අවන්කවම කිව්වොත් රනිල් මොලෙන් ගහපු සීන් නම් නෑ. රනිල් ප්රසිඩන්ට් උනා නම් අද උතුර නැගෙනහිර ඊලාම්. මහින්දව දිනෙව්වේ ඒ වෙලාවේ රනිල්ව එන එක වලක්වන්න. නැතුව මහින්ද හොඳ හින්දා නෙමෙයි.මහින්දත් රනිල චන්ද්රිකා වගේම වෙනසක් නෑ. යුද්දේ කරමු කියන එකේ හිටියේ ජෙප්පොයි,හෙල උරුමෙයි. හැබැයි ඒකට ගෝඨා කැමති උනා. ගෝඨ අතර මගදි යුද්දේ දාල රට ගියාට පොරට අයේ ආවම අවන්කවම යුද්දේ ඉවර කරන්න උවමනා උනා. ගෝඨා දැන ගෙන හිටියා මේක ගහනවා නම් ගහන්න පුලුවන් එස් එෆ් ට විතරයි කියලා. මහින්ද අඩු තරමේ එස් එෆ් දානවට වත් කැමති උනේ නෑ.යුද්දෙන් 70%ක් ම කරේ පාබල හමුදා. ඒක නෑ කියන්න බෑ. අනිත් ආමි දෙක ලොකු සපොර්ට් එකක් දුන්නා. ගෝටා තමයි මේ ආමීස්,පොලිස්, පොලිටික්ස් කියන ඒවා කොර්ඩිනෙට් කරේ. කෝඩිනෙට් එක ශිරාවටම කරා. මහින්ද අයියා හින්දා ඒක කරන්න පුලුවන් උනා. නැත්නම් වෙන එකෙක් හිටියා නම් කරන්න වෙන්නේ නෑ. එස් එෆ් ගේ මාස්ටර් මයින්ඩ් එක හින්දා යුද්දේ අවුරුදු දෙක හමරෙන් ඉවර කරේ. එහෙම කාටවත් හිතා ගන්න බැරි වෙන්න අඩු කාලයකදී ගැහුවෙ නැත්නම්, අවුරුදු 5 ක් විතර ඇද්ද නම් බලා ගන්න තිබ්බා මහින්ද විදේශ බල වේග වලට කොහොමද මුහුණ දෙන්නේ කියල. බැරි වෙලාවත් වෙන ආමි කමන්ඩර් කෙනෙක් ඉඳල යුද්දේ ඇදුනා නම් මෙලහකට ආයේ යුද්දේ නැවතිලා සකච්චා. මගේ යාලුවෝ ගොඩක් ආමි එකේ හිටියා.උන් තමයි මේවා කිව්වේ. උදේ 80 ටීම එකයි හවස 80 ටීම එකයි බැහලා එහෙම එක දිගට ගැහුවේ. කොටින්ට ප්ලෑන් කරන්න තියා ,උදව් ගන්නවා තියා ඩිෂිසන් එකක් වත් ගන්න වෙලාවක් නැති උනා.කොටිනම් කියනවා නම් යුද්දේ ඉවර වෙන කල් කොටි කරේ ඩිෆෙන්ස් කරන එක. උන්ට ඕගනයිස් වෙන්න වෙලාවක් හම්බ උනේම නෑ.ඒ හින්දා අපේ කොල්ලන්ටත් කැසුවල්ටිස් වැඩි උනා. මගේ යාලුවා බැහැපු ඔප් එකේ 80 දෙනාගෙන් 41 එකක අත් හරි කකුල් හරි කැපුවලු. බට්ටෝ වපුරලලු හිටියේ. මගේ යාලුවගේ තාම බට්ටෝ කෑලි අතේ තියෙනවා. අයින් කරන්න බෑ අතේ ස්නායූ ඩැමේජ් වෙනවා. තව ගොඩාක් දේවල් කියන්න පුලුවන් ඒත් වැඩක් නෑ. මම යුද්දේ ගෞරවය වැඩියෙන්ම දෙන්නේ ගෝටටයි එස් එෆ් ටයි. අනිත් ඔක්කොම කරේ සපොර්ට් කරන් එක මහින්ද ඇතුලුව. ඒත් මහින්ද යුද්දේ කරේ තියා ගෙන වෙන ගෙම් තමයි ගැහුවේ. ඒකයි මම කිව්වේ ගෝටා සලිලි හොරකම් කරපු එකට අහු උනොත් සලිලි අර ගෙන හිරේ දාන්නෙ නැතුව නිවාස අඩ්ඩස්සියේ තියන්න ඕන කියල (ලිමිටඩ් ෆැසිලිටීස් එක්ක ).
හැබයි රනිල් දක්ෂ පොලිසි මෙකර් කෙනෙක්. ඒ ගැන විවාදයක් නෑ. දැන් කොටි නැති නිසා රට ආර්ථික වශයෙන් දියුණු කරන්න පුලුවන් එකම පොර රනිල්. ඒකයි අපි රනිල් ලව දිනෙව්වේ. මිනිස්සු හැටියට අපි ඉන්නේ කලගුණ සලකන්න නෙමෙයි. අපේ රට් දියුණු කර ගන්න හරි වෙලාවට හරි පුද්ගලයෝ තොර ගන්න. අනිත් එක මේ චාටර් ව්යවශ්ථාවෙන් විධායක බලතල අඩු කර ගන්න.
මේ ගොල්ලොත් හරි යන්නේ නැත්නම් වෙන පුලුවන් එකෙක් පත් කර ගන්න ඕනේ. හරි දේට හරි කියන්නයි වැරදි දේට වැරදි කියන්නයි පුලුවන් උන් ටිකක් රටේ හැදුනම රට නිකන්ම දියුණු වෙයි. එක එක පක්ෂ වලට ගැති නොවී.