රනිල් දුර දිග බලලා තිරණ ගන්න පොරක් කියලා කියනවානේ. පොර 2020 මහා මැතිවරණයෙන් UNP එක බින්දුවටම වැටුණාම රොනල්ඩ් කියන පොර ගිහින් ඇහුවාලු "සර් අපිට තව සැහෙන්න කාලයක් යාවි නේද කියල ආයේ බලය ගන්න" ඊට පස්සේ රනිල් කියලා තියෙන්නේ " එච්චර කල් යන්නේ නෑ තව අවුරුදු දෙකකින් වගේ අපි බලයට එනවා කියලා". ඔය වගේම හිරුණිකා 2014 මුල් හරියේ UNP එකට එන්න ඉඳලා තියෙනව, එතකොටත් රනිල් කියලා තියෙන්නේ " දැන් එන්න හදිස්සි වෙන්න එපා 2015 ජනාධිපතිවරණය අපි දිනනවා මැසේජ් එක ලැබේනකම් නිදහස් පක්ෂයේ ඉන්න කියලා" (එතකොට 2015 ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුද කියලාවත් දන්නේ නෑ)සජිය දින්නොත් රනිල්ට යුන්පි එක නැති වෙනවා සහ එයාගේ පරපුරට එක ඉස්සරහට ගෙනියන්න බැරි වෙනවා, ප්රධානවශයෙන්ම රුවන්ට..
අනුර දින්නොත් සජියා අනාත වෙනවා.. සජබේ නික්නම් රනිල්ගේ යුන්පි එක වෙනවා...
චම්පික, එරන්, හර්ෂ වගේ උන් උනත් සජියා එක්ක ඉන්නේ, කරුමෙටවත් ඌ දින්නොත් මුන්ට රජ මගුල් නිසා... සජියා පැරදුනත් ටික දවසකින් රනිල් එක්ක සෙට් වෙන්න පුළුවන් ගේමක් නැතුව..
ඉතින් මේ පාරත් පොර දිනනවාට වඩා ලොකුවට ටාගට් කරන්නේ සජියා පරාද කරන්න ( සජියා තුනට දාන්න). බැරි වෙලාවත් සජියා පරාද උනොත් පොරට නායකත්වය නැති වෙන තැනට වැඩ කරවනවා ඉත්තෝ දාලා ඊට පස්සේ හර්ෂ වගේ පොරක් නායකයා කරලා SJB එක අල්ලේ නටවන්න පුළුවන් ගාණට ගන්නවා (දැනටත් පොට්ටු /නිදහස් /ගුපියන් ඉන්න පක්ෂ පොර තමන්ගේ පැත්තට අරගෙන ඉවරයි)
ඉතින් SJB එකටත් අල්ලේ නටවන්න පුළුවන් නායකයෙක් හිටියොත් මීළඟ මහ මැතිවරණයෙන් පස්සේ පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි ගණන් වලින් පොරට අගමැති වීමේ සම්භාවිතාවයක් නැතුවමත් නොවේ

