රට යනවද? ලංකාවේ ඉන්නවද? HELP HELP

රට යනවද? ලංකාවේ ඉන්නවද?

  • යන්න

    Votes: 48 76.2%
  • යන්න එපා

    Votes: 18 28.6%

  • Total voters
    63

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,458
    9,282
    113
    මචන්ලා මටයි වයිෆ්ටයි හොද ජොබ් තියනවා. හොද සැලරි එකක් තියනවා. වයිෆ් ගවමන්ට් ජොබක් කරන්නෙ. අපිට වත්තක ආදයමක් එහෙමත් තියනවා. රට යනන් අදහසක් තියනවා. ඒත් දෙමව්පියෝ දාලා යන්න බැරි අවුලක් තියනවා මචන්. එයාලත් දැන් වයසයි. අපි දෙන්නටම රට යන එක කිසිම අවුලක් නැ. Qualifications, working experience හැමදේම හොදටම තියනවා. ලංකාව අයේත් තිබුන වගේ හෝ යම් මට්ටමකට ගොඩනැගෙන්න කොච්චර කල් යයිද? යාළුවෝ විතරක් නෙමෙයි, අපේ දෙමව්පියොත් කියන්නෙ රට යන්න කියලා. ඒත් බන් අපි කොහොමද එයාලව දාලා යන්නෙ. එයාල්වත් එක්කරගෙන යන්න මට සල්ලි තියනවා. ඒත් ඒ අය රට යන්න කැමැතිත් නැ. මට කරන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරුව ඉන්නෙ. ලංකාව දැන් තියන මට්ටමටත් වඩා ඉදිරියෙදි පහළට වැටෙයිද?මට සහෝදරයෝ නැ. වයිෆ්ට සහොදරියෙක් ඉන්නවා. එයා දැන් ඉන්නේ කැනඩවල. එයාට දෙමව්පියෝ බලන්න බැනේ. අපි රට ගියොත් වයිෆ්ගේ දෙමව්පියෝ වගේම මගේ දෙමව්පියොත් බලාගන්න කවුරුත් නැ. මේ ප්‍රශ්නේ මට මානසිකව වදදෙන නිසයි මේකේ දැම්මේ. ඔයලත් අදහසක් දෙන්න.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,205
    4,439
    113
    Padavi Sripura
    යන්න එපා බං. කොහොමත් නාමල් මහත්තයා ජනාධිපති වුනාම, මේ රට සුරපුරයක් කරනවා. මේ බංකොලොත් වෙලා තියන ආර්ථිකේ ගොඩ දානවා. වටේටම තියන ණය ටික ගෙවනවා මන්නාරමෙන් බොර තෙල් හොයාගත්තම. එතකොට ලංකාව ඌණ සංවර්ධිත list එකෙං ආපහු සංවර්ධනය වෙමින් පවතින රටක් බවට පත් වෙනවා. ඊට පස්සෙ ඒ ගැම්මටම සංවර්ධිත රටක් බවට පත් වෙනවා. එතකොට ලංකාවෙ university වලට එහෙම මාරම තැනක් එනවා. පිටරටවලින් පවා හෝ ගාලා ළමයි එනවා. උඹලා ලංකාවෙම හිටියොත් තමා ලේසියෙන් හොඳ world ranking එකක් තියන ලංකාවෙ uni එකකට ළමයෙක් දාගන්න පුළුවන් වෙන්නෙ. ළමයින්ගෙ අනාගතේ ගැන හිතනවා නම් ඉඳපං. උඹලට කොහොමත් දැනටම කිසි අවුලක් දැනෙන්නෙ නැති එකේ ළමයින්ට දැනෙන්නෙම නෑ.

    අනික මචං දෙමාපියෝ එක්ක යන්න පුළුවන් ඕනම රටකට ගේමක් නැතුවම. උඹ ඕනම වෙලාවක යනවා කියල තිරණය කරන්න විතරයි තියෙන්නෙ, පහුවදාම උඹ අදාල රටේ ඉඳියි දෙමාපියො එක්කම.
    ------ Post added on Nov 6, 2022 at 12:25 PM
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    8,805
    11,105
    113
    31
    ෆින්ලන්ඩ්
    රට ගිහිල්ල අවුරුදු දෙකකින් වගේ සෙට්ල් උනාම දෙමවුපියෝ ගෙන්න ගන්න පුළුවන්.

