රට මරණ කොටි හවුල පරදවමු..

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඕවට වැරදි පුර්වාදර්ශ සැපයුවේ මහින්ද... අහිංසක සිංහල මිනිස්සු දහස් ගණන් මරපු කරුණා, කේපී ට සැප දීල ෆොන්සේකාව හිරේ දැම්ම... හමුදාවේ හිටපු නායකයට එහෙම කලානම් තව මොන කතාද... හරිනම් කරුණා, කේපී ට දඩුවම දෙන්න ඕනේ... දැන් රනිලයි, මංගලයි කරන්නේ ලෝකෙට පෙන්න මේ රණවිරුවාට මරණ දඩුවම දෙනවා... මේකට හැමෝම විරුද්ද වෙන්න ඕනේ... :angry:

    ඇයි රනිල් 2002 දී පුලිතේවන් ව බලන්න ඇපල් මලු අරන් යද්දී නිදාගෙනද හිටියේ? කොටින්ව එදා VIP හෙලිකොප්ටර් වලින් අරන් ගියේ උන්ගේ ආයුධත් එක්ක.. රනිල් එදා කොටින්ට දුන්නේ සැප නෙමෙයි වෙන්න ඇති...
    කේ.පී සහ කරුණා ට මහින්ද ඇමති වරප්‍රසාද දුන්නේ ඒ අය දේශපාලන ප්‍රවාහයට ආවට පස්සේ.. අනික ලක්ෂ්මන් කදිරගාමර් ගෙන් ඉටු උණ සේවයෙන් යම් තාක් දුරකට හෝ කරගන්න කේ. පී වයි කරුණා වයි යොදා ගත්ත එක, එදා පාමංකඩ ගිය හරක්ට තේරෙන්නේ නෑ... දෙමල මිනිහෙක්ව දෙමල ත්‍රස්තවාදයට විරුද්ධව යොදා ගන්න එක... ඒ තරම් දුරකට හිතන්න පුළුවන් මොලයක් ඇති මිනිස්සු UNP එකේ නැති බව ඕන ගොනෙක් දන්නවා...
    දෙවෙනි කාරණය එදා ගොනා උණ, අද රණවිරුවා උණ වෙලේ විදානේ හෙවත් ෆොන්සේකා ව හිරේ දැම්මේ ඔහු, සුදු කොඩි කතාවක් කියල මුළු හමුදාවම පාවල දුන්න නිසා මිසක් ජනාධිපතිවරණයට තරග කරලා පැරදුන නිසා නෙමෙයි කියල ඕන හරකෙක් දන්නවා... Sri lanka war crimes කියල search කලාම මුලින්ම එන්නේ White Flag කතාව කියල ඒ හරක් නොදන්නවා නෙමෙයි...
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305

    well said
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    විස්සත් නැහැ විස්සාසභංගෙත් නැහැ වාර්තාවත් නැහැ

    මාසයකට පමණ පෙර විස්සත් නැහැ විස්සාසභංගෙත් නැහැ යනුවෙන් ලිපියක් කාලය වෙබ් අඩවියේ පළ කෙළෙමි. අවාසනාවකට ඒ අනාවැකිය ඵලදරා ඇත. එ ජා පක්‍ෂයට මන්ත්‍රින් සිටියේ සුළුතරයක් වුව ද වැඩ කටයුතු තමන්ට අවශ්‍ය ආකාරයට කිරීමට රනිල් සමත් විය. මෛත්‍රිපාල ජනාධිපති බවට පත්කර ගත්තේ ම රනිල්ලාට අවශ්‍ය අන්දමට කටයුතු කිරීමට මිස චම්පකලාට ප්රාජිතලාට අවශ්‍ය පරිදි ක්‍රියා කිරීමට නො වේ.

    විස්ස සම්මත කර නොගෙන පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බවට කටමැත දෙඩූ මෛත්‍රිපාල චම්පක රතන හිමි ආදීන්ට අද කට බිම අතුල්ලා ගැනීමට සිදු වී ඇත. විශ්වාසභංග යෝජනා ගෙන ආ මහින්ද පිළට මෛත්‍රිපාල පිළ අකුල් හෙලුවේ ය. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ධුරයේත් ශ්‍රී ල නි ප සභාපති ධුරයේත් බලතල යොදා ගනිමින් රනිල් හා ඇමතිවරුන් ආරක්‍ෂා කෙළේ ය. අවසානයේ දී තවදුරටත් කල්ගැනීමට නොහැකි වූ කල පාර්ලිමේන්තුව විසුරුවා හැර දූෂිත පික්පොකට් අගමැති හා ඇමතිවරුන් ගලවා ගත්තේ ය.

