට ඊයේ සචිත් පතිරණ හිටියේ නැත්නම් විකට් එකක් වත් ගන්න එකෙක් නෑ.
     
    උබ කියන කතාව හරි මචන් , උට පුදුම අපලයක් තියෙන්නේ ෆිස්ට් ආණ්ඩ සෙකන්ඩ් ස්ලිප් ට කැච් දෙන්න . මම කියන්නේ එක හරි සීනියර් ප්ලයෙර් කෙනෙක් ඉන්න ඕනේ ටීම් එකට . උපුල් ට කුසල් එක්ක ඔපන් කරන්න චාන්ස් එකක් දුන්නනම් මොකදවෙන්නේ කියල බලන්න අසයි . '

    මම එකයි , ඊයේ පතිරණ නොහිටින්න අරුන් නොවිකෙට් ගහන්න තිබුණ .

    මේ ටුව එකට දබුල්ල තෝරාගන්නේ නැතුව ඉන්න තිබුන කියල තමයි මටනම් හිතෙන්නේ . ඩිව් ෆෙක්ටෙර් එකත් එක්ක 2න්ඩ් බැට් කරන අයට වාසියක් තියනවා . අනික වැව පැත්තෙන් එන හුළග . ලංකාවට නිත්‍ය ෆස්ට් බෝලර් කෙනෙක් නැතුව මේ මචේර්ස් ගහපු එක ගැන මට හෙන පුදුමයි බන් ,,
     
    අනිවා උපුලා ටීම් එකේ ඉන්න ඕන කෙනෙක් :yes: ලෙෆ්ට් රයිට් කම්බිනේශන් එක ගලපන නිසා. උපුලුයි කුසලුයි දෙන්නම ලෙෆ්ට් හෑන්ඩඩ් බැටාලා නිසා එකට ඕපන් කරන්න ලැබෙන චාන්ස් එක අඩුයි. අවුරුදු දෙකකට සැරයක් වගේ ටුවර් එකකට දෙකකට ඇතුලට ආවත් මැතිව්ස් ඉන්නකම් මම නම් හිතන්නේ නෑ උපුල්ට ආයි ටීම් එකේ ස්ථීර තැනක් ලැබෙයි කියලා. මොකද මැතිව්ස්නේ උපුල්ට ගොඩක්ම අකමැති කෙනා.

    අපේ උන් ඳඹුල්ලට කැමතියිනේද බන්. දිනන්න ටොස් එකේ වාසියත් බලපානවා තමයි. ලංකාවේ ඉන්න ෆාස්ට් බෝලර්ලා 140 පන්නලා බෝල් 60ක් දැම්මොත් පහුවදා ඉන්ජර්ඩ්නේ බන් :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    මැතිව්ස්ට අමාරුයිලු. ඒ වෙනුවට උපුල් තරංගට අවස්ථාව දීලා.

    8A63Giu.jpg
     
    kal00

    Active member
  • Feb 7, 2009
    544
    120
    43
    " සිය පළමු තරගයේම දක්ෂතා දක්වමින් තරගයේ වීරයා වූ කසුන් රාජිත අද නිකන්ම නිකන් නෙට් බෝලර් කෙනෙකි. ඒ වෙනුවට කෙලින්ම දහ නවයෙන් පහල කණ්ඩායමේ සිටි වේග පන්දු යවන්නෙක් කණ්ඩායමට පැමිණ ඇත "

    Hidden Politics :( :(
    Angelo Perera is a nothing player to me. Where is Dilshan Munaweera ?