රට දියුනු කරන්නනම්.

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    රට දියුනු කරන්නනම්.

    රට දියුනු කරන්නනම්. ????

    පොඩ්ඩක් කතා කරමු ඇත්තටම වැට් වැඩි කිරීමේ වරදක් තියෙනවද ?

    අපේ රටේ තිබෙන වියදම් පියවා ගැනීමට රට තුළින්ම ආදයම් සොයා ගත යුතු බවයි මගේ හැගීම. අනික රටට හිතකර විදේශ ආයෝජනයන් රටතුලට ගෙන ආ යුතුයි. අපි කොච්චර කෑ ගැහුවත් බටහිර රටවල් බොහොමයක හොද ආර්ථික කළමණාකරණයක් තිබෙනව. එම රටවල් වල රජයට ගෙවීම් විශාල ලෙස තිබෙනව(ආදායම් බදු) නමුත් ඔවුන් ජනතා සුභ සිද්ධියට විශාල වශයෙන් මුදල් යොදවනවා.

    වැදගත් කාරණයක්නම් මැති ඇමති වරුන්ට උවමනා පරිදි රටේ මුදල් නාස්ති නොකිරීමට කටයුතු කළ යුතුය. ඔවුන් සැබෑ ජනතා සේවකයන් විය යතුයි. එසේ වන්නට නම් අපේ චන්දදායකයන් ඔවුන්ට වැඩිපුර පරිත්‍යාගයන් කරන්නේ කවුරුන්ද කියා නොබලා වැදගත් උගත් අයවලුන් පාර්ලිමෙන්තුවට යැවිය යුතුයි.

    අපේ රටේ සාක්ෂරතාවය 90%, 80% වයි කිවුවද තවමත් අපි සිටින්නේ අනාත නිවාසයක සිටින් උන් වැනිය
    .ස්වඋත්සාහයෙන් නෑගී සිටීමට කැමති නැත. කවුරුන් හො දෙනකන් බලා සිටින්නට පුරුදුව ඇත. එයින් මිදුනොතින් පමණක් අප හට ජයගත හැකිය. නායකයන් තුළ පමණක් නොව රට දුයුනු කිරීමේ වගකීම මුලු මහත් ජනතාවම සතුය
     
    • Like
    Reactions: keshannilanga
    රට දියුනු කරන්නනම්. ????

    පොඩ්ඩක් කතා කරමු ඇත්තටම වැට් වැඩි කිරීමේ වරදක් තියෙනවද ?

    අපේ රටේ තිබෙන වියදම් පියවා ගැනීමට රට තුළින්ම ආදයම් සොයා ගත යුතු බවයි මගේ හැගීම.
    හරි
    අනික රටට හිතකර විදේශ ආයෝජනයන් රටතුලට ගෙන ආ යුතුයි.
    නෑ එහෙම ඕන නෑ. දේශීය ව්‍යවසායකත්වය හොඳටම ප්‍රමාණවත්
    අපි කොච්චර කෑ ගැහුවත් බටහිර රටවල් බොහොමයක හොද ආර්ථික කළමණාකරණයක් තිබෙනව. එම රටවල් වල රජයට ගෙවීම් විශාල ලෙස තිබෙනව(ආදායම් බදු) නමුත් ඔවුන් ජනතා සුභ සිද්ධියට විශාල වශයෙන් මුදල් යොදවනවා.
    පට්ටපල් බොරු. හොඳම උදාහරණය අමෙරිකාවෙ සෞඛ්‍ය පහසුකම් දරන්නට නොහැකි දුප්පත් ජනගහනය ඉහල යෑම.
    අපේ රටේ සාක්ෂරතාවය 90%, 80% වයි කිවුවද තවමත් අපි සිටින්නේ අනාත නිවාසයක සිටින් උන් වැනිය
    .ස්වඋත්සාහයෙන් නෑගී සිටීමට කැමති නැත.
    අනාත වී සිටින්නේ ඔබේ වහල් මානසිකත්වයයි.
    කවුරුන් හො දෙනකන් බලා සිටින්නට පුරුදුව ඇත. එයින් මිදුනොතින් පමණක් අප හට ජයගත හැකිය. නායකයන් තුළ පමණක් නොව රට දුයුනු කිරීමේ වගකීම මුලු මහත් ජනතාවම සතුය

    හොඳම උදාහරණය තමා දේශීය වෛද්‍ය ක්‍රම වලට තියෙන බටහිර ඉල්ලුම. ලංකාවේ ඖෂධ නිෂ්පාදනාගාර තියෙනවා දේශීය වෙළඳපොලට නිකුත් කරගන්න බැරි තරමටම විදේශීය ඉල්ලුම වැඩියි. මේක දියුණු කළොත් ඒ හොඳටම ඇති අපේ රටට විදෙස් ආයෝජන නැතිව තියෙන ආර්ථික් ප්‍රපාතයෙන් ගොඩ එන්න.

