රට යන්න විස ගන්නේ මෙහෙමයි

Mahesh_Perera

Member
Mar 20, 2014
174
29
0
රට යන්න විස ගන්නේ මෙහෙමයි

ලංකාවේ කිදෙනෙක් දවසකට රට යනවද කියන එක පාස් පොර්ට් ඔෆිස් එකට ගියාම තේරෙනවා .පාස්පෝර්ට් හදන සේරටම රට යන්න බැරි උනත් සැලකිය යුතු පිරිසක් පිට රටවල ජොබ් එකක් කරන්න ඉගෙන ගන්න එහෙමත් නැත්තම් පොඩි සංචාරයකට යනවනේ ,ඔය අතරේ සමහරු ඉතින් රට ඇත ඇරලාම යනවා වෙන රටක ඉස්තිර පදිංචියට .මම කියල දෙන්න යන්නේ ලෝකේ ඕනෑම රටකට එකෙන්ම යන්නේ කොහොමද කියල කියල දෙන්න ,අවශ්‍ය සුදුසුකම් තියනවා නම් එකෙන්ම යන්න පුළුවන් .හොදයි අපි පටාන් ගමු
 

Mahesh_Perera

Member
Mar 20, 2014
174
29
0
අපි මුලින්ම පොඩි එකේ ඉදල පටන් ගමු .ඉගෙන ගන්න යන එක තම එක අතකට ලේසිම විදිය ,ඉගෙන ගන්න යද්දිත් අපි ලෝකේ තියන එක එක රටවල් වලට යද්දී එකකට එකක් වෙනස් නීති වලට තම යටත් වෙන්නේ ,මම එකෙත් මුලින්ම ලේසිම රටවල් ගැන මුලින් කියන්නම් .ගොඩක් ආසියාවේ රටවල් වල නීති ලිහිල් ,ඒවා සේරම එකට අරගෙන විස්තර කරන්නම් .ඉන්දියාව ,මැලේසියාව ,සිංගප්පුරුව,ජපානය වගේ රටවල් වලටනේ අපේ අ ය ගොඩක්ම යන්නේ .ඒවගේ විස්තරේ මේකෙයි ,හරිම පහසුයි .මුලිකවම දේවල් දෙකක් කරන්න ඕන ,පලවෙනි එක තමා අපේ පටමාලාව සදහා යන වියදම අපිට දරන්න පුලුවන්ද කියල අදාල රටේ සංක්‍රමණ සම්බන්දව කටයුතු කරන ආයතනයට (බොර්ඩර් ඒජන්සි එකට )පෙන්නන්න ඕන .ගොඩක් වෙලාවට අපි සම්පුර්ණ මුදල යු නිවර්සිට් එකට ගෙවන්නේ විස අවට පස්සේ ,එත් විස අයදුම් කරන්න කලින් අපිට සිද්ද වෙනවා ගොඩක් වෙලාවට යුනි එකේ ඇඩ්මිෂන් ෆී එක ගෙවන්න .දෙවැනි අවශ්‍යතාවය තම අපි ඉගෙන ගන්න කාලය ඇතුලත අපේ වියදම් දරා ගන්න හැකියාව තියනවා කියන කාරනාව අපිට පෙන්නන්න වෙනවා ,මේවා නම් බොහොම සුළු දේවල් .කොහොම උනත් ලක්ෂ 15 කම පමණ මුදලක් තමන්ගේ බැංකු පොතේ ඉස්තිර ගිණුමක් විදියට තියෙන්න ඕන .බය උනාද ??? මේකට බය වෙන්න දෙයක් නෑ මොකද ඉගෙන ගන්න රට යන උදවියගෙන් ලොකු ප්‍රතිෂතෙකට මේක කරගන්න බෑ (ආසියාවේ රටවල් වලට මෙහෙම උනත් එංගලන්තේ ,ඇමරිකාව ,ඔස්ට්‍රලිය්ව වගේ රට වලට ලක්ෂ 75ක් විතර උපරිමයකට සල්ලි පෙන්නන්න වෙනවා )එහෙනම් කොහොමද මෙච්චර ගොඩක් රට යන්නේ ??? ඒවා ඉතින් බොහොම ප්‍රසිද්ද රහස් ,දන්නෝ දනිති ,නොදන්නා ය ඉන්න නිසා මම කියන්නම් .එක වෙන්නේ මෙහෙමයි .සල්ලිකාර මහත්තුරු ඉන්නවා තමන්ගේ ලග තියන සල්ලි මේ විදියට රට යන අයගේ ගිණුම් වලට දල දෙන .ශෝක් නේද ,එත් ඉතින් මේ ය මේක නිකන් කරන්නේ නෑ ,අනික මස දෙකක් විතර අපේ ගිණුම් වල සල්ලි තියෙන්නත් ඕනනේ එක නිසා එයාලට මුදලක් ගෙවන්නම වෙනවා ,මුදල තීරණය වෙන්නේ තැම්පත් කරන සල්ලි ප්‍රමාණය සහ ඒවා අපේ ගිණුම් වල තියෙන්න ඕන කාලය අනුවයි .ඔන්න මගෙන් අහන්න එපා මම මේවා කරනවද කියල ,මම නම් මේවා ලොවෙත් කරන්නේ නෑ .ඉතින් දැන් ප්‍රශ්නයක් ඇති මේක හොර වැඩක් නේද කියල .මගේ අදහස නම් නෑ කියන එක තම ,මොකද ගොඩක් වෙලාවට ආසියාවේ රටවල් තමාගේ ගිණුමට සල්ලි අවේ කොහෙන්ද කින්ද මන්ද කියන එක අහන්නේ නැති නිසා .ආසියාවේ රටවල් විතරක් නෙමෙයි ඔය මහා බ්‍රිතානයත් ඕව අපෙන් අහන්නේ නෑ .පුදුමයි නේද ,එක නිසා අපේ හිතවතෙක් හරි වෙනත් කෙනෙක් හරි අපේ නමින් ගිණුමකට සල්ලි දන්නා කැමති නම් එකේ ප්‍රශනයක් නෑනේ .ඉතිරි ටික තව දින්ගෙන් බලොරොත්තු වන්න
 