    තමන්ගේ විස්ස ව්‍යාපෘතියවත් රැක ගැනීමට මෛත්‍රිපාලට නොහැකි විය. ඔහු දූෂිතයන් රැක ගැනීමට තම ව්‍යාපෘතිය පාවා දුන්නේ ය. එමගින් ජනාධිපතිකම ද තම දේශපාලන ජීවිතය ද පැවැත්ම ද රැක ගන්නට ඇත. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඔහුට එ ජා පක්‍ෂයෙන් දැඩි බලපෑමක් එල්ල විය. ඒ හමුවේ ඔහු අවසානයේ දී අතපය හකුළා ගත්තේ ය. මෙය චම්පකගේ ද පරාජයකි. චම්පකගේ 2020 ජනාධිපති සිහිනය බිඳ වැටුනේ ය. එපමණක් නොව ප්රාජ්තගේ සැලසුම් ද පරාජයට පත්විය.

    පාර්ලිමේන්තුව විසුරුවා නොහැර සිටීමට මෛත්‍රිපාල ප්රාජිත කණ්ඩායම මහින්ද පිළෙන් උපකාර බලාපොරොත්තු වූ බව පෙනෙන්නට ඇත. අද වන විට මහින්ද පිළ බලවත් ය. මහින්ද පිළෙන් විස්සට ආධාර ගෙන ඉන්පසු මහින්ද පිළ අනාථ කිරීමට මෛත්‍රිපාල උත්සාහ ගෙන ඇති බව පෙනෙයි. එහෙත් මහින්ද පිළ මෛත්‍රිපාල ප්රාජිත ගැටයට හසු වී නො මැත. ඇතැමුන් කියන්නේ අගෝස්තුවේ මැතිවරණය පවත්වා මහින්ද අගමැති වීමෙන් පසුව ජෙනීවා මානව හිමිකම් වාර්තාව සැප්තැම්බරයේ නිකුත් කර ලංකාවට සම්බාධක පමුණුවන බැවින් චම්පකලා මැතිවරණය කල් දැමීමට ගත් උත්සාහය නිවැරදි බව ය. එහෙත් චම්පක මැතිවරණය කල් දැමීමට උත්සාහ කෙළේ රටට හෝ මහින්දට ඇති කැමැත්තක් නිසා නොව ඔහුගේ 2020 සිහිනය සෑබෑ කර ගැනීමට ය. අනෙක් අතට කවදා මැතිවරණය පවත්වා මහින්ද ජයගත්තත් බටහිරයන් ආර්ථික සම්බාධක පමුණුවනු ඇත. සැප්ත්ම්බරයට පසුව ජෙනීවා හි මාර්තුවක් එන බව අප අමතක නො කළ යුතු ය.

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අර්ජුන් මහේන්ද්‍රන් ද ගැලවුණේ ය. ඔහු පිළිබඳ අදාළ පරීක්‍ෂණයේ ප්‍රතිඵල රැගත් කෝප් වාර්තාව දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නෙ ා හැකි ය. එය ප්‍රමාද වූයේ ඇයි? ඩිව් ගුණසේකර එහි දී රනිල්ට ආධාර කෙළේ ද? එය ඉදිරිපත් කිරීම ජූලි 7 වැනි දා තරම් ඈත දිනයකට කල් දැමුණේ කෙසේ ද? මහේන්ද්‍රන් රැක ගැනීමට ඩිව් ගුණසේකර රනිල්ට ආධාර කර ඇති බව පෙනෙයි.

    ඩිව් ගුණසේකර කලක සිට සංධාන විරෝධී දේශපාලනයක් අනුගමනය කෙළේ ය. ඔහුට එ ජා පක්‍ෂයට ආධාර කිරීම එතරම් ප්‍රශ්නයක් විය නො හැකි ය. කොමියුනිස්ට් පක්‍ෂය එ ජා පක්‍ෂයේ පූර්වගාමියා වූ කොංග්‍රසයටත් බිරිතානියටත් ඊනියා දෙවැනි ලෝක යුද්ධ සමයේ දී පක්‍ෂපාති විය. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ අතීතය එබඳු ය.

