රත්න ශ්‍රි විජේසිංහයන්ට කතා කල දවස !

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    රත්න ශ්‍රී කියන්නෙ ක්ලාස් ඇක්ට් එකක්. මාර ඩීසන්ට් මනුස්සයෙක්. මම ගොඩක් ආස කරන මිනිස්සු එක්ක කතා කරන්න යන්නෑ හිතපු තරම් උන් බුද්ධිමත් නෑ කියල තේරිල බලාපොරොත්තු කඩවෙලා තියෙන වෙලා තියෙන නිසා ඕනෙ තරම්. රත්න ශ්‍රී කියන්නෙ දකින්න දකින්න මාව තවත් ඉම්ප්‍රෙස් කරපු මනුස්සයෙක්.

    අපේ යුගයෙ හොඳම ලිරිසිස්ට් රත්න ශ්‍රී කිව්වොත් ඒ ක්ලේම් එක වැරදිද? උඹ හිතන්නෙ කවුද.

    ප.ලි: මෙයාගෙ සිංහල සින්දු කියන සින්දුවෙ බැක්ස්ටෝරි ඇහුවෙ මන් ඕලෙවල් කරන කාලෙ, තරමක් නැෂනලිස්ටික් අවදිය මගේ. මම වාර්ගික අනන්‍යතාවය ගැන හිතන් හිටපු සරළමිතික විදිහ කුඩු කරල දැම්ම ඒ කතාව.
    ඔයා හරි මචං රත්න ශ්‍රි අපේ කාලේ හොඳම ගීත රචකයා තමයි එකේ දෙකක් නැ :yes: අනික මචං ඔය කිව්වා වගේ වාර්ගික ගින්න තරමක් හෝ අඩු කරන්න දායක උනු කලාකාරයෙක් :love:..
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    මාත් හිතනවා රත්න ශ්‍රී තමයි හොඳම ලිරිසිස්ට් කියලා.දෙවනි තැන දෙනවා ප්‍රේමකීර්තිට.මටත් සිංහල සින්දු කියන සින්දුව සෑහෙන ශොක් එකක් උනා.මම නම් ඕක දැනගනිද්දි හෙනම ජාතිවාදියා.බොදු බල සේනා ලෝගො එක ෆෝන් එකේ වෝල්පේප එකටත් දාගෙන හිටියේ.ඕක දැනගත්තම මට එක පාරටම දැනුනේ නිකම් "යකෝ එල්ටීටීඊ එකෙත් ආදරේ කරන ජීවත් වෙන 'මිනිස්සු' ඉඳල තියෙනවද ඒ කියන්නෙ" වගේ එකක්.මට ඇත්තටම එහෙත් හිටියෙ මිනිස්සු කියල හිතුනෙම නෑ ඒ කාලේ.

    ලව් කෑල්ලම නෙමෙ මචන් මට ක්ලික් උනේ. ආදරේ විශ්වීය බව අපි කොහොමත් දන්නවනෙ. මට සෙට් උනේ ඒ ලේඩි උතුරට ගිහින් විමුක්ති අරගලයට සපෝර්ට් එක දෙන්න තීරණය කිරීම. එයාගෙ පවුලෙ අය එයාව disown කරපු හැටි. පස්සෙ රත්න ශ්‍රී කියල තිබ්බ කපල් එකම යුද්ධෙ උත්සන්න උන මොහොතකට මැදිවෙලා මියගියා කියල. මේකෙ පොඩි බ්‍රේක් ගස්සවන ගතියක් තිබුන.

    ඒක නෙමේ, ප්‍රේමකීර්තිගෙ සමකාලීනයොත් සළකනව නම් කේ.ඩී.කේ ත් ඉතා හොඳ කැන්ඩිඩේට් කෙනෙක් උඩම තියන්න.
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,751
    2,222
    113
    Nugegoda
    ලව් කෑල්ලම නෙමෙ මචන් මට ක්ලික් උනේ. ආදරේ විශ්වීය බව අපි කොහොමත් දන්නවනෙ. මට සෙට් උනේ ඒ ලේඩි උතුරට ගිහින් විමුක්ති අරගලයට සපෝර්ට් එක දෙන්න තීරණය කිරීම. එයාගෙ පවුලෙ අය එයාව disown කරපු හැටි. පස්සෙ රත්න ශ්‍රී කියල තිබ්බ කපල් එකම යුද්ධෙ උත්සන්න උන මොහොතකට මැදිවෙලා මියගියා කියල. මේකෙ පොඩි බ්‍රේක් ගස්සවන ගතියක් තිබුන.

    ඒක නෙමේ, ප්‍රේමකීර්තිගෙ සමකාලීනයොත් සළකනව නම් කේ.ඩී.කේ ත් ඉතා හොඳ කැන්ඩිඩේට් කෙනෙක් උඩම තියන්න.
    ඇත්තටම කේ.ඩී.කේ කියන්නේ ප්‍රේමකීර්තිගෙ සෙවනැල්ලෙන් වැසී ගිය අතිදක්‍ෂ ගීත රචකයෙක්, එතුමා ලියපු ජනප්‍රිය ගීත රාශියක් තියෙනව. මම පුද්ගලිකව හිතන විදියට එතුමාගෙ සමහර ගීත වල ගැඹුරු වචන භාවිතා කරන්න යාම නිසා සාමාන්‍ය ජනතාව අතරට ගියා අඩුයි.
    උදා: අමකර කුරවි සරින්, කුමරියක පා සැලඹ සැලුනා, දෙයදර විලිකුන් සුරත්පලේ, හෝපලු වනපෙත
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    රත්න ශ්‍රී කියන්නේ හිතේ දෙයක් තියා නොගෙන කෙලින් කියන කෙනෙක්. එතුමා සමග උත්සව දෙකකදී කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. එක අවස්ථාවක් දන්නා කෙනෙකුගේ කවි පොතක් එළි දැක්වීමක්. ඒ කාලේ එතුමා මහවැලියේ වැඩ කලේ. ඒකට ගිහින් මගේ වාහනේ එක්කගෙන ආව. දෙන්නත් එක්ක කදේකුත් දාගෙන. ඒ කවි පොතේ තිබ්බ හොඳ වගේම අඩු පාඩුත් ඊට පස්සේ ප්‍රසිද්ධියේම කිව්වා. ඒක හොඳ දෙයක්.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,693
    113
    Miami
    මම එ දවස් වල 22-23 විතර තරුණයෙක් උනත් එතුමා මම කතා කරනකොට එකට ගෞරවයක් ඇතුව පිලිතුරු දුන්නෙ,මම හිතනවා එක තමයි නියම කලාකරුවෙක්ගේ ලක්ශණය කියලා...
    නියම උගතුන්ගේ මම දැකපු පොදු ලක්ෂණයක් තමයි නිහතමානීකම
     
