මම නම් ආසම පද රචකයෙක් තමයි ලූශන් බුල්ත්සින්හ
පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේවයන් ගයන "මොණර කිකිළියේ..........." සහ "කොළොම්තොට නැත මහලු වී............", ආචාර්ය නන්දා මාලනී ගයන "ඔසරි පොටින්.........." සහ "පිපුණු මලේ රුව එමල දනීදෝ.........", විශාරද ගුණදාස කපුගේ ගයන "දෙතොල නොකී දේ........", "සුදු නැන්දා ඇයි ගේදොර වැහුවේ..........", "ශුභ ප්‍රාර්ථනා කියමන්.........", "තරු මල් යායම........." සහ "බිංදු බිංදු තාරකා කඳුළු මල්විලේ...........", ආචාර්ය සුජාතා අත්තනායක ගයන "සඳ බැස නෑ වෙසක් සඳ..........", ආචාර්ය රෝහණ වීරසිංහ ගයන "මුතුකුඩ ඉහළන මල් වරුසාවේ..........", විශාරද මාලනී බුලත්සිංහල ගයන "අහසින් තරුවක් කඩා වැටෙනවා..........", "රජ මැදුරක ඉපදී සිටියා නම්............", "පුන්පෝදා සඳ ඔබ ගෙන ආවොත්.........." සහ "සැන්ඳෑ අහස වගේ.............", මිල්ටන් මල්ලවාරච්චි ගයන "පැණි කුරුල්ලනේ නිල් කොබෙයියනේ..........." සහ "වැරදීම කාගේ දෝසෙන් වුණාදෝ..............", නිරංජලා සරෝජිනී ගයන "මේ ගඟ මේ දුරු කතර ගෙවා...........", "හඬවන්න මා රළ බිඳුණු සයුර සේ............." සහ "සඳලතා නගේ ගඟ ගැඹුරුයි..........", විශාරද එඩ්වඩ් ජයකොඩි ගයන "සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙළන රෑ..........", සුනිල් එදිරිසිංහ ගයන "පිනිබර යාමේ සැවුලන් අඬලනවා...........", විශාරද මාලනී බුලත්සිංහල සහ විශාරද ගුණදාස කපුගේ ගයන "දම් පාටින් ළා සඳ බැස යනවා............", අමරසිරි පීරිස් ගයන "කන්‍යාවී..............", අනුලා බුලත්සිංහල ගයන "දීකිරි දීකිරි.............", මර්සි එදිරිසිංහ ගයන "මඩේ ලගින තාරාවන්............." මෙන්ම රනිල් මල්ලවාරච්චි සමග හර්ෂ බුලත්සිංහල ගයන "ඒ මගේ මලයි......" වැනි එකිනෙකට වෙනස් අර්ථපූර්ණ ගීත රාශියක් ප්රබන්ධනය කරමින් හෙළ ගී කෙත අස්වැද්දූ ලූෂන් අයියා, ලියූ ප්‍රේමසිරි කේමදාසයන් සංගීතවත් කළ අමරසිරි පීරිස් සහ ශිරාණි ද සේරම් "සිරිමැදුර" චිත්‍රපටයට ගයන ගයන "මිනිසා මරණ තුනක් ඇති මිනිසා........." ගීතය චිත්‍රපට ගීත රචකයෙක් ලෙසින් ද ඔහු ඔසවා තැබුවේය.
එමෙන්ම "රතු හැට්ටකාරී", "තාරාවෝ ඉගිලෙති" වැනි වේදිකා නාට්‍ය ඔස්සේ අප වේදිකා නාට්‍ය කලාව වෙනුවෙන් ද පුරෝගාමී මෙහෙයක් කළ ඔහු එම වේදිකා නාට්‍ය වෙනුවෙන් ලියූ ගීතයන් ද රැසක් අදටත් එක ලෙස ජනප්‍රිය ය. ඒ අතර මර්සි එදිරිසිංහ ගැයූ "මඩේ ළඟින තාරාවන් නාවන්නද මං..............", අනුලා බුලත්සිංහල ගැයූ "තට්ටු කරන්න හිමින්.........." සහ "දීකිරි දීකිරි ගෙනාවා දීකිරි.........", යූ. ආරියවිමල් සමග රොඩ්නි වර්ණකුල ගැයූ "සෝබාව දේ මෙපුර සිරි විසිතුරු............" සහ රොඩ්නි විසින්ම ගැයූ "යස ඉසුරු පිරුණු තැනා.........." වැනි ගී ඊට කදිම නිදසුන් ය