    නලි්න් ද සිල්වා

    2015 ජූනි 27
     
    • Like
    Reactions: chathu05

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රනිල් තිස්වැනි වතාවටත් සැරසෙයි

    රනිල් වීක්‍රමසිංහ මහින්ද රාජපක්‍ෂට අභියෝගයක් කර ඇත. හැකි නම් අගමැති ධුරයට ඉදිරිපත් වී ජයගන්නා ලෙස ඔහු මහින්දට කියයි. ඔහු නැවතත් රාජපක්‍ෂ රෙජිමය පිළිබඳ කතාව ඇද ගනියි. රාජපක්‍ෂලා ගෙදර යවන බවට ඔහු බෙරිහන් දෙයි. ඔහුට රාජපක්‍ෂලා ගැන ඇත්තේ වෛරයකි. එය පෞද්ගලික වෛරයක් නො වේ. ඔහුට එවැනි වෛරයක් චන්ද්‍රිකා සමග නැත. ඔහු මහින්ද ගෙදර යැවීමට චන්ද්‍රිකා සමග ද එකතු වෙයි. ඔහු ඇගේ වෛරය ගැන නොදන්නවා නො වේ. අද දවසේ ඇගේ වෛරය මෙන් ම ඔහුගේ වෛරය ද මහින්ද රාජපක්‍ෂ කෙරෙහි යොමු වෙයි.

    රනිල් සිතාගෙන ඉන්නේ ඔහුගේ පික්පොකට් අගමැතිකම ඔහු ලත් ජයග්‍රහණයක් කියා ය. අප ජනවරි 9 වෑනි දා ම කියා සිටියේ ඔහු ජනතාව විසින් ඡන්දයෙන් තෝරා පත්කර ගන්නා ලද අගමැතිවරයකු නොව පික්පොකට් අගමැතිවරයකු බව ය. ඒ පත්වීම නීති විරෝධී බවත් අගමැති දි මු ජයරත්න බවත් අපි පැහැදිලිව ම ප්‍රකාශ කෙළෙමු. ජනතාව ජනවාරි 8 වැනි දා ඡන්දය දුන්නේ ජනාධිපතිවරයකු පත්කර ගැනීමට මිස අගමැතිවරයකු හා කැබිනට්ටුවක් පත්කර ගැනීමට නො වේ.

    රනිල් අගමැති ලෙස පත්කෙරුණේ මෛත්‍රිපාල සමග ඇතිකර ගන්නා ලද ගනුදෙනුවකට අනුව ය. ඒ විදේශීය ඔත්තු සේවාවල අවශ්‍යතාව අනුව සිදු විය. ඊනියා රාජපක්‍ෂ රෙජිමය යන්න ඇමරිකානුවන් තැනූ පදයක් වන අතර රාජපක්‍ෂලා අකර්මන්‍ය කිරීමේ අවශ්‍යතාව ඇත්තේ බටහිරයන්ට හා ඉන්දියානුවන්ට ය. ඔවුහු නැවතත් ඒ සඳහා ඔවුන්ගේ වසන්ත මගින් සැරසෙති. එහෙත් අරාබියේ මෙන් ලංකාවේ වසන්ත ක්‍රියාත්මක කීරීමට ඔවුන්ට අපහසු වී ඇත.

    රනිල් මෙරට පහළ වූ දරුණුතම සිංහල විරෝධියකු වෙයි. රතන හිමි හා චම්පක තේරුම් නොගත්තාට රනිල්ගේ සිංහල විරෝධය ඔහුගේ බටහිර යටත්විජිත ගැති මනසේ ප්‍රතිඵලයකි. අද රතන හිමි රනිල්ට යම් යම් කරුණු අතින විරුද්ධ වන විට උන්වහන්සේට ද මත් ද්‍රව්‍ය චෝදනා වක්‍රව එල්ල වෙයි. ඔහුගේ වෛරය ඇගේ වෛරයට ද වඩා භයානක ය.