Mahesh_Perera

Member
Mar 20, 2014
174
29
0
දැන් ඉතින් ලොකුම වැඩ ටික ඉවරයි .අපි දැන් සල්ලි කාරයෝ තමා බැංකු පොතේ සල්ලි තියනවා ,දැන් අපිට කියන්න පුළුවන් මේ සල්ලි ටික වියදම් කරලා තම මම තොපේ රටේ ඉගෙන ගන්නේ කියල .ලොල් .එත් ඉතින් සල්ලිම තිබ්බත් මදි ,උන් බලනවා අපි එන්නේ සිරාවටම ඉගෙන ගන්නමද කියල ,ඒවගේම තම අපි යුනිවසිට් එකකින් ඇඩ්මිෂන් ගන්න ඕන ,එකේ තේරුම තම අපිව තමාගේ ආයතනයේ (යුනි එකේ )ඉගෙන ගන්න සුදුසු ශිෂයෙක් කියල නිර්දේශ කරලා ලියුමක් යුනි එකකින් ගෙන්න ගන්න එක .මේකෙදි අපිට අපේ සාමාන්‍ය පෙළ උසස් පෙළ ප්‍රතිපල වගේම ඉංග්‍රීසි භාෂාව අපිට හසුරුවන්න පුළුවන් කියලත් පෙන්නන්න ඕන ,මොකද අපිට ඉගෙන ගන්න වෙන්නේ ඉංග්‍රීසියෙන් .ජපානේ වගේ නම් ජපන් භාෂාව තම .
 

Mahesh_Perera

Member
Mar 20, 2014
174
29
0
දැන් අපිට යුනිවසිට් ඇඩ්මිෂන් එහෙමත් තියනවා ,සල්ලිත් තියනවා ,වෙන මොනාද අඩු ???එච්චර තම ඕන .දැන් ඉතින් විස අප්ලිකෂන් ෆෝම් එකක් පුරවල ,ඒවගේම තමාගේ o/l a/l සහතික ටිකත් එක්ක පාස්පෝර්ට් එකත් අරගෙන ගිහින් විස අප්ලිකෂන් එක සබ්මිට් කරන්න තම තියෙන්නේ ,ඊට කලින් අපි ඉතින් අපොමන්ට් එකක් දල තියෙන්න ඕන .ඊට පස්සේ අපිට විස හම්බෙනවා .මෙතන ගොඩක් හොදින් මතක තිය ගන්න ඕන දෙයක් තියනවා ,එක තම කිසිම වෙලාවක බොරු සහතික ඉදිරිපත් කරන එකෙන් වැළකිලා ඉන්න එක ,එහෙම කරලා අහු උනොත් නම් පුතේ අදාල රටට අවුරුදු ගානකට යන්න බැරි වෙන්න අපිව බෑන් කරනවා .ඉතින් මේ මම විස්තර කලේ ආසියාවේ රටවල් වලට ඉගෙන ගන්න යන හැටි .හරිම ලේසියි .පස්සේ බලමු අනික් රට වල වලට කොහොමද කියල
 

