රත්න ශ්‍රි විජේසිංහයන්ට කතා කල දවස !

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    unnamed.jpg

    ඔන්න ඉතින් දවසක් අපේ රත්න ශ්‍රි විජේසිංහ මහත්තයා එක්තරා රූපවාහිනි වැඩසටහනකට සහභාගි උනු වෙලාවක ලංකාවේ එක්තරා ප්‍රසිද්ධ සහ විශිෂ්ඨ ගනයේ ගායකයෙක් ලියපු සහ තවත් කෙනෙක් ගායනා කරන ගීත වගයක් විවෙචනය කලා,මුලිකව මට මතක විදියට කිව්වෙ ව්‍යාකරණ දොශ හරි මොනව හරි තියන කතාවක්,එ කියපු විදියට එ විශිෂ්ඨ ගනයේ කලාකරුවාගේ රසිකයන්ට තද වෙලා රත්න ශ්‍රි විජේසිංහයන්ට FB වල එහෙම බනින්න ගත්තා :-D,ඔය අතර මට හිතුනා රත්න ශ්‍රි මහත්තයාගේ හොඳ රසිකයෙක් හැටියට මෙතුමාට මම කතා කරලා මේ ගැන කියන්න ඔනේ කියලා...මේ සිද්ධිය උනේ මම හිතන්නෙ 2014-2015 විතර.

    ඉතින් මම කොල් එකක් ගත්තා,එදා තමයි දුරකථන අංකය හොයාගන මුලින්ම කතා කලේ...

    මම - හලෝ මේ රත්න ශ්‍රි මහත්මයාද ?

    රත්න ශ්‍රි - ඔව් කතා කරනවා,මම මේ වාහනයේ යන ගමන් ඉන්නෙ

    මම - මම මේ කතා කෙරුවේ ඔබතුමා අර X රූපවාහිනියට ඇවිල්ලා Y ලියපු ගීත වගයක් ගැන විවෙචනය කෙරුවේ අන්න එ ගැන කතා කරන්න

    රත්න ශ්‍රි - ඔව් කියන්න,ඔය මහත්තයා කවුද කොහේ ඉඳන්ද මේ කතා කරන්නෙ ?

    මම - මම නම් තවම ශිෂ්‍යයෙක්,නුවර ඉඳන් කතා කරන්නෙ

    රත්න ශ්‍රි - ඔව් එ සම්බන්ධයෙන් මොකක්ද ඔබට කියන්න තියෙන්නෙ

    මම - නැ මහත්මයා අර විවෙචනය කරපු ගීත ලිව්ව කලාකරුවාගේ රසිකයන්ට තරහා ගිහින් ඔබතුමාට බනිනවා...
    මම ඔබතුමාගේ හොඳ රසිකයෙක් වගේම එ ගීත ලිව්ව කලාකරුවාගෙත් හොඳ රසිකයෙක්...

    රත්න ශ්‍රි - නැ මම කිව්වෙ එතුමාගේ සංගීතය සහ ගීත රචනා ගත්තාම සංගීතය පැත්තෙන් තමයි ඉදිරියෙන් ඉන්නෙ කියලා,එතුමාගේ සංගීතය ගැන කිසි ගැටලුවක් මම කිව්වෙ නැ...

    මම - මහත්තයා මම කියන්නද ආයෙත් ඔබතුමා ගීත ගැන විවෙචනය ඉදිරිපත් කරනකොට ටිකක් පරිස්සමෙන් කරන්න,මොකද ඉට පස්සෙ මෙහෙම උනාම අපිට දුකයි අපි ඔබතුමාගේ හොඳ රසිකයෝ නිසා...

    රත්න ශ්‍රි - හම්ම් එකනේ බනින අය මට කුණුහර්පයෙනුත් බනිනවද :unsure: ?

    මම - නැ නැ එහෙම බනින්නෙ නැ

    රත්න ශ්‍රි - බොහොම ස්තුති මට මේ ගැන කිව්වට

    මම - බොහොම ස්තුති

    මට අද මේ සිද්ධිය මතක් උනේ රත්න ශ්‍රි ලියපු දිව්ල්ගනේ කියන ශාන්තිනි තෙමා වටෙයි කියන ගීතය අහනකොට...

    මම එ දවස් වල 22-23 විතර තරුණයෙක් උනත් එතුමා මම කතා කරනකොට එකට ගෞරවයක් ඇතුව පිලිතුරු දුන්නෙ,මම හිතනවා එක තමයි නියම කලාකරුවෙක්ගේ ලක්ශණය කියලා...