    මේ රට නම් දැන් හැදෙන මනෙකාවත් නැහැ. හැම කේෂ්ස්ට්‍රේක ම පුළුවන් හොදම අය රට දාල යනවා. එකෙන් වෙන්නේ රට තවත් වල පල්ලට යන එක.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,458
    9,282
    113
    යන්න එපා බං. කොහොමත් නාමල් මහත්තයා ජනාධිපති වුනාම, මේ රට සුරපුරයක් කරනවා. මේ බංකොලොත් වෙලා තියන ආර්ථිකේ ගොඩ දානවා. වටේටම තියන ණය ටික ගෙවනවා මන්නාරමෙන් බොර තෙල් හොයාගත්තම. එතකොට ලංකාව ඌණ සංවර්ධිත list එකෙං ආපහු සංවර්ධනය වෙමින් පවතින රටක් බවට පත් වෙනවා. ඊට පස්සෙ ඒ ගැම්මටම සංවර්ධිත රටක් බවට පත් වෙනවා. එතකොට ලංකාවෙ university වලට එහෙම මාරම තැනක් එනවා. පිටරටවලින් පවා හෝ ගාලා ළමයි එනවා. උඹලා ලංකාවෙම හිටියොත් තමා ලේසියෙන් හොඳ world ranking එකක් තියන ලංකාවෙ uni එකකට ළමයෙක් දාගන්න පුළුවන් වෙන්නෙ. ළමයින්ගෙ අනාගතේ ගැන හිතනවා නම් ඉඳපං. උඹලට කොහොමත් දැනටම කිසි අවුලක් දැනෙන්නෙ නැති එකේ ළමයින්ට දැනෙන්නෙම නෑ.
    දැනටමත් අවුලක් නැ නෙමෙයි මචන්. මම ඉස්සර ඉදන්ම ආදයම් මාර්ග එන දේවල් හදාගත්තු නිසා වියදම් ගොඩක් කවර් කර ගන්න පුළුවන්. ඒනිසයි මට ලංකවේ ඉන්න පුළුවන් කිව්වෙ.ඒත් දෙමව්පියෝ ගැනත් අපි බලන්න ඕනිනේ. මේවා තේරෙන්නෙ බැදලා මේවගේ ප්‍රශ්නෙකට මූණ දුන්න කෙනෙක්ට විතරයි.

    නාමල් බේස්කයා ගැන කතා කරන්න එපා.:angry: ඌ කොහොමත් ජනාධිපති වෙනවා. උබ Instagram ඉන්නවා නම් වෙන උන් ඌව ටැග් කරල storyශෙයා කරපුවා ඌත් story දානවා. ඒවාපොඩ්ඩක් බලපන්. එතන බහුතරයක් තරූණ කොල්ලො කෙල්ලො ඉන්නෙ. අනිවා ඌ ජනාධිපති තමයි.:dull:
     

    Sen-lu

    Well-known member
  • උඹම තමා ඉතින් තීරණය කරන්න ඕන. ඕක යන රට, උඹේ ජොබ් එක, දෙමාපියන්ගෙ හෙල්ත්එක වගේ ෆැක්ටර්ස් ගොඩක් මත තීරනය වෙනවනෙ. ඇකියුරෙට් ඩිසිෂන් එකක් ගන්න පුළුවන් උඹටම තමා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    41,553
    43,256
    113
    perantsla dala yanna berinam yanna epa . ubata thiyana income walata hitapan ithin.
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    2,984
    4,496
    113
    අද දවසට දෑකපු දෙවෙනි ත්‍රෙඩ් එකද කොහෙද.. යන්න පුලුවන් ඒත් යන්නේ නෑ කියලා අනිත් මිනිස්සුන්ගේ උපදෙස් ඉල්ලනවා.. අනිත් මිනිස්සු මොනවා කරන්නද? තමන්ගේ ප්‍රශ්ණ දන්නේ තමුන් නේ? ඒ වගේ තීරණයක් ගන්න බෑරි මිනිස්සු යන්න හොද නෑ ලන්කාව දාලා
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,205
    4,439
    113
    Padavi Sripura
    මේවා තේරෙන්නෙ බැදලා මේවගේ ප්‍රශ්නෙකට මූණ දුන්න කෙනෙක්ට විතරයි.
    මම දන්න විදියට නම් රට යන බහුතරේ දැං බැඳපු අය තමා. අනික ඒ හැමෝටම වගේ දෙමාපියොත් ඇති. නැති වෙන්න විදියක් නෑ නෙ.