Mahesh_Perera

Member
Mar 20, 2014
174
29
0
මේකට තව පොඩි දෙයක් එකතු කරන්නම් ,මට අමතක උන මේවට යන වියහියදම් මේකට ඇතුලත් කරන්න .ඒවා මෙහෙමයි

(1) යුනිවසිටි ඇඩ්මිෂන් වලට ලෝකේ තියන සුපිරිම යුනිවසිටි වල පවා ඇඩ්මිෂන් ෆී එක විදියට උපරිම ගන්නේ $200 ක් වගේ මුදලක් තම .ලංකවේ මුදලින් ඉතින් රුපියල් 25,000 කට අසන්න ගානක් යනවා .එත් ආසියාවේ ඒවගේ මේ මුදල අඩු වෙන්න පුළුවන්
(2) ඒවගේම තම අපි විස ඇප්ලයි කරද්දී විස ෆී එක කියල එකක් අදාල එම්බසියට ගෙවන්න වෙනවා ,අපිට විස හම්බුනත් නැතත් මේ මුදල අපිට ආයේ හම්බෙන්නේ නෑ .එංගලන්තේ වගේ රටකට නම් මේක රුපියල් 60,000 කට අසන්න මුදලක් වෙනවා .එත් ඉන්දියාවට එහෙම නම් රුපියල් 10,000 ක් වත් යන්නේ නෑ .අනික් ආසියානු රටවල් වලටත් ලොකු මුදල් යන්නේ නෑ
 
  • Like
Reactions: marachoon

Mahesh_Perera

Member
Mar 20, 2014
174
29
0
ඉස්සරහට උබල සලිත වෙලා යන දෙයකුත් මම කියනවා .දැන් බලහල්ල වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නැති ,ගියත් කිසිම විබාගයක් පාස් කරලා නැති අවුරුදු හතලිස් ගණන් වල පවා උන් යුරෝපේ ගිහින් සල්ලි හොයනවා .බලන් යද්දී උන්ට මහලොකු සල්ලියක් තිබිලත් නෙමෙයි උන් රට ගිහින් තියෙන්නේ ,එත් එහෙම දේවලුත් වෙනවනේ .මේක නම් කවුරුත් නොදන්නා රහසක් ලොල් ඈ .මට හිතුනොත් එකත් කියල දැන්නම් කොහොමද අර වගේ ඩයල් නිත්‍යානුකුල විදියටම රට යන්නේ කියල ,එක නැත්තත් මේ පොස්ට් එකේ ඉතිරි ටික දිගටම මම දානවා
 