    රනිල් පැහැදිලිව ම බටහිර යටත්විජිතවාදයේ සෘජු නියෝජිතයා වෙයි. අද තරගය පවතින්නේ බටහිර යටත්විජිතවාදයේ රනිල් හා යටත්විජිත විරෝධී මහින්ද අතර ය. මේ සටන විවිධ ආකාරයෙන් ධර්මපාලතුමාගේ කාලයේ් සිට පැවත එයි. ධර්මපාලතුමාට පහර දුන්නේ ලේක්හවුසිය ය. එහි අයිතිකරුවෝ විජේවර්ධනලා වූහ. බෞද්ධ මුහුණුවරක් ගත්ත ද විජේවර්ධනලා මූලික වශයෙන් බටහිර (ඉංගිරිසි) යටත්විජිතවාදීහු වූහ. රනිල් මව් පාර්ශ්වයෙන් විජේවර්ධන සම්භවයක් ඇත්තෙකි.

    රනිල්ගේ පියා ඇංග්ලිකන් ක්‍රිස්තියානි විය. ඔහු විජේවර්ධන පවුලෙන් විවාහයක් කර ගත්තේ ය. ඔහු ධර්මපාල විරෝධී ජනතා විරෝධී ලේක්හවුසියේ අධ්‍යක්‍ෂ විය. එකල මංගල සමරවීරගේ මව ද ලේක්හවුසියේ සේවය කළ බව දන්නෝ දනිති. රනිල් මංගල සම්බන්ධය ඉතිහාසයේ ඈතට යයි. ඔවුහු සිංහල විරෝධීහු වෙති.

    පික්පොකට් අගමැති අද භාරකාර අගමැති ය. ඔහු රටේ පවට අගමැති වූවෙකි . ඔහු සිතන්නේ පික්පොකට් අගමැති වූ පමණින් ඔහුට ජයග්‍රහණය කළ හැකි බව ය. එහෙත් ඔහූ විසිනව වරක් පරාජය වූවෙකි. ඔහු අද තිස්වැනි වරටත් පරාජය වීමට සැරසෙයි. මෛත්‍රිපාලට ලැබුණු ඡන්ද හැට දෙලක්‍ෂය, එ ජා ප , ජ වි පෙ, මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ජනතා සංධානය, ෆොන්සේකාගේ පක්‍ෂය ආදී පක්‍ෂවලට බෙදී යයි. රනිල් අභියෝග කරන්නේ ඒ බව නො දැන ද?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286

    නලින්ද සිල්වා මහතා පැවත එන "සිල්වා" පරම්පරාව ජෙනුයින් සිංහල බෞද්ධ පරම්පරාවක් වන අතර ඔවුන්ගේ අතීතය විජය කුමරුගේ ලංකාගමනය දක්වා ඇදී යයි :yes: ඔවුන් සිංහල රජ දවස සිට විදේශ අක්‍රමයන්ගෙන් මව්බිම බේරාගැනීම සඳහා නිර්භයව සටන් වැදුණු පිරිසක්ද වන අතර අතීතයේ මෙමෙ "සිල්වාවරුන්" සිංහල රජුන්ගේ රාජ සභා වල අධිකාරම් මහා අධිකාරම් තනතුරු දැරූ බවට ඉතිහාසය සාක්ෂි සපයයි :yes: :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    :shocked::shocked::lol: :lol: ලිද
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නලින්ද සිල්ව කියනෙන්ත් විමල් විරවන්ශ වගෙම බුද්දිමතෙක් තමයි
     
    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    11148393_1445926835708984_4133561642851261639_n.jpg

    :(
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කෝප් වාර්තාව යටගැහීම

    අර්ජුන් මහේන්ද්‍රන් ආපසු සිංගප්පූරුවට ගොස් ඇතැයි වාර්තා වෙයි. එය සත්‍යයක් දැයි නිසැකව ම කිව නො හැකි ය. ඒ එසේ වුවත් නැතත් ඔහු කෝප් විමර්ෂණයෙහි දී කීවේ කුමක් දැයි දැනගැනීමේ අයිතිය ජනතාව වන අපට තිිබිය යුතු ය. ඊනියා තොරතුරු දැනගැනීමට ඇති අයිතිය පාර්ලිමේන්තුවේ සම්මත නොවූ බව වෙනත් කරුණකි. කෝප් වාර්තාව දැනගැනීමේ අයිතිය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් ජනතාවට නැති කිරීමට ඉඩ දිය යුතු ද?