    • Like
    Reactions: Walter White

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,871
    1,559
    113
    මම නම් ආසම පද රචකයෙක් තමයි ලූශන් බුල්ත්සින්හ

    පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේවයන් ගයන "මොණර කිකිළියේ..........." සහ "කොළොම්තොට නැත මහලු වී............", ආචාර්ය නන්දා මාලනී ගයන "ඔසරි පොටින්.........." සහ "පිපුණු මලේ රුව එමල දනීදෝ.........", විශාරද ගුණදාස කපුගේ ගයන "දෙතොල නොකී දේ........", "සුදු නැන්දා ඇයි ගේදොර වැහුවේ..........", "ශුභ ප්‍රාර්ථනා කියමන්.........", "තරු මල් යායම........." සහ "බිංදු බිංදු තාරකා කඳුළු මල්විලේ...........", ආචාර්ය සුජාතා අත්තනායක ගයන "සඳ බැස නෑ වෙසක් සඳ..........", ආචාර්ය රෝහණ වීරසිංහ ගයන "මුතුකුඩ ඉහළන මල් වරුසාවේ..........", විශාරද මාලනී බුලත්සිංහල ගයන "අහසින් තරුවක් කඩා වැටෙනවා..........", "රජ මැදුරක ඉපදී සිටියා නම්............", "පුන්පෝදා සඳ ඔබ ගෙන ආවොත්.........." සහ "සැන්ඳෑ අහස වගේ.............", මිල්ටන් මල්ලවාරච්චි ගයන "පැණි කුරුල්ලනේ නිල් කොබෙයියනේ..........." සහ "වැරදීම කාගේ දෝසෙන් වුණාදෝ..............", නිරංජලා සරෝජිනී ගයන "මේ ගඟ මේ දුරු කතර ගෙවා...........", "හඬවන්න මා රළ බිඳුණු සයුර සේ............." සහ "සඳලතා නගේ ගඟ ගැඹුරුයි..........", විශාරද එඩ්වඩ් ජයකොඩි ගයන "සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙළන රෑ..........", සුනිල් එදිරිසිංහ ගයන "පිනිබර යාමේ සැවුලන් අඬලනවා...........", විශාරද මාලනී බුලත්සිංහල සහ විශාරද ගුණදාස කපුගේ ගයන "දම් පාටින් ළා සඳ බැස යනවා............", අමරසිරි පීරිස් ගයන "කන්‍යාවී..............", අනුලා බුලත්සිංහල ගයන "දීකිරි දීකිරි.............", මර්සි එදිරිසිංහ ගයන "මඩේ ලගින තාරාවන්............." මෙන්ම රනිල් මල්ලවාරච්චි සමග හර්ෂ බුලත්සිංහල ගයන "ඒ මගේ මලයි......" වැනි එකිනෙකට වෙනස් අර්ථපූර්ණ ගීත රාශියක් ප්‍රබන්ධනය කරමින් හෙළ ගී කෙත අස්වැද්දූ ලූෂන් අයියා, ලියූ ප්‍රේමසිරි කේමදාසයන් සංගීතවත් කළ අමරසිරි පීරිස් සහ ශිරාණි ද සේරම් "සිරිමැදුර" චිත්‍රපටයට ගයන ගයන "මිනිසා මරණ තුනක් ඇති මිනිසා........." ගීතය චිත්‍රපට ගීත රචකයෙක් ලෙසින් ද ඔහු ඔසවා තැබුවේය.
    එමෙන්ම "රතු හැට්ටකාරී", "තාරාවෝ ඉගිලෙති" වැනි වේදිකා නාට්‍ය ඔස්සේ අප වේදිකා නාට්‍ය කලාව වෙනුවෙන් ද පුරෝගාමී මෙහෙයක් කළ ඔහු එම වේදිකා නාට්‍ය වෙනුවෙන් ලියූ ගීතයන් ද රැසක් අදටත් එක ලෙස ජනප්‍රිය ය. ඒ අතර මර්සි එදිරිසිංහ ගැයූ "මඩේ ළඟින තාරාවන් නාවන්නද මං..............", අනුලා බුලත්සිංහල ගැයූ "තට්ටු කරන්න හිමින්.........." සහ "දීකිරි දීකිරි ගෙනාවා දීකිරි.........", යූ. ආරියවිමල් සමග රොඩ්නි වර්ණකුල ගැයූ "සෝබාව දේ මෙපුර සිරි විසිතුරු............" සහ රොඩ්නි විසින්ම ගැයූ "යස ඉසුරු පිරුණු තැනා.........." වැනි ගී ඊට කදිම නිදසුන් ය