    නමුත් බටහිර ගැති වීම නිසාම පමණක් ඒක වෙන්නෙ නෑ. ඔන්න ඕකයි අවුල.
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    uba kiuwa katahwa 100% atha eth "සැබෑ ජනතා සේවකයන් විය යතුයි","වැදගත් උගත් අයවලුන් පාර්ලිමෙන්තුවට යැවිය යුතුයි"
     

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    රටේ තිබෙන වියදම් පියවා ගැනීමට රට තුළින්ම ආදයම් ගත්ත කියල වැඩක් වෙන්නෙ නෑ රට ඇතුලට ආදායමක් එන්නෙ නැත්තම්. රටක් දියුනු වෙන්න නම් රට ඇතුලට සල්ලි එන්න ඔන... රටෙන් එලියට නිෂ්පාදනයක් විකුනන්නම ඔන.... ආදායමක් නැතුව රටේ මනිස්සු ගාව තියන සල්ලි බදු ගහල අරගෙන භාන්ඩාගරයට දාගත්ත කියල සම්පූර්ණ රට ගැන බැලුවොත් කිසිම වෙනසක් වෙලා නෑ... හරියට බේසමක් ඇතුලෙ ඉදගෙන කෝප්පෙකින් බේසමේ වතුරෙන්ම නානව වගේ...කවදාවත් බේසම පිරෙන්නෙ නෑ... පිරෙන්න නම් එලියෙන් වතුර කෝප්පෙට ගන්න ඔන...එතකොට තමයි බේසම පිරෙන්න ගන්නෙ....

    දේශපාලුවො කරන්නෙ බේසමේ වතුරෙන්ම නනා ඉන්න එක විතරයි...
     
    අපේ තියෙන ඖෂධ වර්ග යුරෝපයට ඔනෙත් නෑ, චීනෙ යවන්න ඕනෙත් නෑ, ඉන්දියාවට යවන්න කොහෙත්ම ඔන නෑ. තායිලන්තෙ, මියන්මාරේ, ලාඕස් හෝ කාම්බෝජය කියන රටවල් කලාපයට (මේ ඔක්කොම අපිට බොහොම මිත්‍ර බෞද්ධ රටවල්) යවනවා නම් විතරක් හොඳටම් ඇති ලංකාවට ගොඩ එන්න. වෙනින් මොකුත් ඕන නෑ.

    ආයෝජන ඕනෑය ආයෝජන ඕනෑය කියල මතුර මතුර ඉන්නෙ තනිකරම සුද්දන්ට වහල් වුණ සුද්දන්ට ඕන විදියට මොළ හේදිච්ච උන්දැලා විතරයි. උන්ට අළුතින් හිතන්න බැරි වෙන්නම මොළේ හෝදල ඉවරයි.
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මම වහලෙක් නම් නෙවෙයි මචන්

    මම වහලෙක් නම් නෙවෙයි මචන් , නමුත් අපි කොතනින් හො පටන් ගත යුතුයි. ඒකට අපේ ජනතාවගේ නූගත්කම ප‍්‍රශ්ණයක්, අනික දේශීය වෛද්‍යවිද්‍යාව දියුනු කරන්නනම්, රටට ආදේරේ අයට මේ වගේ අංශ භාරදිය යුතුයි,

    බේසමෙන් නානවා වගේනම් එකම විසදුම එක්කෝ තව තවත් හොද උගත් විදේශ ශ‍්‍රමිකයන් අප රටින් අනෙක් රටවල් වලට යැවිය යුතුයි (වැඩි විදේශ විනිමයක් ලබා ගැනීමට* නැත්නම් රටතුළ විදේශ ආයෝජකයන්ට ඉඩදිය යුතුයි.
     
    මම වහලෙක් නම් නෙවෙයි මචන් ,
    ආ ආ නෑ නෑ ඔව් ඔව් .
    වැඩි විදේශ විනිමයක් ලබා ගැනීමට* නැත්නම් රටතුළ විදේශ ආයෝජකයන්ට ඉඩදිය යුතුයි.
    ඒත් ඇයි මෙතන වහල් මානසිකත්වය එතකොට ?
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    රටේ තිබෙන වියදම් පියවා ගැනීමට රට තුළින්ම ආදයම් ගත්ත කියල වැඩක් වෙන්නෙ නෑ රට ඇතුලට ආදායමක් එන්නෙ නැත්තම්. රටක් දියුනු වෙන්න නම් රට ඇතුලට සල්ලි එන්න ඔන... රටෙන් එලියට නිෂ්පාදනයක් විකුනන්නම ඔන.... ආදායමක් නැතුව රටේ මනිස්සු ගාව තියන සල්ලි බදු ගහල අරගෙන භාන්ඩාගරයට දාගත්ත කියල සම්පූර්ණ රට ගැන බැලුවොත් කිසිම වෙනසක් වෙලා නෑ... හරියට බේසමක් ඇතුලෙ ඉදගෙන කෝප්පෙකින් බේසමේ වතුරෙන්ම නානව වගේ...කවදාවත් බේසම පිරෙන්නෙ නෑ... පිරෙන්න නම් එලියෙන් වතුර කෝප්පෙට ගන්න ඔන...එතකොට තමයි බේසම පිරෙන්න ගන්නෙ....

