රට යන්න පොඩි උදවුවක් ඕනේ ..

K.D

Active member
  • Jul 11, 2009
    819
    26
    28
    රට යන්න පොඩි උදවුවක් ඕනේ ..

    මචන්ලා කටාර් එකට යන්න උදවුවක් ඕනේ ..
    දන්නේ නැති නිසා අහන්නේ..!! :rolleyes:

    කටාර් එකෙන් විසා එකක් එවුවාට පස්සේ. ඒ සදහා ලංකා වෙන් කරගන්න ඕනේ දේවල් මොනවාද?

    විසා එකයි ටිකටි එකයි තිබූනට යන්න බැහැනේ. කවුරුහරි දන්න කෙනෙක් උදවූ කරනවානම් හොදයි .
    ගැහැණු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි දෙන්නෙක් යන්න ඉන්නවා.

    සබ් /කෙනෙක්ට කතා කරලා බැලුවා ඌ මාව මිරිකලා බොන්න හදනවා. බොරු කියල අන්දන්න හදන්නේ, විස්වාස කරන්න බෑ කියක් හරි ගලව ගන්න හදන්නේ ..
    :frown:


    මේගැන දන්නේ නැති අය පොඩි බම්ප් එකක් දාල යන්න ලොකු උදවුවක් ..:yes:

    බුදුසරණයි..

     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙම විෂේශ මුකුත් ඔනෙ නහැ. දැන් මෙහෙ සීත කාලෙ එන නිසා ඒකට ඇදුම් අරන් වරෙන්. කොට කලිසම් නම් ඕනෙම නැති තරම්... බොටම් ටිකක් අරන් වරෙන්. එන පළවෙනි දවස් වල තියාගෙන කන්න පුලුවන් කෑම අරන් වරෙන් කට්ට සම්බෝල වගෙ... තව බිස්කට් එහෙම අරන් වරෙන්...

    තව සීත කාලෙ එන නිසා සෙම තියනවනම් බෙහෙත් අරන් වරෙන්... සල්ලි ටිකකුත් අරන් වරෙන්...

    එයාර් පොර්ට් එකෙන් එන්න බය වෙන්න එපා.

    මුලින්ම ටිකට් එක දාගනින්...

    ඊට පස්සෙ යන්න තියන වෙලාවට පැය තුනකටවත් කලින් එයාර් පොර්ට් එකට යමන්..

    ගොඩක් එයාර් ලයින් වල 30 kg දෙනව. ඒක ටිකට් එක බලල හරියටම දැන ගන්න.

    අතෙ ගෙනියන බෑග් එකට කිලො 7kg ක් ගෙනියන්න පුලුවන්...

    වීසා එකෙ නම හරියටම තියනවද කියල බලපන්. අකුරක්වත් නම වරදින්න බෑ... උපන් දිනෙ පාස් පෝර්ට් නම්බර් එක 100% ක් හරියටම තියෙන්නෙ ඔනෙ.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    විදේශ සේවා එකෙ රෙජිස්ටර් වෙන්න ඔනෙ work visa නම් එන්නෙ... උන්ට සල්ලි ගෙවන්න වෙයි... උන්ගෙන් ඇති වැඩක් නැහැ... පළවෙනි පාර හින්ද කේස් දාගන්නෙ නැතුව එන්න හින්ද උන්ගෙන් ගිහින් රෙජිස්ටර් වෙලා එන්න.
     

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    761
    113
    Apparently USA
    උඹ ජොබ් එකකට යනවානම් විදේශ සේවා නියුක්ති කාර්යංෂයට යමං.
    එතනින් උඹට අවශය්‍ය උපදෙස් ගන්න පුළුවන්.
    යන්න කලින් එතන රෙජිසටර් වෙන්න ඕනේ.
     

    K.D

    Active member
  • Jul 11, 2009
    819
    26
    28
    උදවුකලාට බොහොම ස්තුතියි..