    තව මාස එකහමාරක් වැනි සුලු කලක දී අපට පාර්ලිමේන්තු මැතිවරණයක දී ඡන්දය ප්‍රකාශ කිරීමට සිදු වනු ඇත. මැතිවරණයේ දී එක් අගමැති අපේක්‍ෂයකු වනු ඇත්තේ රනිල් වික්‍රමසිංහ ය. මහා බැංකු කොල්ලය පිළිබඳ කෝප් වාර්තාව එයට පෙර ජනතාවට නිකුත් කළ යුතු ය. කෝප් වාර්තාව යනු විශ්වාසභංග යෝජනාවක් හෝ පනත් කෙටුම්පතක් හෝ වෙනත් එවැන්නක් නො වේ. එහි ඇත්තේ තොරතුරු ය. ඒ තොරතුරු දන්නා යම් පිරිසක් ඇත.

    අනෙක් අතට ඒ තොරතුරු මැතිවරණයට වැදගත් ය. ජනතාවට මැතිවරණයේ දී තීරණයක් ගැනීමට ඒ තොරතුරු තිබිය දී නොදී සිටීම ජනතාවගෙන් තොරතුරු වසං කිරීමකි. තොරතුරු නොතිබිණි නම් ප්‍රශ්නයක් පැන නො නගී. එහෙත් දැන් ප්‍රශ්නය වන්නේ තොරතුරු තිබිය දී කිහිප දෙනකු පමණක් ඒ දෑනගැනීමත් බහුතරයකට දැනගැනීමට නොහැකිවීමත් ය. ඒ බහුතරය මැතිවරණයේ දී වැදගත් ම සාධකය වන බැවින් එහි අසාධාරණත්වය මැනවින් කැපී පෙනෙයි.

    අතන මෙතන කියැවෙන කතා අනුව අර්ජුන මහේන්ද්‍රන් බැඳුම්කර සිද්ධියේ දී කටයුතු කර ඇත්තේ රනිල් වික්‍රමසිංහට අවශ්‍ය අන්දමට ය. එය ඇත්ත ද බොරු ද පට්ටපල් බොරු ද යන්න අපි නො දනිමු. එහෙත් මේ අතන මෙතන කියැවෙන කතා රනිල් වික්‍රමසිංහට ද හොඳ නැත. මා රනිල් වික්‍රමසිංහට විරුද්ධ බව සැබෑ ය. එහෙත් ඔහුට ද යුක්තිය ඉටුවිය යුතු ය. ජනතාව මෑතිවරණයේ දී කටකතා අනුව තීරණ ගන්නා තැනකට තල්ලු විය නො යුතු ය.

    මේ සියළු කරුණු හා තවත් කරුණු හේතුවෙන් පාර්ලිමේන්තු සම්ප්‍රදාය කුමක් වුවත් බැඳුම්කර සම්බන්ධ කෝප් වාර්තාව යට නොගැසිය යුතු ය. වහාම ඒ ප්‍රසිද්ධියට පත් කිරීමට පියවර ගත යුතු ය. පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබුණ ද විශේෂ අවස්ථාවල දී කතානායකවරයාට මැදිහත් වී යම් යම් ක්‍රියා මාර්ග ගත හැකි යැයි විශ්වාස කරමි.

    අද කළ යුතුව ඇත්තේ සම්ප්‍රදාය අනුව මේ මේ දේ කළ නොහැකිය කියමින් බලා සිටීම නොව අදාළ නිලධාරීන්, දේශපාලනඥයන් එකතු වී නව සම්ප්‍රදායක් ගොඩ නැගීම ය. කෝප් වාර්තාව ප්‍රකාශ කිරීමට යම් ක්‍රම වේදයක් වහා සකස් කර ගත යුතු ය. ඒ වාර්තාව ප්‍රකාශ කිරීම රනිල් වික්‍රමසිංහගේත් යහපතට හේතු වෙයි. දුෂණය නැති කිරීමක් ගැන තොරතෝංචියක් නැතිව කියවන රනිල් වික්‍රමසිංහට විරුද්ධව දුෂණ චෝදනා එල්ල වීමට ඉඩ තැබීම සිංහල බෞද්ධ ක්‍රමය අනුව සුදුසු නො වේ. කෝප් වාර්තාව යට ගැහීමට ඉඩ නොතැබිය යුතු ය.