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    රත්න ශ්‍රී කියන්නෙ ක්ලාස් ඇක්ට් එකක්. මාර ඩීසන්ට් මනුස්සයෙක්. මම ගොඩක් ආස කරන මිනිස්සු එක්ක කතා කරන්න යන්නෑ හිතපු තරම් උන් බුද්ධිමත් නෑ කියල තේරිල බලාපොරොත්තු කඩවෙලා තියෙන වෙලා තියෙන නිසා ඕනෙ තරම්. රත්න ශ්‍රී කියන්නෙ දකින්න දකින්න මාව තවත් ඉම්ප්‍රෙස් කරපු මනුස්සයෙක්.

    අපේ යුගයෙ හොඳම ලිරිසිස්ට් රත්න ශ්‍රී කිව්වොත් ඒ ක්ලේම් එක වැරදිද? උඹ හිතන්නෙ කවුද.

    ප.ලි: මෙයාගෙ සිංහල සින්දු කියන සින්දුවෙ බැක්ස්ටෝරි ඇහුවෙ මන් ඕලෙවල් කරන කාලෙ, තරමක් නැෂනලිස්ටික් අවදිය මගේ. මම වාර්ගික අනන්‍යතාවය ගැන හිතන් හිටපු සරළමිතික විදිහ කුඩු කරල දැම්ම ඒ කතාව.
     
    Last edited:

    fdr

    Active member
  • Feb 24, 2018
    344
    86
    28
    001flyD uba hena waysaka, frustrated mental porak wennona ne machan, hamathissema andaagena, parana minissu, parana siddi, kammali hithena dewal methana post karanne 😛
     
    • Haha
    • Like
    Reactions: 001flyD and Rankira

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මෙතුමාගෙ ගීපද වලින් කියවෙන්නෙම මානව සාරාරර්ථ ගැන. මම කැමතිම ඒ්කට.
    ඒ්කට හොද උදාහරණයක් තමයි - ''සුදු නෙළුම කෝ සොර බොර වැවේ''
    තමන්ගෙ බිරිදගෙ මරණින් පස්සෙ සෑහෙන දුරට නිර්මාණ කරන ඒක නතර කළා.
    පස්සෙ ගාලු කොටුවෙ තිබුණ ගෙදර විකුණල - පදිංචිය වෙනස් කළා. දැන් කොහෙද දන්නෙ නෑ.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මෙතුමාගෙ ගීපද වලින් කියවෙන්නෙම මානව සාරාරර්ථ ගැන. මම කැමතිම ඒ්කට.
    ඒ්කට හොද උදාහරණයක් තමයි - ''සුදු නෙළුම කෝ සොර බොර වැවේ''
    තමන්ගෙ බිරිදගෙ මරණින් පස්සෙ සෑහෙන දුරට නිර්මාණ කරන ඒක නතර කළා.
    පස්සෙ ගාලු කොටුවෙ තිබුණ ගෙදර විකුණල - පදිංචිය වෙනස් කළා. දැන් කොහෙද දන්නෙ නෑ.
    Echchara salli karayekda
    kotuwe gewal thiyena. :shocked:
     
    • Like
    Reactions: 001flyD and Rankira

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    රත්න ශ්‍රී කියන්නෙ ක්ලාස් ඇක්ට් එකක්. මාර ඩීසන්ට් මනුස්සයෙක්. මම ගොඩක් ආස කරන මිනිස්සු එක්ක කතා කරන්න යන්නෑ හිතපු තරම් උන් බුද්ධිමත් නෑ කියල තේරිල බලාපොරොත්තු කඩවෙලා තියෙන වෙලා තියෙන නිසා ඕනෙ තරම්. රත්න ශ්‍රී කියන්නෙ දකින්න දකින්න මාව තවත් ඉම්ප්‍රෙස් කරපු මනුස්සයෙක්.

    අපේ යුගයෙ හොඳම ලිරිසිස්ට් රත්න ශ්‍රී කිව්වොත් ඒ ක්ලේම් එක වැරදිද? උඹ හිතන්නෙ කවුද.

    ප.ලි: මෙයාගෙ සිංහල සින්දු කියන සින්දුවෙ බැක්ස්ටෝරි ඇහුවෙ මන් ඕලෙවල් කරන කාලෙ, තරමක් නැෂනලිස්ටික් අවදිය මගේ. මම වාර්ගික අනන්‍යතාවය ගැන හිතන් හිටපු සරළමිතික විදිහ කුඩු කරල දැම්ම ඒ කතාව.
    තව චාමින්ද රත්නසූරියත් ඉන්නව
     
    • Like
    Reactions: 001flyD

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,751
    2,222
    113
    Nugegoda
    Echchara salli karayekda
    kotuwe gewal thiyena. :shocked:
    ඉස්සර ඉඳන් ගෙවල් කොටුවෙ. ඒ කාලෙ ගාලු කොටුවෙ ඉඩම් දැන් තරම්ම මිල නෑ. පස්සේ බෝපෙ පැත්තෙ ඉඩමක් ගත්තද කොහෙද. කොටුව ඉඩම විකුණන එක තවත් පරක්කු කරා නං තව මිලියන ගානක් හොයාගන්න තිබුනා
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    සොහොන පාමුල පැන් වඩු තැන
    බිම බලාගත් නා ගහක් ඇති
    කාත් කවුරුත් නැතැයි සිතුනම
    නා ගහට දුක හිතෙනවා ඇති
    සුළග ඇවිදින් සැරපරුෂ ලෙස
    බිම දමන විට නා මලක පෙති
    මගේ අම්මා එදා වාගෙම
    නොපෙනෙන්න මට හඬනවා ඇති....

    රත්න ශ්‍රීගේ ගොඩක් පරණ කවියක් මේක. මම මේක මුලින්ම අහලත් දැන් අවුරුදු පහළවකට වැඩියි. ඒත් එදා දැනිච්ච දුක අදත් දැනෙනවා ඒ වචන දකිද්දී. රත්න ශ්‍රී කියන්නෙත් පුංචිම කාලේ අම්මා අහිම් වෙච්ච දරුවෙක්
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    තව චාමින්ද රත්නසූරියත් ඉන්නව
    ඔව් මන් ලඟඳි යාලුවෙක් එක්කත් කිව්වෙ රත්න ශ්‍රී නැති දවසක චාමින්ද තමයි කියල. එයා දැන් ලියන්නෙ නැද්ද.
     
    • Like
    Reactions: 001flyD

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,389
    2,961
    113
    මාතර
    කපුගේගෙ "නින්ද නැති රැයේ " සින්දුව මතක් උනා. ඒ වගේ පද ටිකක් ලියන්න පුළුවන් මිනිස්සු ඉන්නවනම් ඒ බොහොම ටික දෙනයි. හොඳට භාෂාව දැන ගත්ත පලියටවත් තාලේ එන විදියට වචන දාන්න පුළුවන් උන පලියටවත්, හොඳ ගේය පද රචකයෙක් වෙන්නේ නැහැ. වැඩිය බර වචන වගේම ග්‍රාම්‍ය/බාල වචනත් නැතිව, ඒ ෆීලින්ග් එක ඒ විදියටම රසිකයාගේ හිතට දැනෙන්න ලියන්න පුළුවන් මනුස්සයෙක්.

    සුනිල් ආරියරත්න...
    සුනිල් ආරියරත්න අනිවා හොඳයි, ඒත් මට අනුව රත්න ශ්‍රී ගේ ලෙවෙල් එකට ආවේ නැහැ. දැනෙන ගතිය අඩුයි.
    ------ Post added on Aug 17, 2021 at 3:26 PM
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    රත්න ශ්‍රී කියන්නෙ ක්ලාස් ඇක්ට් එකක්. මාර ඩීසන්ට් මනුස්සයෙක්. මම ගොඩක් ආස කරන මිනිස්සු එක්ක කතා කරන්න යන්නෑ හිතපු තරම් උන් බුද්ධිමත් නෑ කියල තේරිල බලාපොරොත්තු කඩවෙලා තියෙන වෙලා තියෙන නිසා ඕනෙ තරම්. රත්න ශ්‍රී කියන්නෙ දකින්න දකින්න මාව තවත් ඉම්ප්‍රෙස් කරපු මනුස්සයෙක්.

    අපේ යුගයෙ හොඳම ලිරිසිස්ට් රත්න ශ්‍රී කිව්වොත් ඒ ක්ලේම් එක වැරදිද? උඹ හිතන්නෙ කවුද.

    ප.ලි: මෙයාගෙ සිංහල සින්දු කියන සින්දුවෙ බැක්ස්ටෝරි ඇහුවෙ මන් ඕලෙවල් කරන කාලෙ, තරමක් නැෂනලිස්ටික් අවදිය මගේ. මම වාර්ගික අනන්‍යතාවය ගැන හිතන් හිටපු සරළමිතික විදිහ කුඩු කරල දැම්ම ඒ කතාව.
    මාත් හිතනවා රත්න ශ්‍රී තමයි හොඳම ලිරිසිස්ට් කියලා.දෙවනි තැන දෙනවා ප්‍රේමකීර්තිට.මටත් සිංහල සින්දු කියන සින්දුව සෑහෙන ශොක් එකක් උනා.මම නම් ඕක දැනගනිද්දි හෙනම ජාතිවාදියා.බොදු බල සේනා ලෝගො එක ෆෝන් එකේ වෝල්පේප එකටත් දාගෙන හිටියේ.ඕක දැනගත්තම මට එක පාරටම දැනුනේ නිකම් "යකෝ එල්ටීටීඊ එකෙත් ආදරේ කරන ජීවත් වෙන 'මිනිස්සු' ඉඳල තියෙනවද ඒ කියන්නෙ" වගේ එකක්.මට ඇත්තටම එහෙත් හිටියෙ මිනිස්සු කියල හිතුනෙම නෑ ඒ කාලේ.