    දේශපාලුවො කරන්නෙ බේසමේ වතුරෙන්ම නනා ඉන්න එක විතරයි...
    :yes::yes:
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මචන් කවදාකවත් රටක් දියුණු කරන්න බෑ ඇඟලුම් කර්මාන්තයෙනුයි විදේශ ශ්‍රමිකයන්ගෙනුයි. අපිට ශක්තිමත් අපනයන කර්මාන්ත තියෙන්න ඕනෙ. තේ පොල් රබර් රට යවල ඒක කරන්න බෑ.

    ඒකට මහා පරිමාණ කර්මාන්ත ඕනෙ. උදාහරණ විදිහට වානේ, සිමෙන්ති, රථ වාහන, පොහොර, ඖෂධ වගේ. ඔය කර්මාන්ත පටන් ගන්න අපිට තාක්ෂණයක් නෑ. එක්කො ඒ Technology එක සල්ලි වලට ගන්න ඕනෙ. නැත්නම් ද්වීපාරිශ්වික ගිවිසුම් වලින් මුලින් විදේශ රටවලට ලංකාවෙ Factories පටන් ගන්න දීල ඒවට අපේ අයත් දාගෙන ටික ටික Technology එක අපි අල්ලගන්න ඕන. ඒත් Technology Transfer කරන්නත් හොඳ Plan එකක් තියෙන්න ඕනෙ රටක් විදිහට.

    මම උදාහරණයක් කියන්නම්. UN එකන් එකපාර පොහොර Factories දෙකක් දුන්න ඉන්දියාවටයි බංගලාදේශෙටයි. factories දෙකත් එක්ක ඕනෙ කරන Technology එකත් දුන්න Technicians ලත් එක්කම.

    ඉටපස්සෙ ඉන්දියාව තව පොහොර Factory එකක් පටන් ගත්ත. ඒත් ඒකට එයාල UN එකෙන් කිසිම උදව්වක් ඉල්ලුවෙ නෑ. ඒ කියන්නෙ ඉන්දියන් එවුන් Technology එක හරියටම Transfer කරගෙන. ඒත් බංගලාදේශෙ අලුතෙන් තව පොහොර Factory එකක් පටන් ගන්න ආයෙත් UN එකෙන් Full Support එක ඉල්ල තිබුන. ඒ අතින් උන් Technology එක අල්ල ගන්න එක Fail

    අනික රටක් දියුණු කරන්න Research & Development පැත්තත් හොඳට තියෙන්නම ඕනෙ. South Korea එයාලගෙ GDP එකෙන් අඩුම 4% වෙන් කරනව R & D වැඩ වලට හැම අවුරුද්දෙම. :yes::yes::yes::yes:
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඉදිරියේ රාළ;20409393 said:
    අපේ තියෙන ඖෂධ වර්ග යුරෝපයට ඔනෙත් නෑ, චීනෙ යවන්න ඕනෙත් නෑ, ඉන්දියාවට යවන්න කොහෙත්ම ඔන නෑ. තායිලන්තෙ, මියන්මාරේ, ලාඕස් හෝ කාම්බෝජය කියන රටවල් කලාපයට (මේ ඔක්කොම අපිට බොහොම මිත්‍ර බෞද්ධ රටවල්) යවනවා නම් විතරක් හොඳටම් ඇති ලංකාවට ගොඩ එන්න. වෙනින් මොකුත් ඕන නෑ.

    ආයෝජන ඕනෑය ආයෝජන ඕනෑය කියල මතුර මතුර ඉන්නෙ තනිකරම සුද්දන්ට වහල් වුණ සුද්දන්ට ඕන විදියට මොළ හේදිච්ච උන්දැලා විතරයි. උන්ට අළුතින් හිතන්න බැරි වෙන්නම මොළේ හෝදල ඉවරයි.

    hari mchn, ehenam ube adahas tikak kiyapnko ratak vidiyata api mokakda kkaranna one kiyala
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මුලු රටේම කිරි හරක් ඉන්නවා - ඒත් ඇන්කර් එකෙන් කොමිස් ගහලා රටින් ගේනවා...

    රට වටේම මුහුද තියනව - ඒත් පිටරටින් ටින්මාලු ගේනවා

    බයිසිකලයක්වත් හදන්නේ නැති රටක් කොහේ දියුනු වෙන්නද බන්...

    මේ රට ඔය කාලකන්නි දේශපාලුවෝ හරියට වැඩ කලා නම් අවු:10කින් ගොඩදාන්න පුලුවන්...
     

    Similar threads