    නලින් ද සිල්වා
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රාජපක්‍ෂලා යුද්ධාධිකරණයකට නොයවන බවට බොරු පූරසාරම් දොඩන සුජීව සේනසිංහට මරණයට නියම වූ රණවිරුවා බේරා ගැනීමට කටයුතු කිරීමට නොහැකි ඇයි? සිංහල විරෝධී රනිල් අනුගාමික සුජීව සේනානායක පසෙකින් තබන්න. ජාතික හෙළ උරුමය මෙහි දී කියන්නේ රණවිරුවා වරදකරු බව ද?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහින්ද විරෝධී කණ්ඩායම

    අද හෙට වන විට මහින්ද විරෝධී ඊනියා ජාතිකත්ව කණ්ඩායම කාහටත් පෙනෙන පරිදි වෙන් වනු ඇත. ජනවාරි 8 වැනි දා මහින්දට විරුද්ධව ශ්‍රී ල නි පක්‍ෂයේ ද ජාතික හෙළ උරුමයේ ද වෙල් විදානේගේ පක්‍ෂයේ ද සැලකිය යුතු කොටසක් විය. මෛත්‍රිපාල සිරිසේන ඔවුන්ට නායකත්වය දුන්නේ ය. ජනවාරි 8 වැනි දාට පසු පිහිටුවන ලද පික්පොකට් ආණ්ඩුවේ ඇමතිකම්, නියෝජ්‍ය ඇමතිකම්, රාජ්‍ය ඇමතිකම් ලබාගත්තෝ ඔවුන් අතර වූහ. ඉන්පසුව ද සමහරු සිංගප්පූරු ගොස් මහින්ද විරෝධී කණ්ඩායමට එකතු වූහ. මහින්ද විරෝධී කණ්ඩායම මුළුමනින් ම මෙහෙයවන ලද්දේ බටහිරයන් හා ඉන්දීයයන් විසිනි. මහින්ද විරෝධී ඊනියා ජාතිකත්ව කණ්ඩායම ක්‍රියාත්මක වූයේ පාර්ලිමේන්තුවේ පමණක් නො වේ. ඉන් පිටත ද විශේෂයෙන් ම ඉන්දීය ඒජන්තයෝ වූහ.

    එ ජා පක්‍ෂයේ, ජ වි පෙරමුණේ, දෙමළ ජාතික සංධානයේ, මුස්ලිම් කොංග්‍රසයේ, රිෂාඩ් බදියුද්දීන්ගේ සමස්ත ලංකා මුස්ලිම් පක්‍ෂයේ ආදී වශයෙන් තවත් විවිධ මහින්ද විරෝධී දේශපාලකයෝ වූහ. ඔවුහු ඊනියා ජාතිකත්ව පක්‍ෂ සාමාජිකයෝ නො වූහ. ඔවුහු සිංහල විරෝධීහු වූහ. මොවුහු සහ ඊනියා ජාතිකත්ව මහින්ද විරෝධීහු එකතු වී පික්පොකට් ආණ්ඩුව පිහිටුවූහ. ඒ පිහිටුවා ගැනීමට සෝභිත හිමි හා පල්ලි නිකාය, කාදිනල්ලා, ඇතැම් මහානායක හිමිවරු ඇතුළු ඇතැම් ආයහපාලනය යනු අන්කිසිවක් නොව ජාතිකත්ව විරෝධයක් විය. අගමික නායකයෝ ආධාර, ආශිර්වාද කළහ. එය ඊනියා යහපාලනයක් වීමෙන් මහින්ද විරෝධී ජාතිකත්ව කණ්ඩායමට ද එයට එකතු වීමට අවස්ථාව ලැබිණි.

    එහෙත් ඔවුන්ගේ ජාතිකත්වයක් නැති බව වැඩිකල් නොගොස් ම හෙළිදරවු විණි. ජාතික හෙළ උරුමය උතුරේ කඳවුරු ඉවත් කිරීමේ දී දෙමළෙන් ජාතික ගීය ගයද්දී, දෙමළ ත්‍රස්තවාදීන්ට සමාව දීමේ දී ආදී බොහෝ අවස්ථාවල නිහඬ ව සිටියහ. ප්රාජිතලා ද එසේ ම වූහ. විහිදුම් දුර බලකායේ රණවිරුවකුට මරණ දඬුවම නියම කරද්දී ඔවුහු කට පියාගෙන ඇමතිකම් දැරූහ. ඒ රණවිරුවාට ජනාධිපති සමාවක් දීමට කටයුතු නොකරන්නේ ඇයි?

