ඔය නම්බරේට කෝල් කරන්න කියලනේ ඔය කියන්නේ...

උබ කෝල් කලොත් උබේ සෑහෙන්න ගානක් කැපෙයි per second වගේ..
අනික ගොඩක් වෙලාවට first ring වෙද්දිම answer වෙයි
ඕවා එක එක උන් කරන business වැඩ (ලංකාවෙ කෙනෙක් කරනවද කියල හරියටම කියන්න බැ) . voice terminate කරනවා රටවල් රටවල් අතර.. ඒකට දාන trick එක තමයි missed call දෙන එක. ඔය number එක premium rate එකකින් charge වෙන number එකක් වෙන්න ඕන. උබ කෝල් කරපු ගමන් auto answer වෙලා සල්ලි ටික කැපිලා යනව. ඒ සල්ලි ටික වෙනුවෙන් ලංකාවෙ උබේ service provider (අපි හිතමු mobitel කියල) ඒ අදාල ගානක් ගෙවන්න ඕන destination provider ට. (per second වගේ) .. ඉතින් ඔය වැඩේ කාටහරි බාර දෙනවා 3rd party උන්ට. උන් කරන්නේ එක එකාට missed call ගගහා අර නම්බරේට කෝල් කරන්න පොලඹවගන්න එක..
අර click farms වගේ වැඩක් තමයි. උබ උන්ගේ call එක answer කලාට උන්ගෙන් සද්දයක් එන්නේ නැත්තේ ඔය calls ගොඩක් වෙලාවට computer system එකකින් automate වෙලා calls generate වෙන්නේ.. නමුත් උබ කෝල් කරපු ගමන් ඒ system එකෙන් ඊලග තප්පරේම call එක establish වෙනවා.
උබට කරන්න පුලුවන් ඔය නම්බරේ ගැන උබේ sim එක අයිති company එකට complaint කරන එක. එයාලට පුලුවන් ඔය වගේ numbers blacklist කරන්න මුලු network එකේම.