රතු ඉන්දියානුවා

asbw

Well-known member
  • Aug 30, 2015
    664
    268
    83
    රතු ඉන්දියානුවා




    16 වැනි සියවසේ දී යුරෝපීයයන් උතුරු ඇමෙරිකාවට සංක‍්‍රමණය වන විට එම භූමිය විවිධ ගෝත‍්‍ර වලට අයත් ස්වදේශියන්ගේ වාසභූමි බවට පත්ව තිබුණි. මොවුන් ව හැඳින්වුයේ රතු ඉන්දියානුවන් යන නමිනි. මේ සෑම ගෝත‍්‍රයකටම ඔවුන්ගේම වු භාෂාවක් තිබුණු අතර ඔවුන්ටම ආවේණික වු ජීවන රටාවක් ද තිබුණි. එහෙත් ඔවුන් සියලු දෙනාම තමන් ජීවත් වන පරිසරයත් සමග බොහෝම සාමකාමීව සහජීවනයෙන් ජීවත් වුණු අතර කිසි විටෙක තමන්ට අවශ්‍ය ප‍්‍රමාණයට වඩා යමක් ඉන් ලබා ගත්තේ නැත.ඔවුන් අශ්වයන් පිට නැග යන්නට දැන සිටියේ නැත. රෝද සහිත වාහන ගැන දැන සිටියේ ද නැත. එහෙත් ඔවුන්ට ලෝහ භාවිතය පිළිබඳව යම් දැනුමක් තිබුණි. ඔවුන් සිය ආම්පන්න සාදා ගත්තේ දැව සහ පාෂාණ වලිනි. මත්ස්‍යයන් සහ ගහ කොළ බහුල බටහිර වෙරළ තීරය ඔස්සේ ජීවත් වුණු ඉන්දියානුවෝ පණ නල ගැට ගහ ගත්තේ මත්ස්‍යයන් ඇල්ලීමෙනි. දුම්කොළ සහ ඉරිඟු වගා කළ නැගෙනහිර වෙරළ බඩ ඉන්දියානුවන් ජීවත් වුයේ දඩයමිනි. රට මැද සිටියෝ බයිසන් කුළු හරකුන් දඩයම් කරමින් ජීවත් වුහ. එමෙන්ම කාන්තාර භූමි වල වාසය කළ ගෝති‍්‍රක ජනතාව කුඩා ජලවහන පද්ධති සාදා ගනිමින් ඉරිඟු, බෝංචි ආදිය වගා කරමින් ජීවත් වුහ.
    ස්වදේශී ඇමෙරිකානුවන්ගේ විනාශය ආරම්භ වුයේ යුරෝපීයන්ගේ සංක‍්‍රමණයත් සමගය. සරම්ප, පැපොල වැනි යුරෝපීයන් සමග පැමිණි රෝග කාරක විෂබීජ ඉන්දියානු ගෝත‍්‍ර වලටද පැතිරෙන්නට විය. මෙම රෝග කාරක ඔවුන්ට ආගන්තුක වුණු අතර ඒවාට ඔරොත්තු දීීමට ප‍්‍රතිශක්තියක් නොමැති වීම නිසා බොහෝ ඉන්දියානුවෝ මරණය වැළඳ ගත්හ. මීට අමතරව වාස භූමි වෙනුවෙන් යුරෝපියන් සමග නිරන්තරවම සටන් වදින්නට වුණු නිසා ද ඉන්දියානුවෝ බොහෝ දෙනෙක් මරුමුවට පත්වුහ. මේ ප‍්‍රශ්නය තවත් උග‍්‍ර වුයේ 19 වැනි සියවසේ දීය. ඒ වන විට විශාල වශයෙන් යුරෝපියෝ උතුරු ඇමෙරිකාවට සංක‍්‍රමණය වෙන්නට පටන් ගත්හ. මේ නිසා 1820 දී ඇමෙරිකානු රජය විසින් ඉන්දියානුවන් ඉවත් කිරීමේ පනත සම්මත කර ගන්නා ලදී. මේ හේතුවෙන් සියලුම ස්වදේශිකයන්ට තම නිජභූමි අතහැර නැගෙනහිර බලා යෑමට අණ කෙරුණි. ඉන්දියානුවන්ගේ නිජ භූමි වල යුරෝපීයන් පදිංචි වීම ආරම්භ වුයේ මෙලෙසිනි. විදේශීය පදිංචිකරුවන් විනෝදයට කළේ බයිසන් හරකුන් දඩයම් කිරීමයි. 