    අද දවසට දෑකපු දෙවෙනි ත්‍රෙඩ් එකද කොහෙද.. යන්න පුලුවන් ඒත් යන්නේ නෑ කියලා අනිත් මිනිස්සුන්ගේ උපදෙස් ඉල්ලනවා.. අනිත් මිනිස්සු මොනවා කරන්නද? තමන්ගේ ප්‍රශ්ණ දන්නේ තමුන් නේ? ඒ වගේ තීරණයක් ගන්න බෑරි මිනිස්සු යන්න හොද නෑ ලන්කාව දාලා
    සිරා කතාව. තීරණේ ගන්න හේතුවෙන දේවල් 100%ක් දන්නෙ තමන් විතරයි. තමන්ගෙ වගතුව තියා නම වත් දන්නෙ නැති එවුං ඉන්න තැනකට ඇවිල්ලා තීරණයක් ගන්න උපදෙස් පතනවා. මේවා විහිලු මචං.
    ------ Post added on Nov 6, 2022 at 12:36 PM

    නාමල් බේස්කයා ගැන කතා කරන්න එපා.:angry: ඌ කොහොමත් ජනාධිපති වෙනවා. උබ Instagram ඉන්නවා නම් වෙන උන් ඌව ටැග් කරල storyශෙයා කරපුවා ඌත් story දානවා. ඒවාපොඩ්ඩක් බලපන්. එතන බහුතරයක් තරූණ කොල්ලො කෙල්ලො ඉන්නෙ. අනිවා ඌ ජනාධිපති තමයි.:dull:
    අන්න ඒ විශ්වාසය තමා මහත්තයෝ වැදගත්. මේ රට එතුමන්ලා කොච්චර ඉදිරියට මේ වෙනකල් අරගෙන ආවද කියලා දන්නවනෙ. තව දශක ගනනාවක් යනකල් ඒ දේ ඒ විදියටම ඉදිරියට යනවා නාමල් මහත්තයා එක්කම. ❤️
    ------ Post added on Nov 6, 2022 at 12:38 PM
     
    • Like
    Reactions: KadawathaKolla

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    2,984
    4,496
    113
    මම දන්න විදියට නම් රට යන බහුතරේ දැං බැඳපු අය තමා. අනික ඒ හැමෝටම වගේ දෙමාපියොත් ඇති. නැති වෙන්න විදියක් නෑ නෙ.


    සිරා කතාව. තීරණේ ගන්න හේතුවෙන දේවල් 100%ක් දන්නෙ තමන් විතරයි. තමන්ගෙ වගතුව තියා නම වත් දන්නෙ නැති එවුං ඉන්න තැනකට ඇවිල්ලා තීරණයක් ගන්න උපදෙස් පතනවා. මේවා විහිලු මචං.
    ------ Post added on Nov 6, 2022 at 12:36 PM
    සිරාවටම මේ වගේ තනියම තීරණයක් ගන්න බෑරි ලපයි සිපයි කොහොමද බන් වෙන රටකට ගිහින් ගේම ගහගන්නේ? අහන්න දෙයක් නෑ උන්ට හරි යන්නේ ලන්කාවම තමා
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,205
    4,439
    113
    Padavi Sripura
    සිරාවටම මේ වගේ තනියම තීරණයක් ගන්න බෑරි ලපයි සිපයි කොහොමද බන් වෙන රටකට ගිහින් ගේම ගහගන්නේ? අහන්න දෙයක් නෑ උන්ට හරි යන්නේ ලන්කාවම තමා
    ඒකත් ඇත්ත. රට යන්න තීරණේ ගන්න එක තමා අමාරුම කියලා හිතන එවුං දන්නෑ ඒ process එක ඇතුලෙම කොච්චර අමාරු දේවල් තියනවද කියලා. තමංගෙ comfort zone එකෙං හෙලවෙන්න අමාරු නිසයි මේ වගේ thread එකක් open කරන්නෙම.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    8,748
    8,102
    113
    Ammalawa danna wadi hiti niwasakayakata, honda nursing home ekata danna. lanakwe godak aya danatama oka karanawaa lanakwe balaganna kauruwath nathnam, issarahata oka thawa saratama wadi wenawa 1980,1990 born aya migration gathama

