රතු හමුදාවට දෙවන ලෝක යුද්ධය දිනාදුන් අවි

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    රතු හමුදාවට දෙවන ලෝක යුද්ධය දිනාදුන් අවි

    OiJ9CEn.jpg

    1939 වසරේදී ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කිරීම ඔස්සේ නිල වශයෙන් ඇරඹි දෙවන ලෝක සංග්‍රාමයේ උච්චතම අවස්ථාවක් වූයේ 1941 වසරේදී හිට්ලර් සෝවියට් දේශය ආක්‍රමණය කිරීමට තීරණය කිරීමයි.මෙම ඓතිහාසික ආක්‍රමණයේ මුල් සමයේදී නාසි හමුදාවන් සාර්ථක වුවද එම තීරණයම දෙවන ලෝක යුද්ධයේ පරාජය ජර්මනියට හිමිකර දීමට හේතු විය.මෙම ආක්‍රමණයේදී නාසි හමුදාවලට සෝවියට් සෙබලුන් සමග පමණක් නොව රුසියානු ශීත ඍතුව සමගත් සටන් වදින්නට සිදුවිය.නාසි ජර්මනියේ යුද යන්ත්‍රය සමග ගැටීමට සෝවියට් ඉංජිනේරුවන් තමන්ගේම අවි ,සන්නාහ සන්නද්ධ රථ සහ යුද ගුවන් යානා නිපදවීය.පහත දැක්වෙන්නේ නාසි හමුදා සෝවියට් දේශයෙන් පලවා හැරීමටත් ඉන්පසු යුරෝපය තුල දෙවන ලෝක යුද්ධය අවසන් කිරීමටත් සෝවියට් රතු හමුදාවලට ප්‍රබල දායකත්වයක් සැපයූ අවි එකතුවකි.




    රතු හමුදා නිලධාරියෙක් Mosin-Nagant නම් රයිෆල් රුසියානුවන් අතරේ බෙදා හරින අයුරු​

    dof91ix.jpg






    සෝවියට් දේශයේ නිපද වූ Katyusha මල්ටි බැරල් රොකට් ලෝන්චර්ස් නාසි හමුදාවලට ප්‍රබල තර්ජනයක් විය

    hrosaQQ.jpg






    සෙබලුන් Degtyaryov නම් මැෂින් තුවක්කු මානාගෙන සිටින අයුරු

    CxGLMlz.jpg





    සෝවියට් දේශයේ Ilyushin Il-2 නම් ගොඩබිම් ප්‍රහාරක ගුවන් යානය ගුවන් යානා ඉතිහාසයේ ඉහළ නිෂ්පාදනයක් සිදුකල යුද ගුවන් යානයයි.මෙය පියාඹන යුද ටැංකිය යන නමින් හැඳින්වූ බව කියවේ.

    xXUrMUc.jpg






    මධ්‍යම ප්‍රමාණයේ T-34 යුද ටැංකිය.සමහර ඉතිහාසඥයින් මෙය ලොව හොඳම යුද ටැංකිය ලෙසද හඳුන්වයි.දෙවන ලෝක යුද්ධය ජයග්‍රහණය කිරීමට සෝවියට් දේශයට ඉහළම දායකත්වය ලබා දුන්නේ මෙම යුද ටැංකියයි.


    VR2DXQD.jpg






    PPSh-41 සබ් මැෂින් තුවක්කුවකින් සන්නද්ධ සෝවියට් සෙබලෙක් විසින් ජර්මන් යුද සිරකරුවන් හසුරවන අයුරු

    TtW1ucS.jpg






    'Red Caucasus' , 'Red Crimea' යන යුද නෞකා සෝවියට් කළු මුහුදු නාවික බල ඇණිය ශක්තිමත් කල අතර දෙවන ලෝක යුද සමයේදී සතුරන්ට එරෙහි මෙහෙයුම්වලට දායක විය.

    85jg75b.jpg





    Yakovlev Yak-3 යනු ප්‍රමාණයෙන් කුඩා,සැහැල්ලු එහෙත් මාරාන්තික ප්‍රහාරක යානයකි.එය දෙවන ලෝක යුද සමයේ සිටි භයානකම ගුවන් සටන්කරුවාය.