Mahesh_Perera

Member
Mar 20, 2014
174
29
0
යුනි එකකට ඇප්ලයි කරන්නේ මෙහෙමයි .මුලින්ම තමන් යන්න ආස ,ඒවගේම තමන්ගේ ආර්ථික මට්ටම අනුව හොදට රටක් තොර ගන්නව ඊට පස්සේ කරන්න තියෙන්නේ ,අදාල රටේ තමන් කෙමති ඒවගේම වියදම අඩු ,ඒවගේම පාර්ට් ටයිම් ජොබ් එහෙම තියන සිටි එකක තියන කොස් ෆී එක අඩු ශ්‍රේණිගත කිරීම්වල උඩින් තියන යුනි එකක් තොර ගන්නවා පස්සේ ,ඒ යුනි එකේ වෙබ් සයිට් එකට ගිහින් ඔන්ලයින් අප්ලිකෂන් එක ඩව්න්ලෝඩ් කරනවා ,සමහරවිට එහෙම ඕන වෙන්නේ න,එකෙන්ම ඔන්ලයින් පුරවල දන්නා තියෙන්නේ .මේකෙදි ගොඩක් වෙලාවට ඕන වෙන්නේ o/l,a/l සහතික ටිකයි ,IELTS වගේ ඉංග්‍රීසි වලට තමන්ගේ තියන හැකියාව පෙන්නන සහතික ටිකකුයි තමා .o/l ,a/l සහතික ටික විදේශ සේවා අමත්යන්ශේන් සහතික කරලා ස්කෑන් කරලා ඔන්ලයින් ඇටැච් කරන්න තියෙන්නේ ,නැත්තම් ඊ මේල් කරන්න තියෙන්නේ .පස්සේ යුනි එකෙන් කියනවා අපි සුදුසුද නැද්ද කියල.සුදුසුයි කිව්වොත් ඇඩ්මිෂන් එක පේ කරලා වැඩ ටික ඉස්සරහට කරගෙන යන්න තියෙන්නේ
ඒවගේම මෙතෙන්දි ඉංග්‍රීසියට පරිවර්තනය කරපු තමන්ගේ උප්පැන්න සහතිකය ,පාස්පෝර්ට් කොපියක් වගේ දේවලුත් ඕන වෙනවා
 

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    මචන් skilled Migration පොඩ්ඩක් කියහන් ,
    මචන් ඩෙන්මාර්ක් , ස්වීඩන් කොහොමද , ඉංජි. ෆීල්ඩ් එක
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,574
    17,629
    113
    Auckland
    ඉස්සරහට උබල සලිත වෙලා යන දෙයකුත් මම කියනවා .දැන් බලහල්ල වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නැති ,ගියත් කිසිම විබාගයක් පාස් කරලා නැති අවුරුදු හතලිස් ගණන් වල පවා උන් යුරෝපේ ගිහින් සල්ලි හොයනවා .බලන් යද්දී උන්ට මහලොකු සල්ලියක් තිබිලත් නෙමෙයි උන් රට ගිහින් තියෙන්නේ ,එත් එහෙම දේවලුත් වෙනවනේ .මේක නම් කවුරුත් නොදන්නා රහසක් ලොල් ඈ .මට හිතුනොත් එකත් කියල දැන්නම් කොහොමද අර වගේ ඩයල් නිත්‍යානුකුල විදියටම රට යන්නේ කියල ,එක නැත්තත් මේ පොස්ට් එකේ ඉතිරි ටික දිගටම මම දානවා

    ane pm ekakwath danna kiyanna bari nam :dull::dull::angry: :P
     

    Mahesh_Perera

    Member
    Mar 20, 2014
    174
    29
    0
    ඩෙන්මාර්ක් ,ස්වීඩන් කියන්නේ ලෝකේ තියන සුපිරිම රටවල් දෙකක් ,ආයේ කියල වැඩක් නෑ .සුද්දෝන්ගේත් සුද්දෝ තම මුන් .තමන්ට බචලර් ඩිග්රි එකක් එහෙම තියනවා නම් මාස්ටර්ස් කරන්න ස්කොලශිප් එහෙම ගන්න පුළුවන් ,එළකිරි රට සැලරි හොදයි ,වියදමත් අනික් රටවල් වලට වැඩ ටිකක් වැඩි .skilled Migration ගැන ඉදිරියට කියන්නම්
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඩෙන්මාර්ක් ,ස්වීඩන් කියන්නේ ලෝකේ තියන සුපිරිම රටවල් දෙකක් ,ආයේ කියල වැඩක් නෑ .සුද්දෝන්ගේත් සුද්දෝ තම මුන් .තමන්ට බචලර් ඩිග්රි එකක් එහෙම තියනවා නම් මාස්ටර්ස් කරන්න ස්කොලශිප් එහෙම ගන්න පුළුවන් ,එළකිරි රට සැලරි හොදයි ,වියදමත් අනික් රටවල් වලට වැඩ ටිකක් වැඩි .skilled Migration ගැන ඉදිරියට කියන්නම්
    ela macha thanx,
    BSc + Msc with 6 year exp. IELTS 6
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    හොදයි University Degree එක කරන්න කියක් යනවාද? අනික් එක Part time ජොබ් එකක් හොයාගන්න ලෙසිද හිතන තරම්?

    බොහොම හොද වැඩක් දිගටම කරගෙන යන්න :)