    මීට කලින් [දැනට අවුරුදු12ට කලින්] වෙන රටකට ගිය කෙනෙක් දැන් කටාර් වලට යන්නේ. එයත්රෙජිසටර් වෙන්න ඕනේද.?

    අනිත් කෙනානම් අලුතෙන් යන්නේ...

    විදේශ සේවා නියුක්ති කාර්යංෂයට යනකොට මොනවාද ගෙනියන්න ඕනේ
    . [අවස්ස දේවල්]

    :baffled::frown:
     

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    761
    113
    Apparently USA

    විදේශ සේවා නියුක්ති කාර්යංෂයට යනකොට මොනවාද ගෙනියන්න ඕනේ
    .

    :baffled::frown:


    පාස්පෝට්, වීසා, කම්පැනි කන්ට්‍රැක්ට් ඇග්රිමන්ට් ලෙටර්, සම් මනි :yes:

    උඹ රෙජිස්ටර් නොවී එයාර්පෝට් ගියොත් එතනින් උඹේ බෙල්ලෙන් අල්ලලා බලෙන් රෙජිස්ටර් කරවලා තමයි ඇතුලට යවන්නේ. :D


     

    K.D

    Active member
  • Jul 11, 2009
    819
    26
    28
    visiting visa වලට යනවනම් කොහොමද..? :baffled:



    අනේ මට උදවු කරපියෝ..!! :yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    visiting visa වලට යනවනම් කොහොමද..? :baffled:



    අනේ මට උදවු කරපියෝ..!! :yes::yes:
    විසිට් යනව නම් මචං වී.සේ එකේ රෙජිස්ටර් වෙන්න ඕන නැහැ මචං
    නොර්මල් යන විදියට යන්න පුළුවන්
    වරකින් විස වලට යනව නම් අනිව වී.සේ රෙජිස්ටර් වෙන්න ඕනා
     

    K.D

    Active member
  • Jul 11, 2009
    819
    26
    28
    visit visa එකකට යනවනම් return tkt එක තියෙන්න ඔනෙද? :oo:
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    වර්කින් වීසා එකකට යනවා නම් අනිවාර්යෙන්ම විදේශ සේවා එකේ පුහුණු පාඨමාලාව හදාරලා සහතිකේ ගන්න ඕන. ඒක දවස් 5 ක් තියෙනවා. උඹට ඒක නොකර යන්න බෑ. මොකද සේවා ගිවිසුම අත්සන් කරන්න නම් උඹ අනිවාර්යෙන්ම පුහුණු පාඨමාලාව සමත් කියලා සහතිකේ තියෙන්න ඕන. අවුට් වීසා එකක්ටද යන්නේ
     

    K.D

    Active member
  • Jul 11, 2009
    819
    26
    28
    මේකයි මචෝ එහෙ අදුරන කෙනෙක් විසා එක එවන්නේ ...

    විසා එක ගෙන්න ගන්න ඕනේ මොන විදිහටද mployment visa / visit visa මේ දෙකෙන් මොකද්ද හොද
    ඒ කියන්නේ යන්න ලේසිම මග ?

    විදේශ සේවා එකේ පුහුණු පාඨමාලාව හදාරලා සහතිකේ ගන්න ලොකු ගානක් යනවද ?

    ගැහැණු කෙනෙක්ට කොපමණ කාලයක් පුහුණු වීම් කරන්න වෙනවද ?

    මන්නම් කලින් ගිහින් ආවේ . වර්කින් සහතිකයක් මන් ලග තියෙනවා.

    ගැහැණු පිරිමි මේ දෙගොල්ලන්ටම පුහුණු පාඨමාලාව හදාරන්න ඕනෙද?

    රක්සනය'' විදේශ සේවා එකෙන්මද කරන්නේ ? එහෙම නැතිනම් වෙනම තැනකින්ද කරන්නේ ?
    මීට අමතරව මුදල් ගෙවීම් කරන්න වෙනවද ?

    මේ ප්‍රස්න ටිකට පිලිතුරු ලැබුනොත් හොදටම ඇති න..
    :yes: