1971 වර්ෂයේදී විශේෂ පාර්ලිමේන්තු පනතකින් පිහිටුවන ලද රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර එහි සේවකයන් සඳහා ස්වෙච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.
එම සේවකයන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීම සඳහා රුපියල් මිලියන 794ක මූල්‍ය ප්රතිපාදනයක් මහා භාණ්ඩාගාරය මගින් එම සංස්ථා සේවකයන් වෙත ලබාදීමට ද මෙම කැබිනට් පත්‍රිකාව මගින් අනුමැතිය ලබාදී ඇත.
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ අධ්යක්ෂ මණ්ඩලය විසුරුවා හැර ඊට අයත් වත්කම් මාර්ග සංවර්ධන අධිකාරියට පැවරීමටත් ඉතිරි කාර්යමණ්ඩලය මාර්ග සංවර්ධන අධිකාරියට අනුයුක්ත කිරීමටත් මෙම කැබිනට් පත්‍රිකාව මගින් නිර්දේශ කර ඇති අතර සංස්ථාව යටතේ නැවත වෙනත් කිසිදු අමතර වැය බරක් මහා භාණ්ඩාගාරය වෙත ඇතිනොවිය යුතු බවට ද නිර්දේශ කර ඇත.
එසේම ඒකාබද්ධ අරමුදලේ පවතින ද්‍රවශීලතාව, ජාතික අවශ්‍යතාවන් මත පදනම්ව ලබාදිය යුතු ප්‍රමුඛතාවන්, මූල්‍ය පිරිවැය පිළිබඳ සාධකයන් සලකා බලා මෙම රුපියල් මිලියන 794ක මුදල මූල්‍යමය අවශ්‍යතාවක් සඳහා අදියරගතව ලබාදීමට ද කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවට පසුගිය කාලයේදී රටේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් ප්‍රමාණවත් ව්‍යාපෘති නොලැබීම නිසා එම වැඩබිම් පවත්වාගෙන යෑමට නොහැකි විය. මේ හේතුවෙන් එහි සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයට පත්වූ අතර ඒ අනුව රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ සංස්ථාව, මාර්ග සංවර්ධන අධිකාරියට ඒකාබද්ධ කිරීමට පසුගිය රජයේ ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන මහතා 2024 අගෝස්තු මස 21 වැනිදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණු අතර ඉකුත් අගෝස්තු මස 21 වැනිදා පැවති කැබිනට් රැස්වීමේදී ඊට අනුමැතිය හිමිවිය.
bait