ඔන්න ඉතින් දවසක් අපේ රත්න ශ්‍රි විජේසිංහ මහත්තයා එක්තරා රූපවාහිනි වැඩසටහනකට සහභාගි උනු වෙලාවක ලංකාවේ එක්තරා ප්‍රසිද්ධ සහ විශිෂ්ඨ ගනයේ ගායකයෙක් ලියපු සහ තවත් කෙනෙක් ගායනා කරන ගීත වගයක් විවෙචනය කලා,මුලිකව මට මතක විදියට කිව්වෙ ව්‍යාකරණ දොශ හරි මොනව හරි තියන කතාවක්,එ කියපු විදියට එ විශිෂ්ඨ ගනයේ කලාකරුවාගේ රසිකයන්ට තද වෙලා රත්න ශ්‍රි විජේසිංහයන්ට FB වල එහෙම බනින්න ගත්තා
ඉතින් මම කොල් එකක් ගත්තා,එදා තමයි දුරකථන අංකය හොයාගන මුලින්ම කතා කලේ...
මම - හලෝ මේ රත්න ශ්‍රි මහත්මයාද ?
රත්න ශ්‍රි - ඔව් කතා කරනවා,මම මේ වාහනයේ යන ගමන් ඉන්නෙ
මම - මම මේ කතා කෙරුවේ ඔබතුමා අර X රූපවාහිනියට ඇවිල්ලා Y ලියපු ගීත වගයක් ගැන විවෙචනය කෙරුවේ අන්න එ ගැන කතා කරන්න
රත්න ශ්‍රි - ඔව් කියන්න,ඔය මහත්තයා කවුද කොහේ ඉඳන්ද මේ කතා කරන්නෙ ?
මම - මම නම් තවම ශිෂ්‍යයෙක්,නුවර ඉඳන් කතා කරන්නෙ
රත්න ශ්‍රි - ඔව් එ සම්බන්ධයෙන් මොකක්ද ඔබට කියන්න තියෙන්නෙ
මම - නැ මහත්මයා අර විවෙචනය කරපු ගීත ලිව්ව කලාකරුවාගේ රසිකයන්ට තරහා ගිහින් ඔබතුමාට බනිනවා...
මම ඔබතුමාගේ හොඳ රසිකයෙක් වගේම එ ගීත ලිව්ව කලාකරුවාගෙත් හොඳ රසිකයෙක්...
රත්න ශ්‍රි - නැ මම කිව්වෙ එතුමාගේ සංගීතය සහ ගීත රචනා ගත්තාම සංගීතය පැත්තෙන් තමයි ඉදිරියෙන් ඉන්නෙ කියලා,එතුමාගේ සංගීතය ගැන කිසි ගැටලුවක් මම කිව්වෙ නැ...
මම - මහත්තයා මම කියන්නද ආයෙත් ඔබතුමා ගීත ගැන විවෙචනය ඉදිරිපත් කරනකොට ටිකක් පරිස්සමෙන් කරන්න,මොකද ඉට පස්සෙ මෙහෙම උනාම අපිට දුකයි අපි ඔබතුමාගේ හොඳ රසිකයෝ නිසා...
රත්න ශ්‍රි - හම්ම් එකනේ බනින අය මට කුණුහර්පයෙනුත් බනිනවද
මම - නැ නැ එහෙම බනින්නෙ නැ
රත්න ශ්‍රි - බොහොම ස්තුති මට මේ ගැන කිව්වට
මම - බොහොම ස්තුති
මට අද මේ සිද්ධිය මතක් උනේ රත්න ශ්‍රි ලියපු දිව්ල්ගනේ කියන ශාන්තිනි තෙමා වටෙයි කියන ගීතය අහනකොට...
මම එ දවස් වල 22-23 විතර තරුණයෙක් උනත් එතුමා මම කතා කරනකොට එකට ගෞරවයක් ඇතුව පිලිතුරු දුන්නෙ,මම හිතනවා එක තමයි නියම කලාකරුවෙක්ගේ ලක්ශණය කියලා...