    oka thama issarahata karanna wenneth, mokada bung dan male nurse lath aduiyi lanakwe 20-30 athara kollo na adult ayawa balaganna, tamil kollo enneth na. eka nisa nursing and elderly home pirenna kalin danna. owata daganna ekatath gamak denna wenawaa issarahata minissu nathi nisaa

    ammala rata ta gannawa kiyana, oka practically lesi na bung. Oya minissunta ena leda ekka mehee shape, oya ratawal walata wadaa, beheth ehama ganna lesi

    mama oya dapu reply eka rude athi habaiyi oka harenna honda method ekake mata nam penne naa rata yanawa nam

    ammalawa balaganna ona nam ehama nam meheta wela inna
     
    • Like
    Reactions: helayalk and Hayao

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    14,966
    30,961
    113
    පිට රට ගිහිල්ලා ළමයි හැදුවම මැරිච්ච සුද්දෝ තමයි ළමයි වෙලා උපදින්නේ උන්ගේ රටේම. පිට රට වල ඉන්න ලනක්වේ ළමයි හරිම වෙනස්. ටිකක් කතා බහ කරාම තේරෙනවා ඇතුලේ ඉන්නේ වෙන රටක එකෙක් කියලා.

    -- copied
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,205
    4,439
    113
    Padavi Sripura
    පිට රට ගිහිල්ලා ළමයි හැදුවම මැරිච්ච සුද්දෝ තමයි ළමයි වෙලා උපදින්නේ උන්ගේ රටේම. පිට රට වල ඉන්න ලනක්වේ ළමයි හරිම වෙනස්. ටිකක් කතා බහ කරාම තේරෙනවා ඇතුලේ ඉන්නේ වෙන රටක එකෙක් කියලා.

    -- copied
    ඇත්තකුත් තියනවා හැබැයි කතාවෙ. අපේ ළමයත් conceived වුනේ මෙහෙ ඇවිල්ලා. සුද්දංගෙ වැඩමයි තියෙන්නෙ දැනටත්. කතා කරන්න කලින් ඉඳලම, මම ඉංග්‍රීසියෙන් කතා කරන සද්දයක් ඇහුනත් හැරිලා බලනවා. සිංහලෙන් කතා කරාට ගනං ගන්නෑ. 😂
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,123
    2,052
    113
    සෝමාලි මුහුදේ
    රැල්ලට නම් යන්න එපා..ඔය රට යන එක රැල්ලක් වෙලා තියෙන්නේ..ලන්කාවේ ගොන් හැත්ත එහෙමනේ..මොනවහරි එකක් ආවම ගාල කඩාගත්‍ත හරක් වගේ දුවනවා හොයන්නේ බලන්නේ නැතුව..අන්තිමට ලක්ශ පනහ හැට කෙලවගෙන හිටපු මට්ටමිනුත් පල්ලෙහාට වැටිච්ච උන් ඉන්නවා..ජපානේ ගිහින් ඉන්න බැරුව ආපු එකෙක් හම්බුනා මට මේ ලගදී..සමහර රටවල් ඔය කියන තරම් සුරපුර නෙමෙයි ඈ...මැරීගෙන කට්ට කාගෙන වැඩකරන්න ඕනි..