    DoygDqO.jpg






    සෝවියට් දේශයේ Schuka පන්තියේ සබ්මැරීනයක්

    lQpAVwO.jpg






    සෝවියට් දේශය සතුව තිබූ ප්‍රබලම යුද ටැකියක් වන IS-2 ඉදිරියට ඇදෙමින්.

    iYoPgPl.jpg






    GAZ-76 ජිප් රථයකින් කාලතුවක්කු ඒකකයක් ඇදගෙන යන අයුරු

    j00JDc9.jpg






    Pe-2 බෝම්බ හෙළන යානයක් මෙහෙයුමක් සඳහා සූදානම් කරමින්

    fHKKVQO.jpg






    සෝවියට් BA-10 සන්නද්ධ මෝටර් රථයක් නිරීක්ෂණය කරන ජර්මන් නිලධාරියෙක් - පෝලන්තයේ Lublin නගරයේදී

    jgFCmv2.jpg






    සෝවියට් Su-100 යුද ටැංකි නාශක රථයක්

    3wSRP0e.jpg






    සෝවියට් ZiS-3 කාලතුවක්කු(ZiS-3 divisional field gun) බර්ලින් නගරයේ ස්ථානගත කර තිබෙන අයුරු - 1945 අප්‍රේල්

    oDSbP4i.jpg






    මොංගෝලියානු Arat ගුවන් නැවියන් කණ්ඩායම සිය LA-5 ගුවන් යානා සමග

    doORG0k.jpg






    සෝවියට් ISU-152 ජංගම කාලතුවක්කු රථයක් මත නැගී එන සෙබලුන්ට ආචාර කරන පෝලන්ත වැසියෝ - 1945 මැයි පෝලන්තය

    dDIwLKd.jpg




    Source:sputniknews.com

    -HarshaLulzSec-
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ ඇත්තටම වෙච්ච සීන් එකක් කියල කියන්නෙ. yak 3 එක ගැන.

    Consequently, the Luftwaffe issued an order to "avoid combat below five thousand metres with Yakovlev fighters lacking an oil cooler intake beneath the nose!"

    වෙලාවක් නෑ මචන්. නැත්නම් සපෝර්ට් එකක් දෙනවා. සෝවියට් කාරයො පට්ට බඩු ටිකක් හදන්නෙ අන්තිම කාලෙ වෙද්දි.:yes:
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    Thanks :D

    Bump. Gd Post Machan. Thks
    Thanks

    පට්ට මචන්.. :cool:
    Thanks

    මේ ඇත්තටම වෙච්ච සීන් එකක් කියල කියන්නෙ. yak 3 එක ගැන.



    වෙලාවක් නෑ මචන්. නැත්නම් සපෝර්ට් එකක් දෙනවා. සෝවියට් කාරයො පට්ට බඩු ටිකක් හදන්නෙ අන්තිම කාලෙ වෙද්දි.:yes:

    ඔපරේෂන් බාර්බරෝසා වලදී සෝවියට් ගුවන් නියමුවෝ ගුවන් සටන් වලදී උණ්ඩ ඉවර වුනාම උන්ගේ ගුවන් යානය ආයුදයක්(මරාගෙන මැරෙන ප්‍රහාර taran attacks) විදියට පාවිච්චි කලාලු.:rofl:

    උන්ගේ T-34 හින්දා තමයි ජර්මන්කාරයෝ පසුබස්සන පුලුවන් වුනේ කියනවා...ජර්මන් ටැංකි තරම් වෙඩි බලයක් නොතිබුණාට සන්නාහය ජර්මන් ඒවා තරම් ශක්තිමත් නොවුනට යුද ටැංකි අනුපාතයෙන් රුසියන්කාරයන්ට ලොකු වාසියක් තිබුණාලු..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සැබැ මිනිසෙකු ගේ කතාවක් කියවල තියනව ද?
    එ පොතේ ඔය ඉල්-2, ලා-5 ගුවන් යානා ගැන කියවෙනවා......