1860 සිට 1885 අතර කාලය තුළ ඔවුන් එම සතුන් වඳවීමට ආසන්න වන තෙක්ම දඩයම් කර තිබුණ බව වාර්තා වේ.1868 දී ඇමෙරිකානු හමුදා සියොක්ස් රතු ඉන්දියානු ගමකට කඩා වැදී එහි සිටි නිරායුධ කාන්තාවන් හා ළමුන් ඝාතනය කළහ. මේ කාලය තුළ ඔවුන් අතර විටින් විට දරුණු සටන් ඇවිළ ගියේය. 1890 දී ඇමෙරිකාව රතු ඉන්දියානුවන්ට පහර දී ඔවුන් ව තීරණාත්මකව පරාජය කරනු ලැබීය. ඔවුන්ව වෙනත් වාසභූමි වලට පිටමං කර හරින ලදී. 1952 දී ඔවුන්ට එතෙක් පනවා තිබු සීමාවන් අහෝසි කරන ලද අතර රතු ඉන්දියානුවන්ට රෙටි තමන් කැමති පෙදෙසක පදිංචි වීමට අවසර ලැබිණ.
    රතු ඉන්දියානුවන්ගේ සිරිත් විරිත්රතු ඉන්දියානුවන්ට ආගම ඉතා වැදගත් වුණු අතර ඔව්හු විවිධ දෙවිවරු ඇදවුහ. සෑම රතු ඉන්දියානු ගෝත‍්‍රයකටම තෝටම් කණුවක් ද තිබුණි. එම තෝටම් කුළුණෙහි මුර්ති වලින් තම ගෝත‍්‍රයේ අධ්‍යාත්මය පිළිඹිබු කෙරුණි. ෂාමන් ලෙසින් ඔවුන් හැඳින්වුයේ වෙදැදුරාය. මොහු බොහෝ විට ආගමික වෙදැදුරෙකුට සමාන විය. ලෙඩ රෝග තුවාල ආදිය ඔහු සුවපත් කරන්නට යොදා ගත්තේ ඔසු පැළය. මරණයෙන් පසුව ද ජිවිතය පවතින බවට ඔවුහු දැඩිව විශ්වාස කළහ. රතු ඉන්දියානුවෝ අත්කම් ශිල්පයේ ලා දක්ෂයන් වුහ. ඔව්හු තම ඇඳුම් මසා ගත්හ. ඒවාට අලංකාර එම්බ්‍රායිඩර් ක‍්‍රම ද එකතු කළහ. ඒ වගේම සත්ව සම් වලින් සකසා ගන්නා ලද කුඩාරම් ද අපුරුවට මසා ගත්හ. ඔව්හු අලංකාර මෝස්තර සහිත රෙදි, හිස් පළඳනා ආදිය නිපදවීමේ දක්ෂයෝ වෙති. සත්ව සමින් මසන ලද පබළු එම්බ්‍රායිඩර් කිරීමෙන් පාවහන් නිපදවීමට රතු ඉන්දියානුවන් සමත් විය.ඔව්හු සංගීතය ප‍්‍රිය කළෝය. සත්ව ඇටකටු සහ වේවැල් වලින් බටනලා, බෙර, නලා ආදිය සාදා ගත්හ, ඔවුන් අප මෙන් අකුරු ලියන්නට දැන සිටියේ නැත. එහෙත් ඔවුන් චිත‍්‍ර ඇඳීමෙන් සන්නිවේදනය කර ගත්තේය. එමෙන්ම චිත‍්‍ර සටහන් මගින් වාර්තා තබා ගත්තේය. ඔවුන් අදහස් හුවමාරු කර ගත්තේ සංඥා භාෂාවෙනි




    :love:



    :love::love::love:
     
    Last edited:

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    patta machan. mara culture ekak thiyenne :) math patta asai munge music walata. .. mara relaxing ban. The Lasts of the Mohicans movie eka baluwada ?
    :)


    Thanks mchn REP+. eka patta bn. man dan 10+ wage ahuwa. thama ahanwa. lol. :D
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    එ වුණාට ඇමරිකන් කාරයෝ කියන්නේ අපි ආර්්‍යයෝ, අපි පැවත එන්නේ මයාවරැන්ගෙන්.....