    ඒ රණවිරුවා බේරා ගැනීමට කටයුතු නොකරන පික්පොකට් ආණ්ඩුව රාජපක්‍ෂලා හා වෙනත් රණවිරුවන් ඊනියා යුද්ධාපරාධවලට වරදකරුවන් නොකර සිටි ද? රාජපක්‍ෂලා යුද්ධාධිකරණයකට නොයවන බවට බොරු පූරසාරම් දොඩන සුජීව සේනසිංහට මරණයට නියම වූ රණවිරුවා බේරා ගැනීමට කටයුතු කිරීමට නොහැකි ඇයි? සිංහල විරෝධී රනිල් අනුගාමික සුජීව සේනානායක පසෙකින් තබන්න. ජාතික හෙළ උරුමය මෙහි දී කියන්නේ රණවිරුවා වරදකරු බව ද?

    ඒ කුමක් වුවත් මෙතෙක් කල් ජාතිකත්ව පිරිස් රවටමින් සිටි බොහෝ දෙනකුට හෙටින් පසු වැදගත් තීරණයක් ගැනීමට සිදුවනු ඇත. ඊනියා යහපාලන ආණ්ඩුව පවත්වාගෙන යනු ලැබුයේ මෛත්‍රිපාල ප්‍රධාන මේ පිරිස් විසිනි. අද ඔවුන්ට යන එන මං නැත. ඇතැම්හු කෝ මා පැතූ යහපාලනේ ගීතය ගයමින් පශ්චාත්තාප වෙති. :D:D:Dජනවාරි 8 වැනි දා ඔවුහු විශාල පිරිසක් වූහ. එහෙත් අද වන විට ඔවුන් අතේ ඇඟිලි ගණනට සීමා වී ඇත. අද ඔවුන් අතර ඇත්තේ, අර්ජුන රණතුංග, ප්රාජිත, එස් බී වැනි මහින්ද සමග බද්ධ වෛරයකින් පෙළෙන්නන් පමණකි. චම්පක ඉව වැරදුණු බල්ලකු මෙන් ඒ අතටත් මේ අතටත් දෝලනය වෙයි. :P:P:Pඔහුූට ද මහින්ද සමග බද්ධ වෛරයක් විය. එහෙත් අද ඔහු මහින්දගේ හොඳ දැකීමට උත්සාහ කරයි. අප්පච්චි මළා යැයි කෑ ගැසූ හාදයා අප්පච්චි ක්‍රිස්තියානි ක්‍රමයට උත්ථානය වී ඇතැයි කියයි. මේ සියල්ලන්ගේ ම මහින්ද විරෝධයට හේතු වූයේ ඊනියා ප්‍රතිපත්තියක් නොව තමන් බලාපොරෙත්තු වූ ඇමතිකම් හා වරප්‍රසාද නො ලැබීම ය.

    මේ එක් අයකුවත් මහින්ද සංධානයට ගත යුතු නො වේ. ඔවුන්ට දේශපාලනයේ නන්නත්තාර වීමට ඉඩ හැරිය යුතු ය. ඔවුන්ට ජනතා පදනමක් නැත. මෛත්‍රිපාලගේ ශ්‍රී ල නි ප සංධානයකින් තරග කර ඔවුන්ට ආසන දහයක් දිනා ගැනීමට නො හැකි ය. ඔවුන් ගැන කරදර නොවී රනිල් සුමන්තිරන් හකීම් හවුල පරදවා මහින්ද සංධානය ජයග්‍රහණය කරවීමට හෙට (ජූලි 01) සිට කටයුතු කළ යුතු ය.

    නලින් ද සිල්වා

    2015 ජූනි 30
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහින්ද පරාජය කිරීමට බලාපොරොත්තුවක්‌ තිබුණේ නෑ
    ඔහු පරාජය කළේ ප්‍රතිපත්තිමය ජය ග්‍රහණයක්‌ උදෙසායි
    - අතුරලියේ රතන හිමි

    pa200.jpg

    කිනම් පුද්ගලයකු අගමැති වුවත් තම සංවිධානයට වැදගත් වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගනු ලබන දේශපාලන තීරණ පමණක්‌ බව ද උන්වහන්සේ කීහ.
     
    මේ එක්කෙනා අරලියගහ මැදුරේ කුමන්ත්රණයක් උනා කියල ගිනිතියාගෙන මැරෙනවා කියල කිව්වෙත් විහිලුවට වගේ වෙන්න ඇති නෙහ්?