රට කොච්චර අමුතුද.

keshara

Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    රට කොච්චර අමුතුද.

    නෝත් කොරියාවෙ පුදුම කාරනා. ඒ රට කොච්චර අමුතුද.

    නෝත් කොරියාව ලෝකේ තියෙන අමුතුම රටක්. හැබයි ඒ රට ගැන ඇත්ත දේවල් සහ බොරු දේවල් ගොඩක් කියල තියනවා. ඒ රටෙන් පැනපු කට්ටිය තමයි ගොඩක් විස්තර දෙන්නේ. ටුවරිස්ට්ස්ල 3,000ක් වගේ අවුරුද්දකට යනවා. හැබයි හැම තිස්සෙම ආන්ඩුවේ ගාඩ්ස්ල දෙන්නෙක් එක්ක ඒ ගොල්ලො කියන තැන් වලට විතරයි යන්න පුලුවන්. ෆොටෝස් ගන්න බෑ. ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න බෑ. එලියට එන්නේ විස්තර ටිකයි.

    243028-north-korea-rocket.jpg


    කොහොමටත්, මේව තමයි නෝත් කොරියාව ගැන කියල තියන අමුතුම විස්තර.


    1. වැරැද්දක් කරොත් පරම්පරා තුනකට දඬුවම් දෙනවා.

    අපි වැරැද්දක් කරොත් පරම්පරා තුනකට දඬුවම් දෙනවා. ඒ කියන්නේ පරම්පරා තුනක් ඉපදුනොත්, හිර කැම්ප්ස් වල ඉපදෙන්නේ. තුනම හිර කැම්ප්ස් වල ජීවත් වෙන්නේ.

    දැනට මේ කැම්ප්ස් වල ඉන්න ජනතාව 150,000 – 200,000ට වඩා වැඩී. කැම්ප්ස් වලින් පැනලා ගිය කට්ටිය තණකොල සහ පස් කාල ජීවත් උනේ කියනව. අපිට හිතා ගන්න අමාරු හිරිහැර මිනිස්සුට කරනව කියනවා. කැම්ප්ස් වල සැටලයිට් ෆොටෝස් විතරයි තියෙන්නෙ.


    article-2267793-1724E85E000005DC-147_634x417.jpg


    2. එහෙ අවුරුද්ද 2014 නෙමෙයි.

    නෝත් කොරියාවේ කැලෙන්ඩර් අවුරුද්ද 103. එහෙ අවුරුද්ද ගනන් කරන්නේ කිම්-ඉල් සං ඉපදුන අවුරුද්දෙ ඉඳල.

    a98571_NK5.jpg


    3. මාසෙකට සාමාන්‍ය පඩිය රුපියල් 300ක්.

    ඒ රටේ මාසෙකට සාමාන්‍ය පඩිය රුපියල් 300ක්. 1994 ඉඳලා 1998 වෙනකම් මුලු රටටම කෑම නැතුව තිබ්බා. මිලියන් 22 ජනතාවෙන් 350,000 – මිලියන් 3.5ක් මේ කාලේ මැරුනා කියනවා. මිලියන් 6කට තාම කෑම අඩුයි.

    Untitled-4.jpg


    4. කොන්ඩේ කපනවද? ආන්ඩුව කියන කට් එක විතරයි.

    කොන්ඩේ කපා ගන්නවානම් ආන්ඩුව කියල තියන ස්ටයිල් එකක් විතරයි තෝර ගන්න පුලුවන්. පිරිමි කට්ටියගෙ කොන්ඩේ සෙන්ටිමීටර් 5කට වඩා දිග තියන්න බෑ. මේ ෆොටෝ එකේ ආන්ඩුවේ කට්ස් ටිකක් පෙන්නනනවා.


    ap995892236224.jpg


    5. ඉන්ටර්නෙට් සහ ෆෝන්ස් තහනම්.

    නෝත් කොරියාවෙන් එලියට යන ඉන්ටර්නෙට් එකක් නෑ. මොබයිල් ෆෝන්ස් ජනතාවේ 4 – 6% වලට විතරයි තියෙන්නේ. ලංකාවේ 90% වලට වඩා ෆෝන්ස් තියෙනවා.

    anorthkorean.jpg


    6. ලංකිකයො 5ස් දෙනෙක්ට නෝත් කොරියන් එක සෝල්ජර් කෙනෙක් ඉන්නවා.

    අපේ රටේ ජනතාව මිලියන් 20ක් වගේ. නෝත් කොරියාවේ ආමි එකේ මිනිස්සු මිලියන් 1.1ක් ඉන්නවා. මේ ෆෝටො එකේ ඔක්කොම ඉන්නේ සෝල්ජර්ස්ලා.

    article-2380055-1B050BC4000005DC-153_964x563.jpg


    7. දවසට පැය කීපයක් විතරයි ඉලෙක්ට්‍රිසිටි දෙන්නේ.

    දවසට පැය ටිකක් විතරයි ඉලෙක්ට්‍රිසිටි දෙන්නේ. හවසට ඉලෙක්ට්‍රිසිටි කපනවා. මේ සැටෙලයිට් ෆෝටො එකේ පේනවා වටේ තියෙන රටවල් එක්ක නෝත් කොරියාවේ වෙනස.

    north-korea-satellite-nasa-lights-OLD.jpg


    8. රේඩියෝ එක ටර්න් ඕෆ් කරන්න තහනම්.

    හැම ගෙදරම, හැම කඩේම, හැමතැනම ආන්ඩුවේ රේඩියෝ තියෙනවා. ඒ රේඩියෝ එක ටර්න් ඕෆ් කරන්න තහනම්. ඕෆ් ස්විච් එකක් නෑ. දවසම ආන්ඩුව කියන දේවල් අහගෙන ඉන්න ඕනී. වෙන ටීවී සහ රේඩියෝ ස්ටේශන් නෑ. මිනිස්සු හොරෙන් සවුත් කොරියා මායිම ගාවට ගිහිල්ල එහෙ රේඩියෝ චැනල් අහනවා. අහු උනොත්? හිර කෑම්ප්.

    6283245121_80bfc78762_z.jpg


    Source
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මේ යන විදිහට ලංකාවත් ඔහොම වෙයිද කියල බියක් ඇතිවේ
     

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    මමහිතන් හිටියෙ හොද නිදහස් රටක් කියලා. බලන් ගියාම එපා වෙන රටක්නෙ මේක